විසූක දස්සන හෙවත් සාදය අරුණැල්ල යතුරු ඉගිලෙත් ළඳුන් වෙත වැදහෙත් මුනින් දහස් පියලි වටනා යකඩ අස් රියවල උනුන් සතු.. සැලෙත නාරි ලතා කැල හැඩති බඳ ලෙලවමින මද පවන නොවැද, බෙර හඬට, රන් රුවැතිව රනින් දිදුලන පහන් සිල ලෙද.. සොටු පෙරාගෙන හඬත බිළිඳු ඈත නොලැබ සුහුරු පිටි කිර බෝතලයට වත් කර.. 'අම්මා නුඹේ කිරට ගියා' කියත් එහි වූ මැහැලියෝ අරුත් නැති පදයක් මිස වෙනෙකක් නැති ...
පෙම් කරන්න නොදැනෙන හින්දා.. අරුණැල්ල විළඳ කවාසුවඳ පැනින් නහවාරන් විමනේනුඹ සතපා..දොරගුලු හැර දැම්මා මහැර ගියාටගිරා මලිතිනුඹ කම් නෑමිනිස් හදටපෙම් කරන්නනුඹ තරමට වත්නොදැනෙන හින්දා..පුළුවන් නම් ඇවිත් යන්නරන් කූඩුවවැළපෙන හින්දා..
කුමට ද මට? අරුණැල්ල දියක් බොන්ට සෙම්බු කුමට මට දෝතටත් දිය පිරෙන්නේ සා ගිනි නිවන්න රන් තලි කුමට මට බෙලෙක් තලියෙත් බත් වැඩෙන්නේ.. දාහය නිවන්න පංකා කුමට මට මන්දස්මිතක් මෙහි හමන්නේ කඳුලැලි පිසින්න සළුවක් කුමට මට පවනේ කඳුලැලි මැකෙන්නේ කවක් ලියන්නට නින්දගම් කුමට මට තේවාවට දුන් පරවේණි තිබෙන්නේ නැතක් ගී වල තාල කුමට මට කවිය තනිකම නිවන්නේ...Posted by : Nj_A najathakram1@gmail.com ...
අසිරිය අරුණැල්ල ඉරා අඳුරු කඩනැගෙන විට හිරුගිලිහෙන්නට පළමුවියලෙන්නට වනපත් අග රැඳීපිනි බිඳක්විඳ ගන්නේයම් සේ දඑ හිරු කිරණින් මවිකසිත වනකැකුළක අසිරියඑපරිද්දෙන් ම...
සඳ, නුඹ බැස යන්න... අරුණැල්ල තරු කැටවල තනි රකින්න නෙක තරු මැද සඳක් වෙන්න කළුවර රැය එළිය වෙන්න රෑ අහසට නුඹ නැගෙන්න.. හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න සංහිඳ ළඟ නතර වෙන්න මල් පහන අරන් නිවාලන්න.. නුඹේ මතක මන්දිරයේ එළිය දැනෙන පාළු පැලේ අගුවක හෝ පිල්කඩයේ බිම් අඟලක් මට සෑහේ! Posted by : ...
ඉරබටු තරුව (හැඟීම් මාත්‍රයක් පමණි - කවියක් නොවේ) අරුණැල්ල නැතක් නම් තරු තැන් තැන් වල රාශි වෙලා.. තට්ට තනියම නුඹ විතරක්.. හඳ නැගුණත්, අමාවකටත්.. සීතල රෑටත්, ගිනි රස්නෙත්.. හැමදාමත් නුඹ එතන ම යි... බොහොම ඈත තරු දහස් ගණන් අතරේ කලබලේ දුවන දෑස් ඇයි නුඹේ ළඟ ම හැමදාමත් නතර වෙන්නේ.. ඒ නතර වෙලා බොහොම ශාන්තව බලාගෙන ඉන්නේ ඇයි කියලා තවමත් මට තේරුමක් නැහැ.. වෙලාවකට පහ තරුව ලු.. තවත් වෙලාවකට ඉරබටු ...
සඳ දිය වී සුනිල දියේ - අහස යටින් ඉරක් පිපේ අරුණැල්ල සඳ දිය වී සුනිල දියේ අහස යටින් ඉරක් පිපේ. තරු මිලින ව අහස තලේ පිණි බිඳු වී බිමට වැටේ. තරු ගණිනා අතරතුරේ පුර හඳ මට මග නොහැරේ. සඳ දිය වී සුනිල දියේ අහස යටින් ඉරක් පිපේ.. මල් පිබිදී හදගිස්සේ කොඳ... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ...
දිගේලි කන්දේ සිට නුඹට ලියමි! අරුණැල්ල සරා හෙවත් ආදරණීය නෑනන්ඩියේ, පාරමී දම් පුරා අපිස් වන්නට නඟෙ මා වෙසතුරු නොවේ.. ඈත හිම සේ දුකක් වෙන්නට දිගේලි කන්ද, බරණැස නොවේ නුඹේ ගීයට, නාඬා නිදියන ක්රිෂ්නජිනාලා නොම ලැබේ වංකගිරියේ දුක් නුහුරු නුඹ මන්ද්‍රි දේවී නම් නොවේ.. ලන්සු තියලා අහවරයි උන් තීන්දුයි දෑවැදි වෙන්දේසියේ.. චැප්ලින් කතගේ මදහස නොකැපෙයි නා දලු දෙතොලට රන් රුවේ කඳුළු පුරෝගෙන, දෙපා වැළඳගෙන නාඬා ඉඳින් ...
සංසාරගත ප්‍රේමය අරුණැල්ල මා මුසපත් කරවනඋපුල් නයන යුගැත්තිය,කන මී සා මිහිර වගුරන සිහින් සරැත්තිය,නෙතඳුන් සා දසුන් මවනසියුම් රුවැත්තිය,අමා රසයෙන්ම' සිත කුල්මත් කරන්නිය,දිමුතු දසන් දිදුලවාමුතු සිනා වස්සානය හැඩ කරන්නිය,ම' පුන් රත් පියුම නුඹසිත් විල සරසවන්නි ය..ශ්වේත වර්ණ වළා වියන යටසුපුෂ්පිත නේක කුසුම් මැදපංච කල්‍යාණිය,නුඹ විරාජමානවන්නීය..පබාවතිය සේ නුඹ,වීරිය පෙරුම් පුරවන්නී ය.මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...සංසාර සයුරු වෙරළ අසබඩනුඹේ නවාතැන පල වෙත,තීර්ථ ...
සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය අරුණැල්ල නුඹට වෛර කළ කඳුළ,බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,නුඹ වෙනුවෙන් වග උත්තර බඳිනමගේ නෙත් බොඳ කළා...නුඹට වෛර කළ කේශ නාලිකා,නුඹ දැක ගන්නටනොනිත් ආශාවෙන් පෙළුණුදෙඇස, ලෙයින් පිරවුවා..නුඹ වෙනුවෙන් නික්මන්නඅකමැති වුණු ඉකිය,නුඹ වෙනුවෙන් හෙලුණු සුසුමමොහොතකට ඇද සිර කළා..නුඹේ සුවඳට වෛර කළ නාසය,ඒ සුවඳ යළි නො එන්නට,ඇසෙහි පිරවුණු කඳුළු ගෙනසංවේදක වසා දැමුවා..නුඹේ හඬ අසන්නට රිසි වවට පිට බලන විට හිස,නුඹේ හඬට වෛර කළ දෙකන්තදින් ...
ආදරණිය අක්කේ.. අරුණැල්ල මේ තරම් ආදරෙන්නුඹ මගේ ළඟ රැඳී..පෙර යම් භවයකපුරුදු ලෙසින් අපිසිනා සලන්නෙමුදබර වන්නෙමුවැළඳ ගන්නෙමුසෙනෙහසින්..නොවේ කිසියම්රාග සිතිවිලිකිම් ද නුඹ මාසොයුරිය යි... ...
වෙන් ව ගිය මිතුරාට අරුණැල්ල සහසක් සතන් සුව සදවන වරම් ලබාපහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණාපියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළාකාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා..මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නුනිල් දිය දහර වී එක ගඟකට වැටුණුසිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණුඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු..සසර සරන තුරු අප අතරේ ඉපදේවානුඹේ සිනා මුව මඩලේ දිදුලාවාමින් මතු ...
හම්බන්තොට trip එක අරුණැල්ල මම මේ කියන්න යන සිද්ධිය සිද්ධ උනේ 2010 අවුරුද්දේ.. දවස නම් මතක නෑ.ඒත් ඉන්ටර්වල් එකට පස්සේ පීරියඩ් ඒකෙ කියල නම් මතකයි.අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ට එක පාරට පරණ සීන් එකක් මතක් උනා.එයා දැකපු පත්තරේක තිබුන දෙයක්.තව සති දෙකකින් හම්බන්තොට වරායේ නැව් තටාක වලට වතුර පුරවනවා කියල පත්තරේ තිබුන කියල කිව්වා..ඒක අහපු අපේ කජ්ජා ඒක පාරට ෆෝම් උනා..මිනිහට ඕන උනා හම්බන්තොට යන්න ...
දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන) අරුණැල්ල ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ...
ආතල් අවුරුදු දෙකහමාර.. (හඳුන්වා දීම) අරුණැල්ල හැමදාම කවි ම ලියන ඒක ගැන සමහරු මට ලෙඩේ දානවා..එක එක සවුත්තු කතා කියනවා.මොකක් හරි ආතල් කතාවක් කියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා.මම දන්නේ නෑ මට ඒ වගේ කතා ලියන්න පුළුවන් ද බැරි ද කියලා.ඒත් නිකමට පොඩි උත්සාහයක් දෙන්නම්..මේ කියන්න හදන්නේ කතාවක්..ඒක ඇත්ත නේ..මොන මෝඩයට ද මෙහෙම කියද්දී මේක කවියක් කියලා හිතෙන්නේ??කමක් නෑ..ඔන්න මේ මෝඩයා ඒක එතන ඉඳං ම කියන්න හදන්නේ..ඇත්තට ...
වෙන් වීම අරුණැල්ල දෑත බිම ඔබා, පස්සට වාරු වීගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟනුඹ නිහඬව හුන් තැන, අද මම තනිවමසුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..වක්කඩ ළඟ, දිය බොර කර නටාපුතිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයිතටු අකුලාගෙන,කඳුළු දරාගෙන,මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයිඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..රතු රෝස මල් වෙනුවට දෑතේ, සුදු අරලියා මල් පිපිලාරොබරෝසියා මල් යහනා වෙනුවටවතුසුදු මල් පාවඩ එළලා.එරබදු ගස් ...
පින් මදි වී නුඹ.. අරුණැල්ල යන්තමින් තද කර ගත්අතැඟිලි නොවන්නටසුළඟට හසු වීඉවතට විසි වනදුහුල් සළුවටදෙවුර මුවාකරහිරිකඩින් පෙඟීඇඟට ම ඇලවුණුකඩමලු දවටාකඩ පිලෙන් නික්මීයහනකට ගුලි වන්නටපින් මදි වුයේවැදු පුතුන් හටනුඹ අමතක වී ද?අක්කණ්ඩියේ... ...
හුණුවටයේ කතාව නැරඹුයෙමි. අරුණැල්ල හෙල ගැඹුරුයිපුත නොබලන්සෙලවෙන කොටවැල් පාලමදෑස බයෙන්බිම නොබලන්අපට පුතේ මගක් නැතේමේ මග මිසයමන පුතේ දෙවියෝ බලයිමුණ නුඹේනුඹව රකියි යමන් පුතේසිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් ...
කම්මලේ බල්ලා.. අරුණැල්ල උදේ ඉඳලාහවස් වෙනකම්අතෝරක් නැතිමහා හඬ මැදසුවෙන් සැතපීනිදන අපූරුව..නුඹේ ගොරහැඩිවදන් අහලාහේතුවක් නැතිබැනුම් විඳලාපුදුමයක් නෑමටත් පුළුවන්නොදැනුනා වාගේකම්මලේ බල්ලාට... ...