ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම පාකිස්තානයට

CAVA Nations League Men’s 2024

67

මැයි 09 දින සිට 18 දින දක්වා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හිදී පැවැත්වීමට නියමිත CAVA Nations League Men’s 2024 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම අද (08) දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

එම කණ්ඩායමේ නායකයා ලෙස දීප්ති රෝමේෂ් කටයුතු කරනු ලබන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරනු ලබනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක පාකිස්තානය, කිරිකිස්ථානය, ඉරානය, තුර්ක්මේනිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහභාගී වෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකා කාලසටහන,

  • මැයි 11 – ශ්‍රී ලංකාව සහ කිරිකිස්ථානය
  • මැයි 12 – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය
  • මැයි 13 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය
  • මැයි 15 – ශ්‍රී ලංකාව සහ ඉරානය
  • මැයි 16 ශ්‍රී ලංකාව සහ තුර්ක්මේනිස්ථානය

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය,

දීප්ති රෝමේෂ් (නායක), මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, , ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර, චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු),

මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සූදානම්, රැඳී සිටින්න අප සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<