මිතුරු දම් බිඳුණු පසු.. අරුණැල්ල ජීවිතය නම් කෙටියි ආ මගයා යුතුව ඇත තව බොහෝ දුරකටු කොහොල් මැද - ගල් ගොඩැලි වලතවත් සිර වෙයි - අපේ ජීවිත..තරඟයක් මැ යි අපේ ජීවිතඅරමුණක් වෙත ඇදෙන ගමනකතියුණු වන විට අපේ තරඟයතවත් නැති වෙයි නුඹට කාලය..ලොවේ හසරක් දැනෙන දා සිටඊයේ වාගේම අදත්, තව හෙටවැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙසදුවමු අපි - සිතිජය දිහාවට...එකෙක් පරදා දිනන දවසකසව්දියට නැත අපට කාලයඋනුන් පහු ...
සරසවියේ පෙම්වතියට අරුණැල්ල කන රිදෙන්න හෝන් ගහනපාට පාට, ලොකු ලොකු කාර් වලසයිලන්සර් පිහිදා ගෙන ඇවිත්දාඩියට මුහුණේ ඇලුණුකළු පාට - දුම් රොටු දුඹුරු පාට - දුවිලි සෝදා ගෙන,පයිප්පයෙන් එනමලකඩ වතුරෙන්,තෙත මාත්තු කරසායම ගිය චීත්ත ගවුමේදිග ඇරුණු බෝරිච්චි අතින්,ඉරුණු කෙලවර සඟවගෙන..අව්වට තඹ වුණුකිවුලට සේදුනුකෙස් ගුලිය උණ්ඩි කර බැඳවරෙන් නුඹ,හන්දියේඅපේ ප්‍රේම යාත්රාවගාල් කරන තැනට..වෙනදා වගේ මපෙම් මුල්ල අල්ල ගන්නමට කලින් නුඹ'විත් හිටපන්බස් නැවතුම් පොලට..ආදරියේ..අළු පැහැ මුහුණටවත්සුණු ...
සඳ, නුඹ බැස යන්න... අරුණැල්ල තරු කැටවල තනි රකින්න නෙක තරු මැද සඳක් වෙන්න කළුවර රැය එළිය වෙන්න රෑ අහසට නුඹ නැගෙන්න.. හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න සංහිඳ ළඟ නතර වෙන්න මල් පහන අරන් නිවාලන්න.. නුඹේ මතක මන්දිරයේ එළිය දැනෙන පාළු පැලේ අගුවක හෝ පිල්කඩයේ බිම් අඟලක් මට සෑහේ! Posted by : ...
සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය අරුණැල්ල නුඹට වෛර කළ කඳුළ,බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,නුඹ වෙනුවෙන් වග උත්තර බඳිනමගේ නෙත් බොඳ කළා...නුඹට වෛර කළ කේශ නාලිකා,නුඹ දැක ගන්නටනොනිත් ආශාවෙන් පෙළුණුදෙඇස, ලෙයින් පිරවුවා..නුඹ වෙනුවෙන් නික්මන්නඅකමැති වුණු ඉකිය,නුඹ වෙනුවෙන් හෙලුණු සුසුමමොහොතකට ඇද සිර කළා..නුඹේ සුවඳට වෛර කළ නාසය,ඒ සුවඳ යළි නො එන්නට,ඇසෙහි පිරවුණු කඳුළු ගෙනසංවේදක වසා දැමුවා..නුඹේ හඬ අසන්නට රිසි වවට පිට බලන විට හිස,නුඹේ හඬට වෛර කළ දෙකන්තදින් ...
වෙන් ව ගිය මිතුරාට අරුණැල්ල සහසක් සතන් සුව සදවන වරම් ලබා පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා.. මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු නිල් දිය දහර වී එක ගඟකට වැටුණු සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු.. සසර සරන තුරු ...
දන්නා නන්දා මාලිනිය ගැන නොදන්නා දෙයක් අරුණැල්ල බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය. අගමැතිවරයා ප්රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති ...
දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන) අරුණැල්ල ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි. නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ ...
වෙන් වීම අරුණැල්ල දෑත බිම ඔබා, පස්සට වාරු වී ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම.. වක්කඩ ළඟ, දිය බොර කර නටාපු තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි තටු අකුලාගෙන,කඳුළු දරාගෙන, මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම.. රතු රෝස මල් වෙනුවට දෑතේ, සුදු ...
හුණුවටයේ කතාව නැරඹුයෙමි. අරුණැල්ල හෙල ගැඹුරුයි පුත නොබලන් සෙලවෙන කොට වැල් පාලම දෑස බයෙන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකියි යමන් පුතේ සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් ...
අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා... අරුණැල්ල ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් ...
නොලැබීම අරුණැල්ල කඳුළු කැටවලින් සිමෙන්ති දිය කර වැගිරෙන දහදියෙන් පිරියම් කර සේද වලාකුළු වියන් මැදි කර අහසේ තැනූ සිහින මාළිගාව, කිරුළ දරන්නට පෙර කෑලි කැඩී බිඳී විසිරිණි.. Posted by : Nj_A najathakram1@gmail.com ...
Nj_A අරුණැල්ල Guys and Girls.Here I am Najath akram, gonna share my favorites with you.. Come and lets have our journey!!
ජීවිතය පිළිබද ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 1 කොටස අරුණැල්ල ඔන්න ඔහේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්දෙද්දී නිකම් ඉන්න බැරුවට බුකිය පැත්තේ රවුම් ගහන්න ගිය වරදට, පේරා කැම්පස් එකේ වල ගැන තිබුණු පෝස්ට් එකක් දකින්න ලැබුණා..රැංගෝ ට ඉතින් ඒ වගේ එකක් දැක්කම නිකම් ඉන්න බෑ නේ.. සතියක් ම දිග නිවාඩුවක් තියෙන හින්දා කොහොම හරි යන්න ඕන කියලා පත සයිස් එකේ ආසාවක් ආවේ මට නොදැනීමයි!කාටද කතා කරන්නේ? පේරේ අම්බානක් දන්න එවුන් ...
ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර අරුණැල්ල ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස අරුණැල්ල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි.. 1 කොටස 2 කොටස 3 කොටස මාකස් ප්‍රනාන්දු ශාලාව අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි ...
වාස්තවික ලෝකය, විද්‍යාත්මක ක්‍රමය සහ ආත්මාර්ථකාමිත්වය.. (අපේ දැනුම ලිපි අංක 2) අරුණැල්ල අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි. මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ ...
අපේ එවුන් අරුණැල්ල එකෝමත් එක කාලෙකහිස් අහස දිහා බලාගෙනඅවුරුද්දක් පුරාවට හුල්ලපුඅපේ කාලයේ මීටර ටිකක්..නා නා විධ ආයිත්තම් පැළඳතවත් අයෙක්අතුල්ලා නූල් ගියදිය වී ගියරෙදි පෙරෙදි හැඳතැන් තැන් වලවල බැස්සහ..විසිරී ගිය උන් රැලඑක තැනකට එක් වීගත විය මාසයක්ඉන් පසු තවත් එකක්..දැන් උන්ගේකතාව කඩ්ඩෙනි..මුවගඩිජිටල් සිනහවකි..කවුරු කෙසේ කීවත්දෙසියය ම එකා මෙනි..කට්ට කා අවසන් වූ විටමදය හමු වන බවඋහු දනිති...මදය හමු වන තුරුඋහු කට්ට කති.. ...
සරසවිය අරුණැල්ල පටුනෙහිරැඳී හුන් අපිපෙරලන්නෙමුපිටුවෙන් පිටුවටජීවිතය..හැඩ ගැන්වෙයිඅකුරු ඇමිණී..වියසවියරසවියසරසවිය..
විසිරාගේ වැඩ - නගුලේ ඇව්ළුම් බොහොම හොදයි අරුණැල්ල සමා වෙලා වදාරන්න ඕන ටිකක් පමා උනාට.. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව හින්දා බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න නෙවෙයි.. නිකමට ඇවිත් යන්න වත් බැරි උණා.. ඔන්න අද ඕන එකක් උනාවේ කියලා ආවා..අද දාන්නේ කලින් ලියලා තිබ්බ එකක්..මේ කතාව කියන ශෛලිය කලින් ට වඩා වෙනස්.. හොඳ ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ.. පෞද්ගලිකව මගේ අදහස නම් මේ ලියන විදිය ...
විසිරාගේ වැඩ - කුකුළා මග දී හඬලයි.. අරුණැල්ල ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි මිනිහෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..ඔන්න ඉතින් දවසක් විසිරා තමන්ගේ ගමෙන් නික්මලා උඩ හේවාහැට ප්‍රදේශයේ ඇවිදින්න ගියා. ඇවිදින්න ගියා කිව්වේ මොකක් හරි වැඩකට යන්න ඇති.. කොහොම හරි ඔහු ගිය කටයුත්ත හිතපු තරම් ඉක්මනින් ඉවර කර ගන්න බැරි උන හින්දා එන ගමනේ මග ...