skip to main |
skip to sidebar
අබුද්ධස්ස කාලේ........
තැන කදුරුවෙල කොළඹ බස් එකක්.. වෙලාව පස්වරු 2:00 මා සිටි එම බසයට ගොඩ වැදුණු හාමුදුරු නමක් බස් එකේ පිරිස අමතනු දුටු මගේ සවන් එදෙසෙට යොමු කළෙමි.. බස් රියෙහි ස්පීකර හරහා එන මළකඩ සින්දුව අතරින් මට කඩින් කඩ ඇසුණු ඒ කතාව මෙසේ ගළපා ගතිමි...
"තෙරුවන් සරණයි පිංවතුනි.. මම මාතර යන ගමන්... මගේ ළග රුපියල් 120ක් තියෙනවා බස් ටිකට් එක 410.. මට ඔබතුමන්ලා උපකාරයක් කරන්න...!"
යාචකයෙකු මෙන් එම වචන වල කිසිදු බයාදු හඩක් නොතුබුණි එසේම සාධාරණ ඉල්ලීමක් බැවින් මම වහා මගේ පසුම්බියට එබුණෙමි... රුපියල් 100 කොල 4කට අමතරව එහි ඇත්තේ තව එක් 10 කොළයක් පමණි.. රුපියල් 10 අතට ගෙන උන්වහන්සේ දෙස බලන විට ඇතැමෙක් 10, 20 කොළ පරිත්‍යාග කරනු දුටු අතර ඇතමෙක් කිසිත් නොදී අහක බලා ගත්තෝය..
"මෙහෙමත් පිරිහුණු සමාජයක්... ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් උදව් කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවන හැටි..."
මාද රුපියල් දහයක් දික් කිරීමට සැරුසී සිටීම ගැන මටම ලජ්ජා සිතුණි.. කදුරුවෙල සිට කොළඹට යාමට රු250ක් අවශ්‍ය වේ. උන්වහන්සේද මාතර යා යුත්තේ කොළඹ හරහා බැවින් මම උන්වහන්සේ කොළඹට රුගෙන යන්නට සිතුවෙමි... නමුත් දෙදෙනා සඳහාම රු 500 තිබිය යුතුය.
"ඉතිරි රුපියල් 100 මම කෙනෙකුගෙන් ණය වෙමි. නැතහොත් කොන්දොස්තර මහතාට කාරණය පහදා දෙමි.."යි සිතමින් රුපියල් 10 අතේ මිටමොලවා ගත් මා උන්වහන්සේ දෙස හැරී
"හාමුදුරුවනේ කොහාටද වඩින්නෙ.."
"මම පුතා මාතර වලස්මුල්ලට යන්න ඔනේ..."
"ආහ් හාමුදුරුවො වාඩිවෙන්න මම ටිකට් එකක් අරගන්නම් කොළඹට..."
"බෑ පුතා ඊළගට එන මාතර බස් එක මේකට කලින් යනවනේ.. මම බැලුවෙ ඒකෙ යන්න.."
"කාගෙන්වත් ඉල්ලන්නෙ මොකටද යංකො කොළඹට මම මාතර බස් එකකට ත් දාලා ටිකට් එකක් අරන් දෙන්නම්...පොඩ්ඩක් පරක්කු වුනදෙන්"
කොළඹින් බෝඩිමේ එකෙක් ලවා සල්ලි ටිකක් ගෙන්වා ගැනීමට හැකි වෙතැයි සිතා එසේ කීවෙමි.. බෝඩිමේ ඉන්න 'ගොයියා' බෙල්ල කඩාගෙන හෝ මේ වැඩේට සල්ලි හොයා ගන්න බම දනිමි
"ඒත් හරි තමා... හරි එහෙනම් පුතා මම එන්නම්කො..."
කියා උන් වහන්සේ බසයෙන් බැසගෙන වහා වහා සෙනග අතරින් නොපෙනී ගියහ...
"කොහොමද වැඩේ..."
"නියමයි කරපු වැඩේ..."
බසයේ උන් මාදෙස සිනහවෙමින් බලමින් දොඩමළුවෙති...
"උන් තමා දවසකටවත් මිනිස්සු..."
"මෙයා උදේ ඉදන් ඔය වැඩේ කලේ අපි දැක්කනේ....."
"හාමුදුරුවොත් ෂුවර් නෑ මේ කාලේ..."
එක එකා කියව ගනිති.... මම නිරායාසයෙන් බස් එක තුල වීරයෙකු වූයෙමි.. මට කාරණය පැහැදිළිවීමට සුළුවෙලාක් ගත විය... රුපියල් 10 පසුම්බියට ඔබා මම වීදුරුවට හේත්තු වී දෑස් පියා ගතිමි
නොදකින්. උදේ ඉදල ඔය වැඩේ කරනව දැක්කනම්.. අහන්න තරම් කොන්ද පණ තිබුන එකෙක් හිටියෙ නැද්ද...
හොන්ද වැඩෙ. නැත්නම් මම එන්න එපැයි සල්ලි හොයාගෙන හාමුදුරුවො ගෙදර ඇරලවන්න.
හයියෝ...... බුද්ධාගමත් ලැජ්ජාවක්. මේ නම් හාමුදුරු කෙනෙක් වෙන්න බෑ, චීවරධාරියෙක් විතරයි මං හිතන්නේ.............
~~~***දඟ මල්ල***~~~
සිවුර දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු නෙවෙයි. දැන් හිඟා කන අලුත්ම විදිය සිවුර.
ඔහොම මිනිස්සු ඉන්නවා... කියලා වැඩක් නෑ..
තව මිනිහෙක් බිලි වෙනකම් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවනේ.
ඇත්තටම මාත් අහන්නෙ උදේ ඉඳන් ඕක කරන හැටි බලාගෙන උන්න අය ඇයි එවෙලෙ කතා කලේ නැත්තෙ..? අපේ මිනිස්සු කෝමත් මූණට කතා කරන්න බයයිනෙ..නැති තැන තමා අනිත් මිනිස්සුන්ගෙ රෙදි ගලවන්නෙ.....:(
චතුවී : අනේ මන්දා.... මුං ඔක්කොම කටවහන් ඉන්න එකනේ මේ ඔක්කෝටම හේතුව...
mama : වෙලාවට පොර් ආවනම් කෙළවෙනවා...
මහි : අනිවා ඒක එහෙම තමයි
අසරණයා : සිරාවට අපේ උන් සල්ලිත් දීලා වකුටු වෙලා වඳිනවත් එක්ක... අරූට ඉතින් පුකෙනුත් හිනා ඇති...
Dinesh : අපොයි ඔවු... දවසක් හෝටලේක ටොයිලට් එක හොයාගෙන යද්දි එතන එකෙක් සිවුරක් දාගෙන සිගරට් උරනවා... පොඩි කමට කරකියාගන්න දෙයක් නැතුව හිටියා
නිම්ශා : මේක ලංකාවනේ බාන්.......
වින්චැට් කිරිල්ලි. : එකනේ කියන්නේ.... පොලිසියට කියන්න වටින වැඩක් නේ... මේ දවස් වල කොහොමත් ආගමට නිගා කැන්නත් හිතාමතා ජඩ වැඩ කරන්න සිවුරු දාගත්ත උනුත් ඉන්නවලුනේ
අහෝ සාසනය...... කියන්න හිත දෙන්නේ නෑ බන්......
කදුරුවෙලින් බස් එකට නැග්ගම බස් එක ස්ටාර්ට් කරනකල් දුක කියාගෙන නගින මිනිස්සු කන්දරාව. සමහරු ඇත්තටමත් වෙන්න ඇති. ඒත් වැඩිහරියක් බොරු කරන්නෙ. ඔය හාමුදුරුවොන්ගෙ සීන් එක නම් මම ඇහුවාමයි.
කාටත් නොදී ඉන්න එකතමයි මම කරන්නෙ.දවසක් දෙන්නෙක්ව එක්කගෙන ගිහිං කැන්ටිමෙන් කන්ඩත් අරන් දීලා සල්ලිත් දුන්නට පස්සෙ තමයි තේරුණේ උං කතාවල් පරස්පර විරෝධී කියලා.
මානවක : අහෝ.....
පිණිබිඳු...: ලංකාවෙ කොහෙත් එහෙම තමයි බාන්ස්....
දිනුක : මමත් දවසක් පොරකට සල්ලි නොදී කන්න අරන් දුන්නා ඌනම් සිරා කතාවක් කිව්වා පොර හිරෙන් නිදහස් උණේ එදාලු ගෙදර යන්න සල්ලි තියෙනවලු පුලුවන්නම් බනිස්ගෙඩියක් අරන් දෙන්නලු...
matath oya wagema seen ekak una mama kiyalath athi umbata
Dan yana widihata nam sasane awasane wadi ඈතක newe.
ඇත්තටම ඇයි මේ චීවරධාරියෝ ඔහොම හැසිරෙන්නෙ කියන එක මට කාලයක් තිස්සෙ තිබ්බ් ගැටලුවක්.
ලස්සනට ලියලත් තියෙනවා!
henryblogwalker the Dude
අඩේ මේ වම් පැත්තෙ උඹේ මුලු පෝස්ට් එකම ආපහු දාන්නෙ ඇයි බං ???
ඔව් බං.... ඒක ගොඩදාගන්න බැරුව ඉන්නේ.... වෙලාවකුත් නෑ... ටෙම්ප්ලේට් එක මාරු කලත් හරිගියෙ නෑ...... ඒ මොඩුයුල් එක ඩිලීට් කරන්නම බෑ...
සිවුර ඇඳගත්ත සියල්ලන්ම හාමුදුරුවරු,තපස්වරු, සෘෂිවරු නොවේ.... එක බුදුන් වහන්සේම දේශනා කරල තියෙනව... දැන් ඔය මන්තර ගුරුකම් කරන, තව සුපොඛබොගි යාන වාහන ඇතුලු සියලුම සැපසම්පත් භුක්ති විඳින චිවර දාරියොත් ඉන්නේ..... නමුත් තවමත් නියම ශිලය රකින නියම හාමුදුරුවරුත් අතලොස්සක් අප අතර ඉන්නව...ඒක අපේ වාසනාව....නැතිනම් අපිට අරවගෙ චිවරදාරි වංචනිකයන්ගෙ සරණම තමයි ..