සනත්ගෙ "පx කමින් අවුට්",,,, දුපත් වැසියා අපිට සිංහල පුළුවන්ද,,,???ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ තියන අකුරු ගානවත් කියන්න දන්නේ නෑ. එහෙව් එකේ ඉංගිරිසි වචනයක් දෙකක් වැරද්දුවොත් හරි, සුද්දගේ විදියටම කිවුවේ නැත්නම් හරි ඒ මිනිහ අල්ලාගෙන කින්ඩි දානව.කවුරු හරි සනත් කොමෙන්ට් කරන ක්‍රිකට් මැච් එකක කෑල්ලක් you tube එකේ දාල දැන් හෝ ගාල මඩ ගහනව. සමහර සිංහල බෞද්ධ කියාගන්න ඒවත් මේ පොඩි ...
නෙත නොගැටුණු දසුන්,,, දුපත් වැසියා දෙදාස් දොළහ පටන් ගත්තත් හරි බ්ලොග් එකට අත තියන්න බැරි උනාට, එහේ මෙහේ රව්ම් ගහන්න නම් පොඩි පහේ වාසනාවක් ලැබුන. දුන්හිද, දියළුම, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර්, ලෝකාන්තය සිරිපාදේ ඔන්න ඔකොම තැන් කීපයක්. මේ තැන් බොහොම සුන්දර උනත් ගොඩක් දෙනා අහල තියන දැකල තියන බොහොම ප්‍රසිද්ධ ස්ථාන. ඒ හින්ද කට්ටිය වැඩිය නොදකින නමුත් දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැනක පුංචි විස්තරයක් අද ...
පින්තුරේ බඩ්ඩ,,, දුපත් වැසියා මුලින්ම පල්ලහා තියන වැදගැම්මකට නැති මං ගත්ත වැදගැම්මකට නැති පින්තුරේ බලන්න. මෙව්වගේ පොටෝ මීට කලින් අරං තියෙන්නෙ ගැරී වින් විතරයිළු ඉතින්. (මමම, මං ගැන ටෝක්ස් නොදී කව්රු දෙන්නද)පින්තුරේ වැදගැම්මක නැති උනාට වැදගැම්මකට ඇති බඩ්ඩක් ඔයකේ තියනව. බඩ්ඩක් කිවේ සල්ලි බාගේ තියන කස්ටියට අල්ලන්ට පුළුවන් බඩ්ඩක්.හින්ට් එකකුත් දෙන්නම්.පින්තුරේ වම් පැත්තේ තියෙන්නෙ බ්ලුමැන්ඩල් කුණු ගොඩේ මායිම. දකුණු පැත්තේ කොන පෑලියගොඩ පැත්ත. සරලවම ...
හතරකට පසුව උතුරු සටහන්,,, දුපත් වැසියා සුනාමියක් ආවේ නැතිනම් අපේ අති බහුතරයක් "සුනාමි" කියන්නේ හෝටලයක නමක් පමණක් ලෙස හෝ කිසි දෙයක් නොදැන ඉන්නට බොහෝ සේ ඉඩ තිබුණි.එසේම,ප්රභාකරන් නොවන්නට නන්දිකඩාල් නමින් කළපුවක් තියනවායැයි රට්ටු නොදැනගන්නටත් ඉඩ තිබුණි.නන්දිකඩාල් දැන් තත්වය (Feb, 2013)මීට පහළොස් වසරකට පමණ පෙර මියැදුන මාගේ මාමා කෙනෙක් සිටියහ. ඔහු දෙවන ලෝක යුද්දයට එකල ලංකාවෙන් සහභාගීවූ හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකි. ජීවත්ත සිටියදී ඔහු අපිට කිවේ, "මල්ලී මේ ...
මැච් එකේ විස්තර... දුපත් වැසියා ලෝකේ අනිත් පැත්තට කැරකුනත්, මැච් එක වෙලාවට අපි ටී.වී එක ලග. ටීවී තියෙන්නෙ ගෙදරනේ,,, අන්න ඒ හින්ද ඔන්න මම මෝඩ වැඩක් කළා. මැච් බලන නැති පොරවල් වලටත් බලෙන්ම හරි පෙන්නල වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න මගෙන් අහිංසක මෝඩ වැඩක්...යටින් මැච් එක පේනවා කියල හිතෙනව. (පේන්නැත් නම් විනාඩියක් ඉවසන්න ඇඩ් යනව - ඉවසලත් පෙන්නැත්නම් මැච් එක ඉවරයි)වේබ් වැඩ දන්නැති කෙනෙකුට උනත් දාගන්න ...
දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,, දුපත් වැසියා දණ්ඩාගේ කථා වස්තුව මෙසේ දක්වමුදණ්ඩා නම් කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී. දණ්ඩානණි... තවත් සැකයකි. එදා ...
යුධබිමේ අමතක සටහන්... දුපත් වැසියා යුද්ධයේ පැතිකඩක් තිරයට නගන "මාතා" මේ දවස් ටිකේ උණු උණුවේ ප්‍රදර්ශනය වෙනව. මුල් පැය බාගෙ නම් උපරිමයි. හිතාගන්න බැරි තරම් උපරිමයි. නමුත් පස්සට යද්දී කතාවේ ෆ්ලෝ ඒකට අදාළ නැති දේවල් දාල හමුදාවේ වැඩ කිඩ ටිකකුත් තියනව. කොහොමත් පොස්ට් එකේ අරමුණ ඔය ෆිල්ම් එක නෙමේ. ෆිල්ම් එකක් කරන්න පුළුවන් තවත් කතාවක්.හරි ඉතින් ඔය ෆිල්ම්, නවකතා වගේ දේවල පොඩි ඇත්තකුත් ඒ ඇත්ත ...
මත්පැන් සමග ඩ්‍රයිවින්. දුපත් වැසියා "මත්පැන් ශරීරයට අහිතකරයි" ඔන්න මම මුලින්ම කීව. ඕක අහන නැතුව දිගටම බීවොත් වෙන දේ මෙන්න මෙතන තියනව. ඒ විතරක්ද ගුවන්තොටුපළේ, අරලියගහ මන්දිරේ වගේ හයි ෆයි තැන්වල ඇරුණුකොට බීල අහුඋනොත් 50,000/= ක් දඩ කාල අවුරුදු 2ක් වැලිකඩ ඉන්න පුළුවන් කියල මෙන්න මෙතනින් මම දැක්ක. බුදු අම්මෝ හිතෙනව නේද.හරි හරි ,, දැන් කියන්න හදන මාතෘකාව බොන එක නෙමේ. බීල ඩ්‍රයිව් කිරීමමත් නෙමේ. ...
"මෙවුව" හදන රිසිපි එක (for chemistry people) දුපත් වැසියා මම බ්ලොග් ලියන්න පටන්ගෙන පොඩිම පොඩි කාලයක්. ලියන්න දෙයක් හිතට නැති කොට එක එක්කෙනා ලියපුවා බල බලා ඉන්නකොට මම දැක්ක අලියෙක් ලියපු කෙමිකල් කතාවක්. මට හිතෙන්නෙ අලිය ichem යනව වගේ. ඒකෙ තියෙන්නෙ කසිය පෙරන ප්‍රොසෙස් එක ගැන. දැන් කාලේ හැටියට කසිය කියන්නෙ යල් පැනපු බිස්නස් එකක්. අලිය වගේ උසස් අධ්‍යාපනය ගන්න කස්ටිය කසිය පෙරන්න ගත්තොත් අපිට රස්සා නැති වෙන හන්ද ...
අමන දනන් කෑගැසුවත් හතර වටේ,, දුපත් වැසියා ලංකාව නම් අමුතුම රටකි. ලෝක තෙල් මිල ඉහල ගිය සැනින් මෙහෙත් මිල උස්සයි. තවම ඒ ගණන වලට තෙල් කදුලක්වත් අරගෙනත් නැත. ගොන්කම කියන්නෙ මිල වැඩි කලාම එන ප්‍රශ්න ගැන හිතලාවත් නොමැති කම. ඔන්න අද උදේ ITN නිව්ස් දැම්මම බස් වර්ජනය ගැන කිවේ මාර කතාවක්. එක සේවක සංගමයක් වර්ජනය කරනවා නමුත් අනිත් ඒවා දුවනව කියල. ඔන්න අර දුවන සංගමේ එකෙක් ඇවිත් ...
කලර්ෆුල් අව්රුද්දක්,,, දුපත් වැසියා එදා සරං ඇදගෙන අව්රුදු උත්සවේ හරි අප්සෙට්නෙ. කට්ටිය කිව්ව කිසිම වැඩක් නෑ කියල. මේක පොඩි මියුසික් දාල, නිකන් තියනවනෙ. එහෙම කලර් ෆුල් විදියට තියෙන්න එපායැ.වසර දෙක තුනක් පරණ වීඩියෝවක්. අපිට අමතක උනාට ඒ කාලෙත් රජරට ගංවතුර.ම්ම්ම්ම්ම්ම්ම්... කොහොම නමුත් අපි හෙන ජොලියේ, ෆන් එකේ ඉන්න රටක්ලු. 68 වෙනියට ජොලි කරන රට කියල බ්ලොග් වලයි, තව තව මීඩියා වල තිබ්බ කස්ටිය දකින්න ...
ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන,,,,, දුපත් වැසියා අපේ ජිවිත හරිම විෂමයි විවිදාකාරයි සමහර වෙලාවට පුදුමයි. මේ අද වෙච්ච දෙයක්. දවල් වරුවෙ නුගේගොඩ පැත්තෙ කැරකිලා, පොඩි රස්තියාදුවකුත් ගහල ගෙදර එන්න කියල හෝල්ට් එකට ආව. මෙන්න ඉන්නව අන්තිම චා ඩයල් ටිකක්. හිප්පියෝ වගේ. ඔය සෙට් එකේ කෙල්ලො තුන් දෙනෙකුත් හිටිය. හිතා ගන්න පුළුවන්නේ කොමලේ... ඇබරෙනව, කැරකෙනව, ටින්කිරි පෙරනව, මල විකාරයයි. එකෙක් එක කෙල්ලෙක්ගෙ එහෙං අල්ලනවා මෙහෙන් අල්ලනවා,, අරව මේව ...
තෙල් හොයන හැටි,,,, දුපත් වැසියා අපේ රටට මොනවද අඩු. පිරිසිදු වතුර , ගස් වැල්, ගගා දිය ඇලි, මුතු මැණික්, යපස්, පොස්පේටේ, යුරේනියම්, තෝරියම්, ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල්, රට වටේටම මූද, ඕනි තරම් අල්ලගන්න මාලු ඒ මේ අස්සෙ ලොකුම තල්මස්සු රෑනකුත් ඉන්නවලු. ඒ විතරද ලේ වලට විතරක් දෙවෙනි වෙන තෙල්,,, දැන් දැන් එළිවෙන විදියට ලංකාව වටේටම තෙලුත් තියනව.මේ පොස්ට් එක දාන්නේ මුහුද යට තියන තෙල් උඩ ඉදන් ...
"සැලීරා" ඔරිජිනල්ද,,,, දුපත් වැසියා ඔස්ට්‍රියාව කියන රට අහල ඇතිනෙ, ඔන්න ඔය රටේ තියන ලෝකෙම ප්‍රසිද්ද නගරයක් තියනව. "වියානා" කියන්න අන්න ඒ නගරෙට. මේ රට සෑහෙන පෝසත් රටක්. මෙහේ අන්තර් ජාතික මධ්‍යස්ථාන, එන්.ජී.ඕ අනං මනං සෑහෙන්න තියනව.(පට්ටම ඇකඩමික් ඩයල් කියල හගවගන්න හදන කස්ටිය කොරනව වගේ ලින්ක් එකකුත් දැම්ම). මෙහේ ඉතින්, සතියක දෙකක ටුවර් එකක් දාන්න තිබ්බ නම් මරේ මරු.හරි හරි ,, ආපහු කතාවට. ඔන්න ඔය ...
සම්මතයෙන් එහා පිළිතුරු දුපත් වැසියා අවසන් පොස්ටුව උනේ "අල්ලපු ගෙදර නංගිගේ ගැටළුවක්". ඒ ගැටලුවට උත්තර කමෙන්ට් වලම තිබ්බ. උත්තරේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ඕනිම කෙනෙකුට අල්ලගන්න පුළුවන්.ඇත්තම කීවොත් මටත් ගණන් ඇලජික් තමා, ඒත් ඒවා අස්සේ පොඩි පොඩි ආතල් එකකුත් නැතුවම නෙමේ. එහෙනම් අට වසරේ බබාලටත් කැල් එකක් නැතුව, හරි උත්තරේ තෝරන්න පුළුවන් විදියේ සම්මතයට එහා ආතල් විදියට උත්තර හොයන්න දෙයක් දෙන්න මට අවසර.වැඩේ සරලයි, හරි ...
පැය බාගේට හත්දාස් පන්සීයයි,,,,, පාඩුද ලාබද???? දුපත් වැසියා බෙල්ලන්විල පන්සල ගැන හැමෝම අහල තියනවනෙ, නමුත් අද කියන්නෙ ඒ පන්සල ගැන නම් නෙවේ. ඒ පැත්තෙම තියන තවත් පන්සලක් ගැන විස්තරයක්. ඔය කියන්න හදන තැන තියෙන්නෙ බෙල්ලන්විල පන්සලේ ඉදන් දෙහිවල පැත්තට යනකොට හම්බුවෙන පලවෙනි හතරමං හන්දියෙන් (කලර් ලයිට්ස් තියන) වමට හැරිලා යන පාරේ (192 රූට් එකේ).මම වෙන කොහේදිවත් දැකපු නැති ලස්සන වැඩක් තියනව මෙතන. අටවිසි බුදුවරුන්ට බුදුවෙන්න පිහිට වෙච්ච බෝධීන් ...
කතරේ අතරමග,,, දුපත් වැසියා සමහර දේවල් පත්තර වලින් දේශන වලින් කොච්චර කිවත් මිනිස්සුන්ගෙ හිත්වලට වදින්නෙ නෑ. අසාර්ථක වෙන සීයට අසූව අනූව දිහා නොබලා සීයට පහ හෝ දහය දෙස බලාගෙන බොහොම අවදානමක් ගන්නව. ඔස්ට්‍රේලියා හොරෙන් යන්න ගිහින් මගදී අතරමං වෙච්ච බෝට්ටුවක් ගැන අදත් ප්රවෘත්ති වලට කියනව මම අහගෙන.අන්න එහෙම දෙයක් ගැන හිතට වදින විෂුවල් එකක් සහිත සින්දුවක්.මතක තියාගන්න මැරුණත් ඒජන්සියෙන් නම් හොයල බලන්නේ නෑ. ...
අපේ කොල්ලෝ with ඉන්ටර්නැෂනල් කෙල්ලෝ,,,, දුපත් වැසියා 90 ගණන්වල මැද හරියෙ t.v එකේ ගියා වැඩසටහනක් "වසර දෙදාහෙන් එහා ලෝකය" කියල,,, බලල තියනව ඇති,,,, ඔන්න ඕකෙ මට මතකයි තියනව ටෙලිෆෝන් කෝල්, වීඩියෝ එකත් එක්කම අනාගතේදී ගන්න පුළුවන් වේවි කියල එක කෑල්ලක. හ්ම්ම්ම්ම්,,,මොක නැතත් නොහිතපු විදියට තාක්ෂණය නම් දිවුනු වෙලා. කොළඹ ඇරුනහම ගමට කම්පියුටර් උගන්නන්න තිබ්බෙ ටෙක් ශ්‍රී ලංකා එක. රූපවාහිනී නිවුස් යන වෙලාවේ දාහක් ඇඩ් දාපු ආයතනයක් දැන් ...
හිතුවට එහෙම බෑ,,, දුපත් වැසියා දෙනකොට දෙවියෝ දෙන්නෙ ටොකු ඇන ඇනය. කැරකෙන විට වැල්ලෙත් බමරේ කැරකේය. වැටුනෙත් ලේසිම රටවල් ටිකය. ඉන්දියාවත් කැපුනිය. ඔස්ට්‍රේලියාවත් කැපුනිය. අඩුම දකුණු අප්‍රිකාවත් නැතිය. ග්‍රව්න්ඩ් එකත් අපේය. පිච් එකත් අපේය. මැච් එකත් අපේය. ටොස් දිගටම ලොස් වන විට මැච් හිට් වන්නෙත් අපිටමය. අම්පයර් ඇද්දෙත් අපිටමය. සරලව සංශිප්තව මැච් එක දිනන්ට තිබ්බේ අපිය.ඒත්,,,,,ගත්තට Gayle ගේ කඩුල්ල කඩිමුඩියේදැමුවට දඟ දමා පන්දුව හරි හරියේහිතුවට ...
කාලයෙන් ස්වායත්තව,,, දුපත් වැසියා තප්පරෙන් තප්පරේ ගෙවිල යනව. අපි වයසට ගියත් ලෝකය එන්න එන්නම තරුණ වෙලා. බලන්න දියමන්ති වලින් හැදිච්ච ලෝකයකුත් හොයාගෙනලු. මට නම් ඔයිට වඩා චොකලට් වලින් හැදිච්ච ගඟකුයි, සිනි වලින් හැදිච්ච ගුහාවකුයි වටිනව. මොකෝ චොකලට් ගඟ සීනි ගුහාවෙන් ගිහින් ගිහින් මතුවෙනකොට පෙබල්ස් නැත්නම් ස්මාටීස් බවට හැරෙනවලු. අනෙක් කාරණාව ඔය ලෝකේ තියෙන්නෙ ආලෝක වර්ෂ හතළිහකට එහාලු. මොකක් හරි කොරල ලයිට් එකේ ස්පීඩ් එකෙන් ...