විසිරාගේ වැඩ - වං ගෙඩියේ කතාව අරුණැල්ල ඔන්න හා හා පුරා කියලා හොර වැඩකින් ම වැඩේ පටන් ගන්න හිතුවා..මම මේ කියන්න යන සිද්ධියට පාදක වෙලා තියෙන්නේ 19 වන සියවසේ, ඒ කියන්නේ එක්දහස් අටසිය ගණන් වල උඩරට ප්‍රදේශයේ හරියටම කියනවා නම් පාත හේවාහැටේ එක්තරා ගමක ජීවත් වුනු එක්තරා පුද්ගලයෙක් හා බැඳුනු සිදුවීමක්..නියම නමක් තිබුනත් ගමේ ලොකු කුඩා හැමෝම අපේ කථා නායකයා ව දැනගෙන හිටියේ "විසිරා" කියන නමින්.. විසිරා ...
ජන කතා අරුණැල්ල අරුණැල්ල කියවන හැමෝම කවි කියවනවාට වඩා කතා කියවන්න කැමති කියලා අපි දන්නවා..ඒ හින්දා අලුත් වැඩකට අත ගහන්න හිතුවා..ඒත් මේ වැඩේ මට තනියම කරන්න නම් බෑ.. පාඨක ඔබේ සහාය මේ කටයුත්තේ දී ගොඩාක් වැදගත් වෙනවා..අපේ රටේ විවිධ ප්‍රදේශ වලට අදාල කටයුතු සහ ඒ ප්‍රදේශ වල අතීත සිදුවීම් ආශ්‍රිතව ජනකතා ගොඩ නැගී තියෙනවා..ඒ බොහොමයක් මුඛ පරම්පරා ගත ව මේ දක්වා නොනැසී රැඳිලා ...
Orientation සහ අපි.. අරුණැල්ල දිලෙන විදුලි එළියටින් එල්ලීබමන පංකාඊටත් යටින්නිදන අපි...ලියවෙයි මැකෙයිසුදු පුවරුවකකළු පැහැයෙන්තවත් විටෙකනිල් පැහැයෙන්වැදගත් නම්රතු පැහැයෙන්..තට්ට හිසෙන්උපැස් යටින්සම්ප්රේෂණය වෙයි"ග්‍රැමර්"කන කකියයිපොත් ගෙන එයිපියවෙන නෙත්නොපියා අසනෙමුඋගන්වන හැටි"රයිටින්""ඩෝන්ට් රයිට්,අයිල් ගිව් යූටයිම් ටු රයිට්..." ...
අලයන් හා අල වීම.. අරුණැල්ල වසර හතරක්යහතින් වෙසෙනු පිණිසමාස කිහිපයක්වාත වීමට සිදු විය..මාසයක්යන්තමින් වාත වීමු..හොඳ හරිය තවම නැත..කොහේ දෝ ලොවකින්හිටි වනමගසාගෙන ආගිනි පුපුරකින්වාතය රත් වීඉහළ නගින්නට විය..නොහොත්දෙපිටින් යන්නට විය..වාත වූ මාසය අපරාදේ ය..කවුරුන් කෙසේ කීවත්වැඩේ අල විය...ප.ලි: - අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු... ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.. අරුණැල්ල දෙනෝ දාහක් මැදහුදෙකලා වෙමිසරන පිරිවර නික්ම නොයන හින්දාඅතීතය මම සිතින් විඳින්නෙමිගෙවුණු කාලයයළි නො එන හින්දාසිතින් දිරි ගෙන දුකට සිනාසෙමිකඳුළු කැට උණුනෙතට නුහුරු හින්දා.. ...
ඉරබටු තරුව අරුණැල්ල ක්ෂිතිජයට ඉහළින් නැගීකිරි සුදුව දිදුලවළා කැරලි කළු පැහැ වීපියා නොසලන වවුලන් සේඊටත් වැඩියෙන් අඳුරු පැහැ වීතැන් තැන් වල රැඳීබියකරු වළා කැරලි මැදනොනිවී දැල්වෙයි එක ම තරුවක්....නෙක තරු නැගෙද්දීසැගවෙන්නට අවසර යදියිඒ තරුව..මිලාන වී දිදුලන සුදු පැහැයෙන්කෙමෙන් කහ පැහැයටත්අනතුරුව රත් පැහැයටත්පසුව අඳුරු පැහැයටත්ලං වී මළානිකව..කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලකතරුව සැඟවී නොපෙනී යද්දීක්ෂිතිජයේ රැඳී දිදුලන එළිබියපත් ව ඔබ මොබසරන්නට විය..ගුළි ගැසුණු වළාව ...
සෙනෙහස අරුණැල්ල ඉඩෝරයට හසු වීපසෙහි රැඳී පැලකේඩෑරි ව යද්දීහිත් පිත් නැතිවනැගී පවුරු හිසරැඳී හිඳියි..සෙනෙහසින් ලංවීඑක් කළු ගලකරැඳී මීවණ පැලයක්නුහුරු නුපුරුදු බිමෙහිපවුරු පදනම් නැතිවහුරු පුරුදු සේයාවෙන්...නිමිත්ත :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි... ...
ගීතයක් ගැන : සුභාරතී මැණිකේ අරුණැල්ල අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා.මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ.දුෂ්කර, කටුක එකක් ...
වෙරළ අරුණැල්ල හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා ...
සරසවියේ පෙම්වතියට 2 අරුණැල්ල තවත් යන්තම් - පාට වැටෙන්නටවත දොවනා නුඹ , දුහුවිලි යන්නටදෝතට පුරවා - මලකඩ කිරි ගෙනක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මමහෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන එළලු කෙලවර - හොරෙන් සඟවගෙනමැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙසමලකඩ පාටින් - නුඹ වෙයි ලස්සනප්රේම යාත්‍රාව - නැංගුරම් ලන තැනබස් තොටේ අපෙ - පුරුදු තැන වෙතඇවිත් හිටපන් - හැකි නම් මට පෙරදිනා ගනිමු අපි ...
සමාචාර අභිනන්දන - 2010 අරුණැල්ල සැඩ ඔය අපි තරණය කළෙමුපහුර සේ නුඹඅප එතෙර කළ නිසා..සරුංගල් සේමිහිර වින්දෙමුසුළඟ සේ නුඹඅප ඉහළ නැංවූ නිසා..ගගන තරු සේදිදුලන්නට වීමුරෑ අහස සේ නුඹඅඳුර පැතිරූ නිසා..නුඹේ දිරියෙන්අපි විශිෂ්ටයෝ වීමුසමාචාර අභිනන්දන ඒ නිසා....(සිරිධම්ම විද්‍යාලයෙන් 2010 A/L සමත් ව සරසවි වරම් ලද්දවුන් සිය ප්‍රනාම පුද කිරීමේ උළෙලේ දී ගුරුවරුන්ට පිරිනැමූ සමරුවේ අඩංගු සිතුවිල්ල..) ...
මිතුරු දම් බිඳුණු පසු.. අරුණැල්ල ජීවිතය නම් කෙටියි ආ මගයා යුතුව ඇත තව බොහෝ දුරකටු කොහොල් මැද - ගල් ගොඩැලි වලතවත් සිර වෙයි - අපේ ජීවිත..තරඟයක් මැ යි අපේ ජීවිතඅරමුණක් වෙත ඇදෙන ගමනකතියුණු වන විට අපේ තරඟයතවත් නැති වෙයි නුඹට කාලය..ලොවේ හසරක් දැනෙන දා සිටඊයේ වාගේම අදත්, තව හෙටවැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙසදුවමු අපි - සිතිජය දිහාවට...එකෙක් පරදා දිනන දවසකසව්දියට නැත අපට කාලයඋනුන් පහු ...
තනි වී.. අරුණැල්ල කුරහන් යායටඅටවක පිරිලාකරල් වැනෙනවාහඳ පානේ..තරු නැති පැහැදිළිහැඩි වී නැතිනිල් ආකාසේ..එක තනි තරුවක්බලා හිඳිනවාහොරෙන් වගේ..හමනා හුළඟටහිත හිරි වට්ටනවෙනදා වාගේතනිය දැනේ..තරුවට සඳ ඇත..මට අද නුඹ නැතතරුවට එයවැටහිලා වගේ...පා වී ආ කළුවලාකුලක් මැදසැඟවී යන්නේහොරෙන් වගේ...ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..http://nj-a.net84.net/thaniwee.mp3 ...
සරසවියේ පෙම්වතියට අරුණැල්ල කන රිදෙන්න හෝන් ගහනපාට පාට, ලොකු ලොකු කාර් වලසයිලන්සර් පිහිදා ගෙන ඇවිත්දාඩියට මුහුණේ ඇලුණුකළු පාට - දුම් රොටු දුඹුරු පාට - දුවිලි සෝදා ගෙන,පයිප්පයෙන් එනමලකඩ වතුරෙන්,තෙත මාත්තු කරසායම ගිය චීත්ත ගවුමේදිග ඇරුණු බෝරිච්චි අතින්,ඉරුණු කෙලවර සඟවගෙන..අව්වට තඹ වුණුකිවුලට සේදුනුකෙස් ගුලිය උණ්ඩි කර බැඳවරෙන් නුඹ,හන්දියේඅපේ ප්‍රේම යාත්රාවගාල් කරන තැනට..වෙනදා වගේ මපෙම් මුල්ල අල්ල ගන්නමට කලින් නුඹ'විත් හිටපන්බස් නැවතුම් පොලට..ආදරියේ..අළු පැහැ මුහුණටවත්සුණු ...
පිනි බිඳ.. අරුණැල්ල ගසක් අතු රිකිලි ලාමහත් තේජසින්හාත්පස විහිදීසිය රිකිලි හිස පැළඳිමලක් දකිනු රිසින්ඔබ මොබ සැලෙද්දීඑහි රැඳී එක් පිනි බිඳක්පත් අගින් ගිලිහීමහත් වෙහෙසක් දරාමුල සිප ගනු දුටිම්මලක් සොයාවෙහෙසට පත් ගසසෙමෙන් පිනි බිඳ දෙසට හැරීපවස සංසිඳුවා ගති.. ...
සඳ, නුඹ බැස යන්න... අරුණැල්ල තරු කැටවල තනි රකින්නනෙක තරු මැද සඳක් වෙන්නකළුවර රැය එළිය වෙන්නරෑ අහසට නුඹ නැගෙන්න..හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්නදොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්නසංහිඳ ළඟ නතර වෙන්නමල් පහන අරන් නිවාලන්න..නුඹේ මතක මන්දිරයේඑළිය දැනෙන පාළු පැලේඅගුවක හෝ පිල්කඩයේබිම් අඟලක් මට සෑහේ!Posted by : රැංගෝ (ranGO) www.arunalla.tk ...
දිරියෙන් නුඹ.. අරුණැල්ල කරගැට මතු වීනුඹේ අත් රළු වීවිඩාව විඳිවත කමල මිලින වී...වියලි දෙතොල් අගසිනහව වියැකීවයසට වැඩියෙන්නුඹ වියපත් වී..දා බිඳු පිසින්නපමා නොවී නුඹදරු දිවි රකින්නදරනා වීරියමතු බුදු වන්නටපුරනා පෙරුමන් වේවා.. ...