චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්‍යා පටල ? sithumpethum මහාපාරේ කාණුවක ඔලුව හිරකරගෙන සතියක් සිහිය නැතුව ඉඳලා සතියක් සිහිය ඇතුව ඔක්කොම සති දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන රයිටර් ගෙදර ආවේ බ්ලොග් එකට තවත් හිට් ගෝනියක් අරගෙනයි. ඉස්පිරිතාලේදී මට සාත්තු කරපු ලස්සනම ලස්සන නර්ස් නෝනලා ටිකත් අද ඉඳන් මගේ හිට් කවුන්ටරේ කරකවයි. "අනේ රයිටර් ඔයාගේ කතා හරිම ලස්සනයි.., ඔයා කොහොමද ඕවගේ ලස්සනට ලියන්නේ, ඇත්තටම..ආ...?...ඔයා මොනවද ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ ?" ඔව්ව ...
අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න sithumpethum ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්රකාරයෙන් ...
ඉන්ද්‍රචාපය sithumpethum ඉඩොරේ රස්නේ මැදින් හමාගෙන ආ උණුසුම් සුළං රැල්ලක් කටුමැටි ගසා තිබුණු පැල් කොටේ බිත්තිවල දැවටුනේ සුළඟත් සමග කැටුව ආ දුහුවිලි පදාසයකුත් සමගිනි. කනපාටින් තවත් කන පාටට හැරෙමින් ගරා වැටෙමින් තිබෙන මැටි බිත්ති දෙසත් කරකුට්ටම් වී ගිය වහලයේ පොල් අතු දෙසත් බැලු චන්ද්‍රපාලගේ මුවින් පිටවූ උණුසුම් සුසුමක්ද ඒ සමගම වාතලයට මුසු විය. ඔහු බිමට පහත් වී සරමේ වාටියෙන් දෑස්පිහදාගත්තේ ගිනි හුළඟට ...
රම්බා මුණ පුම්බා මෙසේ කීවේය ? sithumpethum දඩස් ගාල පොරවන් උන්නු සරමත් එක්ක උඩ ගිහින් ඇහැරුනේ අක්කගේ විසි එක් වෙනි උපන්දිනේට සීයා ගෙනත් දීපු එලාම් ඔරලෝසුවේ අවලස්සන, අවකැපිලා සුනේ සුන් වෙලා යන සද්දෙට. ඔරලෝසුව අක්කගේ වුනාට, සාපෙට වෙලාවට පාඩම් කරන්න ඔරලෝසුවක් නැති හින්ද තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල අක්ක මට ඒක පරිත්‍යාග කළා. ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක පටන් ගන්න සද්දේ හිතට දැනෙන සතුටයි පාන්දර ඔරලෝසු කට්ටේ ...
ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්" sithumpethum රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ? කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා ...
මඩ පුවක් රසැති චුයින්ගම් sithumpethum හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් ...
අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගැනීම හෙවත් ඇදගෙන නෑම. sithumpethum අපේ සමහර කොල්ලෝ කෙල්ලෝ අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන ඒ කියන්නේ අහක තියන ගිනි ගොඩවල් වලට පැනල මුළු අත්මේම පුච්චගෙන දුක් විඳින කතා ඔබ කොතෙකුත් අහල ඇති. ගොඩක් වෙලාවට ඔය ගොල්ලොත් මේවගේ සිද්ධි වලට මුහුණ පාල ඇති...මේවගේ සිද්දි වලට සමහරු ඔබව පොළබවද්දී ඔබගේ බුද්ධිමත්කම නිසා ඒවාට සම්බන්ධ නොවී ඉන්න තරම් ඔබ වාසනාවන්ත වෙන්න ඇති. නැතත් ඔයාලගේ යාළුවො හරි ...
රයිටර් කසාද බැඳී වගනම්...! sithumpethum හම්බෝ කාලය යන ඉක්මන. හරියට ඔරලෝසුවේ පැයකට්ට පස්සෙන් තප්පර කට්ට මරන්න පන්නනවා වගෙයි....මේ බලලා මේ බලනකොට සතියක් ගිහින් ඉවරයි. උඩ බලලා බිම බලනකොට මාසයක් ගිහින් ඉවරයි. ඒත් දෙවියනේ කවුද හිතුවේ මේ දවස මෙච්චර ඉක්මනට මගේ ඇස්පනා පිටට ඒවි කියලා. කිරිම කිරි හුරතල් යෞවනත්වයෙන් ඔද්දල් වෙලා හිටපු මට, ඇලේ දොලේ පීන පීන නාලා, රබර් වත්තේ කොල්ලෝ එක්ක ගස්මාරු, ගල්හත, මල් පහ, ...
ඔබිචුවරියේ යතාර්ථය හෙවත් මරණ දැන්වීමේ සත්‍ය sithumpethum "ඔබිචුවරී" (obituary) නොහොත් දන්නා සිංහලෙන් කිව්වොත් "මරණ දැන්වීම්" ගැන නොදත් අයෙක් නම් ඉන්න බෑ. මොකද කෙනෙක් මිය ගිය විට පාරක් පාරක් ගානේ ලයිට් කණුවක් ගානේ බෝක්කුවක් ගානේ ඇලවෙන මරණ දැන්වීම් කලාව නොදත් කොල්ලෙක් කුරුට්ටෙක් මේ බ්ලොග් පිටු අතර නැති තරම්. නැති තරම් නෙමෙයි කොහොමත් නෑ.කෙනෙක් මැරුණම "මරණය" අසල්වාසීන්ට දන්වන්න ලේසිම පහසුම ක්‍රමේ තමයි මේ මරණ දැන්වීම... අද මම මේ ...
නොනවතින ගමනක sithumpethum ජීවිතේ එක තැනක නැවතුණු, හැඟීමෙන් ගැලවෙනු පිණිස,ඔබේ තරු නෙතු පසු පස හඹා යමි...සුමුදු මුහුලස, දිගු ඇඟිලි තුඩු අග ජීවිතය රඳවමි..ප්‍රියය, මා දැන්නොනවතිනගමනක,ජීවිතය ලුහු බැඳීමක~ අන්ස්ටොපබල් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
නාෙස්ටැල්ජියානු හිසිට්රිය sithumpethum ඩිංගිරි මැණිකපෙරේදා හවස,පෙට්ටගමපතුලේ තිබුණුඔබේ සුදු හැට්ටයක,කැරලි කළු කෙස් ගස්දෙකක් දුටුවෙමි...ලොකු පුතාඉපදුණ දවසේ,දෑතට ගත් ලෙසම,ආදරෙන් අරගෙනසෙමින් එයසිප ගතිමි...අත්ල මතවැතිරී තිබුණඔබේ හිසකේ අතර,වසර විසි තිස්ගණනකට එපිට,ඔබ හිසගින්හැමූ සුවඳ,ඇබිඳකුදුනොවෙනස්වඒ ලෙසමඑහි තිබිණි...~ ඕල්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දුවක් වී නම් ගෙදරක sithumpethum බලාගෙනමයි උන්නෙ මමවරු ගාණක සිට, එක දිගට ඔබමට හොරෙන් හැඬූ වග...වාවගන්නට බැරි තැනකදී උපරිම, නාඩන්න'යැයි නොකියමි මැණික...ගුලි කරන් පපුවට ඔබ,සිඹිමින් හඬන ගවුමම,මං ගාවය තිබුණෙ,ඩිංගිත්තකට පෙර...වෙන්කර ගත ඇහැකි නම් පැහැදිලිව, දකින්නට හැකිවෙයි ඔබටද, හරියටම ඉන් අඩක් මගෙත් කඳුළු වග...හදා ගත යුතුව ඇත මැණිකේ අපි, අපේ හිත, දුවක් වී නම් ගෙදරකයා යුතුවම ඇත දීගෙක...~ සීක්‍රට්ලි ක්‍රයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
වහා නවතනු ! sithumpethum යුවතියනි ආගන්තුක,වහා වහා නවතනු ! ඈ මෙන් හිනැහීම,ඈ මෙන් ඇමතීම, ඈ මෙන් හැසිරීම..!බලහත්කාරයෙන් හදෙහි, ලැගුම් හිමිකම් අයැදීම...!~ වොර්නින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
වෙරිවුණ ලයිට් කණු sithumpethum ඔබේ දෙතොලතරතෙරපීසිහිසන් වන්නටසිහින දකිනා වූ,දඩබ්බරදෙතොලකට තරවටු කරමි...අදත් හොඳටම බීවෙරිවුණ ලයිට් කණු,පරිස්සමට ගෙදර ඇරලවමි...~ ඩ්‍රන්කන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
කල්පෙකට පසු ඔබ.. sithumpethum කල්පෙකට පසු අදඔබව දුටුවෙමි...දිගු නිද්රාවකින්පසු ඇහැරුණ,හිතද රවටා ගතිමි...මගේ ප්රියතමකොණ්ඩ මෝස්තරය,ඔබ දමා ඇත්දැයි බලමි...ඒ කොණ්ඩ කටු හා මුදුවද,ලා පාට බෑගයද, මාලෙද,මා තිලිණ දුන් ඒවා වගට සහතික කර ගතිමි...මෘදු ලැවැන්ඩර් සුවඳළඟින් හමතැයි හඟිමි...ඔබට ළංවීතුරුළුව ඇවිදින, තව කෙනෙකු දැක ගනිමි... ඒ කවුරුදැයි නොහඳුනමි...ඉනික්බිති එයසිහිනයක් බැව් මම තනිව මුමුණාගමි,කිසිත් සිදු නොවුණ සේයළිත් ආපසු හැරෙමි...~ අන්අයිඩින්ටිෆයිඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
රළු පිරිමි පපු sithumpethum රළු පිරිමි පපුවකරොද බැඳුණුමුහුලස අතරදෙතොලගින්කිමිදෙන්නඉතිං ඔබ එන්නකැරලි කෙහෙරැලිකොණ්ඩයකබොරපාට ඇස්වලආදරය තවරාගෙනඇඟිලි තුඩගින්ඇවිදින්නඉතිං ඔබ එන්න~ ඩ්‍රීමින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
රහසින් කළ පව් sithumpethum ආනාපානසති, සමථ විදර්ශනා භාවනාදී, සියලු වැඩසටහන් මා පැවැත්වූ අතරතුරදී, අර්ධ පර්යංකයෙන් බිත්තියට පිට දී, හුන්නේ ඇයයි බණ මඩුව කෙළවර, දැහැනකින් ධ්‍යාන ගතවී, සිල්ගත් උපාසක හිස් ගෙඩි සියක් බාධක පවුරු මගහැර, වටාපත මත හැපී විසිරි බිඳුණ, ඇගේ ළය සීතල හුස්මක්ය, මේ මහා නස්පැත්තියට මුල, ධර්මයේ ගාථා අතර, පැරණි බණ පොත් පුස්කොල ගර්භ මැද, පෙම් කවි ලිය ලියා සැඟවීම, රහසින් කළ ...
තරු සිරුරු sithumpethum දවාලෙහි කාශ්ඨෙට ඇවිලුණු තරු සිරුරුවල අඟුරුය, කළුවරක් සේ අහසින්ඇද හැලෙන්නේ රෑට...උනුන් මිහිදන් කළඒ සොහොන් කොත් මතසංවේගයෙන් දල්වනපන්දම් පහන් එළියකිඔබ දකින්නනේ තරුවක් විලස...~ වොරීඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දික්කසාදය sithumpethum ඔබේ කන්තෝරුමේසය මත තිබුණබොහෝ කඩදාසි මතඔබ කුරුටු ගා තිබුණ,"ඉංග්‍රීසි අකුර", ඔබගේත්, මගෙත්,අප දරුවකුගේත්මුලකුරක් හෝ,නොවන බැව් දැන සිටියෙමි ..එහෙත් සති කිහිපයකට පසුව, ඒ මේසය මතම ඔබ ගෙනවිත් තිබුණදික්කසාද ඉල්ලුම් පත්‍රය,එ ඉංග්‍රීසි අකුරනිසාවෙන් යැයිදැන් හොඳාකාරව දනිමි...ඉනික්බිතිව හමුවුණනොයෙක් තානායම් බිල්ද,දුර බස් ගමන් ගැනද, කමිස කොලර අග තිබුණුරතු තොල් පැල්ලම් ගැනදඔබගෙන් තවදුරටත්ප්රරශ්න කිරීමකින් තොරවම ස්වේඡ්ඡාවෙන්පිළිතුරු සපයාගතිමි~ ඩිවෝර්ස්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=