නියමෙට ඔතන්න පුලුවන් නරකයා ගේ සිතුවිලි අපේ කසුනගේ යාලුවෙක් සෙට් උනා කාලෙකට කලින් කොටින්ම එළ කොල්ලෙක්. කොහේ හරි ගිහින් අපිට සෙට් වෙන්නෙත් කෙන්දරේ උපරිමේට අප්සෙට් ඩෑල් එකක්නේ මූගේ එක අපිටත් වඩා අවුල් කොටින්ම කියනවනම් ලොකේ වෙන්න පුලුවන් බලු වැඩ ඔක්කොම වෙච්ච එකෙක් . ලංකාවේ තියන ලොකුම පිරිසක් වැඩ කරන සමාගමක හිටපු ටිකක් විතර ලොකු විදායක නිලදාරියෙක්. මුගේ කේන්දරේ තියන බලගතුකමට මූ එකත් දාලා ඇවිත් ෆුල් මාවලස් ...
අපිරිසිදු ගැහැණියක් (උසාවියේ දවසක්....3) නරකයා ගේ සිතුවිලි මෙය අන්තිම පේළියෙහිද පළවිය.. අඳුණන යමෙකු දකීවි දෝ ඇය වහා හිස බිමට නැඹුරු කර ගත්තත් මා සිටි තැනට ඇයව හොඳින් දැක ගත හැකි විය. හොඳින් පීරා ගොතා පිරුණු නිතඹ තෙක් දික්වූ කොණ්ඩයත් චීත්ත ගවුමෙන් උස්ව පෙණුන ලැම හා වටකුරු මූණ ඇයව සුරූපිණියක් නොවුණත් ඇහැට කණට හොඳින් පෙනෙන එකියක් බවපසක් කළාය. ගෙළ හා සිහින් කන් පෙති කිසිම ආබරණයක ලකුණක් නොමැතිව කැපී ...
උගේ අයියා..... නරකයා ගේ සිතුවිලි ඔය අපේ යාලුවෙක් ඉන්නවා උට වඩා අන්ත්යි උගේ අයියා දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් උගෙම වියදමෙන් කසාදයක් එහෙම කරගෙන ලමයෙක් කාරිය හදාගෙන රෝද හතරක් පැදගෙන ඉන්නවා බැඳපු කෙල්ලට පින් සිද්ද වෙන්න ඔනේ ඌව ඔය තත්වෙට ගෙනාවට.අයියන්ඩි වැඩිපුර ගෙට ගොඩ වෙන්නේ මල්ලිගේ ජැනේලෙන් මොකද උන්ගේ අම්මත් ආය මොකද ගහන්නේ පුටු මේස හැඳි ගෑරුප්පු වලින්. එක බඩ වැල කඩාගෙන ආපු අයියන්ඩි හින්දා මුගේ ජනේලෙ ...
කසාදයක් කර ගත්තම.......................... නරකයා ගේ සිතුවිලි මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් ...
දෙලුයි පොලුයි නරකයා ගේ සිතුවිලි මේක මං මුලින්ම දැම්මෙ අන්තිම පේලියෙ.. ඊට දවස් 3කට පස්සෙ ඔන්න මේකෙත් දානවා.... හද්ද පිටිසර හැදුනා උණාට...... කුජීතයෝ සැට් එකකුත් එක්ක නුගේගොඩ පැත්තෙ තමයි අතර මං වෙලා හිටියේ.. අල්ලපු වත්ත හිස්... හිස් කිව්වට තැඹිළි ගහකුයි දෙල් ගහකුයි තිබ්බා...! අතට සල්ලි එන දවසටයි ඊට දවස් දෙකකුත් යනකං අපිට සිරාම තමයි.. කැන්ටමෙ කුණු බක්කියට වැටුණු කාක්කො වගේ... ඊට පස්සෙ ආයෙ හාකුට්ටර වෙනවා ...
අන්ධයෙක් මම නරකයා ගේ සිතුවිලි සුවද අහුලන් පාට අමුණා..ඇගිලි තුඩගින් රැවට ගළපන..කුසුමදැයි නටුවට දොඩමළුව..... අචේලක සඳ උණුහමට පොදිබැද.. ප්රගීයක පැටැළුණු පීන.. පවනට මුමුණා ලීන... ප්රාසයක තනිවූ හීන... විඳින් ආලය මලීන.... ...
(ගෙඹි) මාළු ඇල්ලීම..... නරකයා ගේ සිතුවිලි ඉඳපු ගමන් අපිත් එක්ක හිටපු එවුන්ට පිස්සු තද වෙනවා... අයෙ ඒකට හඳ මෝරණකං ඉන්ඩ ඔණෙ නෑ.... එතකොට බයික් කටු ටිකක් පස්ස පැත්තෙ ගහගෙන ඇවිදිනවා... පස්සෙ ඉතිං "පට්ට ආතල්.." කියලා කිව්වට දන්න එකා දන්නවා කාපු චාටරේ තරම... පිස්සු තදවෙන උන් කියුවෙ අල්ලි, අයියාමල්ලී ඩබලයි.. හඩ්ඩා ඇතුළු කිහිපයක්.... ඔහොම දවසට එළි බහින්නෙ අනිවා මොකක් හරි මගඩියකට.. එහෙව් දවසක මේ නරි පැටවු ටිකත් ...
අයියාමල්ලි....... නරකයා ගේ සිතුවිලි මගේ අයියා ගැන නං මීට කලින් ලිවුවා මේ අයියාමල්ලි....... රෑට රෑ වෙලා ගෙදර එනකොට කවදාවත් ඉස්සරහ පැතතෙන් එන්න හොඳ නෑ බල්ලා බුරණවා... ඒ හින්දා අහඹු ලෙස තෝරගත්ත තැනකින් වැටෙන් පැනලා හොරෙන් එන්න ඔනේ.... ඊට පස්සෙ මල්ලිගෙ කාමරෙ ජනේලෙන් පනින එක ලේසියි... හැබැයි සමහර දවසකට අම්මා නිදියනවා ඒ කාමරෙ අයියාගෙ හොර අල්ලන්න... ඔ්ක අපේ අයියගෙ කතාව.. දවසක් ඔහොම කකුල ජනේලයෙන් දානකොටම ...
උසාවියේ දවසක්....1 නරකයා ගේ සිතුවිලි කසිප්පු කාරයෝ... වලි කේස්.., කුඩු..., ගන්ජා කාරයො.. අස්සෙන් එබිලා මගේ නම කතාකරනකං බකන්නිලාගෙන හොටඋලාගෙන හිටියෙ.. කාපු දොඹගෙඩිය දැං දිරවගන්නත් එපායැ.. මමත් බයටම ගිහින් ලොයර් කෙනෙක් හම්බෙලා විස්තරෙ කියුවා.... කවදාවත් ඇවිල්ලා නැති එකේ අප්පුවා කොළඹ ගිහින් වාගෙ හැසිරිලා නෝන්ඩි වෙන්න බෑනෙ.... අදාල ගාස්තුව ගෙවන්න යන වෙලාවෙ එතන තව කීපදෙනෙක් හිටියා..දැං පෝලිමට කසිප්පු අහුවුණ ඒවා... එයාලා විත්ති කූඩවට නගිද්දි අදාල නීතිඥ්ඥයා නැගිටිනවා... ...
සිතුවිලි නරකයා ගේ සිතුවිලි ඈත අදුරක පුංචි තරැවක්සදට බියවී පලා යත්හෙමින් මුමුණන දොලක බැස අපිදොඩමලුව ඉදිමුය බිදක්අසත් ඉගියට පිටු පා උඹඛීල පෙරමග හිනැහියත්වරත් පල කිම සදේ එළියටහොරෙන් සිත හැගවෙනු විනාඒත් අළුවට ගිනියමින් මාවිඩාපත් ෙදනුවන් පියාසෞම්ය එළියක පහස හොයමුය අමාවක රෑ හමු වෙලා ...
බ්‍රව්න් බ්‍රදර්ස්.. නරකයා ගේ සිතුවිලි අපේ අම්මා හරි ගැඹුරු චරිතයක්... මගේ හිතේ ඉපැදුණු සමහර අදහස්.... කවි විදියට කලින් දැම්මා... වෙලාවකට හරි සැරයි... මට ප්‍රසිද්ධියෙම බැනපු අවස්ථාත් තියෙනවා... හැබැයි ඉක්මනට හිත උණුවෙනවා... එයා විදුහල්පති වශයෙන් සෙවය කරන්නෙ ටිකක් විතර දුර ඉස්කෝලෙක... 'චැලි' වර්ගයේ බයිසිකලේකින් තමයි ඉස්කෝලෙට ගියෙ.... වෙසක් මාසේ දවසක අම්මා දැකලා තියෙනවා අම්මා යන පාරෙ තැනකට බලුපැටව් දෙන්නෙක් ගෙනත් දාලා... බණ්ඩිය බිම වැදි වැදී ටික ...
තවත් චාටර් එකක්.. නරකයා ගේ සිතුවිලි මායි අයියාමල්ලියි ගියා (ඇත්තටම යන්න උණා...) දිග.... ගමනක්... ත්‍රි වීලර් එකේ....!! වාව් ඒකනං මතක්කරන කොටත් ඉක්කා යනවා..!! කිලො මීටර් එකසිය ගානක ගමනක්.. ගමන යද්දි දැණුනෙ නිකං දූරියන් ගොඩක් උඩ ඉන්නව වගේ....! ආපහු එනකොට කිසි හැගීමක් දැනීමක් නෑ.. අල්ලලා බලද්දි අතට දැණුනොත් මිසක් පස්සක් තියේද කියලවත් දැණුනෙ නෑ...වෙලාව පාන්දර දෙකට විතර ඇති.. ඔහොම අපි ආතල් එකේ එනකොට ගෙවල් වලට සෑහෙන්න ...
රෙස්පට්..කෙල්ලෝ .... II නරකයා ගේ සිතුවිලි ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා. අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා කියලත් කිව්වා... ඊට ...
පොලිසියට..... නරකයා ගේ සිතුවිලි අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....කියනවට විශ්වාස කරන්ඩ.... ලෝකයාගේ ගෙවල් තිබ්බෙ පොලීසියට අල්ලපු වත්තෙ... ඒ දවස් වල සරා සර්ගෙ මැත්ස් ක්ලාස් ඉවර වෙලා රූ දෙගොඩ හරියෙ ඇවිදං ආ පු පාරවල් දිගේ සෙනසුරා දවසට ඇවිදන් යන්නෙ මොන්ටිසෝරි ගියපු උන්ගෙ ලෝකෙන් මිදිලා ටිකක් හුස්මක් ගන්න.. වෙන යන්න තැනක් නෑ අනිත් උං ...
පෝස්ට් එකට වඩා හොඳ..... ප්‍රතිචාර... නරකයා ගේ සිතුවිලි සමහර බ්ලොග් වලට වඩා ඒවායේ කොමෙන්ට් කියවන එක ආතල්.... තේරුමක් නැති කතාවෙද කොහෙද එක පෝස්ට එකක් මං දැක්කා පේලි හතරක ලස්සන කවියක්.... ඒකට දාලා තිබ්බ කොමෙන්ටුවේ පේළි 54ක් තිබ්බා... හෙවනැල්ල පෝස්ට් එකට දිනුෂි දාලා තිබ්බ එකත් ඒ වගේ..... ඒක කීප වාරයක් කියවලා ලස්සනයි කියලා හිතුන නිසා මට අනිත් අයටත් පෙන්නන්න හිතුණා.... පහලින් තියෙන්නෙ දිනූෂිගෙ අදහසක්.....දිනුෂි says: උඹ යාන්තම් දනගාද්දිමම උඹේ ...
ගූග්ල් ඇමිනිල්ල... නරකයා ගේ සිතුවිලි මම ඔය ප්‍රසිද්ධියට කැමති නෑනෙ... ඒක මගෙ බ්ලොග් එක බලන කාට උණත් තේරෙණවා... හෙණ ගහපු තට්ටෙ වගෙ... මළාට කෙමෙන්ටුවක්, ෆලෝ කරන එකෙක් සැට් වෙන්නෑ... කොමෙන්ට් දාන්ට පෝස්ට් එකක් එන්නෙත් කලාතුරකින්නෙ... මම මුලින්ම නරකයා කියලා නමක් හදාගෙන ආරූඪව පෙනී හිටියෙත් ඒකම නෙව.. මං කරපු ඔක්කොම ජරා වැඩ ටික බය නැතුව දාන්න පුළුවන්නෙ... පොස්ට් දෙකක් විතර දාලා එළියට බැස්සාමයි රෙද්ද නෑ කියලා ...
ඇත්තම කියනවනං... 1 (යාපනයට කරගැසීම) නරකයා ගේ සිතුවිලි කලින් දාපු යාල් කවි දෙක සමහරුන්ට තේරිලා නෑ... මලට විල මට වල යාපනය පායනය සහ හමුවීමයාල්පානම් යද්දි පිළුව කාන්සිය මකාගන්න කියපුවා.... ඒකට වස්තුබීජෙ වෙච්ච කතා වස්තුව අහනවද...ඇත්තමකියනවනන් මම ස්ලිට් යන කාලේ ගමේ පංසලෙන් පොඩි චාරිකවක් ගියා දවස් 3ක විතර ඔය කියන යාපනේට... ලොකු හාමුදුරුවෝ මාත් එක්ක හෙන ෆිට්, ගමටම වැදගත් කොල්ලන්ට මායි තව දෙන්නයි හිටියේ. ඒ වුනාට ලොකු හාමුදුරුවන්ගේ කම්පීතරේට ...
මලට විල මට වල නරකයා ගේ සිතුවිලි ගොහොරු මඩපිරුනු වැඩ සමගරොන් මඩපාට වතුරබොර දිය සමගනිල් දියහිරු ඇතිව හෝසඳු නැතිවනොවෙනස්වල..................ගොහොරු මඩටවෙන්ව දියටහිරුට ලංවපිපී දිලෙනනෙලුම නුඹ නිසා...............වෙනස් කල යුතුයලිපිනයපෙර වලකිදැන් විලකිමඩේ පිපුනවලේ සුපිපුනනෙලුමනුඹ නිසාවටමීට................හිරුට දුරනටුව ළඟ(අ)වැසියා.........SbS-2010-03-11නරකයා.. ...
නරකයෙක් උනෙමි...(යාන්තං 50යි...) නරකයා ගේ සිතුවිලි උජාරුවට අළුත් උසස්පෙළ පන්ති වලට කඩද්දිම මම නරකයා විදියට බෞතිස්ම උණා.... නම් කතා කරලා අදාල පන්තිය දැනගන්ඩත් කලින් පිටිපස්සෙන් ඇවිත් කොණ්ඩෙන් ඇදපු එකාගෙ ජාතිය අමතලා බලද්දි"හුටා වයිසා...!"සපත්තුදෙකේ ඉඳන් කොණ්ඩෙ දක්වා හෙඳට බලපු උපවිදුහල්පති තුමා ආදරෙන් ඔලුව අතගා කිවුවෙ "කොන්ඩෙ කපන් එනවා" කියා පමණි... "සල්ලි නෑ සර් කන්න ගෙනාපු එකවිතරයි හෙට කපන් එන්නම්"යි කීමුත් බිරි බල්ලට විසිල් ගහන්නා සේ අන්තිමට රුපියල් ...
ට්‍රැෆික් පොලිස් ලා.... නරකයා ගේ සිතුවිලි මම මුල් කාලේ වැඩකලේ ටිකක් දුර.. ඒ දවස් වල ගෙදර එන්න ටිකක් බස් හිගයි.... රූ වෙනකොට.. ලේසිම වැඩේ එතනින් යන අඳුණන වාහනයක එල්ලිලා යන එක තමයි... නිතර දැකලා පුරුදු හාල් ලොරි තමයි හොඳම ටාගට් එක.... අපේ ආයතනයේ සික්කාත් අපේ ගෙවල් පැත්තෙ... පොරත් සෙට් වෙනවා මාත් එක්ක චාටර් කන්න... එතන හන්දියෙ රාජකාරි කරපු ට්‍රැෆික් සාජනුත් එකතුවෙන නිසා වැඩි අවුලක් නෑ.. ඌ ...