හෙට දවස (අමතක) නරකයා ගේ සිතුවිලි මුරුගසං වැසි මැද.. තනිවූ වවුලුව.. මාන කබායට සැගව කපුටු උන් කෙළි බලා ගිණිගත් හිරුයෙන් දැන ගනිවු. තෙපි රැවටිලා උං රංචු එනතාක් තනි රැක තනිවෙලා හැඩුම් සද්දෙට පාර හොයාපන්.. තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලාමාන කබාය=උපාධි කෝට් එක ...
ආමි කාරයා ත්‍රීවීල් කාරයා වීම ( ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා 2 ) නරකයා ගේ සිතුවිලි කලිං කැල්ලත් බලලාම එන්න නැත්තං තේරෙන්නෙ නැතිවෙයි.."මම එදා ඉටිපන්දම් අනංමනං ටිකක් පෙට්ටියක දාගෙන එද්දි අර පටු බිත්තිය ගාවින් මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා... බලද්දි මේජර්." "මං ඔක්කොම ටික බිමදාලා අනිත් පැත්ත හැරිලා දුන්නා කොහොමද දන්නවද.... හැබැයි මට බය හිතුණා.... මොකක් උණත් ඌ සීනියර් ඔෆිසර්නේ..... මම කෙළින්ම දුවලා ගිහින් නැවතුනේ මේජර් කරුණාරත්න ගාව... ඌ එළ අපිට කතා කරේ පුතා කියලා.. ...
කේස් කාරයා නරකයා ගේ සිතුවිලි අන්තිම පේළිය බලන උන් මේක බලන්න එපා.... ඒකෙ දාපු එකම තමා මේ.... හැබැයි කතෘ මමදොලහ වසරට අළුතින් සෙට් වෙච්චි කේස් කාරයා ටිකක් පණ්ඩිතයා උණාට එළ පොරක්.. වලියක් එහෙම ගහගන්නවනං හරි කැමතියි පොර වෙන්න.. ඉස්කොලෙන් හොරෙන් පනින්න කාරිය… එහෙම කියාපු…කොල්ලෙක්ගෙ ඔන හොර වැඩකට සපෝට්.. එහෙව් එකාට කරදරයක් උණාම අපි අහක බලන්නෙ කොහොමද…. ස්පොර්ට්මීට් දවස්වලට අපි පිට්ටනියට බහින්නෙ ඉතිං හොරපොල් කඩන්න වැවට ...
ජාතික.........මොකුත් නෑ නරකයා ගේ සිතුවිලි මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා පුද්ගලයෙක් විශ්‍රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට ...
බිරිඳලාට....... නරකයා ගේ සිතුවිලි හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව රිදෙන රිදුම් මටත් දැනේ නම් කැමතියි අර රිපෝට් මේ රිපෝට් දහසක් වැඩ නුඹට තමයි මට නොදැනෙන නුඹට දැනෙන වේදනාව ...
හොඳට නරකට පැටැලෙන කට නරකයා ගේ සිතුවිලි කට නිසා ගොඩ යන උන් මෙන්ම කෙලව ගන්නා උන්ද බොහෝ වෙති... හදිස්සියට කට පැටලෙන උන් මෙන්ම බොරු කියන උන්ගේද කට පැටලෙන මුත් අපේ අයියා ගොසරූව දැමීමෙන් පසුව දුරකථනයෙන් කතා කලත් ඔහුගේ කට පැටලෙන නිසා "අදනම් මෙකා බීලා වරකො ගෙදර..." යි අම්මා පවසණු ඇසිය හැක... ඇය කියනා ආකාරයට බොන උන්ට වැදුනයින් පසු කට පැටලේ.. මේ කියන්නෙ පච බංකුවල.. ආට් එකේ සිරීපාදෙ.. ...
බඩු ගියා බන්.... නරකයා ගේ සිතුවිලි මට එදා ටුටුවා හම්බෙලා ඉස්කොලේ කාලේ වෙච්ච ආතල් ටිකක් එහෙම මතක් කලා........ වැඩේ කියන්නේ මට ඔ්වා සුටුස් ගාලා අමතක වෙන එකනේ.... මම ඉතිං ඌට කිවුවා "ඔය කතා ටික ලියලා එවපංකො.." කියලා "ඔව් ඔව් මට හොඳ...ට ටයිපිං පුළුවංනේ.. මට පුළු පුළුවං වෙලාවට උඹට පුක දෙන්නං.." කියලා බැන බැන ගියා... අනේ අපරාදේ කියන්න බෑ.. කතා දෙකක් තුනක් ලියලා එවලා තිබ්බා... මේකත් එයින් ...
අන්තිම පෝලිම ||||| නරකයා ගේ සිතුවිලි අන්තිම පේලිය කියන කොට මතක් වුනේ. මම හිටියෙත් අපේ පන්තියේ අන්තිම පේලියේ. ඔය උසස් පෙළට ආපු පලවෙනි දවසෙත් පරක්කු වුනා පන්තියට එනකොට අනෙක් වුන් කලින් ඇවිත් ඩෙස් බංකු හදාගෙන මට එකක් නෑ. මම කොහේදෝ තිබ්බ ඩෙස් කෑල්ලක් උස්සන් ඇවිත් දාගත්තා පිටිපස්සටම. කලින් පන්තිය ලස්සනට තිබුනා දැන් කැතේ බැ බලන්න....අන්තිම පෝලිමට එක ඩෙස් එකයි.. මම දැන් අලුතෙන් ආපු එවුන් හොයනවා රැග් ...
වෙසක් සිරි බැලීමි... නරකයා ගේ සිතුවිලි වෙසක් බලන්න යන්න කලින් ෆේස්බුක් එකෙන් මැක්සා කතාවක් දැක්කා... "ඇයි අද වගේ දවසකවත් තෙරුම් ගන්නේ නැත්තෙ.. අද තිලෝගුරු බුදු පියානන් වහන්සේගේ සම්බුද්ද තෙමගුල සිහි සිදුවෙච්ච උතුම් දවස. ඒත් බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ මගේ යාලුවෙත් බොහෝ දෙනාත් සුබ පතනව,," සුබ වෙසක් මන්ගල්යක් වේවා" එහෙම නැත්නම් Happy wesak day කියල.. ඇත්තටම මේ හැත්තට පිස්සුද.. එහෙම ප්‍රාර්ථනා කරපු අයට කියන්න තියෙන හොදම ...
නන්දයා නරකයා ගේ සිතුවිලි මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්රෝඩක්ටුවක් බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ...
ඔන්න ඔහොමයි යාළුවෝ නරකයා ගේ සිතුවිලි යාළුවෝ ඇතුවත් බැරි නැතුවත් බැරි වෙලාවල් තියෙනවා.. පොඩි පිස්සුවක් කෙලින්න රස්තියාදුවක් ගහන්න.. වලියකට.. ඇයි කෙල්ලෙක් සීන් කරගන්න.. බොකක් සෙට් උණොත් කියන්න වේන්නෙත් යාළුවෙකුටම තමා... එකපාරක් ලොකයා කියලා එකෙක් හන්දා බයික් එක හැතැම්මක විතර තල්ලු කරන් පොලිසි ගියා...ජයායි මායි.. අනුන්ට සීනි කිරන්න තිරිකුණාමලේ පැත්තෙ ගියපු දවසක රු 12ට විතර ටවුන් එකේ නැවතුනා දවල්ට කන්න.. ඇරලා තිබ්බ එකම කඩේට ගොඩ වැදිලා අතේ ...
බස් කතා.... නරකයා ගේ සිතුවිලි අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත...අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. ...
නිදහස් අධ්‍යාපනය - මට හිතෙන දේ නරකයා ගේ සිතුවිලි මේක ලියපු ගමන් අම්බානෙකට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ.. මේක මගේ දර්ශනය නිසා සමා වුව මැනව. ඉස්සල්ලාම මා ගැන කියා සිටීම සුදුසු යැයි සිතමි.. මම අ.පො.ස. උ/පෙ දක්වා නිදහස් අධ්‍යාපනයේ සුව වින්දෙමි. ඉන් පසු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී මාගේ අසාමාන්‍ය ග්‍රහ පිහිටීමේ පල විපාකයක් විදියට මට නැවතත් ගමන වෙනස් කොට වෙනත් දෙයක් ඉගන ගැනීමට සිදු විය. ...
මෙන්න නරකයගෙත් හොඳ එක නරකයා ගේ සිතුවිලි සමා වෙන්නලා... මම මේ තකහනියෙ කතාවක් දාන්න නෙමේ හදන්නෙ.... නරකයාගෙ ලොකු එකා අදුන්වලා දෙන්න... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නරකයා... හැබැයි කුුප්පියා කිවුවාම තමයි හැමෝම දන්නේ.... වෙලාවක් තිබුණොත් ගිහින් බලන්න...ඔළුව ඔයේ...."සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා. නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙදරක පිරිතකට රෑ නිදිමරන්නෙ උගෙ ලොකු අම්මගෙ එකවගේ . අඩි 6ක් ...
අබුද්ධස්ස කාලේ........ නරකයා ගේ සිතුවිලි තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි..."තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා ...
මම මොන්ටිසෝරි යන්ට ඔ්නේ... නරකයා ගේ සිතුවිලි විවිධාකාර මින්ස්සු නෙ.. ඉතිං හැසිරීමත් විවිධයි.. සමහරු ලස්සනට අඳිනවා පළඳිනවා සමහරු ඔහේ ඉන්නවා... මමනේ කාටවත් මොකො මං අඳින පළඳින විදිය.. මං හැසිරෙන හැටි.. මෙහෙමත් හිතනවා ඇති... කොහොමත් නරකයා වෙච්චි... කඩපිළකට වෙලා කාලෙ කකා ඉද්දි.. ළගපාත් සැලුන් එකකින් එළියට ආවා පට්ට කෙල්ලෙක්.. පුහ්... මාර කෑල්ල... නියමෙට හැඩ පිහිටලා තියෙනවා... ඇස් පිනවා ගන්න කටත් ඇරන් ඒ දිහා බලන් හිටියෙ මම විතරක් නෙවෙයි ...
අත්හිටවීම.... නරකයා ගේ සිතුවිලි වියුණු තරු අතර නොවන රන් සළු විසුරුනද දෙතොලට හොරාරිදුන හිස තුරු මඩල සනසන සුසුම් වැල නොමළ......මා සිත පුරා.....මුල්ම දින නුඹ හා බැඳුන..එදා සිට මේ අද පවා සුලඟ කිසි දින කිවේ නැත මට මා සෙව්වේ ඒ නුඹ තමා සිතට සිත එක තැන්ව ගිය කල සිහින රූ සිතුවම් වෙලා නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි මට මා පවා සීමා කළාඑපා මට එපා නුඹ ...
ගැන්ස්ටර් කොල්ලෙක් නරකයා ගේ සිතුවිලි මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්. මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන කෑම හැමදාම කන්න බැරි හින්දා. පොඩ්ඩක් ...
හීට් එක නරකයා ගේ සිතුවිලි අපේ එම්පියා ඔෆිසියට යන්න නැගිටින්නේ 10ට අහපුවම කියන්නේ ඌ වැඩ කරන්නෙ US කැලැන්ඩරේට කියලා.. අපි දන්නේ ඌ නැගිටින්නේ 10ට කියලා විතරයි. උගේ කැලැන්ඩරේ US උනාට ඌ තනිකරම ජැමෙයිකන් බුවා.රෑ 8න් පස්සේ මූව අල්ලන්න ඔනේ නම් අපි යන්න ඔනේ චොකලට් අරන් පැනි බුන්ඳි අරවා මෙවා සලාක මල්ල අරගෙන නැත්තන් මූ ටිකට් එක දෙන්නේ නෑ අපිට. ඌ දවසක් දහයට විතර වැඩට ගිහින් ...
බැහැයි කියලා බෑ.... නරකයා ගේ සිතුවිලි "ආ...පෝ ලංකාවනං......!""අප්පෝ මේක ඉතිං ලංකාවනේ...!! ""ලංකාවේ එවුන්නං බං..... කවදාවත් හැදෙන්නෙ නෑ... ""අඩේ එහෙනං එහෙම නෑ...!! ""ඔන්න ලංකාව....." ඒ දවස් වල මට ඔව්වා ඇහිලා එපා වෙලා තිබ්බෙ... මං වැඩ කරපු තැන පියන් අංකලුයි තේ හදපු ඇන්ටියි මායි ඇරුණාම අනිත් උන් ඔක්කොම පිටරටක අවුරුදු 5ක්වත් හිටපු එවුන්... වෙන රටකට කියලා රජරට විතරක් ගිහිල්ලා තියෙන මම සමාජ ඉරිසියාව ජාතිමාමකත්වය බවට පෙරළගෙන නිසා හෝ.... ...