ඇන්ටන්, ජූඩ්, රීටා, ජෙනවිව්,......... නම් ලැබුනෙ කොහොමද? හරීගේ හීනලන්තය මොකද මේ කලාකාරයන්ගේ නම් දාගෙන අද කියන්න යන්නේ කලාකාරයින් ගැනවත්ද? හෝව්..හෝව්..දැක්කෙ නැත්නම් ප්‍රවේසමෙන් බලන්න නම් මැද්දෙ කොමා තියෙනවා. කලාකාරයින්ගේ නම් දැම්මට මොකද කියන්න යන දේ කලාවට කිසිම සම්බන්ධයක් නෑ. හරියට බැලුවොත් ඕවා කලා කාරයින්ගේ නම් නෙවෙයි. අද කියන්න යන්නෙත් එක්තරා කතෝලික සම්ප්රදායක් ගැන. කතෝලික චාරිත්‍ර කියන ලිපි ගොඩට දැම්මට මොකෝ මෙතන චාරිත්‍රයක් නෑ සම්ප්රදායක් විතරයි තියෙන්නෙ. මේ ලිපිය කියවන කතෝලික ...
මඤ්ඤ්යි පඤ්ඤයි හරීගේ හීනලන්තය පින්තූරය දැක්කම නම් සමහර දෙනෙකුට තේරුම් යන්නැති අද කතාව. තේරුනා නේද? තේරුනේ නැත්නම් තැවෙන්න එපා. මේ ලිපිය දිගටම කියවගෙන යන්නකො.මේ කතාව තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් අතීතෙට යන්න. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි අපි යන්න යන්නෙ ලෝක ආරම්භයට ඒ කිව්වෙ ලෝකෙ මැව්ව කාලෙට. හරි යාං...................ආදම් හා ඒව කතෝලිකයන් විශ්වාස කරන ආකාරයට දෙවියන් වහන්සේ තමයි ලෝකය මැව්වෙ. මේ ගැන නම් ...
කොළඹ - මීගමු පාර අවට කට්ටියටයි මේ.... හරීගේ හීනලන්තය මම හිතුවා පොඩි වැඩක් පටන් ගන්න. ක්ලාස් එකක් කරන්න. මං ඉතින් දන්න දේ තොරතුරු තාක්සනේනෙ. නොදන්න අයට සිංහලෙන් කිව්වොත් IT. ඉතින් මම හිතුවා 10,11,A/L මල්ලිලා නංගිලාට ICT\GIT පන්තියක් කරන්න. මට ඉතින් පන්ති කරන්න තැනක් නෑනෙ. ගෙවල් වලට ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ.මම පදිංචිවෙලා ඉන්න තැන අනුව කොළඹ මීගමුව අවට තමයි කරන්න වෙන්නෙ. ගමනාගමන පහසුකම් තියෙන අවට ප්‍රදේශයක් වුනත් සළකා බලන්න පුලුවන්.ඔය ...
මාමාගේ ඇටේ..............18+ හරීගේ හීනලන්තය මේක පොඩි එව්වොන්ගෙන් වහන්න මට නම් උවම්නාවක් තිබ්බෙ නෑ ආයිබෝන්ඩ. ඒත් කොහෙද මේ කතා කෑල්ල කියපු එකා කියනවනෙ ලොකු ඈයොන්ගෙ ඒවා හිච්චි එවුන්ට පෙන්නන්න එපැයි කියලා. කතාව කියපු එකාගෙ කීම අහක දාන්නෙ කොහොමැයි. ඔන්න පොඩි ඈයොන්ට මේ පැත්ත තහනම් එහෙනං.මේ කතාව අපේ ගම් පොජ්ජෙ ඉන්න එක පවුලකට වෙච්ච සිද්ධියක් ඕං. මට කිවුවා ගමටම කියන්න කියලා. බ්ලොග් කඩමාල්ලක් අටෝගෙන එක එක ...
පූජා උදව් කොලුවා හරීගේ හීනලන්තය දිගින් දිගටම පෞද්ගලික අත්දැකීම්ම ලියපු හින්දම අද හිතුවා වෙනස් එකක් ලියන්න. අද කියන්න යන්නෙ පූජාවට උදව් වෙන ළමයි ගැන. සමහර අයට තේරුනත් වැඩි දෙනෙකුට තේරෙන්න නැතිව ඇති එහා පැත්තෙ තියෙන පිංතූරය දැකලාවත්. එහෙනම් ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්නෙ නැතුව අපි යමුකො ලිපියට. පූජා උදව් කොලුවෙක්(Altar server) කියන්නෙ කතෝලික ආගමේ හෝ වෙනත් කිතුනු සභාවක පැවැත්වෙන දිව්‍ය පූජාවට(Mass) පියතුමාට උදව් කරන ...
මඟුලකට ලෑස්ති වෙනවානම් කොච්චර කාලෙකට කලින් වැඩේ පටන් ගන්න ඕනෙද? හරීගේ හීනලන්තය වෙලාව හවස 2ට විතර ඇති. කාපු බීපු තැන්වල සතා සර්පයා වත් ඉන්නේ නෑ කියලා කතාවක් තියනවානෙ. කාලා බීලා ඉවරවෙලා කෝට් බෑය හරිගස්සා ගත්තු මම ලිෆ්ට් එක ළඟට ආවෙ ගෙදර යන්න හිතාගෙන. එතනදී මට ආයෙත් මුණගැහුණා කලින් වැඩපළේ මාගේ බොස්ව බොසුත් කලින් වැඩපළේ සගයින් කිහිපදෙනෙකුත් මමත් අපි හැමෝම ගිහිල්ලා හිටියේ අපිත් එක්කම වැඩකළ යාලුවෙක්ගේ නඩු තීන්දුවකට. මොනවා කරන්නද මිනිහා ජීවිතාන්තය දක්වා ...
මම දුටු කොටි...........2 හරීගේ හීනලන්තය මඩු පල්ලියමම කියාගෙන යන්නෙ මම ඇත්ත කොටි මුණගැහිච්ච හැටි කියලා කලින් ලිපිය කියවපු අය දන්නවා ඇති. කලින් ලිපිය බලන්න බැරිවුණා නම් මම දුටු කොටි..1 කියවලා එන්න. ඊට කලින් පෙන්නපු මගේ කොටි නැටුනුත් බලලා ආවානම් කතාව තවත් රසවත් වෙයි. එහෙනම් එදා නවත්තපු තැනින් කතාව පටන් ගමු.එදා කතාව නවත්තනකොට අපි හිටියේ කොටින්ගේ මුරපොළ ගාවනෙ. මතක ඇතිනෙ සුදු කමිස කලු කලිසම් ඇඳපු කට්ටිය ...
මම දුටු කොටි.. හරීගේ හීනලන්තය කලින් ලිපියේදී ඕගොල්ලො මගේ කොටි නැටුම් බලන්න ඇතිනෙ. ඒ ලිපියෙදි කිව්වා වගේ අද කියන්න යන්නේ මම ඇත්තටම කොටි දැකපු හැටි. මේක මගේ පෞද්ගලික අත්දැකීම් ගැන ලියවුනු ලිපියක්. ඒක නිසා ප්‍රයෝජනවත් යමක් නැතිවෙන්න පුලුවන්. එහෙනම් යමුකො ලිපියට. ඊට ඉස්සෙල්ලා කලින් ලිපියේ මගේ ප්‍රශ්නයට උත්තර දුන්නු හැමෝටම බොහොම ස්තුතියි. ඒකෙ ප්‍රතිඵල ආපුවාම කියන්නම්කෝ.මම කොටි, ඒ කිව්වෙ කකුල් දෙකේ කොටි, දැක්කේ කොහේදීද? හැමතැනකම ...
මේකට විසඳුමක් නැද්ද? හරීගේ හීනලන්තය මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් දන්න කෙනෙක් බ්ලොග් අවකාසෙ ඇතියි කියලා හිතාගෙන තමයි මේක ලියන්නෙ. මම අද ලියන්න හිතාගෙන වාඩි වුනේ මේක නෙමෙයි. නමුත් මම කියන්න යන ප්රශ්නය නිසා ඇතිවුනු පීඩාව තමයි මේක ලියන්න මාව තල්ලු කරේ.ප්රශ්නය මේකයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර මිනිස්සු හැමදාම කුණු ගිනි තියනවා. ගෙදරක එදිනෙදා එකතු වෙන කුණු ගිනිතැබීම ප්‍රශ්නයක් නොවුනත් කුණු කියලා ගිනි තියන්නෙ ...
මගේ කොටි නැටුම් හරීගේ හීනලන්තය අද කියන්නෙ යන්නෙ කතාවක්. පෞද්ගලික අත්දැකීමක් වගේ එකක්. ඒ වගේ එව්වා කියවන්න කැමති කට්ටිය එන්න.මේ සිද්ධි මාලාවම සිද්ධ වුනේ අර කොටි හපුවා පිරබාහරන් හිටපු කාලෙ. මතකද ඒ කාලෙ දිගට හරහට බස්වල කෝච්චිවල ඩෝං ඩෝං ගාලා බෝම්බ පත්තු වුණා. ගෙදරින් ගිය මිනිහා හවස ගෙදර එයිද කියලා විශ්වාසයක් නොතිබ්බ කාලයක් ඒක. අපේ රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න ඒ කරදර දැන් නම් නෑ. මේ සිද්ධි ...
තටු ඇවිල්ලා තියෙන්නෙ කාටද? හරීගේ හීනලන්තය නත්තලත් ඉවරවුනානෙ. දැන් නත්තල් සීයා ගෙදර ගිහින් සෙල්ලම් බඩු හදන්න පටන් අරන් ඇති ලබන අවුරුද්දට ගේන්න. මමත් ඉතින් හදපු ගවලෙනේත් නත්තල් ගහත් ගැලෙව්වා. ඊට පස්සෙ හිතුනා පෝස්ට් එකක් කොටලා දාන්න. මේක කාලෙක හිටන් දාන්න හිටපු එකක්. මම හිතන්නේ ගිය අවුරුද්දෙ විතර ඉඳන්. දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කවුද බං අර උඹලගෙ ආගමේ තටු තියෙන කට්ටිය?"කියලා. ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි අද දෙන්න ...
සරල රොබොට්ටෙක් හදමු.... PDF Version එක. හරීගේ හීනලන්තය මම කලින් ලිපියෙත් කිව්වානෙ ගොල්ඩ්ෆිශ් සහෝ කරපු ඉල්ලීම ගැන. ඉතින් ඒක නිසා රොබොගේ PDF එකක් මම හැදුවා. ගෝල්ඩ්ෆිශ්ට විතරක් නෙමෙයි කැමති ඕනෑම කෙනෙකුට පහලින් බාගන්න පුලුවන්. එතකොට ඉන්ටර්නැට් නැතිකෙනෙකුට උනත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ.Making a Simple Robot (Sinhala) Download මේක තමයි මේ අවුරුද්දෙ අන්තිම පෝස්ට් එක. ඒ වගේම වැඩිම පෝස්ට් ගාණක් ලියපු මාසය. ඉතින් මේක හොඳ අවස්තාවක් මේ අවුරුද්ද පුරාවටම හිටපු ...
පරණ අවුරුද්දේ පොරොන්දු ඉටුකිරීම ( සෝරෝට හා ගෝල්ඩ්ෆිශ්ට ) හරීගේ හීනලන්තය මේ අවුරුද්දේ මුලම මම පොරොන්දු දෙකක් වුණා එකක් සෝරෝට අනික ගෝල්ඩ්ෆිෂ් හෙවත් යාලු මාලුවාට. එක එක වැඩ අස්සේ ඕක දවසින් දවස කල් ගිහින් අවුරුද්දෙ අන්තිමේටත් ආවා. ලබන අවුරුද්දටනම් අදින්නේ නෑ කියලා හිතලා තමයි මේක කොටන්න ගත්තේ. සොරෝට වෙච්චි පොරොන්දුව තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නේ මොකක්දැයි පැහැදිලි කිරීම. එතකොට ගෝල්ඩ්ෆිෂ්ට කිව්වානෙ මම හදන්න කියලා දුන්න රොබාගෙ pdf එකක් දෙනවා කියලා. අද ඔය ...
ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද? හරීගේ හීනලන්තය මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.තෙරේසා මව්තුමියමතක තබාගත යුතු විශේෂ දෙයක් ...
මාරයා නොදාන සීට්ටු හරීගේ හීනලන්තය මාරයියා කාලෙකට කලින් සීට්ටු ගැන ලිපි කීපයක් පල කලා කාට කාටත් මතක ඇති මගෙ හිතේ. බඩු සීට්ටු වලින් පටන් ගත්තු සීට්ටු දැමිල්ල තුණ්ඩු කෙලියටත් ගිහිල්ලා ඊට පස්සේ වෙන්දේසි සීට්ටු වලින් තමයි නතර වුනේ. මොනාද මේ මාරයා නොදාන සීට්ටු? එහෙම මාතෘකාව දාලා පටන් ගත්තෙ මාරයා අයියා අතින් නොලියවුනු තවත් සීට්ටු ජාතියක් ගැන ලියන්න යන හින්දා. මට මතක හැටියට මම කමෙන්ට් එකකින් ...
මෙදා නත්තලට කැරොල් එකක් යමුද? හරීගේ හීනලන්තය දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?නත්තල් කැරොල්කැරොල්, කැරොල් කියන්නෙ මොනවද? කතෝලික නොවුනත් ඕක එච්චර අමුතු වචනයක් වෙන්න බෑ. ඇත්තටම කැරොල් කිව්වොත් තේරුම් ගොඩක් තියෙනවා. නත්තල් කාලෙ ගැන කියවෙන ගීතිකා වලට කියන්නෙත් කැරොල් කියලා. ...
ගවලනේ කතන්දරේ හරීගේ හීනලන්තය ගවලෙන නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්. ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම ...
නත්තල් ගහක් හදමු හරීගේ හීනලන්තය පෙරේදා නත්තල් සීයා ගැන කිව්වනෙ. ඒ වගේම පොරොන්දු වුනානෙ නත්තල් කතා ටිකකුත් කියන්න.අද යන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න. නත්තල් චාරිත්‍ර කියන්නෙ එක එක රටවල කතෝලික ඒවගේම අනිත් ක්‍රිස්තියානි සභාත් නත්තල සමරන්න භාවිතා කරන නොයෙකුත් විදිහේ ක්‍රියා. මේවා එක එක රටවල වෙනස් වෙනස් විදිහටයි පැවැත්වෙන්නේ. බොහෝ වෙලාවට කිතුණු සම්ප්‍රදායෙන් ආපු ලක්ෂණ වලට අමතරව එක් එක් රටවල සංස්කෘතික අංගත් මේ චාරිත්‍ර වලට ...
ඔයත් Secret Santa කෙනෙක්ද? හරීගේ හීනලන්තය ගිය මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා ඉතින් දිගටම දාන්න කියලා මළවුන්ගෙ කතා ටිකක් ලෑස්ති කොරගත්තට මොකද පහක් ඇරෙන්න ඉතුරු එව්වෑ මාතෘකාව විතරයි. දැන් ඉතින් මළවුන්ගෙ මාසෙ පහුවෙච්ච නිසා 2012ටත් මළවුන්ගෙ මාසයක් තියෙයිනෙ කියලා හිත හදා ගත්තා. අද ඉදන් නත්තල් කතා ටිකක් දාන්නයි ලෑස්තිය.පහුගිය ටිකේම යාලුවො කීපදෙනෙක්ම මහන්සි වුනා Secret Santaලා වෙන්න. මටත් හිතුනා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා. Secret ...
අන්තිම ආලේපය හරීගේ හීනලන්තය මළවුන්ගෙ මාසෙ ඉතින් මළවුන්ට සම්බන්ධ ලිපි දානවා කිව්වනෙ. අදත් ඒවගේ ලිපියක් තමයි දාන්න යන්නේ. මේක නම් කතන්දරයක් නෙමෙයි බුද්ධියට යමක්. කියවලා බලමු. කතන්දර කියවන්න වැඩිපුර කැමති කට්ටියට කලින් දාපු මළවුන්ගෙ කතා තුන මෙතනිනුයි මෙතනිනුයි මෙතනිනුයි බලන්න පුලුවන්.අද කියන්න යන්නෙ කෙනෙක් මරණාසන්න වුනාම කතෝලික ආගමේ කෙරෙන චාරිත්‍රයක් ගැන. මම දන්නා තරමින් නම් අපේ රටේ තියෙන වෙනත් ආගම් වල මෙවැනි චාරිත්‍රයක් නෑ. ...