මම අහපු කොටි හරීගේ හීනලන්තය ඉතිහාසයේ එක්තරා දවසක සවසක මම පොතක් බලමින් සිටියෙමි. පොත බලමින් කීවාට මගේ ඇස් පියවී තිබුනේය. පොත දිගහැරී තිබුනද පොතෙන් ඔලුවට ගිය දෙයක් නොමැත. "හරී.... හරී.. " මහ හඬින් කළ බෙරිහන් දීමට මම පොළවෙන් අඩි කීපයක් ඉහළ ගොස් බිමට ආවෙමි. මා සොයා බෙරිහන් දෙන්නේ අපේ මාමා යැයි කටහඬින් හඳුනාගත්තෙමි. නිව්ටන් නියම වසා තැබූ මම "අම්මේ මාමලා ඇවිල්ලා " යි කෑගසමින් ඉස්තෝප්පුවට ...
අපේ බ්ලොග් එකට twitter button එකක් දාගන්නේ කොහොමද? (how to insert tweet button in blogger) හරීගේ හීනලන්තය දැන් හුඟක් අය Facebook like button එක තමුන්ගෙ බ්ලොග් වලට දාගෙන ඇතිනෙ. මම කියන්න යන්නේ කොහොමද twitter අඩවියෙන් සපයන tweet බට්ටොන් එකක් ඔයාලගෙ බ්ලොගයට දාගන්නේ කියලා. එහෙම එකක් අපේ බ්ලොගයේ තිබුනම එන අයට ලේසියෙන්ම පුලුවන් අපේ බ්ලොගය twitter අඩවියේ share කරන්න.ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම මෙතනින් යන්නකො.ඊට පස්සෙ පහල රූපෙ විදිහට ඔයාල කැමති button එක තෝරගන්නයි තියෙන්නෙ. වෙන මුකුත් නොකර කෙලින්ම ...
ජින්නායි උපාලියි බේරුනේ කොහොමද? හරීගේ හීනලන්තය අද පොඩි වෙනසකටත් එක්ක IQ ප්‍රශ්න දෙකක් අහන්න හිතුවා. හෝව්.. හෝව්.. කලබල වෙන්න එපා. පොරොන්දු වෙච්ච ලිපි ලියනවා. කරුණු හොයමින් යන්නෙ. මම කලිනුත් IQ ප්‍රශ්න ඇහුවා වගේම එව්වට හොඳ ප්‍රතිචාරත් ලැබුනා. 1. පළවෙනියට අහපු ප්‍රශ්නෙ2. දෙවෙනියට අහපු ප්රශ්නෙමෙන්න අද ප්රශ්නය. ඔයාලා කියවල ඇතිනෙ මඩොල් දූව. අර මාටින් ව්ක්‍රමසිංහ මහත්මයා අතින් ලියවුනේ. එන්න ඒකෙ ජින්නයි උපාලියි ගැන නොදන්නෙ කවුද? හැබැයි මාටින් ...
බලාපොරොත්තු හරීගේ හීනලන්තය බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි ...
රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා. හරීගේ හීනලන්තය විවේකී ඉරිදා හැන්දෑවක්. දවස් හයක් තිස්සේ වැඩ කරලා කරලා ලැබෙන නිවාඩු දවසනෙ. කරුමෙ කියන්නෙ මේ මාසෙ පෝයත් ඉරිදාටම වැටිච්ච එක. ඉතින් ගිය ඉරිදා හැන්දෑවේ මමත් පවුලේ අනිත් අයත් වෙනසකටත් එක්ක මුහුද පැත්තෙ රවුමක් ගිහින් එන්න හිතුවා. ටික දුරක් ගියාට පස්සේ නොහිතූ විදිහට වාහන තදබදයකට මූණදෙන්න සිදුවුනා. වාහන තදබදයක්? මේ ඉඳලා හිටලා වාහන යන පාරක? මට මතුවුනේ ප්‍රශ්නාර්ථයක්. මම වටපිට බලද්දී ...
ලෝක කුසලානයේ අතුරු ප්‍රයෝජන හෙවත් තරඟාවලිය පණුවෙක් කිරීම... හරීගේ හීනලන්තය දැන් වේලාව රෑ 12:17 යි. අද (4/2/2011) රටට වැදගත් දිනයකි. මන්ද අපගේ රටට දෙවෙනි ලෝක කුසලානය ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී ඇති බැවිනි. අද නම් රටේ වුන්ට ක්‍රිකට් පිස්සුව හොඳටම තදවී ඇත. එක අතකින් එහෙම නැති එකාට වෙන පිස්සුවක් ඇතැයි සිතිය හැක. රටම ක්‍රිකට් ගැන කතා කරයි. තව සතියක් දෙකක්ද මෙලෙසම කතාකරනු ඇත.දින්නොත් සතියක් දෙකක් යනතුරු ලංකාව උදේනියක් වෙයි. මෙලෝ යකෙක්ට ...
2011 දී ලෝකයේ සල්ලි කාරයින් දහදෙනා... හරීගේ හීනලන්තය අද මම කියන්න යන්නෙ 2011 අවුරුද්දෙ එහෙම නැත්තම් මේ අවුරුද්දෙ ලෝකයේ වැඩිම වත්කමක් තියෙන දහදෙනා කවුද කියන්න. ඕගොල්ලොත් කැමතිනම් ඒ ගොල්ලෝ ගැන කෙටි විස්තරයක් දැන ගන්න මේ ලිපිය කියවන්න. ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ දහදෙනා සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් තෝරනවා. ෆෝබ්ස්(Forbs) කියලා සඟරාවක් තමයි මේක කරන්නේ. මේ සඟරාව ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ lists එහෙමත් නැත්නම් ලැයිස්තු පවත්වාගෙන යන නිසා. උදාහරනයක් ගත්තොත් ලෝකයේ ධනවත්ම ...
පොල් කැඩිල්ල හරීගේ හීනලන්තය පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල් ලංකාවෙ වතුවල වැවෙන පොල් එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ...
සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද? හරීගේ හීනලන්තය සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.මේ සිද්ධිය ...
පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස) හරීගේ හීනලන්තය මෙතෙක් කතාව :-පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස) ...
ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි හරීගේ හීනලන්තය හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි." මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස ...
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව හරීගේ හීනලන්තය තවත් ඉරිදා උදෑසනක්. මම කලින් පෝස්ට් වල කිව්වා වගේ දැන් හැම ඉරිදා දවසක්ම පාහේ පවුලේ ගමන් බිමන් වලට වෙන්වෙලා. ඉතින් මේ ඉරිදාත් අපේ සූදානම තවත් සුන්දර තැනක් බලා ගමනේ යෙදෙන්න. මෙදා ගමනාන්තය වෙලා තිබුනේ රාගම, තේවත්තෙ ලංකාවෙ අප ස්වාමිදුවගේ බැසිලිකාව. කොළඹ මීගමු පාරෙ කොළඹ ඉඳන් එද්දි හම්බෙන මහබාගෙ හන්දියෙන් දකුණට හැරෙන්න ඕනා. ඊටපස්සෙ රාගම දුම්රිය නැවතුම්පොළ පහුකරලා වමට හැරිලා කිලෝමීටරයක් ...
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා හරීගේ හීනලන්තය අද කියන්නෙ තෝබිත්ගෙ කතාවෙ දෙවෙනි කොටහා. කලින් කතාවෙදි මතකනෙ (අමතක වෙන්නෙ කොහොමද ඊයෙනෙ ඒ ටික දැම්මෙ ) අපේ කතා නායකයා තෝබිත්, අර සත් ගුණවත් මනුස්සයා, මළවුන් වළලන්නට ගිහින් මරණ දඬුවම නියම වුනේ. ඊටපස්සෙ ඒකෙන් බේරිලා ආපහු නගරෙට ආවම ආයෙත් මිනියක් වළලන්න උනේ. ඒ කතාවෙ අන්තිමට උනේ තෝබිත් අන්ධවෙච්ච එකනෙ. ඊටපස්සෙ මුළු සේසතම නැතිවෙලා ඉන්නකොට බිරිඳගේ සමච්චලය දරාගන්න බැරුව දෙවියන්ගෙන් මරණය ...
(පාලම්) කොකා හරීගේ හීනලන්තය "මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා. ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට ...
නයාගේ කුණු කෑ දයා හරීගේ හීනලන්තය "ගරුතර ස්වාමින්වහන්ස, අන්‍යාගමික පූජකවරුනි, මා හිතවත් මන්ත්රීවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදර දරු දැරියනි, වසර ගණනාවක් තිස්සේ අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ කුණු ප්රශ්නය ධන උල්පතක් කරගැනීමට අවස්ථාව දැන් අපිට උදාවෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි කුණු කුණු කියලා එළියට විසිකරපු කුණු, සල්ලි කරගැනීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.අපි, ඒ කිව්වෙ ඔබත් මාත් ඇතුළු අපේ ප්‍රාදේශීය සභාව මේ සංවිධානයත් එක්ක එකතුවෙලා අද ඉඳන් කැළි කසල ප්රතිචක්රීයකරණය ...
පොතිපර්ගෙ වනචර ගෑණි..... පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස) හරීගේ හීනලන්තය 'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ. මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. ...
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස හරීගේ හීනලන්තය ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ.ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස ඉන්දියාවෙන් ...
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව - අවසාන කොටස හරීගේ හීනලන්තය මම මේ කියාගෙන යන්නෙ පහුගිය ඉරිදාවක තේවත්තෙ පල්ලියට ගිහින් ඒ අවට සැරිසරලා ආපු හැටි ගැන කතන්දරේනෙ. ගිය පාර නතරවුනේ අපි කෙටි ආහාරවේලක්, සිංහලෙන් කිව්වොත් සෝර්ට් ඊට්, අරගෙන කාපු තැනින්නෙ. එහෙනම් එතන ඉඳන් සිද්ධවෙච්චි දේවල් බලමු. පහුගිය කතාව බලපු නැති අයටයි මේ ලින්කුව. රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාවපල්ලිය වටේ යනකොට මුලින්ම අවධානයට ලක්වුනේ ලක් කිතුනු ඉතිහාසය නිරූපණය වන අයුරින් නිර්මාණය ...
ගවලනේ කතන්දරේ හරීගේ හීනලන්තය ගවලෙන නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්. ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම ...
නත්තල් ගහක් හදමු හරීගේ හීනලන්තය පෙරේදා නත්තල් සීයා ගැන කිව්වනෙ. ඒ වගේම පොරොන්දු වුනානෙ නත්තල් කතා ටිකකුත් කියන්න.අද යන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න. නත්තල් චාරිත්‍ර කියන්නෙ එක එක රටවල කතෝලික ඒවගේම අනිත් ක්‍රිස්තියානි සභාත් නත්තල සමරන්න භාවිතා කරන නොයෙකුත් විදිහේ ක්‍රියා. මේවා එක එක රටවල වෙනස් වෙනස් විදිහටයි පැවැත්වෙන්නේ. බොහෝ වෙලාවට කිතුණු සම්ප්‍රදායෙන් ආපු ලක්ෂණ වලට අමතරව එක් එක් රටවල සංස්කෘතික අංගත් මේ චාරිත්‍ර වලට ...