නග්න සිහිනය sithumpethum සයන මත මුනින් තලාවී සිටි ඇයට හැඬුම් නවත්වාගත නොහැකි විය. බොහෝ වෙලාවක් එක දිගට හැඬු නිසා සිහින් ඉකියක්ද පිටවිය. ඇයගේ කඳුළු කැට තදින් මුහුණට සිරවී තිබුණු කොට්ටයේ මසා තිබුණු තාරාවගේ රටා මැහුම මතින් කොට්ටයේ පුළුන් තෙත් කළේය. දකුනතිත් ඇඳ වියලද වමතින් ඇඳ ඇතිරිල්ලද තදින් අල්ලාගෙන සිටි ඇයගේ වම් අතේ මිරිකෙමින්වූ ඇඳ ඇතිරිල්ල හදිසියේම ආවේගයෙන් ගසා දමද්දී සයන මත වූ යමක් ...
අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ ! sithumpethum පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින ...
චිත්‍රෙ අඳින්නේ මෙහෙමයිලු sithumpethum පොරොන්දු වෙච්ච දෙයක් ඒ විදිහට ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ දේ පොරොන්දු වෙච්ච කෙනාට වගේම පොරොන්දුව ගන්න කෙනාට ලොකු සතුටක්. ඒවගේම වෙච්ච පොරොන්දු හරියට ඉටු නොකලාම දෙපාර්ශවයටම ඇති වෙන්නේ දුකක්. පොරොන්දුව දුන්න කෙනාට කෙසේ වෙතත් පොරොන්දුව ගත්ත කෙනාට ඒක දුකක් වෙයි. මමත් ගිය පාර පොස්ට් එකෙන් පොරොන්දුවක් වුනානේ. ඉතින් මමත් ඒ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නයි හදන්නේ. මතකයිනේ. අර පෙළක් පොස්ට් ...
ඇය තවත් එක් කෙල්ලෙක් පමණක් නොවේ. sithumpethum පුදුමාකාර වූ මේ ජීවිතය තුල සදාකාලිකයි, ස්ථීරයි කියල කියන්න නම් බැඳීමක් නෑ. අපට යන්න වෙන දවසක මේ ඔක්කොම දමල ගහල යන්න වෙනවා කවුරු කැමති වුනත් අකමැති වුනත්. ජීවත් වෙන කෙටි කාලයේදී අපේ ජීවිත වල කොයිතරම් නම් වෙනස්කම් සිද්ධ වෙනවද.? කොයි තරම් නම් දේ අපට හිමි වෙනවද? කොයි තරම් නම් දේ අපට අහිමි වෙනවද?. ආදරය, අනුකම්පාව, වෛරය, තන්හාව, ඉරිසියාව, කුහකකම්, උද්ධච්චකම්, ...
"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?" sithumpethum එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය ...
සූර් වූ සෙට් එක අතර අමුවෙන් දවසක් sithumpethum සමාජය විචාරය කරලා දාපු පොස්ට් ටිකට මං හිතුවට වඩා තැනක් තිබුන. කමෙන්ට් 100 ක් 150 ක් නැති වුනාට වැටිලා තියන කමෙන්ට් 4, 5, හොඳටම ඇති.තුන් හිතකින් වත් කමෙන්ට් 100, 200 බලාපොරොත්තු වුනෙත් නෑ. කමෙන්ට් 100, 150 වැටිලා තියන බ්ලොග් වලට ඉරිසියා කරන්නෙත් නෑ දෙයියම්පා. මගේ බ්ලොග් එකට එන කෙනෙක් හිතයි මූ දන්නේ සමාජේ විචාරය කරකර ඔපෙ හොය හොය ඉන්න විතරයි, ...
අසම්පූර්ණ පොපොච්චාරණය sithumpethum කොයි තරම් දුක හිතේ හංගගෙන හිටියත්, නෑ නෑ මට දරාගන්න බැරි තරම් දුකක් නෑනේ. ඉතින් එහෙව් එකේ ඇයි මං දුක් වෙන්නේ. හිතාගන්න බෑ නමුත් මටවත් නොතේරෙන හිතේ කැකෑරෙන දුකක සේයා පටලයක් මගේ හදවතේ අඳුරු පැත්තේ පැටලිලා කියල නම් මට තේරෙනවා. එත් කවුද දෙවියනේ මේකට වග කියන ඕනේ......? ඔව් මං දන්නවා "ඔයා". ඔයාම තමයි මේකට වග කියන්න ඕනි. තනිකම පාළුව ඉහ ...
"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ" sithumpethum ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන... දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින් සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එකේ ටෙස්ටින් රයිඩ් ...
ඩොන්ගල් අයියාගේ පොල්ල sithumpethum එදා මෙදා තුර ජීවිතේ මට ලැබුණු ගොඩක් දේවල් ලැබිල තියෙන්නේ හරි අමුතු විදිහට. කොහොමද කියනවනම් ගොඩක් දේවල් අතට ලැබෙන්න ඔන්න මෙන්න තිබිල මග හැරිලා ඒ දේවල් ගැන බලාපොරොත්තු නැතිකරගෙන ඉන්න කාලෙක තමයි මට ඒ දේවල් හම්බවෙලා තියෙන්නේ. සපත්තු දෙකක් ගත්තා එකත් එහෙමයි කොම්පියුටරයක් ගත්තා එකත් එහෙමයි. පස්සේ කාලෙකදී පෙන් ඩ්‍රයිව් එකක් ගත්තා එකත් එහෙමයි.ප්‍රින්ටරයක් ගත්තා එකත් එහෙමයි තව ගොඩක් දේවල් ...
"සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?" sithumpethum පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස් ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ පසුවන සීයාගෙන් ...
මුතු මැණිකා sithumpethum ඔහු හදිස්සියේ මතක් වුවා වැනි හැඟීමකින් යුතුව පසෙකින් තිබුණු හම් බෑගය තුල සුරක්ෂිතව පොලිතින් මල්ලකින් ආවරණය කරන ලද දශක දෙකකටත් වඩා පැරණි සීවලී දින පොත දිග හැර යමක් සොයන්නට විය. කීප සැරයක් අපරික්ෂාකාරීව එහාටත් මෙහාටත් පිටු පෙරලූ ඔහු නැවතත් සෙමින් මහත් ඕනෑකමකින් බලා යමක් ගෙන දිග හරින්නට විය. ඒ සමගම ඔහුගේ මුවේ නාඹර ගැටයකුගේ දෙතොලකට නැගෙන සිනහවකට සමාන සිනාවක් සටහන් ...
ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read) sithumpethum මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව ...
ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි sithumpethum චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා. එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ...
"පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න" sithumpethum "හප්පද බොල පිලිහුඩු කිව්වලු....ර....ර රයිටර්.....දැක්ක කල්...දෙයියන්ගේ වෙඩිමට ඇඩ්මිට් වුනා වගේ සිරාවට ...කොහෙද බං මෙච්චර කල් මකබෑවිලා හිටියේ..අපි හිතුව උඹේ මිනියත් අද හෙට කැළණි ගඟේ පාවෙයි කියලා""නෙදකින් විතරක් මුගේ කට" මම කොල බොක්කටම කාරලා පාලං ගැට්ටට උඩින් කෙල පාරක් ගැහුවා. අපරාදේ කියන්ඩ බෑ, ඒ කෙල තලියම අවේලාවේ අවලමේ යන අසමජ්ජාති හුලං පාරක ප්‍රතිරෝධය එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු මගේ මුණ මැදට වැටුනේ ...
ඇඩෝව් එතකොට උඹ බෝවුනේ ස්පෝථනයෙන්ද.....? sithumpethum හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ උදේ පාන්දර ...
වීදුරු කටු sithumpethum එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය. වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව ...
මාරාවේශය sithumpethum අතු පතර විහිදී ගිය රූස්ස ගස් කොලන් වලින් හෙබි නුපුරුදු අඳුරු වීදිය මතින් ඔහු ඉක්මනින් පය තැබුවේ මලානික අඳුරත්, හරි හැටි නමක් නොදන්නා කුරුල්ලන්ගේ කන්දොස්කිරියාවත් ඔහුගේ මනසට තවත් විඩාව පමණක්ම එක්කල නිසාවෙනි. කපුටු, වවුල් වසුරු ගඳ මෙන්ම තැන් තැන් වලින් වහනය වූ දැඩි මුත්‍රා ගඳ ඔහුට ඔක්කාරය ගෙන දෙන්නට වූ අතර හුරුපුරුදු වද වේදනාවලින් මතකය නැවත අවුළුවන්නටද ඒ පරිසරයට හැකි ...
වික්ෂිප්ත sithumpethum ස්ථානයක් හරි හැටි පැවසීමට නොදත් කොහේ හෝ ජනාකීර්ණ වෙරළක් අසබඩ තැනුණු බංකුවක බොහෝ වෙලාවක් එකම ඉරියව්වේ ක්ෂිතිජ ඉම දෙස නෙත් යොමාසිටි මගේ සිතද තිබුනේ සිතිජ වලල්ලෙනුත් එපිටය. ඒකාකාරී මුහුදු රැල්ලේ ඝෝෂාවත් කොල්ලෝ කුරුට්ටන්ගේ කෑකෝ ගැසිමුත් පසුබිමින් බොහෝ දුරට මගේ කල්පනා දැහැනට බාධාවන් එක් කළහ. විටෙක සුළගෙ අවේගකාරි හඬද, සැපට හැදුනු බල්ලන්ගේ බිරුම්ද, වෙළෙන්දන්ගේ කන්දොස්කිරියවන්ද, අතොරක් නොමැතිව ඇසෙන්නට විය. එවන් බොහෝ ...
බටකොළ ආච්චිගේ චරිතාපදානය sithumpethum ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ ...
"රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා" sithumpethum දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ ලිඳ ගාවට ගිහින් දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත් නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ...