නත්තලේ මෝඩකම් හරීගේ හීනලන්තය මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් ...
පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ හරීගේ හීනලන්තය මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ ...
අතීතයට මා ගෙනගිය අපූරු භාණ්ඩය හරීගේ හීනලන්තය රේසර් පෙට්ටි සිල්වා කොම්පාසුවපරණ අවුරුද්දේ ගොඩ ගැහිලා තිබ්බ පරණ කුණුකන්දල් හලලා දාලා අලුත් අවුරුද්දට යන්න හිතාගෙන ගෙදර පරණ කුණු කන්දල් අස්පස් කරනකොට 'ටක ටකස්' හඬකුත් එක්ක මොකක්ද මන්දා බිමට වැටුනා. මොකක්ද බැලින්නම් රේසර් පෙට්ටියක් එහෙම නැත්නම් ජංගම රැවුල බෑමේ කට්ටලයක්. මම ඒක අතට අරගෙන පිහදාලා දිග අරිනකොටම මම හිටියෙ අවුරුදු දහයකට එහා අතීතයේ.ඒ කාලේ කැඩෙට් උන නහුතෙටම තිබ්බ කාලෙ මම ...
කළු තිත (The black dot) හරීගේ හීනලන්තය ඉහළ තියෙන පින්තූරය දැක්කාම ඔබට හිතෙන්නෙ මොනවාද? මොහොතක් නිස්කලංකව හිතුවොත් මොනවගේ දේවල් සිතේවිද? ඒ සියල්ල හිතේ තියාගෙන අපි යමු පහළට...................දිනක් සුපුරුදු පරිදි දේශන ශාලාවට පැමිණි මහාචාර්යයවරයා තමුන්ගේ සිසුන් ආමන්ත්‍රණය කළා. "අද මම ඔයගොල්ලන්ට ක්ෂණික ඇගයීමක් දෙන්න යන්නෙ. ඒකට ලෑස්ති වෙන්න මම විනාඩි 5ක් දෙන්නම්"කවදත් ඇගයීම් වලට බය සිසුන් වහ වහා එයට සූදානම් උනා. ඊළඟට මහාචාර්යවරයා කළේ ආවරණය කරන ලද ප්‍රශ්න ...
පාවෙන පොත් නැව හරීගේ හීනලන්තය මට මීට ටික කාලෙකට කලින් බුකියේ 'පොත් කියවන අය'ගෙන් හොඳ ඔත්තුවක් ලැබුණා. පොත් ප්රදර්ශනාගාරයක් සමඟ ලොව වටා සැරිසරන 'ලෝගෝස් හෝප්' කියන නැව ඔක්තෝම්බර් මාසෙ 22 වෙනිදා කොළඹ වරායට එනවා කියන එකයි ඒ ආරංචිය.පොත් නැවක් ඇවිත් ගියා කියන ප්‍රවෘත්තිය කීපපාරක්ම අහලා තිබුනත් කවදාවත් යන්න ලැබුනේ නෑ. මොකද රූපවාහිනී ප්රවෘත්ති වලට උනත් කියන්නෙ 'ප්‍රදර්ශනය හෙටින් අවසන් වේ' කියලනෙ. එක්කෝ ආරංචිය ලැබෙනකොට නැව ...
තෝබිත්ගේ කතාව 6 - අවසානය හරීගේ හීනලන්තය කට්ටියට මතකයිද තෝබිත්ගෙ කතාව? යන්තමට හරි මතකයක් තියෙනවද එහෙම කතාවක් මම කියන්න පටන් ගත්තා කියලවත්? ඒ කතාව ඉවර නෑ කියලා මට අමතක වෙලා තිබ්බ එකේ කියවපු ඔයාලට මතක තියෙන්න නම් අමාරුයි. මතක උනත් අමතක වෙලා තිබ්බත් අද කියන්න යන්නෙ තෝබිත්ගෙ කතාවෙ අන්තිම කොටහ. අමතක කෙනෙක්ට මෙතෙක් කතාව කියවලා බලන්න පුළුවන් පහල ලින්ක් වලට ගිහිල්ලා බැලුවොත්.තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට ...
හොබිට්ටා (The Hobbit) හරීගේ හීනලන්තය පොත් ප්‍රදර්ශනයෙන් ගෙනාපු එක පොතක් කියවලා ඉවර කළා. J. R. R. Tolkien ගේ The Hobbit. The Lord of the Rings කතාවට ආරම්භය ලැබෙන්නේ මේ පොතෙන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ පොත කියවලා ඇති. පොතේ පිටපත් මිලියන 140ක් විකිණිලා තියෙනවාලුනෙ. මේ පොතේ මනඃකල්පිත ජීවි කොට්ඨාස කීපයක් ගැනම ලියවී තියෙනවා. එක් එක් ජීවීන්ට අනන්‍යවූ විවිධ ලක්ෂණ තියෙනවා. මම ඒ ලක්ෂණ මෙතන විස්තර ...
මා කියවූ චරිතාපදාන හරීගේ හීනලන්තය “Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't.” ― Mark Twainප්‍රබන්ධ වලට වඩා මම පෞද්ගලිකව චරිතාපදාන ප්‍රිය කරමි. සමහර ප්‍රබන්ධවල කෙළවර අනුමාන කළහැකි නිසාත් කෙතරම් රසවත් දෙයක් වුවත් මෙලොව සැබවින්ම සිදුවූවක් යැයි නොසිතෙන නිසාත් මම ප්‍රබන්ධ වලට එතරම් ඇල්මක් නොදක්වමි. නමුත් වන්දිභට්ට චරිතාපදානද ස්වයං ලිඛිත චරිතාපදානද ඇතිබැවින් 'සත්‍යය' පිළිබඳ දෙවරක් ...
කබරගොයි තලගොයි අරාබිය ලංකාව හරීගේ හීනලන්තය කබරගොයා වර්ෂන්බලන්න මේ වීඩියෝව හොඳට බලන්නම්ලේච්ඡ තම්බි මිනීමරන විදිහ බලන්නඋන් හදන්නෙ මෙහෙත් අරාබියක් කරන්නලංකාවම බේරගන්න ශෙයාර් කරන්නප්රසිද්ධියෙ ගල් ගහනා විදිහ බලන්නප්රසිද්ධියෙ බෙලි කපනා විදිහ බලන්නප්රසිද්ධියෙ එල්ලා මරන විදිහ බලන්නඋන් එන්නේ මෙහෙටත් ශරියාව ගෙනෙන්නරැකගන්නට අපෙ මව් බිම පෙරට එන්නඑහෙමත් පුළුවන්ද මෙහෙම දඬුවම් දෙන්නමෙලේච්ඡ තම්බි හැතිකරේම අතුගා දාන්නවැඩි වැඩියෙන් වීඩියෝව ශෙයාර් කරන්නතලගොයා වර්ෂන්අනේ පව් අහිංසක පොඩි එකෙක් මරාදාලාකළ එවුන් මරන්නෝනා ප්‍රසිද්ධියෙ ගල් ...
කියවීම හුරුවීම හා නුහුරු වීම හරීගේ හීනලන්තය සාහිත මාසය වෙනුවෙන් යමක් ලිවිය යුතුයැයි සෑම සාහිත මාසයකදීම සිතෙන මුත් මෙතෙක් ඊට ඉඩක් ලැබී නැත. අද මේ පුරවන්නේ ඒ අඩුවයි.අපේ අම්මා කියන පරිදි මට අකුරු කියවා ඇත්තේ අපේ අම්මාය. එයින් 'පොත්තොයියෝ පත්තොයියෝ' කියවීම පටන්ගත් මට මුලින් පොතක් පතක් ලැබුනා කියා මතකයේ ඇත්තේ දිනක් තාත්තා වැඩ ඇරී එද්දී ගෙනා 'කැකුළු' පත්තරයයි. එකල අවුරුදු තුනක් හෝ තුන හමාරක් වයසැති මා සාලයේ ...
නූලෙන් බේරුණු කිඳිගොඩ මංගල්ලෙ හරීගේ හීනලන්තය මෙය ලියන මොහොතේ මගේ මතකය දශක එකහමාරක පමණ අතීතයට දිව යයි. එකල අපි යාන්තම් සා.පෙ. ලියූ කොල්ලන් වීමු. ජීවිත සරලව සැහැල්ලුවෙන් ගෙවා දැමීමු. ලිවීමට යන සිද්ධිය වන විට අප ගෙවමින් සිටියේ කැලැන්ඩරයේ නවවෙනි මාසයයි. දිනය හරියටම මතක නැතත් එදින සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදා යැයි කිව හැකි වන්නේ කිඳිගොඩ මංගල්ලය සෑම වසරකම සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදාට යෙදෙන බැවිනි.මම උදෑසන දිව්‍ය පූජාවට ...
මං හිතුවා හරීගේ හීනලන්තය "බාස් ගුණේ මැරිලලු""මොකක්ද වෙලා තියෙන්නෙ?""එල්ලිලාලු මැරිලා තියෙන්නෙ""ඒ මොකද ඌ හොඳට වැඩපල කරගෙන හිටියනෙ.""ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින් කියන්නෙ""හපෝයි දෙයියනේ අතක් බැරුව ඉඳගෙනත් හොයාගෙන කකා අම්මට සළකගෙන හිටපු එකා. මේ කොහෙවත් යන ගෑනියෙක් හින්දා කරගත්තු විනාසයක්""මං හිතුවා.... මං හිතුවා ගෑණිගෙ රොම්පිය වැඩිවේගන එද්දි ඔයවගේ දෙයක් තමයි කියලා.""ඔව්. ඒකි ගමට එනකොට හරියට අඳින්න ඇඳුමක් නෑ. හඩු පෙරෙනවා. අන්තිමට අරූ මැරිලා මැරිලා හොයාගෙන ...
ෆ්‍රෙන්ච් ටෝස්ට් (French Toast) හදමු හරීගේ හීනලන්තය බ්ලොග් ජීවිතයේ පළවෙනිපාරට ඔන්න කෑමක් හදන හැටි ලියන්න යන්නෙ. මීට කලින් මම එහෙම එකක් ලියලා නැද්ද?.. ම්.ම්ම්ම්.. මතකනම් නෑ. මේ කෑම නම් හදලා ටිකක් කල්. විස්තරෙත් ලියලා තිබ්බට පබ්ලිශ් කරන්න වෙලාවක් හම්බුනේ නෑ. ඉතින් අද තමයි අඩුපාඩු ටිකත් හදලා පබ්ලිශ් කරන්න හිතුවේ.හදන්න යන කෑමෙ නම තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට්. සිංහල නමක් නම් නෑ. කැමති නම් ප්‍රංශ රෝස්පාන් කියලා දාගමු. කෑම හදන්න ...
කුලේ මාමා සමඟ නැගිටිමු හරීගේ හීනලන්තය 'කුලේ මාමා', නම කියූ සැණින් අහල පහල ගමේ ගොඩේ කොයි කවුරුත් ඔහු හඳුනයි. ගමේ තිබූ එක් වෙළඳසලක හිමිකාරීත්වය දැරීමටත් වඩා ගමේ තිබූ එකම එක මරණාධාර සමිතියේ සභාපති වීම ඔහුගේ ප්‍රසිද්ධියට බලපෑ විශාලම කාරණාව විය. මීට අවුරුදු කීපයකට පෙර කුලේ මාමා ඇතුළු ගමේ කීපදෙනෙකුගේ යෝජනා ස්ථිරත්වයෙන් ආරම්භ වූ මරණාධාර සමිතියේ මුල්ම සභාපතිවරයා වූයේ කුලේ මාමාය.සමිතිය ආරම්භ කිරීම සඳහා ඔහු ගත් අපමණ ...
අලුත් බොගක් - සුරංගගේ ලෝකය හරීගේ හීනලන්තය මීට ටික කාලෙකට කලින් මම නමක් ගමක් නොදන්නා පුද්ගලයෙක් නිතරම කමෙන්ට් හරහා දුරකථන අංකය ඉල්ලා සිටියා. මම ඉතින් ඇඩ්රස් එක දුන්නා. ඒ කිව්වෙ ඊ-මේල් ඇඩ්රස් එක. පස්සෙ ඔහු ඉල්ලා සිටියේ අලුත් බොගයක් පටන් ගන්නට උපදෙස්. මම කෙලින්ම මාතලන්ගේ පන්තියට පාර පෙන්නුවා. http://campussyndi.blogspot.com/2014/01/1.htmlhttp://campussyndi.blogspot.com/2014/01/2.htmlhttp://campussyndi.blogspot.com/2014/01/3.htmlhttp://campussyndi.blogspot.com/2014/02/blog-post.htmlhttp://campussyndi.blogspot.com/2014/02/blog-post_11.htmlhttp://campu
ගුරු ගීතය හා රඹුටන් ගස් හරීගේ හීනලන්තය මිලදීගත් රඹුටන් වල්ලෙන් එකිනෙක ගිලිහෙද්දී ඇයත් මමත් මාවත අද්දර දොඩමළුවී සිටියෙමු. රඹුටන්වල මිහිරටත් වඩා කීමෙහි බිණීමෙහි මිහිර ගතසිත වෙලා ගොස් තිබිණි. ඈ තවත් එක් රතුවන් රඹුටමක් ගෙන ලෙලි හැර කටේ රුවා ගත්තාය. මම එය ඇඟේ දකුණු කම්මුලටත් වම් කම්මුලටත් මාරුවනු බලා සිටියෙමි. තවත් මොහොතකින් මදයෙන් මිදුණු ඇටය බිමට පතිත විය."දැන් මෙතන ඇට දාලා ගිහින් ආයෙ එන්නකොට රඹුටන් ගස් තියෙයි මෙතන""අර ...
සලාත් (ප්‍රවේසම් වන්න) හරීගේ හීනලන්තය (ගත්තෙ මෙතනින්)ජීවිතය විටින් විට අපට පාඩම් කියාදෙයි. වරෙක පොතෙන් පතෙන්ද, තවත් වරෙක තමන්ගේම අත්දැකීම් තුලින්ද, තවත් වරෙක අන්‍යයන්ගේ අත්දැකීම් ඇසුරෙන්ද අපි පාඩම් උගන්නෙමු. විටෙක එකම පාඩම කිහිපවරක්ම උගන්නෙමු. කෙටිකලක් තුළ පිරිසකට ස්වකීය අත්දැකීම් තුළින්ද තවත් පිරිසකට අන්‍යයන් දෙස බලාද පාඩම් ඉගෙනගැනීමට සැලස්වූවෙකි, සලාත්.නූස් නොමිටි සාමාන්‍ය ප්‍රමාණයේ දේහයකින් යුක්තවද මනාව නඩත්තු කළ කෙස්වැටියකින් හා රැවුළකින්ද යුක්තවූ ඔහු අන්‍යයන්ට ප්‍රියමනාපව පෙනෙන ආකාරයෙන් ...
ඒ අහිංසක මනුස්සයා මොනවා කරන්න මහත්තයෝ? හරීගේ හීනලන්තය "ටී එකක් දෙන්නද සර්" ඒ ඔහු මුණගැසුණු පළමුවෙනි මොහොතයි.මා සේවය කරන ආයතනයේ දැන් මා සේවය කරන තනතුර වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයට ගොස් සිටියෙමි. ඒ අතරතුර කාලයේදී තේ විරාමයද එළඹ තිබූ හෙයින් තේ සාදන්නා විසින් මටද තේ පිරිනැමීමට සූදානම් විය."බොහොම ස්තුතියි. මම තේ බීලා ආවෙ" මම ස්තුතිපූර්වකව එය ප්‍රතික්ෂේප කළෙමි. "කමක් නෑ සර්. බොන්න" එහෙත් මගේ දෙවෙනිවර ප්‍රතික්ෂේප කිරීම හමුවේ තේ සාදන්නා ...
තෝබිත්ගේ කතාව 5 - තෝබියස්ගෙ මංගල්ලෙ හරීගේ හීනලන්තය තෝබිත්.. ආයෙත් කාලෙකට පස්සේ. මට නම් හිතෙන්නෙ කට්ටියට මුල ඉඳලම කතාව මතක් කරන්න වෙයි වගේ. කතාව ලියාගෙන ගිය මට කතාව ඉවර නැතිබව අමතක උනානම් කියවපු ඔයාලා ගැන කවර කතාද? හැබැයි එහෙමම කියන එකත් නරකයි. සමහර පාඨකයො මග තොටේ හම්බුනාමත් මේ කතාව ඉවර කරන්නේ නැද්ද කියලා ඇහුවා. ඔන්න ඒ අය ඔක්කොමත් මතක් කරගෙන කතාවෙ පොඩි සාරාංශයක් කියන්නම්. කතාව මුල ඉඳලා කියවන ...