මුහුද යට දිවයින ...... Island Beneath the Sea ඇවිද්ද පය "මුහුද යට දිවයින" ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතට එන්නේ, මෙය මුහුදින් යට වූ දුපතක් පිලිබඳ කතාවක් කියාය. මේ පොත පසුගිය වර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් මොහොතේ මගේ සිතට ඇති වුයේද, එම අදහසයි. නමුත් එම පොත කියවීමට පෙර එහි කවරය දෙස බොහෝ වේලාවක් බලා සිටි මට ඒ ගැන කිසිදු අදහසක් ලබා ගත නොහැකි වුයේ "පොතක කවරයකින් - ඒ ගැන අදහසක් ...
අපේ ගමේ ගයිඩ්ලා(නොහොත් මග පෙන්වන්නෝ) සහ බ්ලොග් ගයිඩ්ලා ...... ඇවිද්ද පය මේ පොස්ට් එක ලියන්න මට අනුප්‍රාණය(අපගේ අනුප්‍රාණේ කියළා ජාතික ගීයේ තිබුණට තේරුම දාන්න එකක්යැ) ලැබුණේ ඩෙනියන්ගෙන්. දැන් බලයි ඩෙනියන් කියන්නේ කවුද කියළා. අර බලුකූඩුව බිලය ලියන්නේ. ඉයන් ....... ඉයන්...... මේ තේරුම් දෙකම ගත්තේ මධුර ඔන්ලයින් පරිවර්තන වලින්. පරිවර්තනය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි කියළා තේරුණේ, එහෙම කරන්න ගියාට පස්සේ. බලන්න inspiration කියන එකට අනුප්‍රාණේ කියළා දැම්මට වැඩක් තියෙනවද ? තල්ලුව කිව්වොත් ...
කැඩෙන්න කැඩෙන්න මුවහත් වූ යුගෝස්ලෝවියානු පාපන්දුව ...... ඇවිද්ද පය යුගොස්ලෝවියාව ..... ? මේ රට ගැන ඔබ සමහරවිට අසා නැතුවත් ඇති. නමුත් 1976 දී කුඩා දරුවන්ව සිටි අප හට යුගොස්ලෝවියාව අමතක නොවන මතකයක් ඉතිරි කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුනු පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව නිසාය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති එකී සමුළුව අළලා බොහෝ පුවත් මෙන්ම කට කතාද නිෂ්පාදනය වූයේ හතු පිපෙන ගානටය. ඒ වනවිට වැන්දඹුවකව සිටි ඇයට යුගෝස්ලෝවියා අගමැති මාෂල් ...
පාපන්දු ගැන කථා නොකරම බෑ ...... ඇවිද්ද පය 2018 පාපන්දු ලෝක කුසලානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.1982 ඉඳන් මේ දක්වා මේ ලෝක කුසලාන තරගාවලි වල තරග වලින් වැඩි හරියක්මා නරඹා තිබෙනවා. මගේ කාළ සටහනත් එක්ක මෙවර තරගාවලියට මගේ තියෙන්නේ අඩු උනන්දුවක් කියළා මටම හිතෙනවා. වෙනද එය ඇරඹෙන්න කළින් විවිධ පුවත්පත් වල අය තීරු ලිපි සියල්ල කියවන්නේ පුදුම කෑදර කමකින්. පසුගිය ලෝක කුසලානය වෙලාවේ මම ඉන් පෙර පැවති තරගාවලි ...
අවුකනට එහා පිළිමේ ...... ඇවිද්ද පය අවුකන ප්‍රතිමාව ඉතාමත් සොඳුරු නිර්මාණයක් විදියට තමයි ඒ පිලිබඳ විසේසඥයින් සහ බෞද්ධ ජනතාව සලකන්නේ. එතැනට ගිය කෙනෙක් විශ්මයෙන් ඒ දෙස බලා සිටිනු හැර වෙන කුමක් කරන්නද ? මේ අත්දැකීම මමත් වින්දා. මගේ මුහුණු පොතේ ඒ පින්තූර බෙදා ගත්තා වගේ මතකයි. ඒත් ආපසු ගොස් ඒ පින්තූර හොයාගෙන එනවාට වඩා හොඳයි ගූගල් දේවියන්ගෙන් පින්තූර දෙකක් ඉල්ලා ගන්න එක. මොකද ෆේස්බුක් කියන්නේ සූදුවක්. ...
නිදහස් කුසලානය සහ ලාංකික ප්‍රේක්ෂකයෝ ...... ඇවිද්ද පය මේ සටහන මුළින්ම තියන්න මම තීරණය කළේ මගේ බ්ලොග් එකේ. නමුත් ධනුෂ්ක ගුණතිලකගේ මුහුණුපොතේ කෙනෙකු මෙම වෙබ් අඩවියේ ලියවුණු සටහනක් වෙත සබැඳියාවක් ලබා දී තිබුණා. ඉතිං මටත් හිතුණා වඩාත් වැඩි දෙනෙක් ලඟා වන තැනක මේ සටහන තබන්න. ඒ නිසා තමයි අද ඔබ මේ සටහන දකින්නේ. නැතිනම් මගේ බ්ලොග් එක වන ඇවිද්ද පය ...... කියවන සුළු දෙනා පමණක් මෙය කියවන්නට ඉඩ ...
මොකක්ද සර් ෆ්ලයිට් මෝඩ් කියන්නේ?...... What is Flight Mode sir ? ඇවිද්ද පය සති දෙකකට විතර උඩදී මගේ වාහනය ගරාජ් එ්කට දාන්න වුණා. තමන්ගේ වාහනය නැති වුණාම ඉතිං අත-පය කැපුවා වගේ කියළා තමයි ඕන කෙනෙක් කියන්නේ. මටත් එහෙමම දැනුණා. මේ වාහන පොඩ්ඩ නැති කාලේ මාගේ පිහිටට හිටියේ තුන්සක් රිය. ඒක නැති වුණාමත් වැඩි වෙනසක් නෑ. තුන්සක් රියේ පිහිටම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ, වෙනදා කෝල් කරළා ගෙන්න ගත්ත ඒවා දැන් ඇප් එකෙන් ගෙන්නා ගන්න ...
කිසිවකුට විස්තර කළ නොහැකි පෞරාණික සොයාගැනීම් දහයක් ...... ඇවිද්ද පය ලෝක ඉතිහාසය පුදුම එලවන අභිරහස් වලින් පිරුණු එකකි. අපෙන් කිසිවකුට මෙම අභිරහස් සියල්ල විසඳන තුරු ජීවත් විය නොහැක. එනමුත් පොළව මතුපිටට යටින් ඇති සත්‍ය වශයෙන්ම අරුම පුදුම දේ ගැන සොයා බැලීම හැමවිටම රසවත් අත්දැකීමකි.1. මොආ පක්ෂීන්ක්රි.ව. 1500 දී පමණ වැනසී ගොස් ඇතැයි විස්වාස කරන, මොආ පක්ෂීන් නවසීලන්තය තම වාසස්ථානය කොට ගත් පියඹන්නට නොහැකි පක්ෂීන් විශේෂයකි. නවසීලන්ත ආදීවාසීන් වන මෞරින් ...
අවදි වන්න - අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ...... ඇවිද්ද පය අහෝ සිංහල බ්ලොග් කළාවට සිදු වූ දෙයක් ! මෙය නිතර බ්ලොග් කියවන මාගේ කාර්යාලීය මිතුරෙකුගේ මුවින් පිටවූ වදන්ය. දින කිහිපයකට උඩදී මා මුණගැසුණු ඔහු පවසා සිටියේ දැන් කිසිවකුත් බ්ලොග් ලියන්නේ නැත යන්නයි. දැන් බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතේ සටහන් කරනවා යන්න බොහෝ දෙනා පවසන කරුණකි. එය සත්‍යයක්ද ? ඒසේනම් බ්ලොග් යනු යල් පීනු ක්‍රමවේදයක්ද ? එය සතයක් යයි පිළිගන්නට ...
මට මුණගැසුණු ප්‍රසන්නලා ...... ඇවිද්ද පය අපේ කාර්යාලයේ (මම හිතන්නේ මේක බොහෝ කාර්යාල වල සිදු වන දෙයක්) හැම සේවකයෙකුම අනිවාර්ය නිවාඩු 7ක් යන්න ඕනේ. ඒක තනතුර නොබලා සිදු කරන දෙයක්. මෙහෙම කරන්නේ, යම්කිසි කෙනෙක් තමන්ගේ කුමක් හෝ වංචාවක් හෝ හොරකමක් යට ගහගෙන ඉන්නවානම් ඒවා එළියට ගන්න. ඒ වගේම කුමක් හෝ විශේෂ දෙයක්, එක් අයෙකු පමණක් දන්නා දෙයක් හෝ සිදු කරගෙන යන දෙයක් විදියට සැඟවිලා තියෙනවා නම් ...
උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity ඇවිද්ද පය උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල ආශ්රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඒ නිසා ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි. වෙල්ලස්සේ ජනතාව වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ...
නයිට් ගැහිල්ල ...... ඇවිද්ද පය අපේ අල්ලපු ගෙදර මළ ගෙයක්. ඒ ගෙදර හිටිය වයසක අම්මා මිය පරලොව ගිහින්. මම තවම ගියේ නෑ. නොගියත් ඒ අය කළබල වෙන්නෙත් නෑ. මොකද මේ නාගරික පරිසරයේ කවුරුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් මහන්සි වෙන්නෙත් නෑ, එහෙම වෙයි කියළා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අපි ගං වල මිනිස්සුනේ. ඉතිං හොඳට නයිට් ගැහිල්ල පුරුදුයි. අවුරුදු අසූවක් පැනපු මගේ පියාත් තවම ගමේ මළ ගෙවල් වල නයිට් ...
මගේ අලුත් බ්ලොග් එක : දිනපොතෙන් - සතිපොතට ...... ඇවිද්ද පය මේක ඇවිද්ද පයට වඩා වෙනස් එකක්. හිතට එන දේ ඔහේ ලියා දමන සරල රසවින්දනයට වෙන් වුණු එකක් කියලා දැනට හිතා ගමුකෝ. මේක තවමත් තියෙන්නේ සංවර්ධන තත්වයේ. කට්ටිය බලලා අඩුපාඩු එහෙම කියන්ට ඕනෑමෙන්න තියෙනවා සබැඳියාව ගිහිං බලන්න. මේ ටික මම වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකක ලිව්වා. නමුත් බ්ලොගර්ට අපි හුරු වෙලා නිසා, ආපහු එතනටම කඩා වැටුණා. දිනපොතින් - සතිපොතටමාව කියවන්න උවමනා අය, ...
හිත සැහැල්ලු කර ගන්න ...... ඇවිද්ද පය බ්ලොග් ලිවිල්ලට මම කම්මැලි වෙලාද? නැතිනම් ඇත්තටම වෙලාවක් නැත්ද ? උවමනාවක් නැත්ද? අනේ මන්දා මේ ඔක්කොම කිව්වොත් නිවැරදියි. අඩු -වැඩි වශයෙන් මේ ඔක්කොම හේතු වෙනවා. ඉස්සර බ්ලොග් පොස්ට් එකක් ලියන එක උදේට දත් මදිනවා වගේ වැඩක්. පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. ඕනෑම පුරුද්දක් අත අරින්න හෝ පුරුද්දක් ඇති කරගන්න හොඳම ක්‍රමය. හැමදාම උදේ අවදි වෙලා, ඇඳෙන් බිමට කකුල් තියන්න ප්‍රථම, හිතට ...
සම්මාන නොහොත් ගම්මාලු ...... ඇවිද්ද පය තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු ...
ලාවළු කරිය : 72 -77 කාළයේ පරිප්පු සඳහා ආදේශකය ...... ඇවිද්ද පය නාමේ නොදිරනා දෙවෙනි කොටස ඔබ බලාපොරොත්තුව සිටින මොහොතක, ලාවළු උයන ආකාරය ගැන සටහනක් තබන්නට හේතු වන කරුණු කිහිපයක්ම වෙයි. ඒ පසුගිය බදාදා අහම්බෙන් ෆුඩ් සිටියට ගොඩ වූ විට, ලාවළු ගෙඩියක් වත මගේ ඇස ගැසීම සහ රත්නසිරි නොහොත් විල්සන් කරූගේ ඡායාරුපය ලබාදීමට පොරොන්දු වූ මගේ කාර්යාලීය සගයාට එය අමතක වීමය. අප ඔහුට කාළය ලබා දිය යුතුය. මන්ද ඔහු අපට ලබා දෙන්නට ...
නාමේ නොදිරනා - කුණුකය දිරනා ...... ඇවිද්ද පය තමන් දන්නා කෙනෙක් ගැන තවත් කෙනෙකුට විස්තර කරන එක පහසු කටයුත්තක් නොවේ. ඒ පිලිබඳ කොතෙකුත් අත්දැකීම් මට මෙන්ම ඔබටද ඇත. එයට ප්‍රධාන හේතුව කෙනෙකුට තමන්ගේ හිතේ ඇති දේ පැහැදිළිව විස්තර කිරීමේ හැකියාවක් නොමැති කමයි. සමහරවිට තමන් නොකියූ කොටස පවා තමා පැවසු බව හිතේ තබාගෙන කියන්නට යාමෙන් තත්වය තවත් නරක අතට හැරෙයි. මේ වරද කරන එක් ප්‍රධාන උදාහරණයක් මගේ කාර්යාලයේ වෙයි. ...
එළුපැටියාගේ කතා - තෙවන කොටස ...... ඇවිද්ද පය මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම ...
ලෝබයාගේ දේ කූඹියා කෑම හෙවත් මැට්ගේ බෝතලය ඉස්සීමේ මෙහෙයුම ...... ඇවිද්ද පය මේ කතාව සත්‍ය සිදුවීමක්. මම සේවය කරන ආයතනයේ ගොඩ කාලෙකට කලින් වුණු දෙයක්. මේක මම අහ ගත්තේ මේ වනවිටත් අප අතරින් වියෝ වූ රණේ මහතාගෙන්. ඔහු තරුණ කාලේ මගෝඩි දෙයියෙක් බව කියන්නට යෙදුන කතා වලින් පැහැදිලි වනවා. රණේලා බොරැල්ලේ බ්‍රාන්ච් එකේ වැඩ කරපු කාලේ නිතරම මල් ශාලාවට ටෙලිෆෝන් කරලා මිනී පෙට්ටියක් ගන්න කෙනෙක් වගේ කතා කරනවාලු. එහෙම කරත්දී මල් ශාලාවේ ...
බන්දු අංකල් ...... Uncle Bandu ඇවිද්ද පය බන්දු අංකල්ට, බන්දු අංකල් කියනවාට වඩා වැඩි යමක් කියන්නට මම නොදනිමි. ඒ ඔහු ගැන මතකය අප ඉතා කුඩා කාලයට දිව යන බැවිණි. කෙනෙකු ගැන අලගිය - මුලගිය තොරතුරු හෝ වෙනත් ආගත-නාගත දැන ගන්නට කුඩා එවුන්ට අවශ්යතාටක් පැන නගින්නේ නැත. ඔවුන් මිනිසුන් පිලිබඳ මතකය ගොඩ නගාගන්නේ තමන් දකින රූපය මතය. කෙනෙකුට දක්වන ගරුසරුව හෝ භක්තිය ඇති කර ගන්නේද මෙකී රුපය හෝ ...