නයාගේ කුණු කෑ දයා හරීගේ හීනලන්තය "ගරුතර ස්වාමින්වහන්ස, අන්‍යාගමික පූජකවරුනි, මා හිතවත් මන්ත්රීවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදර දරු දැරියනි, වසර ගණනාවක් තිස්සේ අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ කුණු ප්රශ්නය ධන උල්පතක් කරගැනීමට අවස්ථාව දැන් අපිට උදාවෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි කුණු කුණු කියලා එළියට විසිකරපු කුණු, සල්ලි කරගැනීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.අපි, ඒ කිව්වෙ ඔබත් මාත් ඇතුළු අපේ ප්‍රාදේශීය සභාව මේ සංවිධානයත් එක්ක එකතුවෙලා අද ඉඳන් කැළි කසල ප්රතිචක්රීයකරණය ...
තමුන් ලව්වාම වැඩ කරවා ගැනීම හෙවත් Getting Things Done (GTD) හරීගේ හීනලන්තය වැඩ ගොඩක් එකතු උනාම මට වැඩ කරන්න හරිම අමාරුයි. ඒ වගේ වෙලාවට කෝකද ඉස්සෙල්ලා කරන්නෙ කොතනින්ද පටන්ගන්නෙ කියලා හිත හිත කරන්න තියෙන වැඩ දිහා බල බල එහෙට මෙහෙට යනවා මිසක් එකක්වත් පටන්ගන්න හිතෙන්නෙ නෑ. ඉතින් ඔය දුර්වලතාවය මඟ ඇරගන්න හිතාගෙන මම කියවන්න පටන්ගත්තා ඵලදායිතාවය ගැන ලියවෙච්ච පොතක්. ඒකෙ නම තමයි "Getting Things Done - The Art of Stress-Free Productivity". David ...
පිටකොටුව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අලෙවි මාර්ග (Shopping at Pettah) හරීගේ හීනලන්තය මේ අවුරුද්දෙ පබ්ලිශ් කරන්න හිතාගෙන ලියන පළවෙනි පෝස්ට් එක. දැන් ඉතින් අහන්නෙපා පබ්ලිශ් නොකරන්නත් පෝස්ට් ලියනවද කියලා. මොකද මම එහෙම කිව්වෙ පබ්ලිශ් කරන්න හිතාගෙන ලිව්වත් මේ වෙනකන් පබ්ලිශ් කරන්න බැරිවෙච්ච පෝස්ට් එහෙමත් තියෙන හින්දා.හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි කොළඹ පිටකොටුවේ බඩු ගන්න යනකොට ඒ ඒ බඩු ...
2014 හරීගේ හීනලන්තය 2014 අවුරුද්ද ඉවරවෙලා 2015 ලබන්න ඔන්න මෙන්න. දවසින් දවස ගතවෙලා අවුරුද්දක් ගතවෙච්ච ඉක්මන හිතාගන්නත් බැරිතරම්. මතකද අපි ඔක්කොම මේ අවුරුද්දෙ ජෙරී වගේ හැමදේකදීම සතුටින් ඉන්න හිතාගත්තා. මම මේ කල්පනා කරමින් ඉන්නෙ මේ අවුරුද්දෙ මම එහෙම හිටියද කියන කාරණාව. හිතට එකඟව කිව්වොත් මේ අවුරුද්ද පුරාවටම මම හැමදාම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් හිටියා කිව්වොත් ඒක ඇත්තක් නෙමේ. නමුත්, පොඩි පොඩි දුක් දොම්නස් ...
අමතක නොවන නත්තල හරීගේ හීනලන්තය කාලෙකින් පෝස්ට් එකක්වත් ලියන්න බැරිවුනා මට. මේ ටිකේ මට ටිකක් වැඩ වැඩී. ඉස්සරහට එන මංගල්ලෙකටත් ලෑස්ති වෙනවානෙ. ඇත්තම කිව්වොත් පෝස්ට් ලියන්න කාලය මදිකමට වඩා පෝස්ට් එකක් ලියන තරම් හිත එකලාසයක් කරගන්න බැරිකමයි තියෙන්නෙ. දහසකුත් එකක් දේවල් ඔළුවේ තියාගෙන පෝස්ට් එකක් ලියන්න හරිම අමාරුයි.මේ පෝස්ට් එකත් අවුරුදු කීපයක් තිස්සෙ ඩ්‍රාෆ්ට් ගොන්නට වෙලා වේලි වේලි තිබ්බ එකක්. ඔන්න අද හිතුවා පබ්ලිශ් කරලා ...
සුභ නත්තලක් වේවා! හරීගේ හීනලන්තය 2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ. වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(බලමු ඉස්සරහට. ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!මෙන්න නත්තල ...
හුහ්.. අපේ එකිත් ගියානෙ ඌට පෙන්නන්ඩ හරීගේ හීනලන්තය "උඹ මහා මෝඩියෙක්. උඹ කළේ වටින වැඩක්ද? උඹ අපිව කෑවා. උඹ ඔහොම කළේ නැත්නම් අද අපිට කොහොම ඉන්න තිබුනද?" දවසක් මම මාමලාගේ ගෙවල් පැත්තෙ යනකොට ඔය වගේ කතාවක් ඇහෙනවා ගේ ඇතුළෙන්. ගෙදර රණ්ඩුවක්ද කොහෙද? මේ වගේ වෙලාවට ගෙට යන එක හොඳ නැති හින්දා මම ටිකක් එළි පහළියෙ සද්ද නොකර හිටියා. ඒකත් ඉතින් වැරදි වැඩක් තමයි. ඒත් ඉතින් වහලෙ උළු දෙදරන ...
වෙනසක තරම හරීගේ හීනලන්තය “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියාත් කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් යාච්ඤා කරන්න. " - ජේසුස් වහන්සේ ප.ලි. : මේ පෝස්ට් එක ගොඩක් දෙනෙකුට නොතේරෙයි කියලත් හිතෙනවා. බලමු නොතේරුනොත් කමෙන්ට් වලදි පැහැදිලි කරන්න පුළුවන්නෙ. මම ඔය දාලා තියෙන්නෙ ඊයෙ පෙරේදා පල්ලියක දැක්ක පින්තූරයක්. ...
ලැබුවාද? සම්පූර්ණ වුනාද? හරීගේ හීනලන්තය මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා."ආ... හරී ...
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව - අවසාන කොටස හරීගේ හීනලන්තය මම මේ කියාගෙන යන්නෙ පහුගිය ඉරිදාවක තේවත්තෙ පල්ලියට ගිහින් ඒ අවට සැරිසරලා ආපු හැටි ගැන කතන්දරේනෙ. ගිය පාර නතරවුනේ අපි කෙටි ආහාරවේලක්, සිංහලෙන් කිව්වොත් සෝර්ට් ඊට්, අරගෙන කාපු තැනින්නෙ. එහෙනම් එතන ඉඳන් සිද්ධවෙච්චි දේවල් බලමු. පහුගිය කතාව බලපු නැති අයටයි මේ ලින්කුව. රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාවපල්ලිය වටේ යනකොට මුලින්ම අවධානයට ලක්වුනේ ලක් කිතුනු ඉතිහාසය නිරූපණය වන අයුරින් නිර්මාණය ...
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව හරීගේ හීනලන්තය තවත් ඉරිදා උදෑසනක්. මම කලින් පෝස්ට් වල කිව්වා වගේ දැන් හැම ඉරිදා දවසක්ම පාහේ පවුලේ ගමන් බිමන් වලට වෙන්වෙලා. ඉතින් මේ ඉරිදාත් අපේ සූදානම තවත් සුන්දර තැනක් බලා ගමනේ යෙදෙන්න. මෙදා ගමනාන්තය වෙලා තිබුනේ රාගම, තේවත්තෙ ලංකාවෙ අප ස්වාමිදුවගේ බැසිලිකාව. කොළඹ මීගමු පාරෙ කොළඹ ඉඳන් එද්දි හම්බෙන මහබාගෙ හන්දියෙන් දකුණට හැරෙන්න ඕනා. ඊටපස්සෙ රාගම දුම්රිය නැවතුම්පොළ පහුකරලා වමට හැරිලා කිලෝමීටරයක් ...
GPS, මාව කාපන් හරීගේ හීනලන්තය වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා ...
(පාලම්) කොකා හරීගේ හීනලන්තය "මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා. ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට ...
තෝබිත්ගේ කතාව 4 - තෝබියස්ට මොකද උනේ? හරීගේ හීනලන්තය ගියපාර කතාව නතරවුනේ හොඳ තැනකින්. මතකයි නේද? කාලයක් ගතවෙච්චි හින්දා කට්ටියට කතාව මතකද මන්දා? :) මතක නැති අය පහුගිය කොටස් තුන කියවලාම එන්න. අන්තිම කොටසෙදි, තෝබියස් මංගල රාත්‍රිය ගත කරන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කතාව 'මතු සම්බන්ධයි' උනානෙ. අද අපි කියවමු එතනින් එහාට සිද්ධ වෙච්ච දේ. මේ කොටසෙදි ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මංගල රාත්රියේදී තෝබියස්ට මොකද උනේ? තෝබියසුත් සාරාගේ ...
රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා. හරීගේ හීනලන්තය විවේකී ඉරිදා හැන්දෑවක්. දවස් හයක් තිස්සේ වැඩ කරලා කරලා ලැබෙන නිවාඩු දවසනෙ. කරුමෙ කියන්නෙ මේ මාසෙ පෝයත් ඉරිදාටම වැටිච්ච එක. ඉතින් ගිය ඉරිදා හැන්දෑවේ මමත් පවුලේ අනිත් අයත් වෙනසකටත් එක්ක මුහුද පැත්තෙ රවුමක් ගිහින් එන්න හිතුවා. ටික දුරක් ගියාට පස්සේ නොහිතූ විදිහට වාහන තදබදයකට මූණදෙන්න සිදුවුනා. වාහන තදබදයක්? මේ ඉඳලා හිටලා වාහන යන පාරක? මට මතුවුනේ ප්‍රශ්නාර්ථයක්. මම වටපිට බලද්දී ...
කුහුඹුවාගෙන් පාඩම් හරීගේ හීනලන්තය අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න. ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.එහෙත් ඌ ගිම්හානයේදී ආහාර සපයා ගනියි; ගොයම් කපයන සමයේදී කෑම රැස්කර තබයි.අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහිද? නින්දෙන් අවදි වන්නේ කොයි වෙලාවෙහිද? තව ටිකක් නිදාගනිමි, තව ටිකක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි'යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන්ද එනු ඇත.(හිතෝපදේශ ...
නොබී ඉන්න ගිහින් වෙච්චි දෙයක් හරීගේ හීනලන්තය "හෙට නේද ට්‍රිප් එක""ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා""ආයෙ එන්නෙ?""අනිද්දා""මොනවද ගේන්නෙ එනකොට""ඔයා නොබී එන්නකො. ඒ ඇති""හ්ම්ම්"දින දෙකකට පසු..."හෙලෝව්""හෙලෝව්""ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?""ඔව්ව්ව්""කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ""ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?" "එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ" ...
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා හරීගේ හීනලන්තය අපේ කථාවෙ කොල්ලයි, බල්ලයි, දේවදූතයයි නිනීවේ නගරයෙන් පිටත් වෙලා මේදියාව බලා ගමන් අරඹපු හැටි ගිය පාර අපි කියෙව්වනෙ. අද වගේ යාන වාහන පාරවල් තොටවල් හරියට නොතිබිච්ච ඒ කාලෙ මේ තුන්දෙනා වතු පිටි, කඳු කාන්තාර, ගොවිබිම් මැදින් ගමනේ යෙදෙනවා. සවස ඉර බැහැගෙන යනකොට තුන්දෙනාම නිනීවයෙන් සෑහෙන දුර ඇවිත්. තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි. තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ ...
පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller) හරීගේ හීනලන්තය ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර ...
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා හරීගේ හීනලන්තය අද කියන්නෙ තෝබිත්ගෙ කතාවෙ දෙවෙනි කොටහා. කලින් කතාවෙදි මතකනෙ (අමතක වෙන්නෙ කොහොමද ඊයෙනෙ ඒ ටික දැම්මෙ ) අපේ කතා නායකයා තෝබිත්, අර සත් ගුණවත් මනුස්සයා, මළවුන් වළලන්නට ගිහින් මරණ දඬුවම නියම වුනේ. ඊටපස්සෙ ඒකෙන් බේරිලා ආපහු නගරෙට ආවම ආයෙත් මිනියක් වළලන්න උනේ. ඒ කතාවෙ අන්තිමට උනේ තෝබිත් අන්ධවෙච්ච එකනෙ. ඊටපස්සෙ මුළු සේසතම නැතිවෙලා ඉන්නකොට බිරිඳගේ සමච්චලය දරාගන්න බැරුව දෙවියන්ගෙන් මරණය ...