ගංවතුර ආයෙමත් ! කියවන්න කරුණු ටිකක් ! අනිත් කොණ - The Other End ඩොක්සිසයික්ලින් මී උණ සහ ගංවතුර ගැන මේ ගිය අවුරුද්දේ දුන්න උපදෙස් - මේ සැරෙත් ඕනෙ වෙයි නේ... ගිය පාර මේවා ලියන්න ප්‍රමාද වුනා. අපිත් බීවේ වතුරට බැස්සාට පස්සෙ.---------------------------------------------doxycyclin ගැන මී උණ ගැන අපේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂුද්‍ර ජිවී විශේෂඥ වෛද්‍යතුමිය හා සාකච්ජා කොට ලබාගත් තොරතුරු - (වැරදි තොරතුරු ගොඩක් සංක්‍රමණය වෙන නිසා මුහුණු පොතේ මේ ටික ඉක්මනින් ඇඩ් කරන්න හිතුවා...)ඩොක්සිසයික්ලින් ...
අපි තවම රැවටෙනවා ! අනිත් කොණ - The Other End මට මතක දෙදහස් දහය මැයි මස... හා පුරා උතුරට ගිහින් හිටියේ, ඒ වෙද්දිත් රෝහල පුරාම ආයුධ අතින් ගත් සොල්දාදුවන් සිටියා.මුහුණ නොබලන අත් අඩංගුවට පත් ත්රස්තවාදීන් සමග මුහුණ බලන් කතා කරන්න සිදුවෙනවා. අත අල්ලා නාඩි බලා රුධිර පීඩනය පවා මනින්න සිදුවෙනවා. සුළු සේවකයා කිහිප ගමනක් සැර දැමූ පසු ඔවුන් අවනත වෙනවා. සමහරු මුහුණ අනික් පස හරවාගෙනම ඉන්නවා ඕනෑ දෙයක් කරපුදෙන් වගේ. ...
වතුකරයේ දෝංකාරය... අනිත් කොණ - The Other End නාගම්මා හෙමි හෙමින් සාරිය අඳිමින් ලෑස්ති වුනේ ගමේ යන්නයි. ඒත් ඇයට යන්නට කිසි ප්‍රියතාවයක් තිබුනේ නෑ. කොඳු ඇටයේ ප්‍රශ්නයට අඳින ගර්ඩල් එකත් ඊට උඩින් සාරියත් පටලවාගෙන ඇය වතුකරයේ ඇගේ නිවස වෙත යන්නේ, ක්ලිනික් කාඩ් , එක්ස් රේ කොළ රැගෙන නැවත පැමිණීමටයි."මම නෝනා ළඟ මැරෙනකම් වැටිලා ඉන්නම් දුව ළඟටනම් යන්න බෑ" ඇය මගේ මව හා පවසයි.නාගම්මා මෙහි පැමිණියේ නිවසේ මෙහෙකාරියක ලෙස ...
දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු - 2 අනිත් කොණ - The Other End මතකනේ බෑග් පැක් කරන් ගෙදර යන්න හිතපු සිද්ධිය.... ඒකේ ඉතිරිය ලියන්න ටිකක් වේලා ගතවුනා.මේ පළමු කොටස https://anithkona.blogspot.com/2017/04/blog-post_29.html දැන් ලියන්න හිතුවේ එදා නවත්තපු තැනින් ඉස්සරහට...මතකනේ අපට එන්න කීවා ... විශේෂ මීටිමක් කියලා.අපි රැස්වීම් ශාලාවට යද්දී, ලොකු ලොක්කන් සියලුදෙනා රැස්වී සිටියා. ඔවුන්ගේ මුහුණු ඉතා බැරෑරුම් බොහොම කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කළේ.එහි ඉඳන් ඉන්න අපේ සගයන්ගෙන් මොකද කියා ඇහුවම "ඇයි දන්නැද්ද ? පෝස්ටරෙ ගැන" ...
සුබ ගමන් විචාරකතුමා ! අනිත් කොණ - The Other End විචාරක ...අසමි හොයමි දකිමි... ඔන්න ඔහොම නමක් මම මුළින් දැක්කේ... මම ද අනවර්ථ නමකින් හෙමි හෙමින් ලියූ අනිත්කොන බ්ලොග් එකේ, හැම කතාවකටම වගේ ප්‍රතිචාරයක් දක්වන විචාරක මහතා ගේ ලියමන් තුලින් මා දැන ගත් දෑ බොහෝ ය. ඔහුගේ දියණියද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද බව සඳහන් කළා මතකය.වෛද්‍ය රුවන් ජයතුංගයන් රචිත සංග්‍රාමයට පසු, පොත ගැන සඳහන් කරමින් මා මනෝවිද්‍යාත්මක පොත් පත් වෙත ...
දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු ! අනිත් කොණ - The Other End "දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු " කෙනෙක් එහෙම කියමින් කොරිඩෝවේ එහෙ මෙහෙ ගියා."එහෙම ගිහින් කොහොමද ? එතකොට හොස්පිටල් එක ?" තව කෙනෙක් විමසිලිමත් වුනා. "දැන් ඕගොල්ලො පරිස්සමට ක්වාටර්ස් එකට ගිහින් ඉන්න. ගෙදර යන්න ඕනෙ නම් ලෑස්ති වෙන්න" එහෙමත් කීවා කලබල වුන කෙනෙක්..රෑ හතට විතර කෝල් එකක් එනවා මම දන්න නම්බර් එකකින්... අපේ පවුලේ හිතවතෙක් වන ඒ මහතා රැකියාව ...
මේ රට අපේ තමා ඒත් ! අනිත් කොණ - The Other End අපිටත් මේ රට හදන්න යමක් කරන්න පුළුවන් කියලා හිතුනේ... මම ලියූ මෙන්න මේ පෝස්ට් එකට.. සහ මුහුණු පොතේ ලියූ මේ "මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි - https://anithkona.blogspot.sg/2017/03/blog-post_16.html සටහනට ඉක්මන් ප්‍රතිචාර ලැබී තිබෙනු දකින්න ලැබුනම යි. දැන් ඔය නිදහස් චතුරශ්‍රයේ නිදහසේ ඉන්න දෙන්න කියලා කෑ ගැහුවා වගේ කට්ටිය මෙහෙම දකින අඩු ලුහුඬු කම් ගැන වැඩියෙන් ලීවොත් මේවා අපිටම හදා ගන්න පුළුවන් ...
උණ වලිප්පුවට මොකද කරන්නේ ? අනිත් කොණ - The Other End "ඉක්මනින් එන්න ඩොක්ටර් බබෙක් ඇරෙස්ට් වෙලා " හදිසි ප්‍රතිකාර අංශයට ඒ වගේ හදිසි තත්වයන් ඇති වුනාම එහි සිටින ඩොක්ටර්ට අමතරව ළමා වාට්ටුවල වැඩ රාජකාරි කරන අපිවත් කැන්දාගන්නවා ඉක්මනින්. එතකොට දරුවෙක් ගැන කොහොමත් හොඳම අවශ්‍යම දේ ඒ සම්බන්ද වැඩි පුහුණුව ලැබූ අත්දැකීම් බහුල අප ඒකකයේ කෙනෙක් ගෙන්වා ගැනීමයි.මීට පෙරද කීප වරක් එහි ගොස් ඇත්තෙමි.මා යන විටත් ඔවුන් දරුවා වම් අතට හරවා ...
වෛරස් උණට බෙහෙත් තියේ ද ? අනිත් කොණ - The Other End "වෛරස් උණ වගේ තමා පේන්න තියෙන්නේ.. "ලේ රිපෝට් එකක් ගැන ඇසූ මවකට මා පැහැදිලි කර දුන්නා." මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය... ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී" එහෙම පැහැදිලි කරද්දී අම්මලා කට අයාගෙන බලන් ඉන්නේ විද්‍යා පාඩමට පාසැලේදිවත් හරියට සවන් නොදීමේ ආදීනව මතක් කර ගනිමින්. සමහරු තේරෙනවා වගේ ඉන්නවා. ඔව් ඔව් කියලා ...
බ්ලොග් සම්මාන උළෙල සහ අනිත් කොන විත්ති.. අනිත් කොණ - The Other End "කොහොමද මැඩම් " කාලයකට පස්සෙ ඔහුගේ වචන ගලාගෙන ආවා."අපොයි ඔය මැඩම් ඕනෙ නෑ මල්ලි" මම සුපුරුදු වචන ටික කීවා."අක්කෙ... මම ලිරික්ස් කරා ෆිල්ම් එකකට""ඉතින් මොක කළත් ඕවා මට ප්‍රසිද්ධියේ සතුටෙන් ලියන්න බෑනේ.... " ඔවුන් ගේ පසුගිය කාලය සමග ඇති බිහිසුණු සබැඳියාවන් ගැන ඔවුන් ඇත්තේ කළ කිරිමෙනි. එනිසා ඒවා ෂෙයා කරගැනීමට හෝ උදම් ඇනීමට ඔවුන් බියෙන් සිටී. මට නම් ඔවුන් සැබෑම ...
මට, ඔහු නැවත හමුවිය.... අනිත් කොණ - The Other End ඉතින් මට ඔහු නැවත මුණ ගැසුනේ අහම්බෙනි. දවල් කෑමට මා අප නේවාසිකාගාරය වෙත දිව ගොස්, නැවත පැමිණියේ පයින් ය. (බයිසිකලයක් පදින මම) රෝහලේ ඇතුල් වීමේ ගේට්ටුවේ සිට රෝහල දෙසට පැමිණෙමින් සිටියදී.... ඔවුන් දෙදෙනෙක් මා පසු පස එන බව මට තේරුනි.රෝහලේ කොරිඩෝවේද මොවුන් පැමිණේ. දැන් දැන් මට අරවා මේවා කියමින් මේ තරුණ කොළු ගැටව් දෙදෙනා මා පසු පස පැමිණේ. ඔවුන් සිතන්නේ ...
මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි ? අනිත් කොණ - The Other End මගී ආරක්ෂාව ගැන මේ තරම් නොසිතන රටක් මම දැක නැත්තේ.. මීට වඩා අන්ත රටවල් වල මම ඇවිද නැති නිසා වෙන්න ඇති.මෙහෙම හිතුනේ කාලයක් තිස්සේ නගරයේ තැනින් තැන, බෝක්කු තැනීම්, ගුවන් පාලම් තැනීම් සඳහා ඇති කරන ලද කැණීම් සහ මාර්ග බාධක හේතුවෙන්. හුදෙක් වාහන පාලනය සහ වාහන යෑම් ඊම් ගැන පමණක්ම සිතන පිරිසක් මේ ආශ්රිත වැඩ රාජකාරි කරන්නේ යැයි මට සිතේ. ...
ඇයට තිබුනේ මගේ නමමයි... ලාවන්‍යා ! අනිත් කොණ - The Other End එයාට තිබ්බේ මගේ නම මයි... හිතන්නකෝ ලාවන්‍යා කියලා.ඉතින් ලාවන්‍යා ඇඩ්මිට් උන වෙලේ ඉඳන් වාට්ටුවේ ඉන්න කට්ටිය අන්ද මන්ද වෙනවා."මෙන්න ඩොක්ටර්ගේ රිපෝට් ඇවිත්..." ඇතැම් විට නම නිසා මට එහෙම කියනවා.එහෙම කියන ගමන් බී එච් ටී එක චෙක් කරලා. "ආ ඩොක්ටර්ගේ නෙමෙයි " කියලත් කියනවා එසැනින්.ලාවන්‍යාගේ මොළේ ස්කෑන් සහ මොළයේ ස්නායුගත ක්‍රියාකාරිත්වය ගැන පරීක්ෂා කරන EEG ස්කෑන් එකේ රිපෝට් ආවමත් ඔක්කොමලා ආයෙම ...
මේද බදාම.... අනිත් කොණ - The Other End for my heart people !.... written while dwelling with life and its variables...හා, ඔය ගත්ත කඩදහි පටි බලන්නනලාව තිය තියා අහන්න මේද බදාම ම ඕනෑ නැත කිරීටක ධමනියක් වැහෙන්න මේ විඳින දුකත් ඇති හා , බොරුද කියන්න මේ හද ගැස්ම අමුතුද ඔය හැටිම බලන්න තනිව දිවි බර උහුලනා හැටි, බොහෝ නොසරුප් විඳවනා හැටි අනුන්ගේ අගුපිලක වැතිරී කොහොම හරි දින ගෙවා ...
දරුවාට නමක් තියන්න ! අනිත් කොණ - The Other End බ්ලොග් එකකින් කරන්න පුළුවන් දේ මොනවද කියා මා දැන උන්නේ නෑ. අනිත්කොන බ්ලොග් පිටුව පටන් ගනිද්දී උනත් මේ සංවේදී හර්ද කම්පන බෙදා ගැනීම මිසක් ලොකු අරමුණක් තිබුනේ නෑ. බ්ලොග් ලොවින්ම හමුවුන මිතුරියක් වන රන්දිල් බ්ලොග් එක ලියන රන්දිකා නොවේනම් අනිත්කොන බ්ලොග් එක පොතක් නොවෙන්නත් තිබුනා. ඔව් බ්ලොග් එකක් පොතක් කරන්න පුළුවන් ! ඒ ඇරුනම ලෝක සාමය, සාගිනි නිවීම, සැමට නිවසක් ...
පොඩි පොඩි කතා එක්ක ලොකු අදහස් ! අනිත් කොණ - The Other End අවුරුදු තුනක විතර පොඩ්ඩෙක්, ෆිට් එකක් එක්ක ඇඩ්මිට් කරලා හිටියා... එයාගේ අතේ කොයි වෙලෙත් අම්මාගේ ස්මාර්ට් ෆෝන් එක තිබුනා. මේ දවස් දෙකක්ම මම දැන් මේක දැක්කා. අම්මාට සෑහෙන්න සැර දාන ටිකක් අමුතුම තාලේ ළමෙක්.අම්මත් දරුවට බය නිසා හෝ, ඉස්පිරිතාලේ ලෙඩින් ඉන්න නිසා හෝ කියන සේරම දේ කරනවා. වඩන් ඇවිදින්න පවා සිදුවෙනවා. ඔහුව ගෙදර යවන්න හිටි දවසේ නම් මම උදෙත් දැක්කා. ...
අම්මා සුම්මා වෙන මොහොත.... අනිත් කොණ - The Other End මම වාට්ටුවට ඇතුල් වෙනකොටම දුටුවේ අපේ මේසය ළඟ ඇති පුටු ඉවත් කර මෙට්ට කොට්ට පුරවා ඇති ආකාරයකි.මේ මොන කෝලමක් දැයි සිතමින් මා අඩුම කුඩුම අප කාමරයේ තබා වාට්ටුව දෙසට නැවත පැමිණියෙමි. මෙන්න කුඩා පැංචො දෙන්නෙක් අපේ මේසෙ අසල ඇති මෙට්ට දෙකේ නිදි...ඔවුන් රෙදි පොරවන් සිටි නිසා මගේ හදිසියට මට නොපෙනුනේ.මේ දරුවන් මෙහි එවා තිබුනේ බාහිර රෝගී අංශයෙන්. ඇත්තටම ඔවුන්ට බාරකාරයෙක් ...
ජීවිත බේරාගන්න ඉගෙන ගන්න ! අනිත් කොණ - The Other End මට මුල සිටම ලැබුනේ වඩා හොඳින් අපට උගන්වන... අප ව හොඳ මිනිසුන් , හොඳ හදවතක් ඇති වෛද්‍යවරුන් කරවන්න පොළඹවන සුළු විශේෂඥ වෛද්‍යවරුන් ය."ඉගෙන ගන්න ! විභාග සඳහාම නොවේ... දිනයක් ඒවි රෝගියාගේ මරණයත් ජීවිතයත් තීරණය කරන එකම සාධකය ඔබ වන ! අන්න එදාට ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ඉගෙන ගන්න ! මේ කියමන මගේ හිතේ හැමදාම දෝංකාර දුන්නා.සෙනග උතුරන වාට්ටු වල සීමාවාසික ...
මව්වරු සතුටු වෙන්නේ කවදාද ? අනිත් කොණ - The Other End මම දකින්නේම තුවාල වූ හිත් ඇත්තන්...මනසේ විවිධ හැඩයන් සහිත තුවල වූ හිත් ඇත්තන්. "කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම...ඔව් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා."ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ නිසා සමාජයට පරිපූර්ණ වූ මනස් ...
ළිඳේ බබා... අනිත් කොණ - The Other End සලාං බලාං හඬින් වීදුරු පොඩි වන ශබ්දයක් ඇසුන්නේ කොහෙන්දැයි විමසන්නටවත් වෙලාවක් නැත. ම