සීසර්ගෙ අභියෝග කවි පහ,,,, දුපත් වැසියා එක කාලෙක රත්නපුරේ පුස්තකාලේ ප්‍රදානත්වයෙන් වාර්ෂිකව උත්සව සංවිධානය කරල තිබ්බ (සමහර විට තාමත් මේ වගේ උත්සව තියනවා ඇති). ටවුන් එකේම තියන නගර සබා බිල්ඩිමේ තමයි ගොඩක් වෙලාවට උත්සව පවත්වන්නෙ. මේ වල වැඩිපුර කරන්නෙ තෑගී දෙන එක සහ සින්දු නැටුම් වගේ දේවලට දක්ෂ ගමේ ළමයින්ට වේදිකාවක් හදල දෙන එක. ඊට අමතරව කවුරුහරි වැදගත් පුද්ගලයෙක්ගෙ දේශනයකුත් තියනව.මම මේ කියන දවසෙත් ඔන්න ඔහොම ...
අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,(රටේ රහස්) දුපත් වැසියා 1959දී O/L කරපු කොලු ගැටයෙක්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්‍යාලයට යන්න වාසනාවක් ලැබෙනව. ඔහු අව්රුදු තුනක් එහෙ ඉදල ලෙඩ නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් තමයි රටම හොල්ලපු විප්ලවයකට මුලපුරන්නෙ. මෙන්න මේ විප්ලවීය නායකයා නොහොත් රෝහණ විජේවීරට අන්තිම මොහොතේදී මොකද උනේ කියන එක ඒ දවස වල රහසක්. නමුත් රහස වැඩිකල් තිබ්බේ නැත්තේ අන්තිම මොහොතේ ඡායාරූප ගත්ත හමුදා නිලධාරියත් ජ.වි.පෙ සාමාජිකයෙක් හින්ද.ඔය විප්ලවය කාලෙ ජ.වි.පෙ ...
පැය බාගේට හත්දාස් පන්සීයයි,,,,, පාඩුද ලාබද???? දුපත් වැසියා බෙල්ලන්විල පන්සල ගැන හැමෝම අහල තියනවනෙ, නමුත් අද කියන්නෙ ඒ පන්සල ගැන නම් නෙවේ. ඒ පැත්තෙම තියන තවත් පන්සලක් ගැන විස්තරයක්. ඔය කියන්න හදන තැන තියෙන්නෙ බෙල්ලන්විල පන්සලේ ඉදන් දෙහිවල පැත්තට යනකොට හම්බුවෙන පලවෙනි හතරමං හන්දියෙන් (කලර් ලයිට්ස් තියන) වමට හැරිලා යන පාරේ (192 රූට් එකේ).මම වෙන කොහේදිවත් දැකපු නැති ලස්සන වැඩක් තියනව මෙතන. අටවිසි බුදුවරුන්ට බුදුවෙන්න පිහිට වෙච්ච බෝධීන් ...
කසිප්පු vs විස්කි, බ්‍රැන්ඩි,,,, දුපත් වැසියා අපේ ගම් පළාත්වල වගේම දැන් දැන් නගර වලත් හොර අරක්කු ජයටම පෙරනවලු. වැඩිය ඕනි නෑ, නුගේගොඩ හන්දියෙම තියන ඩොම් එකෙත් (අර පූල් ගහන්නේ අන්න එතන) කලවම් කරනවලු.නමුත් මම නම් මොකවත්ම කියන්නෙ නෑ, ඇයි මේවා ලංකාවේ දේවල්නේ. බොරුවට පිටරටට සල්ලි යවනවට වඩා ලංකාවේ මිනිහෙක් පෝසත් වෙනව නම් කොච්චර හොදද? ඔය ගැන ලියවෙච්ච බොහෝම රසබර කවි පන්ති, පොඩි පොඩි කතා එහෙමත් මේ ...
පුළුන් ගානට බර,, අලියෙක්ට පෑගුනත් කැඩෙන්නේ නැති ලෑප්ටොප්,,,, දුපත් වැසියා මෙහෙම හිතමු. අපි ලග තියනව යකඩ කෑල්ලක්. අපි ඕක පොඩි කෑලි වලට කඩාගෙන යනව. ඒවත් ඊටත් වඩා පොඩියට කඩනව. ඔන්න ඔහොම දිගටම කරගෙන ගියොත් මොකක් වේවිද?10 වසරෙ විද්‍යාව පොතේ තිබ්බ වගේ මතකයි.උත්තරේ:- අන්තිමට පරමාණුවේ සයිස් එකටම එනව.... හරි නේද?10 වසර පොතේ එහෙම තිබ්බත්, උත්තරේ හරි උනත්,, මේ ප්‍රශ්නෙ නොකියපු තවත් උත්තරයක් නැත්නම් රහසක් තියනව.ම්ම්ම්ම්,,, මොකක්ද ඒ රහස,,,අන්න ඒ රහස් උත්තරේ ...
රාජා ඇතාගේ දළ දෙකේ රහස්,,, දුපත් වැසියා මීට පෙර ලියපු බ්ලොග් පොස්ට් එකේ දැම්මෙ නුවර දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාගේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඇතාගෙ තිරයෙන් පිටිපස්සෙ කතාව පටන්ගන්නෙ ඇතා නැති උනාට පස්සෙ.ඇතා නැති උනාට පස්සෙ තීරණය කරලා තියනව මෙයාව හැමෝටම තව කලක් බලාගන්න නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනි කියල. අන්තිමට ඕක බාර වෙලා තියෙන්නෙ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇතුළු තව පිරිසකට.අපි දැනුත් මාළිගාවේ ගිහින් රාජව බැලුවට, ඔහොම ...
දහස නෝට්ටුව,,, දුපත් වැසියා සංගීත ප්‍රසංග පවත්වනකොට නැත් නම් ටෙලි ඩ්‍රාමා වල අපිට පෙන්නේ නළු නිලියෝ ටික විතරයි. නමුත් තිරය පිටිපස්සේ ඒ වෙනුවෙන් දුක් මහන්සි වෙන කට්ටිය ගැන කව්රුත් කතා වෙන්නේ නෑ. මේක ගොඩක් තැන වලට පොදු දෙයක්. ඔය හින්දම අද මම මේ පෝස්ට් එක දාන්නේ තිරයෙන් ඉස්සරහ වගේම තිරයෙන් පිටිපස්සේ වෙච්ච සිදුවීම් ටිකක් ගැන.මහනුවර දළදා මාලිගාව කව්රුත් දන්නව වගේම එකේ හිටපු රාජා ඇතාවත් ...
ආදර/වශී රහස්,,, අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි ! දුපත් වැසියා මේ ලෝකේ ඉක්මනටම වෙනස් වෙන්නෙ මොකක්ද?? අපේ හිතද?? උත්තරේ මම නම් හරියටම දන්නේ නැති උනාට හිත හරිම ඉක්මනට වෙනස් වෙනව කියල නම් දන්නව.ඉතින් ඔය සිතුවිලි වෙනස් වෙනකොට මොළේ ස්නායු වලින් ශ්‍රාවය වන රසායනිකයනුත් වෙනස් වෙනවලු. සරලව කිව්වොත් අපිට තරහ ගිය වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වලට වඩා සතුටු වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වෙනස්..වටින් ගොඩින් කතාව පටන් ගත්තට මට ඕනෙකම තිබ්බේ පිරිමි ළමයි තමන්ගේ ...
මේපාර කලු සුදු කාර්,,,, දුපත් වැසියා පසුගිය මාසයේ 23 වෙනිද මම දැම්ම අපේ රටේ ඉන්න අන්තම හොරෙකුයි හොරා ඉන්න තැන කරන්න යන උත්සවයකුයි ගැන පොඩි කතාවක්. කෙලින්ම කව්වොත් හොරා තමයි තැපැල් එකේ "දිසා" කියන්න. දිසා විතරක් නෙමෙයි තව කට්ටියකුත් ඉන්නව, නමුත් ලොක්ක මහ හොරා හින්ද තමයි කෙලින්ම ලොක්කගෙ නමම කියල පටන්ගත්තේ.මේ පුද්ගලය ගැන පොඩි විස්තරයක් තියනවා දිවයින පත්තරේ. මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එළිපිටම හොරකං කරන විලි ...
අන්තිම පේළියේ බින්දුව,,,, දුපත් වැසියා අන්තිම පෝස්ට් එකේ මැජික් ගැන කිව්වට, මට හරියටම මතක නැති වෙලා තිබ්බ ඒ ගුරුතුමාව මතක් කරල දුන්නට දොඩම් මල්ලිට ගොඩක් ස්තුතියි.රාම්රාවෝ සර් විතරක් නෙමෙයි තවත් ටිකක් සැරපරුෂ ප්‍රින්සිපල් කෙනෙක් හිටිය ඔය කියන පාසැලේම. මම හිතන්නෙ "ගුණතිලක සර්" කිව්වහම තවමත් රත්නපුරේ chemistry කරන කට්ටිය දන්නව ඇති. අද කියන්න හදන්නෙ මෙන්න මේ සර්ගෙ ක්ලාස් එකට ගිය මුල්ම දවසෙ මම වැටිච්ච ලෝක අමාරුව.මමත් ...
මැජික් අවසානද????? දුපත් වැසියා ඉස්සර රත්නපුරේ ඉස්කෝලෙක (ඇලෝසියස් එකේ වගේ මතක) ජනප්‍රිය ප්‍රින්සිපල් කෙනෙක් හිටිය. අපි නම් කිව්වෙ එතුමාට "රාම් රාවෝ ජිලි ජිලි, කිහිලි අස්සේ කොළ ගුලි ගුලි" කියල මොකද මෙයා magic කරනව (කොළ බෝල හංගන ඒවත් කරනවනෙ... හිහ් හිහ් හිහ්,,,,). මමත් මුලින්ම ලයිව් මැජික් එකක් දැක්කේ මෙයාගෙන්. ඒ කාලේ පුංචි මොළේට හිතුනේ මේව ඇත්තට කරනව කියල.ඉතින් මට පුළු පුළුවන් විදියට පොඩි කාලෙ ඉදන්ම ...
ඉන්දියාවෙ ඝෘශිවරු,,, දුපත් වැසියා දවසක් බුදු හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු ටිකකුයි දානෙකට වැඩල ආපහු පන්සලට වඩිනවලු. නමුත් අතරමග තියන ගඟකිනුත් එතෙර වෙන්න ඕනිලු. ගඟ ගාවට වඩිනකොට ඔරුව පදින තොටිය මිනිස්සු ටිකකුත් එක්කල අනිත් පැත්තට ගිගින් හින්ද කට්ටියම මෙගොඩට වෙලා බලන් ඉන්නවලු.ඔන්න ඔහොම ඉන්නකොට, ඒ දවස්වල හිටියයි කියපු ඝෘශිවරයෙකුත් ඇවිත් ගඟෙන් එගොඩ වෙන්න. කෝ ඉතින් තොටිය අනිත් පැත්තෙනේ, තව කට්ටියකුත් ඉන්නවනෙ.ඝෘශිතුමා ම්ම්ම්ම්ම්,,, කියල, බුදු හාමුදුරුවෝ දිහාත් ...
මොක කෑවත් අන්තිමට ග්ලූකෝස්,,,, දුපත් වැසියා පහුගිය දවසක බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ හිටපු මල්ලිලා දෙන්නෙක් බර සාකච්චාවක්. දෙන්නට ලිහාගන්න බැරි ගැටේ තමයි "දියවැඩියාව හැදුනහම මොකද සමහර කෑම ජාති කන්න එපා කියන්නෙ. පාන් කෑවත්, බත් කෑවත්, කුරක්කන් කෑවත්, සීනි කෑවත් අන්තිමට ග්ලූකෝස් වෙලා නේද ලේ වලට යන්නෙ. ඉතින් ඕව මොකවත් හොද නෑනෙ." මේ බ්ලොග් ලෝකෙ ඉන්න සමහර කට්ටියටත් මේ ප්‍රශ්නෙ ඇති. එහෙනම් සරලම උත්තරය මේකයි.දියවැඩියාව ...
දඹුලු විහාර රහස්,,, දුපත් වැසියා දඹුල්ල ලෙන් විහාරය කියන්නෙ අපි හැමෝම දන්න, ලංකාවෙ තියන ලොකුම ලෙන් විහාරයක්. මේක හදන්න මුලින්ම මූලික වෙලාතියෙන්නෙ වළගම්බා රජතුමා. එතුමා යුද්ධ සේනා හදන කොට හැංගිලා හිටපු තැනක්ලුනෙ. පස්සෙ නිස්සංකමල්ල රජතුමාත් මේක වැඩි දියුනු කරල තියනව.මේ විහාරය ඇතුලෙ තියනව ටිකක් විතර ලොකු වතුර භාජනයක්, නිකන් ලොකු මුට්ටියක් වගේ එකක්. මේකට එක එක වතුර බින්දුව ගානෙ වැටෙනව. ඉස්සර මිනිස්සු මේක දැක්කෙ හාස්කමක් ...
කට සහ වචන,,, දුපත් වැසියා අද නෙට් එකේ සර්ච් පාරක් දාගෙන ඉන්නකොට පරණ වීඩියෝ ටිකක් දැක්ක. ඒවල තිබුණු එකක් දැකල මට වෙච්ච අකරතැබ්බෙකුත් මතක්වුනා. දවසක් මමයි තව යාළුවො දෙන්නෙකුයි ෆෝම් වගයක් බාරදෙන්න කියල ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයට (UCSC කියල කියන්නෙ). මට මතක හැටියට එකේ තුන්වෙනි හරි හතරවෙනි තට්ටුවට. අදාල වැඩේ කරගෙන ලිෆ්ට් එකෙන් පල්ලට බහිනව. මම ලිෆ්ට් එක ඇතුලට ගිය ගමන් අනිත් දෙන්නගේ ...
ෆුකුෂීමා සහ අපි??? දුපත් වැසියා මට මතක විදියට පහුගිය මාර්තු 11වෙනිද, මුළු ලෝකෙම බයවුනේ ජපානේ වෙච්ච ෆුකුෂීමා න්‍යශ්ටික අනතුරින්. මීට ඉස්සෙල්ල ලෝකෙ මේවගේ බරපතල දෙයක් වුනේ චොනොබිල් අනතුර. නමුත් මේ දෙකේ ලොකු වෙනස්කම් තියනව. චොනොබිල් අනතුරින් ගොඩබිමත් වායුගොලයත් දූෂණය උනත් ජලයට විශාල වශයෙන් විකිරණශීලි දෑ එකතු වුනේ නෑ. නමුත් ජපානෙ සිද්දිය ටිකක් වෙනස්. ප්‍රතික්‍රියා පැතිරීම වළක්වන්න සහ උෂ්නත්ව පාලනයට ජලය යොදන්න උනා. මේ ජලය මුහුදට ...
"මෙවුව" හදන රිසිපි එක (for chemistry people) දුපත් වැසියා මම බ්ලොග් ලියන්න පටන්ගෙන පොඩිම පොඩි කාලයක්. ලියන්න දෙයක් හිතට නැති කොට එක එක්කෙනා ලියපුවා බල බලා ඉන්නකොට මම දැක්ක අලියෙක් ලියපු කෙමිකල් කතාවක්. මට හිතෙන්නෙ අලිය ichem යනව වගේ. ඒකෙ තියෙන්නෙ කසිය පෙරන ප්‍රොසෙස් එක ගැන. දැන් කාලේ හැටියට කසිය කියන්නෙ යල් පැනපු බිස්නස් එකක්. අලිය වගේ උසස් අධ්‍යාපනය ගන්න කස්ටිය කසිය පෙරන්න ගත්තොත් අපිට රස්සා නැති වෙන හන්ද ...
ඕනෑවට වඩා ඕනෑද?,,, දුපත් වැසියා අම්මල තාත්තල අපිව පොඩිකාලේ ඉදල හදන්නේ හොඳ පිළිවෙලට හැදිච්ච ළමයෙක් කරන්න. ගෑනු ළමෙයෙක් නම් පිළිවෙල කියන එකට ලොකු තැනක ලැබෙනව. බහුතරයක් සැලකුවහම කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා පිළිවෙලයි. ගැහැණු පිරිමි කවුරු උනත් තමන්ගෙ රැකියාව කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නඑක වැදගත්. මොකද එතන ඉන්නෙ තමන් විතරක් නොවෙන හින්ද.කොහොම උනත් මම හිතන්නෙ මම උපතින්ම අපිළිවෙලයි. ඉතින් රැකියාව කරන තැන කියල වෙනසක් නෑ, ...
තහනම් සුවද බලමුද මගෙ මියුලැසිය,,,, දුපත් වැසියා ඇරයුම:-ලැබෙන කලට ලැබෙන්නෙ ටොකු ඇන ඇනයනොලැබෙන කලට නැත කිසිවක් මහමගය අන්සතු උනත් නුඹ නම් මගෙ සිත් සැරියතහනම් සුවද බලමුද මගෙ මියුලැසියපිළිතුර:-ලැබෙන කලට ලැබුනත් මගෙ සුවද පොදඉස්තිර නොවේ මාගේ තහනම් සුවදනොකැළැල් ඔබේ ආදරයේ සිහින සොදලැබේ දිනක එතුවක් කල් සිටිනු මද(100%ම දූපත් වැසියා විසින් රචනා කරන ලදී ... උපුටා ගැනීමක් නොවේ.) ...
රැකියාව සහ බැණුම්,,, දුපත් වැසියා හැකියාවට රැකියාවක්, කීවාට අපි බොහෝ දෙනෙක් රැකියාවට අදාල දේවල් ගොඩක් ඉගෙන ගන්නෙ රැකියාවකට ගියාට පස්සේ. මේ හින්දම අපිටත් වරදින වෙලාවල් ගොඩක් තියනව. කොහොම උනත් අමාරුවෙන් ලබාගත් රැකියාව අපිට එපා නොවෙන විදියට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට රැකියාව කරන තැන එපා වෙන්නෙ අනිත් අයගෙ කැපිල්ල නැත්නම් ලොක්කගෙ බැණුම්.අපි හිතාගෙන ඉන්නවට වඩා සමහර මිනිස්සු ගොඩක් වෙනස්. ලොකු පෞරුෂ තියන ...