අඳුනනවද බලන්න sithumpethum සීතල මීදුම අතරින් අත් පටලා ඇවිද යන්න ඔබ එනවද මටත් කලින්පමා නොවී දැන් කියන්න ඇස් අහකට නොගෙන ඉන්නමගේ තනියට ළඟම ඉන්න නුඹ වෙනුවෙන් පෙරුම් පුරපු මේ ඇස් අඳුනනවද බලන්න හෙමින් සැරේ උර මත හිස තියා ගන්න සුළන් සරේ නුඹ රහසෙන් එපා එන්න සිතුම් වැලේ පැටලීගෙන බලා ඉන්න සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න. ග්‍රැෆික් චිත්‍රෙ කාලෙකට උඩදී මම ඇඳපු එකක්. ...
ලේ බින්දුව සහ ලියුම් කවරය sithumpethum මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ සඳරුගේ හිස් අහස බ්ලොග් එකේ තිබුන පොස්ටින්ග් එකක් අහම්බෙන් කියවල. එක මට කොහොම කියවන්න අහුවුනාද කියලනම් මතක නෑ. නමුත් මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි..පස්සේ එකකට එකක් සම්බන්ධ තවත් බ්ලොග් අඩවි ගණනාවක් කියවන්න පුළුවන් වුනා. ඉතින් මමත් ආසාවට බ්ලොග් එකක් පටන් ගත්ත. එදා ඉඳන් අද වෙනකම් මට උදවු කරපු අය ගොඩාක් හිටිය. දැනටත් ...
සාක්කිය sithumpethum ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ මගීන් රැගෙන, බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින් නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය" නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද, පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින් මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද ...
ඇවටියෙල් වූ හදවත sithumpethum අනක් ගුණක් නැති, නාහෙට අහන්නේ නැති හිතුවක්කාර සිතුවිලි එක්ක පොරබදලා පොරබදලා බෝඩිමේ කාඩ් බෝඩ් අතුරපු ඇඳ උඩ ඉඳන්, ගෙදරින් ගෙනාව අම්මගේ සාරිය පොරෝගෙන, පල්ලේ හෝටලෙන් ඇහෙන කොත්තු දාන සද්දේට එකතු වෙච්ච බෝඩිම් වහලේ එල්ලලා තියන බරස් බරස් ගාන දැන් ගැලවෙයි, දැන් ගැලවෙයි කියල හිතෙන ෆෑන් එකෙන් එන සද්දේ මික්ස් කරලා බීට් එකට අරගෙන ඔද්දල් වෙච්ච හිතෙන් ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් කරපු ...
මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි sithumpethum "හරි මචන් රම්බා මම උඹට ලියුම ලියල දෙන්නම් හැබැයි ඊට කලින් කරන්න බොහොම බැරෑරුම් කටයුත්තක් තියනවා""හරි හරි රයිටර් ඕනේ බැරෑරුම් දෙයක් මම කරන්නම්, මට ඇඟ හිරිවැටිලා යන ලියුං කඩදහියක් ලියල දෙනවනම්, ඉතින් !.. ඉතින් !.. කියපන්කො මොනවද කෙරෙන්න ඕනි කියල"ඒ වෙලාවේ ඉල්ලුවොත්, හඳෙන් කෑල්ලක් හරි ගෙනත් දෙන සයිස් එකේ හිටපු රම්බා දැන් ඕනේ දේකට එවරෙඩි මමත් ඉතින් මගේ කවි හිතයි ...
කළු දොදොල් තමයි බං රහ sithumpethum අතේ ඉතුරු වුනේ රුපියල් පහයි. ඉතින් බස් එකේ ආපහු එන්න සල්ලි මදි හින්දා දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගත්ත. රුපියල් පහ දෙනකොට බස් එකේ එද්දී ඉතුරු වෙනුවට කොන්දා දුන්න ටොපි තුනෙන් එකක් දිලුට දුන්නාම එයා ඒක ගත්ත විදිහට බඩපපුව හෝස් ගාල පත්තු වෙලා ගියා. දිලූ ගැන මගේ හිතේ ආදරේ දෝර ගලායද්දී අපි වෙන් වුනේ ආයේ හම්බෙන්න පොරොන්දු වෙලා."පරිස්සමෙන් යන්න රයිටර්...ඊගාවට හම්බෙනකොට පොඩ්ඩක්හරි ...
පෙමට බඳින කවි sithumpethum මේ සිහින සාගරේමායා දසුන් අතරේනිරතුරු රුවක් ඇඳුනේඒ නුඹේ රුව ළඳුනේ සිහින් ස්වරයෙන් සුසුමේනින්ද මගේ දුර ඇදුනේ තුරුල් වී උර සයනේ සිපගන්න කම්මුල් රහසේවිඳගන්න ඔය සුවඳ රිසිසේතරු එක්ක මං එන්නම් සුළගේසඳ එක්ක නොගිහින් අහසේ නවතින්න මං ලඟම මැණිකේ අද තරුවක් පායනවලුහඳට වඩා එලිය තියන වෙන සඳ තරු මොකටද මටමගේ සුදු සඳ පායනකොට සඳ පිනි කැට දියේ හොවා ඒ සිසිලෙන් දෑත දොවානිම්හිම් ...
මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං sithumpethum මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට ...
මගුල් නඩය sithumpethum මනමාලිය සමග ඈගේ දෙමාපියනුත්, කපු මහතාත් අප නිවසට සේන්දු වීමට බලාපොරොත්තු වුවාට වැඩි වෙලාවක් ගත විය. බලාපොරොත්තු ඇතිවෙමින් නැතිවෙමින් තිබුණු පැය කීපයක කාල අන්තරයකට පසු, මිදුල මත ඇඳී ඉදල් රටා මතින් වැලි කැට අවුස්සමින් පැමිණි කුඩා ප්‍රමාණයේ වැන් රථයක් නිවසේ ඉදිරිපස පෝටිකෝව මැද නතර කෙරුණි. ඉදිරිපස ආසනයේ හිඳගෙන ආ කපු මහතා ඉන් බසිනු, මා උන් කාමරයේ දොර සළුව එහා මෙහා ...
මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ. sithumpethum මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු ...
නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි sithumpethum මම ඉන්නේ ගොඩක් සන්තෝසෙන් කියලා වටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඕනි නිසා මම අමාරුවෙන් මුණට හිනාවක් අලවගත්තා. මං හිතන්නේ ඒක තරම් අමාරු වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති. හැඟීම් යටපත් කරගෙන බොරුවට හිනා වෙන එක මහා කරුමයක්. ඊටත් වඩා මිදුලේ රවුම් මේස වටේ ඉඳගෙන, විස්කි බ්‍රැන්ඩි තොලගාන ඩැඩීගේ යාලුවෝ, යාලුවන්ගේ ගෑණු, ඉස්සරහට ගිහින් අතට අත දීලා "හායි අංකල්....හායි ආන්ටී" කියන ...
වියරුව sithumpethum දෙකේ ලැයිම් කාමර පේලිය දෙසින් බොහෝ වෙලාවක සිට ඇසෙන කන්දොස්කිරියාව දැන්ම නවතින පාටක් නැත. තියුනුව ඇසුණු එකෙකුගේ කටහඬ පරයා එතන සිටියායැයි විශ්වාස කළහැකි පිරිසකගේ කාලගෝට්ටිය ඇසෙන්නට විය. මේ විරසකයට හේතුව හරිහැටි මා නොදැන හිටියත් නිසැකවම එය එතරම් තැකිය යුතු එකක් නොවන බව ඉඳුරාම පැවසිය හැකිය. මන්දයත් දිනකට කීපවරක්ම කිසිදු වැදගැම්මකට නැති මෙවන් සිදුවීම් අනන්තවත් මේ ලැයිම් වත්තේ සිදුවන නිසාවෙනි. පටු ...
නන්නාඳුනන ආගන්තුකයා sithumpethum දෙනෙත් පවා රතුවී පුපුරු ගසන ගිනි කාෂ්ටක අව්වෙන් හෙම්බත්වුන කාපට් පාර තව තවත් ඔපේට දිලිසෙන්නට විය. ගහක් කොලයක් හෝ දකින්නටවත් නොමැති නිරුදක කතරක ඇති උණුහුමක් වාතලය පුරා පැතිරී තිබිණි. වරෙක සුවිසල් වූ අහස සිඹින ගොඩනැගිලි අතරින් පතර හමාගිය සුළඟ පවා ගෙන ආවේ දැඩි කටුක බවක් මිසක සිහිලසක් නොවේ. ජනාකීර්ණ වීදි මතින් ඇවිද යද්දී තියුණු හී පහරවල් සේ මදෙසට යොමුවෙන නන්නාදුනන ...
"සරමෙන් බැරිනම් අමුඩෙන්" sithumpethum ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට ...
පලයන් අහකට sithumpethum එක පාරක් කීවම අහපන් එපා ඔහොම බලන්න මං දිහා මට දුක හිතෙනවා මං ගැනම උඹේ ඔය එලිය දකිනකොටඉර බැහැල ගියාම උඹ එනවා මහ ලොකුවට ලොකුකම පෙන්නන්නදන්නේ නැද්ද මං දැන් තනියම කියලකවි ලියන්න ඔය එලිය ඕනේ කරපු කාලයක් තිබුනඑත් දැන් එපා කිව්වම අහල දෑහැටම නොපෙනී පලයන් අහකට.......ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් ...
ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ sithumpethum රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් ...
මම ගහපු පොටෝ sithumpethum වැඩි කතාවක් ඕනේ නෑ. කොටින්ම කියන්නම්කො මම පොටෝ ගහන්න හෙන ආසයි..එහෙම ගහපු පොටෝ ටිකක් දාන්න හිතුනා. මේවා ගොඩක් ගහලා තියෙන්නේ ෆෝන් එකෙන් ඈ.. Sony Ericsson K800i |3.2 Mega pixels, Sony Ericsson J102i2 | 5 Mega Pixels පොටෝ දෙකක්ද කොහෙද තියනවා 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු. ගින්දර වගේ කනෙක්ෂන් එකක් තියන මැසිමක් හම්බුනා ඔෆිසියෙන්..ඉතින් පට පට ගාලා පොටෝ ටික ඇදලා ...
සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!! sithumpethum හීතලට ගුලි වෙලා සරම ඔලුවේ ඉඳන් පොරෝගෙන ගොරෝ ගොරෝ හිටපු රයිටර් දැක දැක හිටපු හීනේ සුන් බුන් චකබ්ලාස් වෙලා ගියේ අර දවසක් කීව අක්කගේ ඔරලෝසුවේ එලාම් සද්දෙට. අත්දෙක බෙල්ල වටේ කරකවලා ඇඟ අඹරලා හිරි ඇරලා ඇඳෙන් බහිනකොටයි මතක් වුනේ අද ඉරිදා කියලා. කන්නාඩිය ඉස්සරහට ගිහින් මුණ බැලුවේ පුරුද්දට වගේ වුනත් හැමදාම ඇස් දෙක නතර වෙන්නේ කනට පල්ලෙනුයි නිකට වටෙයි දළුලා ...
නොදනිමි එය කුමක් කියා sithumpethum සමහරවිට කවදහරි දවසක එයා මං මේ ලියපු කතාව දැක්කොත් මං ගැන මොන විදිහේ ආකල්පයක් එයාගේ හිතේ ඇති වෙයිද කියල මම දන්නේ නෑ. මම විශ්වාශ කරනවා කවදාවත් එයාට මේක කියවන්න හම්බ වෙන්නේ නැතිවෙයි කියල. ඒවගේම ප්‍රර්ථනා කරනවා කියවන්න හම්බෙන්න එපාය කියලත්. බැරි වෙලාවත් එයා කියෙව්වොත්, එක්කෝ මං දිහා අමුතු විදිහට බලයි. එහෙමත් නැත්තම් මේ මොන විකාරයක්ද කියල ගණන් නොගෙන ඉඳීවි. කාට ...
"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ" sithumpethum තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, ඇඳ මත හිඳ, මධ්‍යම රාත්‍රී එකොළහයි...හදවත මෙසපොතේමියස් වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.-------------------------------------------------------------------------------------ලයිට් ...