පළමු හමුවීමකට සුදානම් වීම sithumpethum ඔබ හිතනා තරම්පහසු නැත, පළමු හමුවීමකට සුදානම් වීම...කල්පයක් හිතරැඳෙනු පිණිස, සිහි තබා ගත යුතුව ඇත එකදු බැල්මක්වත් මග නොහැර...වෙන්වී යන්නටසිදුවූ දාක අපිට, යළි යලිත් සිහිකර හඬන්නට දෙයක්සන්තකව විය යුතුය..මරණ මංචය මතහෙළනා දිනකඅවසාන සුසුම,සිහි කැඳවා ගත යුතුව ඇත ඉතාමත් පැහැදිලිව,පළමු හමුවීම දා ඔබගේ මුහුණ...එහෙයින් සොඳුරඒ පළමු හමුවීමට සූදානම් වීම,ඔබ කියනා තරම් පහසු නැත...~ බැක්පැක්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
රාත්‍රිය.. sithumpethum සැර අධික මධුවිතකිරාත්රිය..ෂැන්ඩි කරනු වස්යමෙ'හඳ එළිය~ ඩ්‍රන්කන් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
රෑ මනාලී sithumpethum මරදාන හංදියේහුදකලා වූ වීදි පහන යටදැවී පණාදිමින් හුන්මෙරුවෙක්අවුරුද්දට, නුඹගමට ගිය බවනොකියාකීවේය…~ නොක්ටර්නල් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ම'පුතු sithumpethum ගෙදර ටීපෝව වටකුඩා යුද්ධයකි,බත් පිඟානක් අතැතිවපුතු පිටුපසින් ඔබ දිව යන, මැරතන් තරඟයකි,ගුලි කොට අනා ගත් බත් ගුලි රැගෙන එන්නේ කුරුල්ලෙකි,මුව අයාගත් ම'පුතුට බියවී කොහේදෝ සැඟවෙන,ගෝනි බිල්ලෙකි,ආදරේ උතුරන ඇස් හතරකට මැදිවී,පාවී නිවී යයි මා දිවිසරතැස් දුක්-දෝස සේදීපුතු පිටු පසින්දිව ගොස් බිම වාඩිවී, බත් පිඩක් කවා ගන්නටහිත ආශාවක් උපදී,ආදරේ මට දැන් නෙමේ නේදැ'යි කී,මා මුව ගොතාගත් බොරු අවනඩුවකි,එසැණින් බත් පිඩක් විත් ...
භීෂණ මතකය sithumpethum රත් වූ චිමිණි,අලුත් කර ගනී අතීත භීෂණමතකය,දැවී මියැදෙන මේරූ, පළඟැටි,සිරුරු අභියසකරන්ට් කපනාමේ වගෙ දවස්වල~ බ්ලැක්අවුට් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ඔබ තෝරා ගත් හදවත sithumpethum ඔබ තෝරාගෙන ඇත්තේකර්කශම හදවතකිමතුපිට හිමාලේපිතඇතුළතින් ගිණි පුළිඟු නළියනතෙතක් කියා කිසිදෙයක් නැති රළු පරළුම හිතකි..එනිසාවෙන් ඔබට,හඬන්නට සිදු වූ කලෙකඋරපතක් මත හිස හොවාතුරුළෙහි සනසවනලෙංගතු දෑතක් පිළිබඳවසුබ සිහින නොදකින්න..~ ටෆ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
බිසී මී ! sithumpethum වරින් වර ඔසවා හිස පා කරමි ඈතට ඇස, හිස්ය, හිස්ය, ඒ හිස්කම... කිහිප සැරයක් වැරදුණ කන්තෝරු සටහන් අස, අවුල් වී ගිය සියක් වැඩ ගොඩගැසුණු රාජකාරිය, නොදන්වා පෙර ඔබ නා බැවින් කන්තෝරු අද, තදින් පියවර ගතයුතුය නොදී කිසි බුරුලක් හෙට..! ~ ඇක්ෂනිස්ට් රයිටර් ~Pic | https://photos.smugmug.com/Professional/EPO/EPO-The-Office/i-nHz7F5j/1/bcf3d596/L/epo-L.jpghttp://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
නොකියනා වූ කතා sithumpethum කොහේදෝයන අතරමගඅහඹුවක් සේතුරුලු වෙන,හැම මලකටම නොකියනා වූ එක් කතාවක්හුළඟකට ඇත~ අන්ටෝල්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
හාට් ඇටෑක් sithumpethum හාට් ඇටෑක් හැදී මිය ගියඔස්ටින්මුදලාලිට හදවතක් තිබුණු බව, අවසන, ගම්මුනොකැමැත්තෙන් හෝ වුව පිළිගත්හ~ රියලයිස්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
පාර වැරදුණ සුළං sithumpethum පාර වැරදුණනුරා සුළඟක්වසා අගුලු ලුකවුලු පියනකහැපී ඉකි බිඳහඬනවාඇසිණි...~ ලයින්ග් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ප්‍රභල ප්‍රංශ හාදුව sithumpethum ඉළ ඇට පංජරය බිඳී යන තරමට ප්‍රභල වැළඳ ගැන්මක අවසන, සුසුම් සුවඳැති ඔබේ දෙතොලගප්රංශ හාදුවක් අලවමි...ඉනික්බිතිවඅඩකුඹුව යනදිගු ඇහි පියාපත් මත,කිරිකැටි සිහිනයක් සොයා සෙමෙන් පියවර තබමි.~ එරොටික් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
කිරි අත්තා sithumpethum වැහි ඇල්ලකින් පසුපුරන් වූ යාය කෙලවර,රුක්අත්තන මලක් හිනැහෙයි, කිරි අත්තාගේ සොහොන පාමුල...උදැල්ලක පහසක් කල්පෙකින් නොවිඳිනාපොළොවක්,අදත් හඬගා කියයි අත්තා, හුස්ම ගනිමින් හිඳිනා වගක්...~ බ්රීත්ලස් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ශාන්ත සෙබස්තියන් වීදිය sithumpethum ශාන්ත සෙබස්තියන් වීදියකොයි තරම් නිහඬදනැවතී කතා කරනවා නම්මේ බංකුව තමයිහොඳම තැනලා පැට්රීශියාඅවන්හලේකෙලවරේම මේසෙකඉඳගෙනඋණුසුම් කෝපි බඳුනකටඅපේ දුකකියමුද~ රයිටර් වෝස් කිල්ඩ් බයි අ කියුපිඩ් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
ඔබේ තද දුඹුරු ඇස් sithumpethum වහා ඇබ්බැහිවෙන සුළුඔබේ තද දුඹුරු ඇස් හාස්නේහයෙන් බැඳෙන්නැයිබල කළාවූ ඉතිහාසයකපැටලී හිඳිමි~ ඇඩික්ටඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
මෘදු මරණය sithumpethum කෙතරම් මෘදු වුණත්වළාකුළක හැපී හෝ වුවමියැදීමටහැකි දවස්ජීවිතවල ඇත~ ක්රෑශ්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ප්‍රේමය සඟවාපු අහුමුළු sithumpethum ඉස්සරම දවස්වලතැන තැන සඟවාපු අහුමුළු වලිනි හදිසියේ මතුව එන්නේ ප්‍රේමය..එදවස බොහෝ ඉස්සරපෙම්වතෙක් වී සිටි බවහඬගා කියන්නේ සෙවණැලිය බිත්තිවල...පැළඳ හිඳිනා මේහිනා වෙස් මුහුණ යටපවතින්නේ දුකම වග,ප්‍රේමය සඟවාපු තැන් හැරදැනන් ඉන්නා අන් කෙනෙක් නැත...~ හිඩ්න් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
දිදුලනා වූ තනි තරුව sithumpethum ආලෝක වර්ෂදස දහස් ගණනක්එහා හිඳදිදුලනා වූතනි තරුවක්ය"නුඹ" ...ඉතිං,සාධාරණය...!!!,දිදුලමින් පැවතීමම මිසඅහසින් බැස අවුදහදවතක නතර වීමටසිත් පහළ නොවීම.එහෙත් තාරකාවියනි...,තරුවකට පැවරුණා වූසියලු කාරණා හැර,තරුවක් විසින්"තේරුම් ගත යුතුව ඇති"කාරණාදඅපමණක් තිබෙන්නටපුළුවන් බව,තාරකාවකට නොවැටහීමම,කොයි තරම් නම්ශෝකජනකද...?~ ඇස්ට්‍රොනට් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
මාරාන්තිකය ප්‍රේමය sithumpethum ප්‍රේමය මාරාන්තිකය මල් හීසරඅග වුවද විෂ තිබිය හැකියමල්සරාටත්ඉඳහිටකවැරදිය හැකිය~ කියුපිඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss
ලෙච්චමී sithumpethum කඳු මුදුන ලැයිමෙන් බංගලාවට හැමුව දුරාතීත කුයිලයද,ලොකු ගිණුම් පොතක් මැදතිබී හමුවුණරතු මොට්ටුතිලකයදලෙච්චමී උඹ තාම සොහොන යට හුස්ම ගන්නා වගනොකියා කීව්ෙය..~ සුපිරින්ටන්ඩන්ට් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...
රහස් කතා sithumpethum දින පොතේ හිම පාට පිටු අතර පමණක් රහසේම හුස්ම ගන්නා,"කිසිවෙකුට" කිව නොහැකිකතා කාටත් තිබෙන්නට පුළුවන...එනමුත් ප්‍රියාවිය,මා සතු එවන්පොත්වල"කිසිවෙකුටත්" කියන තැන"නුඔත් ඇතුළුව" කියාමම කොහේවත් කියා නැත...~ අන්ටෝල්ඩ් රයිටර් ~http://sithumpethum.blogspot.com/feeds/posts/default?alt=rss ...