නගරය අරුණැල්ල ආං බලාපියව්... කෝට් බෑය ජැන්ඩි පහට මුණ බලන සපත්තු දෙක කරකවාපු උඩු රැවුල ඒ මහත්තැන්ගේ තේජස!! තෝ හොරිකඩයා තෝ මොකාද? මුඩුක්කු වල බල්ලෝ හිඟා කන්නේ, අත පය නැද්ද? හායි ඩියර් වට්ස් අප් දෙයර් ඩු යූ වෝන්ට් සම් බියර්? චී.. බලන්න මෙයාලගේ ගඳ.. ගමේ වාගේ නොවෙයි මෙහේ සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු කොන්ක්‍රීට් වනන්තරේ අතරමං වෙයි නිරතුරු ගමෙන් ගිහින් අපි තාමත් ඒ ...
රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක් අරුණැල්ල 2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, ...
ඇය සහ හදවත අරුණැල්ල ඇඟ හිරිගඩු පිපෙන සීතල වියළි උදෑසනක, කෙම් බිමක් නොපෙනෙන කටුක රළු කතරක, ඇයව දුටුවෙමි මම, හදවතක් පතා ඇවිදින.. ඇගේ සියුමැලි නොකිලිටි හදවත මට ම හිමි කර ගනු පිණිස ගලවා දුනිමි මම කලබලයෙන් මගේ හදවත.. කලබලය වැඩි කමට - මට වම් කර්ණිකාවට මදක් පහළින් දකුණට අනතුරුව ටිකක් ඉහළට ඉරි තැලුණි හදවත.. මගේ හදවත ගෙන වමතට ඇගේ හද මට දෙනු වෙනුවට පිටුපා ...
දන්නා නන්දා මාලිනිය ගැන නොදන්නා දෙයක් අරුණැල්ල බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය. අගමැතිවරයා ප්රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති ...
2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම! අරුණැල්ල නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත් සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි. 2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z ...
නොලැබීම අරුණැල්ල කඳුළු කැටවලින් සිමෙන්ති දිය කර වැගිරෙන දහදියෙන් පිරියම් කර සේද වලාකුළු වියන් මැදි කර අහසේ තැනූ සිහින මාළිගාව, කිරුළ දරන්නට පෙර කෑලි කැඩී බිඳී විසිරිණි.. Posted by : Nj_A najathakram1@gmail.com ...
ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර අරුණැල්ල ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා ...
මගේ පුංචි කුමාරියේ අරුණැල්ල මැද පෙරදිග ගිනි අව්වේ වියළි කටුක දුහුවිල්ලේ සෙවණක් නැති වැලි කතරේ දැවුනු වතට සිසිල දෙන්න සීගිරියට නැගෙනා හිරු කොටු පවුරට මුදුන් වෙලා රූමස්සල කඳු අතරින් මැකිලා යන හැටි බලන්න මකරන්දය ගලා හැලෙන සිහිල් මිහිරි උදෑසනේ මා එන තුරු මගෙ මලේ බඹර පහස නොලැබ ඉන්න.. දවස පුරා වෙහෙස වෙලා දැනෙන වෙහෙස නිවා ලන්න වසන්තයේ සුළං රොදක් මගෙ කුටියට කැඳව ගන්න ඔහේ ...
සිත්තරා රැවටීම අරුණැල්ල ජීවිත උයනේ සක්මන් කරනා සිංහ රුවක් ඔහු සිතුවම් කෙරුවා.. වෘක වෙසක් ගෙන සිත්තර රවටා, සිඟාලයෙකු සේ හූ හඬ නංවා, සුලු දිය පහ කොට සුනඛ විලාසෙන්, කපටි සිංහයා සිනාසුනා.. ඒ දිය වැදිලා සිත්තර සිතුවම් පාට බොඳ වෙලා දහදිය වැගිරෙන දෑතහි දිය වී කාසි කොළ වල පාට හේදිලා.. Posted by : Nj_A najathakram1@gmail.com ...
මගේ පැමිණීම සහ ඔබේ නොපැමිණීම - කෙටි කතාව අරුණැල්ල සත් සමුදුරෙන් එහා දුර රටක හැදිලා වැඩිලා ආයෙමත් තමන්ගේ මවු රට හොයාගෙන ආපු ඔයා, උපන් බිමෙන් සැතපුම් ගාණක් ඈතට ඇවිත් ගාල්ලේ ම නතර වෙන්න හේතුව සමහර විට අපි දෙන්නා හමු විය යුතුයි කියලා දෛවයේ ලියවී තිබීම වෙන්න ඇති. මුලින් ම ඔයාව දැකපු දවසේ ඔයාගේ මුහුණේ තිබුණු ඒ ලස්සන හිනාව දිහා බලාගෙන කොයි තරම් වෙලා හිටියත් ඇති වෙන එකක් නැහැ කියලා ...
වාස්තවික ලෝකය, විද්‍යාත්මක ක්‍රමය සහ ආත්මාර්ථකාමිත්වය.. (අපේ දැනුම ලිපි අංක 2) අරුණැල්ල අප අවට පවතී යයි සිතන ලෝකය (හෙවත් වාස්තවික ලෝකය) සැබවින් ම පවතී ද යන්න (යතාර්ථය ද යන්න) සිතා බැලීමට වටිනා කරුණකි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට උත්සාහ දරනුයේ ඒ පිළිබඳව යි. මේ (වාතවික) ලෝකයේ පවතී යැයි හැඟෙන යම් යම් දෑ, අපගේ පංචෙන්ද්‍රිය භාවිත කරමින් අපි දැන ගන්නෙමු. උදාහරණයක් ලෙස,මට මේ ලියන ලද අකුරු පෙනෙන්නේ කළු පැහැයෙනි. ඔබගේ තිරයේ දෝෂයක් නොවේ ...
අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය අරුණැල්ල අතේ එකෙකි කරේ එකෙකි බණ්ඩි ගුරා එක්ක තුනකි නළඟන සේ ඇය, පසු පස්සෙනි.. ශී ශී අනේ ඒ සී මදි මේක ඇතුලේ හරි රස්නෙයි තව මොනවද ඇය කියවයි බණ්ඩි ගුරා පවන් සලයි.. වැඩිමහල්ලා ලෙඩ පාට ය ආලි මෑලි ගතිය ඇති ය දෑස ඔහුගේ, ඇගේ මෙන් ය නාසය නම් ගුරුගේ වැන්න.. බාලයා නම් දඟ පාට ය දෑස, ඇගේ ලෙස ම නිල් ...
කවුළුවෙන් එපිට වසන්තය අරුණැල්ල කාමරය පුරා දෑස් ඔබ මොබ දුවන්නට විය.. තැන් තැන් වල අවුස්සා දැමූ කඩදාසි ගොඩවල් ය... තවත් තැනෙක ගොඩ ගැසුණු කිලිටි රෙදි තොගයකි.. දාස් (Daas) පොත මත දුවිලි බැඳී ඇත.. වසා නොදැමූ ජනේලයේ මකුළු දැල මත කෘමී ශේෂ රැසකි.. හෙමින් සීරුවේ කවුළුව වෙතට ලං වුනෙමි.. වසන්තයේ පිපි සුන්දර කුසුම් තවමත් විකසිත ය.. අතුපතර විහිදූ මැයි ගස කොළ නොපෙනෙන තරම් ම ...
යෞවනය, ආදරය සහ සියදිවි නසා ගැනීම අරුණැල්ල අද දවසේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා තුන් හිතකින් වත් නොහිතපු මාතෘකාවක් යටතේ post එකක් දාන්න සිදු වුණා.. මේ, ඒ පිළිබඳව.. ස්ථානය : University of Ruhuna - Faculty of Engineering, LT 01 වේලාව : දහවල් 12.30 අද දවසට නියමිත දේශන අවසන් වෙලා, අපි දේශන ශාලාවෙන් (LT 01) පිටතට පැමිණෙමින් සිටියා. ශාලාවේ දොරට ලං වෙනවාත් එක්ක ම කවුදෝ එකෙක් "රැංගෝ" ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 4 කොටස අරුණැල්ල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අන්තරාදායක ම භුමි කලාපය වන රත්ගමයාගේ කාමරයේ වාසයට පැමිණ මේ වන විට දින 4 ක් ගෙවී ගොස් ඇති අතර මම තවමත් ආරක්ෂිතව, පසුවෙමි. ඒ ශුභ ආරංචියත් සමග මේ දිග හැරෙන්නේ එකී මෙහෙයුම් වාර්තාකරණයේ සිව් වන දිග හැරුමයි.. 1 කොටස 2 කොටස 3 කොටස මාකස් ප්‍රනාන්දු ශාලාව අද උදේ රත්ගමයාට ලෙක්චර්ස් තිබුණේ නැතත්, මට උදෙන් ම අවදි ...
ජීවිතය පිලිබඳ ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 3 කොටස අරුණැල්ල රත්ගමයා සමග සතියක් පේරාදෙණියේ ගත කිරීමේ මහා මෙහෙයුමේ තුන් වන දිනය අවසානයේ දිගහැරෙන සිංහාවලෝකනය යි මේ... මෙතෙක් සිදු වූ දෑ පිළිබඳව නොදන්නා යමෙකු වේ නම් පහත ලින්කු ඔබා දැන ගන්නා මෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි! ස්තුතියි! හෙක් හෙක්!! 1 කොටස 2 කොටස ඊයේ පෝස්ට් එකේ විදියට ම අද නිවාඩු දවසක්.. ඒ හින්ද ම කොහොම හරි කැම්පස් එක වටේ රවුමක් ...
ජීවිතය පිළිබද ආශාව අත හැරීම හෙවත් රත්ගමයා සමග සතියක් ගත කිරීම - 1 කොටස අරුණැල්ල ඔන්න ඔහේ ගෙදරට වෙලා වේලි වේලි ඉන්දෙද්දී නිකම් ඉන්න බැරුවට බුකිය පැත්තේ රවුම් ගහන්න ගිය වරදට, පේරා කැම්පස් එකේ වල ගැන තිබුණු පෝස්ට් එකක් දකින්න ලැබුණා..රැංගෝ ට ඉතින් ඒ වගේ එකක් දැක්කම නිකම් ඉන්න බෑ නේ.. සතියක් ම දිග නිවාඩුවක් තියෙන හින්දා කොහොම හරි යන්න ඕන කියලා පත සයිස් එකේ ආසාවක් ආවේ මට නොදැනීමයි!කාටද කතා කරන්නේ? පේරේ අම්බානක් දන්න එවුන් ...
ආදරණීය ඔබා මාමේ! අරුණැල්ල ලෝකේ පෙරලුනත් අඟහරුවාදාට කලින් පෝස්ට් එකක් දාන්නේ නෑ කියලා හිතාගෙන උන්නට හිතුවේ නෑ කවදාවත් උඹ හින්දා මට පෝස්ට් එකක් දාන්න වෙයි කියලා.. ඒ කාලකන්ණි ආරංචිය අද උදේ එද්දී මම බ්ලොග් එකක් වත් කියවන මානසිකත්වයකින් නෙවෙයි හිටියේ. ඒත් ඒ මොහොතේ ම ඇවිත් බලද්දී සයිබරය පුරා ම ඔබා මාමගේ ගැන පෝස්ට් වැටිලා.. ජීවිතේට එක ම වරක් විතරක් හමු වෙලා කතා කරලා ...
වරම් අයැදීම අරුණැල්ල අද පෝස්ට් කරන කවිය නම් මම ලියපු එකක් නෙවෙයි. සමහර තැන් වලට පොඩි පොඩි දේවල් ටිකක් මම අලුතින් එකතු කළා. මගේ යාලුවෙක් හිතාගෙන ඉන්නේ එයාට ලියන්න බැහැ කියලා. මේ පෝස්ට් එක එයාට කියලා බලෙන් වගේ ලියවපු එකක්. මතක ඇතිව තමන්ට දැනෙන විදියට හොඳ-නරක කියලා යන්න.. ඒක එයාට ශක්තියක් වේවි.. අහඹුවකි පිය සටහන් නොඉඳුල් හද වැලඳ ගත්.. උදා වූ කල, ඒ ...
ඉරබටු තරුව (හැඟීම් මාත්‍රයක් පමණි - කවියක් නොවේ) අරුණැල්ල නැතක් නම් තරු තැන් තැන් වල රාශි වෙලා.. තට්ට තනියම නුඹ විතරක්.. හඳ නැගුණත්, අමාවකටත්.. සීතල රෑටත්, ගිනි රස්නෙත්.. හැමදාමත් නුඹ එතන ම යි... බොහොම ඈත තරු දහස් ගණන් අතරේ කලබලේ දුවන දෑස් ඇයි නුඹේ ළඟ ම හැමදාමත් නතර වෙන්නේ.. ඒ නතර වෙලා බොහොම ශාන්තව බලාගෙන ඉන්නේ ඇයි කියලා තවමත් මට තේරුමක් නැහැ.. වෙලාවකට පහ තරුව ලු.. තවත් වෙලාවකට ඉරබටු ...