කුහුඹුවාගෙන් පාඩම් හරීගේ හීනලන්තය අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න. ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.එහෙත් ඌ ගිම්හානයේදී ආහාර සපයා ගනියි; ගොයම් කපයන සමයේදී කෑම රැස්කර තබයි.අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහිද? නින්දෙන් අවදි වන්නේ කොයි වෙලාවෙහිද? තව ටිකක් නිදාගනිමි, තව ටිකක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි'යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන්ද එනු ඇත.(හිතෝපදේශ ...
නම නොදන්න ගහ හරීගේ හීනලන්තය වෙලාව උදේ හයට විතර ඇති. මට එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කන ගාවම කන පැලෙන්න කුරුල්ලො කෑගහනවා ඇහිලා. මුන්ගෙ තියෙන කන්කරච්චලේ මිනිස්සු මොකට කුරුල්ලන්ගෙ සද්ද අහන්න කුරුල්ලො බලන්න 'කුමන' ගාටනවද මන්දා? මම හිතින් බැන බැන නැගිට්ටා. මොකද සද්දෙ බලන්න ජනේලෙ ඇරියා. ජනේලේ ළඟම තියෙන නම නොදන්න ගහේ කුරුල්ලො ගොඩාක් වහලා එක එක ජාතියෙ උන්. උන්ට උදේ පාන්දරම හොඳ කෑමක් ලැබිච්ච චිත්ත ප්‍රීතියටද ...
පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. අද ඉඳන් කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් ...
ස්වයං-විඳවීම 1 හරීගේ හීනලන්තය කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. ...
GPS, මාව කාපන් හරීගේ හීනලන්තය වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා ...
ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං...... හරීගේ හීනලන්තය මම කලින් කතාවක කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් . මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච ...
දන්සල යකා වෙච්චි හැටි. හරීගේ හීනලන්තය කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර ...
ජේසුස් වහන්සේගේ උත්ථානය හරීගේ හීනලන්තය නත්තල් කාලෙ කොහොමද මේ ජේසුස් වහන්සේගේ උත්ථානයක් ගැන කතා කරන්නේ කියලා හිතෙනවද මන්දා? මේක නත්තල් කාලෙ වෙනුවෙන් ලියවෙන ලිපියක් නම් නෙමෙයි. මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම කියාගෙන කියාගෙන ආවා.මුලින්ම කිව්වෙ ජේසුස් වහන්සේ ගවමඩුවක ඉපදිච්ච හැටිනෙ. ඒ විස්තරේ මෙතනින් බලන්න. ඊළඟට කිව්වෙ උන් වහන්සේ බෞතීස්ම ස්නාපනය ලබලා ප්‍රසිද්ධ ජීවිතය පටන්ගත්තු හැටි. ඒ ටික ඔක්කොම මෙතනින්. ඊළඟට ගෝළයන් තෝරාගැනීම, ...
ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය හරීගේ හීනලන්තය මම කියාගෙන යන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කට්ටියට මතකයි නේද? ජේසුස් වහන්සේගේ උපතේ විස්තරත් උන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැනත් කලින් ලිපිවල කතා කළානෙ. අද ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන කතා කරමු. කලින් ලිපි මඟහැරුණු අය වෙනුවෙන් තමයි මේ ලින්කු ටික පළ කරන්නෙ.1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න3. ජේසුස් වහන්සේගේ ...
සලාත් (ප්‍රවේසම් වන්න) හරීගේ හීනලන්තය (ගත්තෙ මෙතනින්)ජීවිතය විටින් විට අපට පාඩම් කියාදෙයි. වරෙක පොතෙන් පතෙන්ද, තවත් වරෙක තමන්ගේම අත්දැකීම් තුලින්ද, තවත් වරෙක අන්‍යයන්ගේ අත්දැකීම් ඇසුරෙන්ද අපි පාඩම් උගන්නෙමු. විටෙක එකම පාඩම කිහිපවරක්ම උගන්නෙමු. කෙටිකලක් තුළ පිරිසකට ස්වකීය අත්දැකීම් තුළින්ද තවත් පිරිසකට අන්‍යයන් දෙස බලාද පාඩම් ඉගෙනගැනීමට සැලස්වූවෙකි, සලාත්.නූස් නොමිටි සාමාන්‍ය ප්‍රමාණයේ දේහයකින් යුක්තවද මනාව නඩත්තු කළ කෙස්වැටියකින් හා රැවුළකින්ද යුක්තවූ ඔහු අන්‍යයන්ට ප්‍රියමනාපව පෙනෙන ආකාරයෙන් ...
සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා... හරීගේ හීනලන්තය කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.සරල රොබොට්ටෙක් හදමු.......1 කොටසසරල රොබොට්ටෙක් හදමු.......2කොටසසරල රොබොට්ටෙක් හදමු.......3 කොටසසරල රොබොට්ටෙක් හදමු.......4 කොටසඅද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.අද උදේ මම e-mail බලද්දී මට ගොඩාක් සතුටු හිතුනා ඇවිල්ලා ...
සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස හරීගේ හීනලන්තය කලින් post එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටසසරල රොබොට්ටෙක් හදමු....... 2කොටසසරල රොබොට්ටෙක් හදමු....... 3 කොටසදැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ. 11 පියවර - on/off ස්විච්චය දැමීම.ඕනවෙලාවට බැටරි දානයි එපා වෙලාවට ගලවන්නයි මල කරදරේනෙ. ඒක ...
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස හරීගේ හීනලන්තය කට්ටිය මග බලාගෙන ඇතිනෙ රොබෝව හදන්න. (අක්කිලා නංගිලා මෙව්වට නැතිපාටයි. එක comment එකක්වත් නෑනෙ. මොනවද හලෝ ගෑනු වගේ ඉන්නෙ නැතුව පොඩි ට්‍රයි එකක් දෙන්නකො :) )මෙන්න තුන්වෙනි කොටස. ඕගොල්ලො රොබෝව හදන්න ගන්න ඕන බඩු ගැන දන්නේ නැතිනම් පහල සබැඳියෙන් යන්න.සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටසමෙතෙක් රොබෝව හැදුව හැටි බලාගන්න.සරල රොබොට්ටෙක් හදමු....... 2 කොටසට යන්න.ඕගොල්ලෝ ඒ කොටස් දෙකේ හැටියට වැඩ කලානම් පහල ...
ලෝකයේ ලස්සනම පල්ලි (හැබැයි පින්තූර තමයි) හරීගේ හීනලන්තය අද පොඩි වෙනසකටත් එක්ක පින්තූර ටිකක් විතරක් දාන්න හිතුවා. ඉතින් මම අද ඔයාලාට පෙන්වන්න යන්නෙ ලෝකයේ ලස්සනම කතෝලික පල්ලි කිහිපයක්. ඇත්තම කිව්වොත් මේ ලිපිය ඉංග්‍රීසි ලිපියක අමු කොපියක්. ඒ ලිපියට පාර අන්තිමට ඇති. පල්ලි ලෑස්තුගත කරලා තියෙන්නෙත් ඒ ලිපියෙ විදිහටම තමයි. හැබැයි මම ඒ ලිපියට වඩා පින්තූර එකතු කළා.10. ස්වර්ගාරෝහණයේ බැසිලිකා සිද්ධස්ථානය (Basilica of the Shrine of the Assumption, Baltimore, ...
මඟුලකට ලෑස්ති වෙනවානම් කොච්චර කාලෙකට කලින් වැඩේ පටන් ගන්න ඕනෙද? හරීගේ හීනලන්තය වෙලාව හවස 2ට විතර ඇති. කාපු බීපු තැන්වල සතා සර්පයා වත් ඉන්නේ නෑ කියලා කතාවක් තියනවානෙ. කාලා බීලා ඉවරවෙලා කෝට් බෑය හරිගස්සා ගත්තු මම ලිෆ්ට් එක ළඟට ආවෙ ගෙදර යන්න හිතාගෙන. එතනදී මට ආයෙත් මුණගැහුණා කලින් වැඩපළේ මාගේ බොස්ව බොසුත් කලින් වැඩපළේ සගයින් කිහිපදෙනෙකුත් මමත් අපි හැමෝම ගිහිල්ලා හිටියේ අපිත් එක්කම වැඩකළ යාලුවෙක්ගේ නඩු තීන්දුවකට. මොනවා කරන්නද මිනිහා ජීවිතාන්තය දක්වා ...
අතීතයේ දිව්‍ය පූජාවකට ගියෙමි හරීගේ හීනලන්තය අතීතයේ??දිව්‍ය පූජාවකට??මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් ...
පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද.. හරීගේ හීනලන්තය "මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට ...
තෝබිත්ගේ කතාව 4 - තෝබියස්ට මොකද උනේ? හරීගේ හීනලන්තය ගියපාර කතාව නතරවුනේ හොඳ තැනකින්. මතකයි නේද? කාලයක් ගතවෙච්චි හින්දා කට්ටියට කතාව මතකද මන්දා? :) මතක නැති අය පහුගිය කොටස් තුන කියවලාම එන්න. අන්තිම කොටසෙදි, තෝබියස් මංගල රාත්‍රිය ගත කරන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කතාව 'මතු සම්බන්ධයි' උනානෙ. අද අපි කියවමු එතනින් එහාට සිද්ධ වෙච්ච දේ. මේ කොටසෙදි ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මංගල රාත්රියේදී තෝබියස්ට මොකද උනේ? තෝබියසුත් සාරාගේ ...
දියෙන් මතුවූ කුමරා..... පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස) හරීගේ හීනලන්තය මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ජාකොබ්ට පුතුන් 12කි. ඔහුගේ පුතුන්ගෙන් කෙනෙකුවූ ජෝසෙප් අනික් පුතුන් විසින් වහලෙකු ලෙස මිසරයට විකුණනු ලැබේ. එහිදී රටේ රජතුමාගේ හිත දිනාගන්නා ඔහු රටේ දේශාධිපති තනතුරට පත්වේ. පසුව තම සහෝදරයින්වත් මිසරයට ගෙන්වා ගැනීම නිසා ජාකොබ්ගේ පරපුරම මිසරයේ පැතිරයයි. එහෙත් ඉතිහාසය නොදන්නා රජෙකුගේ පැමිණීමත් සමඟම පරපුරම වහලුන් බවට පත්වේ.පොරොන්දු වූ ...