ගාලු කොටුව, කොළඹ කොටුව දැක්කට මීගමු කොටුව දැකලා තියෙනවද? හරීගේ හීනලන්තය ගාලු කොටුව, කොළඹ කොටුව තරම් මීගමු කොටුව ප්‍රසිද්ධ නම් නෑ. ප්‍රසිද්ධ නැති උනාට ඒකත් කොටුවක්නෙ. අද කියන්න යන්නෙ මීගමු කොටුව බලන්න ගිය විස්තරේ. මට පුරාවිද්‍යාව ගැන එච්චරම උනන්දුවක් නැති හින්දා පුරාවිද්‍යාත්මක වටිනාකම නම් හොයන්න ගියේ නෑ. ඒත් ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ඔත්තුවෙන් ගිහින් වටිනා විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන ...
රබර් වතුගානෙ කරක් ගැසූ අපේ ළමා දිනය හරීගේ හීනලන්තය අන්තර්ජාලයේ සැරිසරද්දි කොළඹ අගරදගුරු පදවියෙ නිල වෙබ් අඩවියට හදිස්සියෙම ඇතුලු වුනා. මේ පාර ළමා දිනය ගැන විස්තරත් දාලා පින්තූරත් එක්ක. මගේ මතකය ගියෙ අවුරුදු ගානක් අතීතෙට. මට මතක හැටියට පහ වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකන් අවුරුදු ගාණක් මම ළමා දිනේට යන්ඩ ඇති. අවුරුද්දකට පාරක් ලැබෙන ඒ දිනය මට නම් සුන්දර මතකයක්. ඊළඟට මතක් වුනේ මගෙ බ්ලොග. මේ අත්දැකීම බ්ලොගේ දැම්මා ...
නොවැම්බරේ මොකෝ කරේ හරීගේ හීනලන්තය ගිය නොවැම්බර් මාසෙ තමයි මම මුලින්ම කතෝලික චාරිත්‍ර ලිපියක් ලිව්වෙ. ඒ වගේම ඒ මාසෙ එක දිගට දවස ගානෙ ලිපි පහක්ම දැම්මා. දවස ගානෙම දාපු නිසාද කොහෙද ඒවට එච්චර කියවන අයගේ අවධානය ලැබුනේ නැතිද කොහෙද. ඉතින් ආයෙමත් ඒ ලිපි වැදගත් වෙන කාලසීමාවක් ඇවිත් තියෙන නිසා ඒ ටික ආපහු මතක් කරන්න හිතුනා. මළවුන්ගේ නොවැම්බරය... නොවැම්බර් මාසෙදි කතෝලික සුසාන භූමි වගේම පොදු සුසාන ...
පූජා උදව් කොලුවා හරීගේ හීනලන්තය දිගින් දිගටම පෞද්ගලික අත්දැකීම්ම ලියපු හින්දම අද හිතුවා වෙනස් එකක් ලියන්න. අද කියන්න යන්නෙ පූජාවට උදව් වෙන ළමයි ගැන. සමහර අයට තේරුනත් වැඩි දෙනෙකුට තේරෙන්න නැතිව ඇති එහා පැත්තෙ තියෙන පිංතූරය දැකලාවත්. එහෙනම් ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්නෙ නැතුව අපි යමුකො ලිපියට. පූජා උදව් කොලුවෙක්(Altar server) කියන්නෙ කතෝලික ආගමේ හෝ වෙනත් කිතුනු සභාවක පැවැත්වෙන දිව්‍ය පූජාවට(Mass) පියතුමාට උදව් කරන ...
පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට ) හරීගේ හීනලන්තය මේ අවුරුද්දේ මුලම මම පොරොන්දු දෙකක් වුණා එකක් සෝරෝට අනික ගෝල්ඩ්ෆිෂ් හෙවත් යාලු මාලුවාට. එක එක වැඩ අස්සේ ඕක දවසින් දවස කල් ගිහින් අවුරුද්දෙ අන්තිමේටත් ආවා. ලබන අවුරුද්දටනම් අදින්නේ නෑ කියලා හිතලා තමයි මේක කොටන්න ගත්තේ. සොරෝට වෙච්චි පොරොන්දුව තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්දැයි පැහැදිලි කිරීම. එතකොට ගෝල්ඩ්ෆිෂ්ට කිව්වානෙ මම හදන්න කියලා දුන්න රොබාගෙ pdf එකක් දෙනවා කියලා. අද ඔය ...
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හරීගේ හීනලන්තය "මොකක්ද අර පල්ලියේදි ඔයගොල්ලන්ට දෙන සුදු පාට පෙත්ත? " බෞද්ධ මිත්‍රයෙක් දවසක් මගෙන් ඇහුවා. බ්ලොග් අවකාසෙ ඉන්න ගොඩක් කට්ටියටත් ඔය ප්‍රශ්නෙ ඇති. ඒවගේම එහෙම එකක් දෙනවා කියලා දන්නෙ නැති අයත් ඇති. ඒ ඔක්කොම අයට දැනගන්නත් එක්ක ඒ මිත්‍රයට මම දීපු උත්තරය තමයි අද කතාවට පාදක වෙන්නෙ. ලිපිය කියවලම වැඩි විස්තර දැනගනිමු.බෞද්ධ අය දළදා වහන්සේට කොච්චර ගෞරවයක් දක්වනවාද කියලා මම දන්නවා. ...
මමත් ජෙරී වගේ හරීගේ හීනලන්තය දුර බැහැර කොම්පැනියකට යන එක අතෑරලා ගෙවල් අහල පහල තැනක ජොබ් එකක් හෙව්වෙත් පාන්දර ජාමෙ බස් වල පැය ගණන් රස්තියාදුවෙලා වැඩට යන්න බැරිකමට. ඒවගේම දවසම මැරිලා මැරිලා තවත් පැය ගානක් බස් ඇතුලෙම මහ මඟ මැරෙන්න බැරිකමට. ඉතින් ළඟ අහල පහළින්ම ජොබක් හොයාගන්ඩ ලැබුන එකට හරිම සන්තෝසයි. උදේට යන්න තියෙන දුර අඩු හින්දම මම නැගිටින්නෙ පාන්දර 6.15ට විතර. ඒ කිව්වෙ මම ...
එහෙනම් අතනට දෙකක් දෙන්න හරීගේ හීනලන්තය ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා ...
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස හරීගේ හීනලන්තය කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ ...
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා හරීගේ හීනලන්තය අපේ කථාවෙ කොල්ලයි, බල්ලයි, දේවදූතයයි නිනීවේ නගරයෙන් පිටත් වෙලා මේදියාව බලා ගමන් අරඹපු හැටි ගිය පාර අපි කියෙව්වනෙ. අද වගේ යාන වාහන පාරවල් තොටවල් හරියට නොතිබිච්ච ඒ කාලෙ මේ තුන්දෙනා වතු පිටි, කඳු කාන්තාර, ගොවිබිම් මැදින් ගමනේ යෙදෙනවා. සවස ඉර බැහැගෙන යනකොට තුන්දෙනාම නිනීවයෙන් සෑහෙන දුර ඇවිත්. තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි. තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ ...
සුභ නව වසරක් වේවා! හරීගේ හීනලන්තය එක දවසක් උදේ තරුණ වයසේ හිටපු ළමයි පිරිසක් එක්තරා දේශන ශාලාවකට වෙලා බලන් හිටියෙ දේශකතුමා එනකන්. දේශනය සඳහා දේශකතුමාගේ මේසය සූදානම්ව තිබුණා. චාම් මේස ඇතිරිල්ලක් මේසය වසාගෙන සිටිද්දී රෝස මල් පිරුණු පෝච්චිය මේසයට අලංකාරයක් ගෙනදුන්නා. එහෙත් එතන සිටි ළමුන්ගේ සිතගියේ මේස ඇතිරිල්ලට වත් මලින් පිරීගිය බඳුනටවත් නොවේ. වෙනදා මේසය මත නොදකින අමුතුම දේවල් කීපයක් එහි තිබුනා. තරමක් කට ලොකු භාජනයක් ...
තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි. හරීගේ හීනලන්තය ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි ...
නයි කීදෙනෙක් ඕනද? හරීගේ හීනලන්තය ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි ...
හරී මේඩ් අල්මාරි හරීගේ හීනලන්තය හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් ...
පන්සලේ බණ කියූ කතෝලික පියතුමා හරීගේ හීනලන්තය අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ...
පාප්තුමාගේ නික්මයෑම..... හරීගේ හීනලන්තය 16ව්නි බෙනඩික් පාප්තුමා ධූරයට පත්වූ මොහොතවත්මන් පාප්තුමා වන දාසය වන බෙනඩික් පාප්තුමාගේ ඉල්ලා අස්වීමත් සමඟම පාප්තුමාගේ විශ්‍රාම යෑම පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා දසතින්ම ඉල්ලීම් ගලා එන්නට උනා. ඉල්ලීම වගේම මරණ තර්ජනත් ආවා. ඒක නිසා ගෙදර ඇවිත් අධික වෙහෙස මහන්සිය මැද්දෙ නිදිකිරා වැටෙමින් තමයි මේ ලිපිය ලියන්නෙ. ඒක නිසා වැරදීම් වලට සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටිනවා. පුංචි බෙනඩික්, ...
පොතක් ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? - දන්න අය කියලා දෙන්න. හරීගේ හීනලන්තය මේ ලිපිය මම ලියන්නේ ඔයාලට යමක් කියා දෙන්න නෙමෙයි. මට යමක් දැන ගන්න. නිධාන කතාවත් කියලම ඉන්නම්කෝ.මට පොඩිකාලෙ ඉඳලම ආසාවක් තිබුනා පොතක් ලියන්න. මම පොඩිකාලෙ පොතක් ලියලත් තියෙනවා. මම හිතන්නෙ නවය හෝ දහය වසරෙදි වෙන්න ඕනෙ. ඒක කතන්දර පොතක්. මට ඒ කාලෙ ලොකු පිස්සුවක් තිබ්බේ පොත් ලියන්න . මම කරේ මගේ ඉස්සෙල්ලා අවුරුදු වල පොත්වල ඉතුරුවෙච්ච කොල එකතු කරලා පොතක් ...
පාප්තුමා 5 හා 2012.12.21 හරීගේ හීනලන්තය මේ ලිපි පෙළේ 5වැනි ලිපියයි ලියවෙන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන යන ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.1. පාප්ධූරයේ ඉතිහාසය2. නව පාප්තුමෙකු පත්වීමේ නිලවරණය3. පාප්ධූරයෙන් ඉල්ලා අස්වීම්, ...
මාරයා නොදාන සීට්ටු හරීගේ හීනලන්තය මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් ...
දූවේ පාස්කු බලන්ට ගියෙමි. හරීගේ හීනලන්තය දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් ...