Morphological species කන්සෙප්ට්,,, දුපත් වැසියා Morphological species concept යනු සත්වයින් දෙදෙනෙකු ජීවී විශේෂ දෙකකට අයත්ද නැත්නම් එකම විශේෂයේද යන්න නිර්නය කිරීමට පාදක කරගන්නා එක් සංකල්පයකි. Biological species concept යන්න තවත් එකකි. එයට අනුව නම් ජීවින් දෙදෙනෙකු එකතුවෙන් සරු ජනිතයෙක් බිහිකළ හැකිනම් ඔවුන් එක් විශේෂයකට අයත්ය. නමුත් morphological species concept යනු රූපකාය අනුව ජීවින් වර්ග කිරීමයි. බැලූ බැල්මට දෙකේ ලොකු වෙනසක් නැතැයි සිතුනද මෙම සංකල්ප දෙක ...
පැතුම්,, සිහින,,,මට අහිමිද,,, දුපත් වැසියා ඉර පායා ඉර අවරට ගියාදෝසඳ පායා සඳ අවරට ගියාදෝහැඩු කදුළු මුහුදට එක් උනාදෝමගේ සිහින ටික විසිරී ගියාදෝඅනේ ගිරඋනේ මා බස අසාපන්අනාගතේ තැන කොතැනද සොයාපන් ගෙදර තනිව මා ඉදිතේ කියාපන්හිතේ දුකට නිදි නැතිවා කියාපන්පරණ notes ටික තාමත් දිස්වෙනවා ඉදල හිටල සමහර පොත් පෙරලනවා ඉස්සර කරපු ජොලි වැඩ මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා(ඉහත කවි රචන අයිතිය දූපත් වැසියා සතු වන ...
අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,(රටේ රහස්) දුපත් වැසියා 1959දී O/L කරපු කොලු ගැටයෙක්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්‍යාලයට යන්න වාසනාවක් ලැබෙනව. ඔහු අව්රුදු තුනක් එහෙ ඉදල ලෙඩ නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් තමයි රටම හොල්ලපු විප්ලවයකට මුලපුරන්නෙ. මෙන්න මේ විප්ලවීය නායකයා නොහොත් රෝහණ විජේවීරට අන්තිම මොහොතේදී මොකද උනේ කියන එක ඒ දවස වල රහසක්. නමුත් රහස වැඩිකල් තිබ්බේ නැත්තේ අන්තිම මොහොතේ ඡායාරූප ගත්ත හමුදා නිලධාරියත් ජ.වි.පෙ සාමාජිකයෙක් හින්ද.ඔය විප්ලවය කාලෙ ජ.වි.පෙ ...
ගේ දොර හරි උගස් කරන්,,,, දුපත් වැසියා පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. කට්ටිය හිමීට කතාව ...
රාජා ඇතාගේ දළ දෙකේ රහස්,,, දුපත් වැසියා මීට පෙර ලියපු බ්ලොග් පොස්ට් එකේ දැම්මෙ නුවර දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාගේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඇතාගෙ තිරයෙන් පිටිපස්සෙ කතාව පටන්ගන්නෙ ඇතා නැති උනාට පස්සෙ.ඇතා නැති උනාට පස්සෙ තීරණය කරලා තියනව මෙයාව හැමෝටම තව කලක් බලාගන්න නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනි කියල. අන්තිමට ඕක බාර වෙලා තියෙන්නෙ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇතුළු තව පිරිසකට.අපි දැනුත් මාළිගාවේ ගිහින් රාජව බැලුවට, ඔහොම ...
රජාගේ මනාපේ,,,, දුපත් වැසියා රජ්ජුරුවෝ රට කරන විට ඇමැති මණ්ඩලේ තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.රජ්ජුරුවෝ රට කරන විට අධිකරණයේ ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.රජ්ජුරුවෝ රට කරන විට බැංකුවේ ලොක්කා තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.රජ්ජුරුවෝ රට කරන විට කනිජ තෙල් සංස්ථාවේ සභාපති තෝරන්නේ රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.ඔව්වා හැමදාමත් එසේමය.ඒත් රට්ටු නොදන්නා තවත් තවත් දේ තෝරන්නේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය.පාමංකඩ පියනන්ද හිමිට ඇමරිකාවේ සංඝ නායක තනතුර ලැබුනේත් රජ්ජුරුවන්ගේ මනාපේ අනුවය. ...
පුළුන් ගානට බර,, අලියෙක්ට පෑගුනත් කැඩෙන්නේ නැති ලෑප්ටොප්,,,, දුපත් වැසියා මෙහෙම හිතමු. අපි ලග තියනව යකඩ කෑල්ලක්. අපි ඕක පොඩි කෑලි වලට කඩාගෙන යනව. ඒවත් ඊටත් වඩා පොඩියට කඩනව. ඔන්න ඔහොම දිගටම කරගෙන ගියොත් මොකක් වේවිද?10 වසරෙ විද්‍යාව පොතේ තිබ්බ වගේ මතකයි.උත්තරේ:- අන්තිමට පරමාණුවේ සයිස් එකටම එනව.... හරි නේද?10 වසර පොතේ එහෙම තිබ්බත්, උත්තරේ හරි උනත්,, මේ ප්‍රශ්නෙ නොකියපු තවත් උත්තරයක් නැත්නම් රහසක් තියනව.ම්ම්ම්ම්,,, මොකක්ද ඒ රහස,,,අන්න ඒ රහස් උත්තරේ ...
තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි දුපත් වැසියා පහුගිය ටිකේ, ඒ කිව්වෙ වෙසක් එකට ඉස්සෙල්ල ටිකේ හැම තැනම අවරුදු උත්සව තිබ්බ මතකනෙ. සයිබර් අවකාශේ එකකුත් තිබ්බට එන්නේ කොහොමද. ගෙවල්ගාව එකත් ගානට වැටිලා තිබ්බේ එදාට. තව ඉතින් පොඩි සංවිධාන පට්ටමකුත් තිබ්බ. නොගිහින් කොහොමටත් බෑ.ඔන්න එහෙනම් කතාවට බැස්ස.එදා අපේ ගම් පළාත් පැත්තේ අව්රුදු උත්සව බර ගානක් තිබ්බ. අවිස්සාවේල්ලෙ ඉදන් රත්නපුර පැත්තට පිලිවෙලින් කියනවා නම් 1) අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවයයි, 2) ...
පොත්ත සුදු, ඔරිජිනල් "පිටකොටුවේ අන්ඩර් කට්" දුපත් වැසියා මම දන්නා ධනවාදයක් නැත. සමාජවාදය ගැන දන්නා අටමගලයකුත් නැත. ඔය දෙකම දන්නා විද්වතුන්, මහා චාරියාවරුන්/වරියන් කොළඹ මාකැට්ටුව්, මාළු කඩේ වෙන ජිල්මාට් දන්නවාදැයි දන්නේත් නැත."මල්ලී, අන්ඩර් කට් එකක් බාමුද?".... ඒ කාලෙකින් කතා කලේ දෙහිවල-නිමල් මුදළාලියි. ගම දෙහිවල උනත් බිස්නස් පිටකොටුවේය. එනම් දෙහිවල-නිමල් බිස්නස් වැඩ පිටකොටුවේයි. පිටකොටු සංස්කෘති වචනත් එහි ඇති සංකීර්ණ බිස්නස් ජිල්මාටුත් දන්නේ එහිම හැදී වැදී චාටර් උන අතලොස්සකට පමණි."අන්ඩර් ...
අල්ලපු ගෙදර නංගිගේ 3නේ ගැටළුව,,, දුපත් වැසියා අල්ලපු ගෙදරින් :- "අයියේ,,,, අයියේ,,," මම :- "ඇයි නංගි මොකෝ කේස් එක"අල්ලපු ගෙදර නංගි:- "අනේ අයියේ,,, පුංචිම පුංචි ගාණක් තියනව කියල දෙන්නකො."(අම්මප මේකිට මාව ඕනි උනහම "අයිය", නැත්නම් "මාමා".)ඔන්න ඔහොම උදේ පාන්දර 10ට විතර අල්ලපු ගෙදර නංගිගෙන් ගාණක් හම්බුනා. මොනව කොරන්නද, මට කියල රැකගන්න නම්බුවක් නැති උනත් ගෙදර මිනිස්සුන්ගෙ නම්බුව ශේප් කරගන්න මොකක්ද කියල ඇහුව.------------------------------------------------------------------------------------ඔන්න එහෙනම් අල්ලපු ගෙදර නංගිගේ ගාණ ...
අසම්මතේ ගැටලුවට විසදුම,,, දුපත් වැසියා ලංකාවේ සරසවි 10ක් විතර තියනවා මගෙ හිතේ. එතකොට ලෝකෙම කීයක් විතර තියනවා ඇද්ද,,,එතකොට ඒ ඒ වලින් ලබාගන්නා සහතික වල පිළිගැනීම කොහොමද,, ඔව්වට එක එක කෙනා එක එක කතා කියනව. නමුත් බහුතර අදහසට අනුව ලංකාවේ සරසවි වලින් වැඩිපුර පිට වෙන්නේ නිර්මාණයශීලීතාව හීන හීන මෙලෝ මල දානයක් බැරි චාටර් ඩයල් ටිකක්ලු.ඔන්න ඉතින් ලංකාවේ රජයේ වි.වි වලින් ඩිග්රි ගත්තත්, පිට රටකින් ගත්තත් සමහර ...
අන්තිම පේළියේ බින්දුව,,,, දුපත් වැසියා අන්තිම පෝස්ට් එකේ මැජික් ගැන කිව්වට, මට හරියටම මතක නැති වෙලා තිබ්බ ඒ ගුරුතුමාව මතක් කරල දුන්නට දොඩම් මල්ලිට ගොඩක් ස්තුතියි.රාම්රාවෝ සර් විතරක් නෙමෙයි තවත් ටිකක් සැරපරුෂ ප්‍රින්සිපල් කෙනෙක් හිටිය ඔය කියන පාසැලේම. මම හිතන්නෙ "ගුණතිලක සර්" කිව්වහම තවමත් රත්නපුරේ chemistry කරන කට්ටිය දන්නව ඇති. අද කියන්න හදන්නෙ මෙන්න මේ සර්ගෙ ක්ලාස් එකට ගිය මුල්ම දවසෙ මම වැටිච්ච ලෝක අමාරුව.මමත් ...
විදුලිය අරගමු ඩීසල් පුච්චමු,, දුපත් වැසියා දැන් ටික ටික දෙවියනේ කියල වහින හන්ද පවර් කට් එක මතක අපේ චූටි මල්ලිට විතරයිලු. කස්ටිය පොත් තෝරනවා, T-20 බලනවා හෝ ගාල වැඩ. ඒ අස්සෙ අපේ ආචාරියාල මාස තුනක් තිස්සේ පඩි නැතුව වැඩ නැතුව පෙළපාළි.ඔන්න අසූ නවයෙ නම් කොල්ලො උන්දලව ඇදල අරගත්තෙ. "සර්, සර් සරලත් එන්න ඕනි, සර්ල වෙනුවෙන් තමයි අපි මේ කරන්නෙ" කීවම එළියට බහින්නම උනා. බැහැල පොස්ටරයකුත් අරගෙන ...
තහනම් සුවද බලමුද මගෙ මියුලැසිය,,,, දුපත් වැසියා ඇරයුම:-ලැබෙන කලට ලැබෙන්නෙ ටොකු ඇන ඇනයනොලැබෙන කලට නැත කිසිවක් මහමගය අන්සතු උනත් නුඹ නම් මගෙ සිත් සැරියතහනම් සුවද බලමුද මගෙ මියුලැසියපිළිතුර:-ලැබෙන කලට ලැබුනත් මගෙ සුවද පොදඉස්තිර නොවේ මාගේ තහනම් සුවදනොකැළැල් ඔබේ ආදරයේ සිහින සොදලැබේ දිනක එතුවක් කල් සිටිනු මද(100%ම දූපත් වැසියා විසින් රචනා කරන ලදී ... උපුටා ගැනීමක් නොවේ.) ...
ඉන්දියාවෙ ඝෘශිවරු,,, දුපත් වැසියා දවසක් බුදු හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු ටිකකුයි දානෙකට වැඩල ආපහු පන්සලට වඩිනවලු. නමුත් අතරමග තියන ගඟකිනුත් එතෙර වෙන්න ඕනිලු. ගඟ ගාවට වඩිනකොට ඔරුව පදින තොටිය මිනිස්සු ටිකකුත් එක්කල අනිත් පැත්තට ගිගින් හින්ද කට්ටියම මෙගොඩට වෙලා බලන් ඉන්නවලු.ඔන්න ඔහොම ඉන්නකොට, ඒ දවස්වල හිටියයි කියපු ඝෘශිවරයෙකුත් ඇවිත් ගඟෙන් එගොඩ වෙන්න. කෝ ඉතින් තොටිය අනිත් පැත්තෙනේ, තව කට්ටියකුත් ඉන්නවනෙ.ඝෘශිතුමා ම්ම්ම්ම්ම්,,, කියල, බුදු හාමුදුරුවෝ දිහාත් ...
මැජික් අවසානද????? දුපත් වැසියා ඉස්සර රත්නපුරේ ඉස්කෝලෙක (ඇලෝසියස් එකේ වගේ මතක) ජනප්‍රිය ප්‍රින්සිපල් කෙනෙක් හිටිය. අපි නම් කිව්වෙ එතුමාට "රාම් රාවෝ ජිලි ජිලි, කිහිලි අස්සේ කොළ ගුලි ගුලි" කියල මොකද මෙයා magic කරනව (කොළ බෝල හංගන ඒවත් කරනවනෙ... හිහ් හිහ් හිහ්,,,,). මමත් මුලින්ම ලයිව් මැජික් එකක් දැක්කේ මෙයාගෙන්. ඒ කාලේ පුංචි මොළේට හිතුනේ මේව ඇත්තට කරනව කියල.ඉතින් මට පුළු පුළුවන් විදියට පොඩි කාලෙ ඉදන්ම ...
දහස නෝට්ටුව,,, දුපත් වැසියා සංගීත ප්‍රසංග පවත්වනකොට නැත් නම් ටෙලි ඩ්‍රාමා වල අපිට පෙන්නේ නළු නිලියෝ ටික විතරයි. නමුත් තිරය පිටිපස්සේ ඒ වෙනුවෙන් දුක් මහන්සි වෙන කට්ටිය ගැන කව්රුත් කතා වෙන්නේ නෑ. මේක ගොඩක් තැන වලට පොදු දෙයක්. ඔය හින්දම අද මම මේ පෝස්ට් එක දාන්නේ තිරයෙන් ඉස්සරහ වගේම තිරයෙන් පිටිපස්සේ වෙච්ච සිදුවීම් ටිකක් ගැන.මහනුවර දළදා මාලිගාව කව්රුත් දන්නව වගේම එකේ හිටපු රාජා ඇතාවත් ...
කසිප්පු vs විස්කි, බ්‍රැන්ඩි,,,, දුපත් වැසියා අපේ ගම් පළාත්වල වගේම දැන් දැන් නගර වලත් හොර අරක්කු ජයටම පෙරනවලු. වැඩිය ඕනි නෑ, නුගේගොඩ හන්දියෙම තියන ඩොම් එකෙත් (අර පූල් ගහන්නේ අන්න එතන) කලවම් කරනවලු.නමුත් මම නම් මොකවත්ම කියන්නෙ නෑ, ඇයි මේවා ලංකාවේ දේවල්නේ. බොරුවට පිටරටට සල්ලි යවනවට වඩා ලංකාවේ මිනිහෙක් පෝසත් වෙනව නම් කොච්චර හොදද? ඔය ගැන ලියවෙච්ච බොහෝම රසබර කවි පන්ති, පොඩි පොඩි කතා එහෙමත් මේ ...
ෆුකුෂීමා සහ අපි??? දුපත් වැසියා මට මතක විදියට පහුගිය මාර්තු 11වෙනිද, මුළු ලෝකෙම බයවුනේ ජපානේ වෙච්ච ෆුකුෂීමා න්‍යශ්ටික අනතුරින්. මීට ඉස්සෙල්ල ලෝකෙ මේවගේ බරපතල දෙයක් වුනේ චොනොබිල් අනතුර. නමුත් මේ දෙකේ ලොකු වෙනස්කම් තියනව. චොනොබිල් අනතුරින් ගොඩබිමත් වායුගොලයත් දූෂණය උනත් ජලයට විශාල වශයෙන් විකිරණශීලි දෑ එකතු වුනේ නෑ. නමුත් ජපානෙ සිද්දිය ටිකක් වෙනස්. ප්‍රතික්‍රියා පැතිරීම වළක්වන්න සහ උෂ්නත්ව පාලනයට ජලය යොදන්න උනා. මේ ජලය මුහුදට ...
ඕ.අයි.සී බුවාගේ ගෑස්,,,,, දුපත් වැසියා මේක ටිකක් විතර පරණ සිද්දියක්, පරණ කීවට මහා පරණකුත් නෑ. ජාතක කතාවල වගේ වර්ථමාන එපිසොඩ් එකකුත් තියනව. මුලින්ම අතීත කතාව කියන්නම්.අවිස්සාවේල්ල ටවුම හරියෙම හිටපු කොල්ලෙක් ගැන. මෑන්ස් ඇවිත් ගමේ කව්රුත් වගේ දන්න කියන පොරක්. අඩුම තරමේ නම ගම දන්නේ නැතත් මුහුණුවර හරි දන්නව. පොර කාලෙකට ඉස්සර නම් පොඩ්ඩක්වත් බැගී දාන්නේ නැතුව අළුත් ටී-ශර්ට් ගහගෙන කෙල්ලො පස්සේ ගියපු හැටිත් මට නම් ...