ආයෙමත් හිනැහෙන්න.. අරුණැල්ල ගඟක් සේ නොගැලුවත්යන්තමින් නෙත් තෙමනකඳුළු බින්දු එක කරන්මතකයන් අමතන්න..සුසුම් පොදි මහ ගොඩක්හද බරින් හෙලුනාටහිනැහෙන්න ඒ වගේආයෙමත් ලස්සනට..ජීවිතේ ලස්සනයිආදරෙන් විඳ ගන්නතව ටිකක් ලංවෙලාලස්සනට හිනැහෙන්න.. ...
අහසට පොළොව සේ.. අරුණැල්ල ගිම්හානයේචණ්ඩ හිරු රැසින්වියළි සුළඟින්කර්කශ මහ පොළොවට..වස්සානයේසිහිල් දිය බිඳු වැටීමිහිකත සනහාලමින්නිම්න දිගේ ගලද්දී..අහසට පොළොවත්පොළොවට අහසත්නැතිව බැරි බවතේරුම් ගනීවිමුළු ලෝකයා ම.. ...
වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්.. අරුණැල්ල කප්පරක්තරම් නැතිපැතුම් එක් කරපොදි බැඳන්..සිත්තමක්විලස දුටුආදරෙන්සමු අරන්..වෙන් වෙලාගිය හිත්ආයෙමත්එක් කරන්..සොඳුරු දිවියකඅරුත් විසඳමුඅපේ දිවියටළං කරන්.. ...
නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න අරුණැල්ල කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතටතත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිදතුරුළු වී උන්නාට - සීතලට තනි රැයකඋණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමටහීනියට ඇස් අරින - හීනයක දැවටෙන්නමල් පිරුණු සිහිනයක - තුහිනයක පැටලෙන්නහිත් නොබිඳි ප්‍රේමයක - මල් සරය විඳ ගන්නනුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්නPosted by : රැංගෝ (ranGO) www.arunalla.tk ...
ලෝකෙත් එක්ක හැප්පෙන්න යන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකට ඔබෙන් උදව්වක් ඕන!! අරුණැල්ල ලෝකයේ රටවල් 127ක් සාමාජිකත්වය දරන, බ්‍රිතාන්‍යයේ, ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සැළකෙන්නේ ඉංජිනේරු ක්ෂේත්රයේ දැවැන්ත ම සංවිධාන කිහිපයෙන් එකක් විදිහටයි. Institution of Engineering and Technology, එහෙමත් නැතිනම් IET ලෙස මේ ආයතනය හඳුන්වනවා. මෙම ආයතනය වාර්ෂිකව IET Global Challenge නමින් තරඟයක් සංවිධානය කරනවා. ඉංජිනේරු ක්ෂේත්රයේ සියලු ම දෙනාට විවෘත මෙම තරඟය සඳහා IET හි සාමාජිකත්වය දරන ඕනෑ ම රටකින් කණ්ඩායම් ඉදිරිපත් විය ...
සඳ දිය වී සුනිල දියේ - අහස යටින් ඉරක් පිපේ අරුණැල්ල සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ.තරු මිලින ව අහස තලේපිණි බිඳු වී බිමට වැටේ.තරු ගණිනා අතරතුරේපුර හඳ මට මග නොහැරේ.සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ..මල් පිබිදී හදගිස්සේකොඳ සිතුවිලි ලිහී වැටේපියුම් පිපී සිතුම් විලේමුවරද මුසු පවන් රොදේසුවඳ දැනේ ආදරේ...සඳ දිය වී සුනිල දියේඅහස යටින් ඉරක් පිපේ.තරු මිලින ව අහස තලේපිණි බිඳු වී බිමට වැටේ..වන වදුලේ තුරු අතරේකඳු ...
දහම් සදහම් ගැටුම අරුණැල්ල වසන්තය අග - ගිම්හානයට පෙර පිපුණු කුසුම් වල වස මුසු ව ඇත මකරන්ද සුළඟේ එතෙන විටසුවැති මද නල නුඹ නසනු ඇතසබඳ, මතක ද අඳ කුඹුර ළඟමොට්ටැක්කිළියෙන් වසාගෙන හිසඅහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය ඇගේ දෑස මිස, නම මතක නැත... ඇනිකට් එක ළඟ මාළු නටන තැනසිනාසුණු තන්ගමනි මතක ද?පුංචි රතු මොට්ටුවතියා නළලත පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..දහම් සදහම් ගැටෙන විටනෑකම් අමතක ...
වියැළුණු සිතක් අරුණැල්ල හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇතිකිසිවෙකුත් තව - පය ගසා නැතිදුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇතිපතොක් ගසුත් පණ ගසනවා සකිකටුක ගිරි හිස - වලාකුළු ඇතිසොඳුරු වැස්සක - පැතුම් පිරී ඇතිවිටින් විට වැහි - වැටෙනවා ඇතිහැඟුම් ළපටි දළු - දමනවා ඇතිපතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇතිවිෂ පතොක් කටු - ඇනුණු සිදුරු ...
2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම! අරුණැල්ල නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත් සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි. 2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z ...
සඳ - හිරු - තරු අරුණැල්ල සඳ නැගෙන විට - සඳේ තනියටසිය ගණන් තරු මැවෙනවා නිල් ගුවන් තෙර - අඳුරු මුලුවලතරු යුවළ පෙම් කරනවා හිරු නැගෙන විට - සඳට පෙම් කළ තරු එකින් එක මැකෙනවා තරු නැතත් ලොව - එළිය වනු දැක නිරාමිස සුව විඳිනවා සෙනගක තනි වී - තරු මතක් වී හිරු ද කඳුලැලි හෙලනවා හෙලන සුසුමන් - නගන කඳුලැල් අඳුරු වලාවල රැඳෙනවා තවත් මොහොතක ...
අහවර පෙමක් අරුණැල්ල උණා සළු පිළි සේද - මුදා රන් හසගනනිරුවත් විණි ළමැද - එද' හද වසාගෙනදඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මතපොපියන රතදර - තැවරූ සුසුම් තොල් අගඕ නොදන්නී ය - කවියක් වන වගමිහිරි මතකය - එක් සොඳුරු යුගයකප්රේමය මළ තැන - හර බැර එක් කරහැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟසයුර හඬන තැන - අඳුරු වලා මැදරිදී ඉරක් විය - මැවෙන ...
දුම්රියේ දී ඇය ව දුටුවෙමි! අරුණැල්ල දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!විඩා පත් වුණු මුහුණු අතරින්දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවනහඳුනා ගතිමි ඒ නෙත් යුවළපෙර කාන්තිය තවත් නොරැඳුන..මෙතෙක් කල් මා නුදුටු ඒ රුවසිහිනයක රැඳී අපැහැදිලි රුවනිමක් නැති දුක් වින්ද ඇය' රුවදිගු රැයක සිත හඬවන ඒ රුවකඳුළු වියලුණු එහෙත් හැඟුම්බරයළිත් කඳුළට ඉඩක් නොතබනශක්තිමත් ඇය - එහෙත් දුර්වලඅසල උන්නී ය - මට ඉගැන්වූ ...
තනි වී.. අරුණැල්ල කුරහන් යායටඅටවක පිරිලාකරල් වැනෙනවාහඳ පානේ..තරු නැති පැහැදිළිහැඩි වී නැතිනිල් ආකාසේ..එක තනි තරුවක්බලා හිඳිනවාහොරෙන් වගේ..හමනා හුළඟටහිත හිරි වට්ටනවෙනදා වාගේතනිය දැනේ..තරුවට සඳ ඇත..මට අද නුඹ නැතතරුවට එයවැටහිලා වගේ...පා වී ආ කළුවලාකුලක් මැදසැඟවී යන්නේහොරෙන් වගේ...
සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්) අරුණැල්ල අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට ...
බලාපොරොත්තුව අරුණැල්ල තෝමර අරගෙන - රන් අසිපත් අරගෙනසුදු අසු පිට නැගලාපවුරු වළලු බිඳ - සිංහ නාද කරවීර විකුම් දක්වාතෙදැති බලැති නව - යොවුන් වියෙහි වනකුමාරයෙක් එන්නාසිහින ලොවක මතු - සැබෑ ලොවක නැතිකුමාරයෙක් එන්නාරම්ය සුරම්‍ය සුබ - නේක අනෙක විදමැදුරු ඔහුගේ වන්නාඑවන් නොයෙක විද - සුඛ පිරි ලෝකයනගේ නුඹට වන්නාමිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විදනුඹ පා සිප ගන්නාඅසෙකු පිටෙහි නැග - නුඹ ...
දිරියෙන් නුඹ.. අරුණැල්ල කරගැට මතු වීනුඹේ අත් රළු වීවිඩාව විඳිවත කමල මිලින වී...වියලි දෙතොල් අගසිනහව වියැකීවයසට වැඩියෙන්නුඹ වියපත් වී..දා බිඳු පිසින්නපමා නොවී නුඹදරු දිවි රකින්නදරනා වීරියමතු බුදු වන්නටපුරනා පෙරුමන් වේවා..
අවසානයේ සමනලයා මිය ගියේ ය. අරුණැල්ල සමනල තටු වලනෙක නෙක පාට සොරා ගත්වෛවර්ණ මකුළුවාදැල වියන්නට පටන් ගත්තේ ය.හිමිදිරියේ මීදුම් අතරින්දේදුනු පාට පෙති අතරසුවඳ සොයමින් සමනලයානෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..සමනල තටු වලනෙක නෙක පාට සොරා ගත්වෛවර්ණ මකුළුවාදැල වියන්නට පටන් ගත්තේ ය.සොඳුරු සමනල මාවතඅවුරා එළුණු දැලවළකන්නට විය කවුළුවසොඳුරු ලොවකට මග විවර කළපීරී ගෑ දළවල -විෂ පිරී ඇති වගනොදන්නා සමනල තෙමහෙළුවේ ය පහර - තියුණු දලයටහිසින් ඇන - ඇන..සමනල ...
අරුත නුඹ නම් අරුණැල්ල කවි සිතක නැගී දුක් හැඬුම්සිඳිමි බිඳ ලමි නිය පිටින්රිදෙන නෙත් යුග සනසමින්කඳුළු පිසලමි වී සඳ කැළුම්..නුඹ ලියන කවි කියවමින්දෙතත් විවරණ මදහසින්අරුත මා මිස අනෙක් නොව බවදතත් නො විමසමි වදනකින්..අකුර නිමියේ නගන පහන් පෙමඑළිය කරවයි ජීවිතේ අරුත නුඹ නම් ඇරඹුමෙහි සිටඉඩක් කුමට ද සිහිනයේ?ප.ලි. :වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා. Posted ...
අද අපේ රිසල්ට්ස් cover of අද අපේ තාත්තා - Ruhuna RockzZz අරුණැල්ල ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වලට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ.නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට චෝදනාවට ...