ගේ දොර හරි උගස් කරන්,,,, දුපත් වැසියා පිටරට ගිහින් ඉන්න යාළුවො සෙට් එකක් මේ දවස වල ලංකාවට ඇවිත්. හවසට හවසට කට්ටිය මුහුදු වෙරල පැත්තේ හෙම කැරකෙනවලු. මුන් කට්ටිය එක රටකින් නෙමේ. එකෙක් ඇමරිකාවෙන් තවත් එකෙක් ඔස්ට්‍රේලියාවෙන්,,, කොරියා, එංගලන්තෙ, නවසිලන්තේ, දකුණු අප්‍රිකාවේ ඔන්න ඔහොම ලෝකේ වටේ ඉන්න සෙට් එකක්. අනික සමහර ඩයල් උපත්තියෙන්ම ධනපති පන්තියේ. සමහරු අන්තිම දුප්පත්. ගේ දොර උකස් තියන් රට ගිය කට්ටිය. කට්ටිය හිමීට කතාව ...
තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි දුපත් වැසියා පහුගිය ටිකේ, ඒ කිව්වෙ වෙසක් එකට ඉස්සෙල්ල ටිකේ හැම තැනම අවරුදු උත්සව තිබ්බ මතකනෙ. සයිබර් අවකාශේ එකකුත් තිබ්බට එන්නේ කොහොමද. ගෙවල්ගාව එකත් ගානට වැටිලා තිබ්බේ එදාට. තව ඉතින් පොඩි සංවිධාන පට්ටමකුත් තිබ්බ. නොගිහින් කොහොමටත් බෑ.ඔන්න එහෙනම් කතාවට බැස්ස.එදා අපේ ගම් පළාත් පැත්තේ අව්රුදු උත්සව බර ගානක් තිබ්බ. අවිස්සාවේල්ලෙ ඉදන් රත්නපුර පැත්තට පිලිවෙලින් කියනවා නම් 1) අවිස්සාවේල්ල පොලිසියේ අව්රුදු උත්සවයයි, 2) ...
මත්පැන් සමග ඩ්‍රයිවින් - 2 දුපත් වැසියා පහුගිය ලිපිය අවසාන උනේ. ටිකක් ගසල යනකොට රාළහාමි කෙනෙක් අත දැම්මොත් "අස්ථානයේ ඇත්ත නොකිව යුතුය" යන කතාවෙන්. එහෙනම් වැඩිය පූර්විකා නැතුව මාතෘකාවට අදාළ දේ කෙළින්ම ලියන්නම්.මුලින්ම බලන්න ඕනි 500ක් නොදී ශේප් වෙන තැනට ටෝකක් දාන්න..., සහ මෙතන ලියල තියන ක්‍රම වලින් තැනට සුදුසු විදිය පාවිච්චිය පාඨකයා සතුයි.මුලින්ම රා-හාමිට කථා කරන ආමන්ත්රණ සෙට් එක ගනිමු. 1) රාලහාමි 2) පොලිස් මහත්තය 3) ...
මත්පැන් සමග ඩ්‍රයිවින්. දුපත් වැසියා "මත්පැන් ශරීරයට අහිතකරයි" ඔන්න මම මුලින්ම කීව. ඕක අහන නැතුව දිගටම බීවොත් වෙන දේ මෙන්න මෙතන තියනව. ඒ විතරක්ද ගුවන්තොටුපළේ, අරලියගහ මන්දිරේ වගේ හයි ෆයි තැන්වල ඇරුණුකොට බීල අහුඋනොත් 50,000/= ක් දඩ කාල අවුරුදු 2ක් වැලිකඩ ඉන්න පුළුවන් කියල මෙන්න මෙතනින් මම දැක්ක. බුදු අම්මෝ හිතෙනව නේද.හරි හරි ,, දැන් කියන්න හදන මාතෘකාව බොන එක නෙමේ. බීල ඩ්‍රයිව් කිරීමමත් නෙමේ. ...
ජන/සත්ව සංගණන අනාවැකි,,, දුපත් වැසියා පහුගිය ටිකේම ගෙදර හිටියේ නෑ. අතින් පයින් කට්ට කාගෙන යාළුවෙකුට වතුර ඇද්ද. නමුත් වෙනස් වැඩක් හින්දත් ෆීල්ඩ් වැඩ වලට පොඩි ආසාවක් තියන හින්දත් ඇගේම තියන සබ්ජෙක්ට් එකක් හින්දත් මමත් වැඩේට සෙට් උනා.වැඩිපුර බ්ලොග් ලියන්නේ කියන්නෙ කොම්පීටර ජිල්මාට් දන්න මහතැන්/මහ තැනීල හින්දත්, මේ වැඩ කොම්පීටර වැඩ වලට වෙනස් හින්දත් මේ අමුතු කේස් එක ගැන චූටි සටහනක් ලියල යන්නම හිතුන.සිද්දිය මෙහෙමයි. මගේ ...
මැච් එකේ විස්තර... දුපත් වැසියා ලෝකේ අනිත් පැත්තට කැරකුනත්, මැච් එක වෙලාවට අපි ටී.වී එක ලග. ටීවී තියෙන්නෙ ගෙදරනේ,,, අන්න ඒ හින්ද ඔන්න මම මෝඩ වැඩක් කළා. මැච් බලන නැති පොරවල් වලටත් බලෙන්ම හරි පෙන්නල වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න මගෙන් අහිංසක මෝඩ වැඩක්...යටින් මැච් එක පේනවා කියල හිතෙනව. (පේන්නැත් නම් විනාඩියක් ඉවසන්න ඇඩ් යනව - ඉවසලත් පෙන්නැත්නම් මැච් එක ඉවරයි)වේබ් වැඩ දන්නැති කෙනෙකුට උනත් දාගන්න ...
අමන දනන් කෑගැසුවත් හතර වටේ,, දුපත් වැසියා ලංකාව නම් අමුතුම රටකි. ලෝක තෙල් මිල ඉහල ගිය සැනින් මෙහෙත් මිල උස්සයි. තවම ඒ ගණන වලට තෙල් කදුලක්වත් අරගෙනත් නැත. ගොන්කම කියන්නෙ මිල වැඩි කලාම එන ප්‍රශ්න ගැන හිතලාවත් නොමැති කම. ඔන්න අද උදේ ITN නිව්ස් දැම්මම බස් වර්ජනය ගැන කිවේ මාර කතාවක්. එක සේවක සංගමයක් වර්ජනය කරනවා නමුත් අනිත් ඒවා දුවනව කියල. ඔන්න අර දුවන සංගමේ එකෙක් ඇවිත් ...
යුධබිමේ අමතක සටහන්... දුපත් වැසියා යුද්ධයේ පැතිකඩක් තිරයට නගන "මාතා" මේ දවස් ටිකේ උණු උණුවේ ප්‍රදර්ශනය වෙනව. මුල් පැය බාගෙ නම් උපරිමයි. හිතාගන්න බැරි තරම් උපරිමයි. නමුත් පස්සට යද්දී කතාවේ ෆ්ලෝ ඒකට අදාළ නැති දේවල් දාල හමුදාවේ වැඩ කිඩ ටිකකුත් තියනව. කොහොමත් පොස්ට් එකේ අරමුණ ඔය ෆිල්ම් එක නෙමේ. ෆිල්ම් එකක් කරන්න පුළුවන් තවත් කතාවක්.හරි ඉතින් ඔය ෆිල්ම්, නවකතා වගේ දේවල පොඩි ඇත්තකුත් ඒ ඇත්ත ...
ලිංගිකත්වය පාලනය... දුපත් වැසියා මම මීට අව්රුදු එක හමාරකට විතර ඉස්සර මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න ඩොකෙක් ගෙන් උස්සපු චාට් එකක් තිබ්බ. ඉස්සුව කීවට මම ෆොටෝ කොපියක් ගහල, ඔරිජිනල් එක තිබ්බ පොත අස්සටම දැම්ම. පස්සේ ඔන්න මමත් හිමීට අර ඩොකාගෙන් ඇහුව මොකක්ද මේ සීන් එක කියල. එයා කියපු විදියට නම් මේක 80% විතර හරිලු චීනගේ රහසක්ලු. මමත් 2ක් 3ක් හැදුව. වැඩේ හරි.නමුත් කාටවත් කොළේ දුන්නේ නෑ ...
දණ්ඩා සහ විළි ලැජ්ජාව,,,,, දුපත් වැසියා දණ්ඩාගේ කථා වස්තුව මෙසේ දක්වමුදණ්ඩා නම් කුන්ෆු, වූෂු කරාටේ වල කෙල පැමිණියෙකි. හැඩි දැඩිය. වලි බරය. කිසිදා ගුටි කෑ බවක් නොදන්නා මුත් දණ්ඩාම කියා ඇති පරිදි පසල් දනව්වේ සියලුම චන්ඩින් දණ්ඩාට අවනතය.දණ්ඩා:- එම්බල දූපත් වැසිය, අද දින ඉර හැරී අගල් තුනක් ගිය කල මහා සංග්‍රාමයක් වෙති. ජය පැන් බීමෙහි තුටුවේ නම් අප හා එක්වෙව. ජය ශ්‍රී. දණ්ඩානණි... තවත් සැකයකි. එදා ...
කට නොහැර සිටිම්ද? දුපත් වැසියා වැඩි කතා ඕනි නැත. ලියන්නට කාරණා හිගයක්ද නැත. නමුත් නමුත්... කෙටියෙන් හෝ බැළුම් ගලේ අඩව්වක් බ්ලොග් එකකටත් දැම්මාට කිසිදු අඩුවක් නොමැත. එය බ්ලොග් කියවන්නන්ටත් බැලුම්ගල වැඩසටහන මෙහෙයවන්නන්ටත් දෙපිරිසටම වෙන සේවයකි.බැළුම් ගලේ නොකියපු නමුත් කොලබ වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඉන්න ඩීන් මහා ඇදුරු ඇතුළු අදාළ සෙට් එක දන්න, මරුවින්ගේ වැඩක් මමත් කියන්නම්. මුලින්ම බැළුම් ගලේ මරුවින් ගැන කතාව අහන්න....මෙතන ලින්ක් එකමෙන්න ...
නෙත නොගැටුණු දසුන්,,, දුපත් වැසියා දෙදාස් දොළහ පටන් ගත්තත් හරි බ්ලොග් එකට අත තියන්න බැරි උනාට, එහේ මෙහේ රව්ම් ගහන්න නම් පොඩි පහේ වාසනාවක් ලැබුන. දුන්හිද, දියළුම, ඩෙවෝන්, සෙන්ට් ක්ලෙයාර්, ලෝකාන්තය සිරිපාදේ ඔන්න ඔකොම තැන් කීපයක්. මේ තැන් බොහොම සුන්දර උනත් ගොඩක් දෙනා අහල තියන දැකල තියන බොහොම ප්‍රසිද්ධ ස්ථාන. ඒ හින්ද කට්ටිය වැඩිය නොදකින නමුත් දවසකින් දෙකකින් ගිහින් එන්න පුළුවන් තැනක පුංචි විස්තරයක් අද ...
තෙල් හොයන හැටි,,,, දුපත් වැසියා අපේ රටට මොනවද අඩු. පිරිසිදු වතුර , ගස් වැල්, ගගා දිය ඇලි, මුතු මැණික්, යපස්, පොස්පේටේ, යුරේනියම්, තෝරියම්, ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල්, රට වටේටම මූද, ඕනි තරම් අල්ලගන්න මාලු ඒ මේ අස්සෙ ලොකුම තල්මස්සු රෑනකුත් ඉන්නවලු. ඒ විතරද ලේ වලට විතරක් දෙවෙනි වෙන තෙල්,,, දැන් දැන් එළිවෙන විදියට ලංකාව වටේටම තෙලුත් තියනව.මේ පොස්ට් එක දාන්නේ මුහුද යට තියන තෙල් උඩ ඉදන් ...
ගෙන්දගම් පොළොවටම මනුස්සකම උරාගෙන,,,,, දුපත් වැසියා අපේ ජිවිත හරිම විෂමයි විවිදාකාරයි සමහර වෙලාවට පුදුමයි. මේ අද වෙච්ච දෙයක්. දවල් වරුවෙ නුගේගොඩ පැත්තෙ කැරකිලා, පොඩි රස්තියාදුවකුත් ගහල ගෙදර එන්න කියල හෝල්ට් එකට ආව. මෙන්න ඉන්නව අන්තිම චා ඩයල් ටිකක්. හිප්පියෝ වගේ. ඔය සෙට් එකේ කෙල්ලො තුන් දෙනෙකුත් හිටිය. හිතා ගන්න පුළුවන්නේ කොමලේ... ඇබරෙනව, කැරකෙනව, ටින්කිරි පෙරනව, මල විකාරයයි. එකෙක් එක කෙල්ලෙක්ගෙ එහෙං අල්ලනවා මෙහෙන් අල්ලනවා,, අරව මේව ...
වයිට් ද බ්ලැක් ද,,,, දුපත් වැසියා මේ ටිකේ හොදටම වහිනව. වැඩක කරන්නත් කම්මැලි හින්ද පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මගේ ඔළුවට ආව පොඩි පහේ ගැටළුවක්. මිනිස්සුන්ට ගන්න පුළුවන් හොදම සැප මොකක්ද,,,,,බුදු වදනට අනුව නම් "නිරෝගී කම උතුම්ම සැපතයි". ඔය නිරෝගී කමේ සැපත දැනෙන්න නම් ලෙඩක් හැදෙන්නම ඕනි. තියන සැපත නැති උනාම හොදට තේරෙනව අගේ. යම් කෙනෙකුට සුව කරන්න බැරි ලෙඩක් හැදුනොත් මොනව හිතෙයිද,,,, ගොඩක් දුක්බර අවස්ථාවකට ...
අපේ කොල්ලෝ with ඉන්ටර්නැෂනල් කෙල්ලෝ,,,, දුපත් වැසියා 90 ගණන්වල මැද හරියෙ t.v එකේ ගියා වැඩසටහනක් "වසර දෙදාහෙන් එහා ලෝකය" කියල,,, බලල තියනව ඇති,,,, ඔන්න ඕකෙ මට මතකයි තියනව ටෙලිෆෝන් කෝල්, වීඩියෝ එකත් එක්කම අනාගතේදී ගන්න පුළුවන් වේවි කියල එක කෑල්ලක. හ්ම්ම්ම්ම්,,,මොක නැතත් නොහිතපු විදියට තාක්ෂණය නම් දිවුනු වෙලා. කොළඹ ඇරුනහම ගමට කම්පියුටර් උගන්නන්න තිබ්බෙ ටෙක් ශ්‍රී ලංකා එක. රූපවාහිනී නිවුස් යන වෙලාවේ දාහක් ඇඩ් දාපු ආයතනයක් දැන් ...
අමුතු බඩුවක් ,,,, දුපත් වැසියා Spellbinder නැත්නම් මායා බන්ධන කලකට ඉස්සර සෑහෙන ජනප්‍රිය වෙච්ච කතාවක්. ටාසන්, රොබින්හුඩ්, නයිට් රයිඩර්, ඕශන්-ගර්ල් ගෙන් පස්සෙ ආපු කතාව. නිළියන් අතරින් ලස්සන ඕශන් ගර්ල් උනාට මායා බන්ධන කතාවෙ තියන කුතුහලය ඊට ගොඩක් වැඩියි. සයන්ටිෆික් පැත්තට පොඩි බරක් තිබුනට ඒකත් ඕනිම කෙනෙකුට තේරෙන විදියට ලස්සනට ගලාගෙන යනව.කතාවෙ නළුවා පෝල්. නිළිය රියානා එතකොට දුෂ්ටයා, ආශ්කා ඇතුළු අමතක නොවෙන චරිත ගොඩක් තිබුන. ඒ ...
සනත්ගෙ "පx කමින් අවුට්",,,, දුපත් වැසියා අපිට සිංහල පුළුවන්ද,,,???ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ තියන අකුරු ගානවත් කියන්න දන්නේ නෑ. එහෙව් එකේ ඉංගිරිසි වචනයක් දෙකක් වැරද්දුවොත් හරි, සුද්දගේ විදියටම කිවුවේ නැත්නම් හරි ඒ මිනිහ අල්ලාගෙන කින්ඩි දානව.කවුරු හරි සනත් කොමෙන්ට් කරන ක්‍රිකට් මැච් එකක කෑල්ලක් you tube එකේ දාල දැන් හෝ ගාල මඩ ගහනව. සමහර සිංහල බෞද්ධ කියාගන්න ඒවත් මේ පොඩි ...
කොරෙක්ස් රහස්,,, දුපත් වැසියා අපේ කට්ටිය අරක්කු, සිගරට්, ෆැන්ටා(ගමේ බඩු) නැතුව තවත් ජාතියක් කෙලින්ම එළිපිටම අරගෙන බොන්න පුරුදු වෙලා හිටියනෙ. ඔව් අර ෆාමසියෙන්ම අරගෙන බොන ජාතිය අන්න ඒ ගැන පොඩි සටහනක් තමයි අද ලියන්නෙ.අද ලියනව කිව්වට ලියන්න හිටියෙ සති දෙක තුනකට ඉස්සෙල්ල නමුත් මග ඇරිල ගියා, එත් සිංහල බ්ලොග් අතරේ තවත් එක්කෙනක්(සුළගිල්ල) මේ බොහොම ලගදි ඕකක් බීල වෙච්ච කතාවක් දාල තිබ්බ දාල තිබ්බ. කතාව ...
සුන්දර මතක නොමැකෙන මේ සිත් යායේ ,,,, දුපත් වැසියා මල් මද බිසෝ නූනත් නුඹ මගේ සෙවණේමල් වැනි දෑස සැලුනයි මගෙ සිත් සැරියේමතකද එදා කල කී දෑ ගිය වසරේඅද දෙතැනකය අප දෙදෙනා සිප් සතරේදුටුව නමුදු කඩනා හැටි වීදුරුවනුදුටු විලස සිටියෙමි මම දුක් බරවකලොත් නිතර මේ වගේ වැඩ අත පසුවවදනක් බණිමි එනමුත් ආදර බරවදඟ වැඩ කලත් අප දෙදෙනා එක වාගේපාඩම් කලත් නොකෙරුව අප එක රෑනේසුන්දර මතක නොමැකෙන මේ සිත් යායේනුඹට ගයන ...