සර්ව ආගමික ප්‍රේමය අරුණැල්ල අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නාමුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නාවියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නාඑවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...පින්තුරය උපුටා ගැනීම : http://4.bp.blogspot.com/-lNbIXdXSaAM/UdBZinWCg6I/AAAAAAAAkBk/P4CY6KRpqwI/s600/weddingar600.jpgPosted by : රැංගෝ (ranGO) www.arunalla.tk ...
පැන්සල - The best software ever for Sinhala typing! අරුණැල්ල Serandibsoft විසින් පැන්සල නවතම සංස්කරණය වන Version 2.13.7.1 (Redefined) එළි දක්වන්නේ හදපිරි සතුටෙනි .මෙහි කළින් නොතිබුනාටත් වඩා ඉතා උසස් මට්ටමේ නවමු අංග රැසක් අන්තර්ගත කොට තිබේ.මෙය මෙතෙක් දුරට දියුණු කිරීමට බෙහෙවින්ම හේතු වූයේ පාඨක ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වේ. දැන් කාලය එළඹ තිබෙන්නේ Google IME, Singreesi, realtime Singlish වැනි මෘදුකාංග ඉවත ලෑමටයි.පැන්සල නවතම සංස්කරණයට එක්කොට ඇති විශේෂ අංග කීපයක් වන්නේ,1. Auto ...
කම්මලේ බල්ලා.. අරුණැල්ල උදේ ඉඳලාහවස් වෙනකම්අතෝරක් නැතිමහා හඬ මැදසුවෙන් සැතපීනිදන අපූරුව..නුඹේ ගොරහැඩිවදන් අහලාහේතුවක් නැතිබැනුම් විඳලාපුදුමයක් නෑමටත් පුළුවන්නොදැනුනා වාගේකම්මලේ බල්ලාට...
ඇය සහ හදවත අරුණැල්ල ඇඟ හිරිගඩු පිපෙන සීතල වියළි උදෑසනක, කෙම් බිමක් නොපෙනෙන කටුක රළු කතරක, ඇයව දුටුවෙමි මම, හදවතක් පතා ඇවිදින.. ඇගේ සියුමැලි නොකිලිටි හදවත මට ම හිමි කර ගනු පිණිස ගලවා දුනිමි මම කලබලයෙන් මගේ හදවත.. කලබලය වැඩි කමට - මට වම් කර්ණිකාවට මදක් පහළින් දකුණට අනතුරුව ටිකක් ඉහළට ඉරි තැලුණි හදවත.. මගේ හදවත ගෙන වමතට ඇගේ හද මට දෙනු වෙනුවට පිටුපා ...
මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව අරුණැල්ල සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති. මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා ...
යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම අරුණැල්ල අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව.. ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01 වේලාව : දහවල් 12.30 අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" ...
සිත්තරා රැවටීම අරුණැල්ල ජීවිත උයනේ සක්මන් කරනා සිංහ රුවක් ඔහු සිතුවම් කෙරුවා.. වෘක වෙසක් ගෙන සිත්තර රවටා, සිඟාලයෙකු සේ හූ හඬ නංවා, සුලු දිය පහ කොට සුනඛ විලාසෙන්, කපටි සිංහයා සිනාසුනා.. ඒ දිය වැදිලා සිත්තර සිතුවම් පාට බොඳ වෙලා දහදිය වැගිරෙන දෑතහි දිය වී කාසි කොළ වල පාට හේදිලා.. Posted by : Nj_A najathakram1@gmail.com ...
කවුළුවෙන් එපිට වසන්තය අරුණැල්ල කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය.. තැන් තැන් වල අවුස්සා දැමූ කඩදාසි ගොඩවල් ය... තවත් තැනෙක ගොඩ ගැසුණු කිලිටි රෙදි තොගයකි.. දාස් (Daas) පොත මත දුවිලි බැඳී ඇත.. වසා නොදැමූ ජනේලයේ මකුළු දැල මත කෘමී ශේෂ රැසකි.. හෙමින් සීරුවේ කවුළුව වෙතට ලං වුනෙමි.. වසන්තයේ පිපි සුන්දර කුසුම් තවමත් විකසිත ය.. අතුපතර විහිදූ මැයි ගස කොළ නොපෙනෙන තරම් ම ...
Orientation සහ අපි.. අරුණැල්ල දිලෙන විදුලි එළියටින් එල්ලීබමන පංකාඊටත් යටින්නිදන අපි...ලියවෙයි මැකෙයිසුදු පුවරුවකකළු පැහැයෙන්තවත් විටෙකනිල් පැහැයෙන්වැදගත් නම්රතු පැහැයෙන්..තට්ට හිසෙන්උපැස් යටින්සම්ප්රේෂණය වෙයි"ග්‍රැමර්"කන කකියයිපොත් ගෙන එයිපියවෙන නෙත්නොපියා අසනෙමුඋගන්වන හැටි"රයිටින්""ඩෝන්ට් රයිට්,අයිල් ගිව් යූටයිම් ටු රයිට්..." ...
අලයන් හා අල වීම.. අරුණැල්ල වසර හතරක්යහතින් වෙසෙනු පිණිසමාස කිහිපයක්වාත වීමට සිදු විය..මාසයක්යන්තමින් වාත වීමු..හොඳ හරිය තවම නැත..කොහේ දෝ ලොවකින්හිටි වනමගසාගෙන ආගිනි පුපුරකින්වාතය රත් වීඉහළ නගින්නට විය..නොහොත්දෙපිටින් යන්නට විය..වාත වූ මාසය අපරාදේ ය..කවුරුන් කෙසේ කීවත්වැඩේ අල විය...ප.ලි: - අල වීම අහවර විය..දැන් අපි පැරණි පුරුදු දිවියට ම අනුගත් වී ඇත්තෙමු... ...
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්.. අරුණැල්ල දෙනෝ දාහක් මැදහුදෙකලා වෙමිසරන පිරිවර නික්ම නොයන හින්දාඅතීතය මම සිතින් විඳින්නෙමිගෙවුණු කාලයයළි නො එන හින්දාසිතින් දිරි ගෙන දුකට සිනාසෙමිකඳුළු කැට උණුනෙතට නුහුරු හින්දා.. ...
ඉරබටු තරුව අරුණැල්ල ක්ෂිතිජයට ඉහළින් නැගීකිරි සුදුව දිදුලවළා කැරලි කළු පැහැ වීපියා නොසලන වවුලන් සේඊටත් වැඩියෙන් අඳුරු පැහැ වීතැන් තැන් වල රැඳීබියකරු වළා කැරලි මැදනොනිවී දැල්වෙයි එක ම තරුවක්....නෙක තරු නැගෙද්දීසැගවෙන්නට අවසර යදියිඒ තරුව..මිලාන වී දිදුලන සුදු පැහැයෙන්කෙමෙන් කහ පැහැයටත්අනතුරුව රත් පැහැයටත්පසුව අඳුරු පැහැයටත්ලං වී මළානිකව..කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලකතරුව සැඟවී නොපෙනී යද්දීක්ෂිතිජයේ රැඳී දිදුලන එළිබියපත් ව ඔබ මොබසරන්නට විය..ගුළි ගැසුණු වළාව ...
සෙනෙහස අරුණැල්ල ඉඩෝරයට හසු වීපසෙහි රැඳී පැලකේඩෑරි ව යද්දීහිත් පිත් නැතිවනැගී පවුරු හිසරැඳී හිඳියි..සෙනෙහසින් ලංවීඑක් කළු ගලකරැඳී මීවණ පැලයක්නුහුරු නුපුරුදු බිමෙහිපවුරු පදනම් නැතිවහුරු පුරුදු සේයාවෙන්...නිමිත්ත :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි... ...
මගේ පුංචි කුමාරියේ අරුණැල්ල මැද පෙරදිග ගිනි අව්වේ වියළි කටුක දුහුවිල්ලේ සෙවණක් නැති වැලි කතරේ දැවුනු වතට සිසිල දෙන්න සීගිරියට නැගෙනා හිරු කොටු පවුරට මුදුන් වෙලා රූමස්සල කඳු අතරින් මැකිලා යන හැටි බලන්න මකරන්දය ගලා හැලෙන සිහිල් මිහිරි උදෑසනේ මා එන තුරු මගෙ මලේ බඹර පහස නොලැබ ඉන්න.. දවස පුරා වෙහෙස වෙලා දැනෙන වෙහෙස නිවා ලන්න වසන්තයේ සුළං රොදක් මගෙ කුටියට කැඳව ගන්න ඔහේ ...
වෙරළ අරුණැල්ල හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා ...
සමාචාර අභිනන්දන - 2010 අරුණැල්ල සැඩ ඔය අපි තරණය කළෙමුපහුර සේ නුඹඅප එතෙර කළ නිසා..සරුංගල් සේමිහිර වින්දෙමුසුළඟ සේ නුඹඅප ඉහළ නැංවූ නිසා..ගගන තරු සේදිදුලන්නට වීමුරෑ අහස සේ නුඹඅඳුර පැතිරූ නිසා..නුඹේ දිරියෙන්අපි විශිෂ්ටයෝ වීමුසමාචාර අභිනන්දන ඒ නිසා....(සිරිධම්ම විද්‍යාලයෙන් 2010 A/L සමත් ව සරසවි වරම් ලද්දවුන් සිය ප්‍රනාම පුද කිරීමේ උළෙලේ දී ගුරුවරුන්ට පිරිනැමූ සමරුවේ අඩංගු සිතුවිල්ල..) ...
තනි වී.. අරුණැල්ල කුරහන් යායටඅටවක පිරිලාකරල් වැනෙනවාහඳ පානේ..තරු නැති පැහැදිළිහැඩි වී නැතිනිල් ආකාසේ..එක තනි තරුවක්බලා හිඳිනවාහොරෙන් වගේ..හමනා හුළඟටහිත හිරි වට්ටනවෙනදා වාගේතනිය දැනේ..තරුවට සඳ ඇත..මට අද නුඹ නැතතරුවට එයවැටහිලා වගේ...පා වී ආ කළුවලාකුලක් මැදසැඟවී යන්නේහොරෙන් වගේ...ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..http://nj-a.net84.net/thaniwee.mp3 ...
පිනි බිඳ.. අරුණැල්ල ගසක් අතු රිකිලි ලාමහත් තේජසින්හාත්පස විහිදීසිය රිකිලි හිස පැළඳිමලක් දකිනු රිසින්ඔබ මොබ සැලෙද්දීඑහි රැඳී එක් පිනි බිඳක්පත් අගින් ගිලිහීමහත් වෙහෙසක් දරාමුල සිප ගනු දුටිම්මලක් සොයාවෙහෙසට පත් ගසසෙමෙන් පිනි බිඳ දෙසට හැරීපවස සංසිඳුවා ගති.. ...
දිරියෙන් නුඹ.. අරුණැල්ල කරගැට මතු වීනුඹේ අත් රළු වීවිඩාව විඳිවත කමල මිලින වී...වියලි දෙතොල් අගසිනහව වියැකීවයසට වැඩියෙන්නුඹ වියපත් වී..දා බිඳු පිසින්නපමා නොවී නුඹදරු දිවි රකින්නදරනා වීරියමතු බුදු වන්නටපුරනා පෙරුමන් වේවා.. ...
ආදරණිය අක්කේ.. අරුණැල්ල මේ තරම් ආදරෙන්නුඹ මගේ ළඟ රැඳී..පෙර යම් භවයකපුරුදු ලෙසින් අපිසිනා සලන්නෙමුදබර වන්නෙමුවැළඳ ගන්නෙමුසෙනෙහසින්..නොවේ කිසියම්රාග සිතිවිලිකිම් ද නුඹ මාසොයුරිය යි... ...