තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි. හරීගේ හීනලන්තය ශු. බයිබලයේ ඇති කතා අතුරින් මගේ බොහෝම සිත් ගත්තු කතාවක් තමයි තෝබිත්ගේ කතාව. ශු. බයිබලය ගැන ලිපියේදී සඳහන් කළා මතකනෙ ශු. බයිබලය තුළ ධාර්මික කරුණු, ඉතිහාස කරුණු වලට අමතරව ප්‍රබන්ධත් ඇතුළත් වෙලා තියෙන බව. මේ කියන්න යන කතාවත් ප්‍රබන්ධයක්. ලියවිලා තියෙන්නෙ ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයේ විතර. ලියපු කෙනෙක් හරියට පැහැදිලි නැතත් මිනිසා තමාගේ දුක් කම්කටොළුවලදී ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ කෙරෙහි ...
එයාර්පෝර්ට් ගහ හරීගේ හීනලන්තය එයාර්පෝර්ට් ගහමේ ටිකේම පෝස්ට් ලියන්න පොඩි කම්මැලි ගතියක් ඇතිවුනා. 'අද එකක් ලියන්න පටන් ගන්නවා' කියලා පටන් අරන් ඩ්‍රාෆ්ට් කරලා නතර කරපු පෝස්ට්ම දහයක් විතර ඇති. ඉස්සෙල්ලා පොඩියට පෝස්ට් එකක් වගේ එකක් දැම්මෙත් කම්මැලිකම ටිකක් හරි අඩුවෙයිද බලන්න. ඒකෙ නම් සමහරු 'කම්මැලියා' කියලා කියලම තිබුණා. පෝස්ට් එකක් හැටියට පිළිගන්නත් බෑලු ඒක. හරි එහෙම නම් පෝස්ට් එකක් හැටියට පිළිගන්න පුළුවන් අන්තිම කතාව ...
නම නොදන්න ගහ හරීගේ හීනලන්තය වෙලාව උදේ හයට විතර ඇති. මට එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කන ගාවම කන පැලෙන්න කුරුල්ලො කෑගහනවා ඇහිලා. මුන්ගෙ තියෙන කන්කරච්චලේ මිනිස්සු මොකට කුරුල්ලන්ගෙ සද්ද අහන්න කුරුල්ලො බලන්න 'කුමන' ගාටනවද මන්දා? මම හිතින් බැන බැන නැගිට්ටා. මොකද සද්දෙ බලන්න ජනේලෙ ඇරියා. ජනේලේ ළඟම තියෙන නම නොදන්න ගහේ කුරුල්ලො ගොඩාක් වහලා එක එක ජාතියෙ උන්. උන්ට උදේ පාන්දරම හොඳ කෑමක් ලැබිච්ච චිත්ත ප්‍රීතියටද ...
ගාලු කොටුව, කොළඹ කොටුව දැක්කට මීගමු කොටුව දැකලා තියෙනවද? හරීගේ හීනලන්තය ගාලු කොටුව, කොළඹ කොටුව තරම් මීගමු කොටුව ප්‍රසිද්ධ නම් නෑ. ප්‍රසිද්ධ නැති උනාට ඒකත් කොටුවක්නෙ. අද කියන්න යන්නෙ මීගමු කොටුව බලන්න ගිය විස්තරේ. මට පුරාවිද්‍යාව ගැන එච්චරම උනන්දුවක් නැති හින්දා පුරාවිද්‍යාත්මක වටිනාකම නම් හොයන්න ගියේ නෑ. ඒත් ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ඔත්තුවෙන් ගිහින් වටිනා විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන ...
අලුත් වචන තුනක් දවසකට වචන පහක් හරීගේ හීනලන්තය අද උදේ පාන්දරම මට හිතුනා අන්තර්ජාලෙන් ජෝක් එකක් බලන්න. (රටේ ජෝක් නැති කමට :))ඔන්න ඔය පහළ පින්තුරෙ මට හම්බවුනා. ඒකෙන් පෙන්වන්න හදන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකකට එන පාරිභෝගිකයෙක්ව අදාළ ආයතනය මඟින් තෘප්තිමත් කරන්නෙ කොහොමද කියන එකට උදාහරණයක්.පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.පළවෙනි කාරණාව පාරිභෝගිකයා හොඬක් බලාපොරොත්තු වෙනවා. හරි හොඬක් ...
දන්සල යකා වෙච්චි හැටි. හරීගේ හීනලන්තය කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර ...
නයි කීදෙනෙක් ඕනද? හරීගේ හීනලන්තය ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි ...
එහෙනම් අතනට දෙකක් දෙන්න හරීගේ හීනලන්තය ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා ...
පොල් කැඩිල්ල හරීගේ හීනලන්තය පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල් ලංකාවෙ වතුවල වැවෙන පොල් එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ...
පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද.. හරීගේ හීනලන්තය "මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට ...
ඇට දාලා හොල්ලන පෙට්ටිය හරීගේ හීනලන්තය "අර මොකක්ද අර ළමයා ගහන්නෙ?""ඒ වධක බෙරේනෙ.""කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?""මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ""ඇට? මොන ඇටද?"මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්‍රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.ජුදයාව පුරා ...
අතීතයේ දිව්‍ය පූජාවකට ගියෙමි හරීගේ හීනලන්තය අතීතයේ??දිව්‍ය පූජාවකට??මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් ...
කූඹී කූඹී යාළු... කෑම සොයනවාලු... පේළියකට යාළු... පාද තියනවාලු... හරීගේ හීනලන්තය "අම්මා..මා.. මෙන්න කාඹී. මේ මේ මේ එන්නකූ ගොඩාක් ඉන්නවා"මම පොඩි කාලෙ කූඹි පේළියක් දැක්කමහරි එහෙම නැත්නම් ගුලක් හදන කූඹි රංචුවක් දැක්කම හරි එන්න එහෙම සන්තෝසෙන් කෑගහනවාලු. මටත් යානතමට යාන්තමට වගේ මතකයි ඒ කාලෙ කූඹින්ගෙ ලෝකයට එබිලා බලන්න මම කොච්චර ආසා කරාද කියන එක. කූඹි පේළියට යන හැටි, පුංචියට පටන් අරන් ගුලක් හදාගෙන යන හැටි, තමුන්ටත් වඩා ලොකු කෑම කුට්ටි උස්සගෙන ...
හරී මේඩ් අල්මාරි හරීගේ හීනලන්තය හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් ...
මමත් ජෙරී වගේ හරීගේ හීනලන්තය දුර බැහැර කොම්පැනියකට යන එක අතෑරලා ගෙවල් අහල පහල තැනක ජොබ් එකක් හෙව්වෙත් පාන්දර ජාමෙ බස් වල පැය ගණන් රස්තියාදුවෙලා වැඩට යන්න බැරිකමට. ඒවගේම දවසම මැරිලා මැරිලා තවත් පැය ගානක් බස් ඇතුලෙම මහ මඟ මැරෙන්න බැරිකමට. ඉතින් ළඟ අහල පහළින්ම ජොබක් හොයාගන්ඩ ලැබුන එකට හරිම සන්තෝසයි. උදේට යන්න තියෙන දුර අඩු හින්දම මම නැගිටින්නෙ පාන්දර 6.15ට විතර. ඒ කිව්වෙ මම ...
මම නම් කියන්න බැරිතරම් හොඳින් හරීගේ හීනලන්තය ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි."මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"තවදුරටත් කියනවා නම් ජෙරී කියන්නෙ සාමාන්‍යය අවන්හල් කළමනාකරුවෙක්. මේ වෙනකොට තැන් කීපයකම ...
ජේසුස් වහන්සේගේ උත්ථානය හරීගේ හීනලන්තය නත්තල් කාලෙ කොහොමද මේ ජේසුස් වහන්සේගේ උත්ථානයක් ගැන කතා කරන්නේ කියලා හිතෙනවද මන්දා? මේක නත්තල් කාලෙ වෙනුවෙන් ලියවෙන ලිපියක් නම් නෙමෙයි. මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම කියාගෙන කියාගෙන ආවා.මුලින්ම කිව්වෙ ජේසුස් වහන්සේ ගවමඩුවක ඉපදිච්ච හැටිනෙ. ඒ විස්තරේ මෙතනින් බලන්න. ඊළඟට කිව්වෙ උන් වහන්සේ බෞතීස්ම ස්නාපනය ලබලා ප්‍රසිද්ධ ජීවිතය පටන්ගත්තු හැටි. ඒ ටික ඔක්කොම මෙතනින්. ඊළඟට ගෝළයන් තෝරාගැනීම, ...
මේ පාර අපිටත් නත්තල් හරීගේ හීනලන්තය හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ...
අත්පුඩි නොගහා කොඩිගහක් ඔසවාගන්නා ආකාරය හරීගේ හීනලන්තය මාතෘකාව දැකපු ගමන් සමහර අයට නම් කතාවක් මතක් වෙන්නැති. ඒත් ඉතින් මම ඒ කතාව කියන්න නෙමෙයි හදන්නෙ. ඒ කතාවට මූලික වෙච්ච කොඩිගහ ගැන කතාව තමයි අද කියන්නෙ. මොකක්ද කොඩිගහ කියන්නෙ? ඒක තමයි කියන්න යන්නෙ. එහෙනම් ලිපිය බලමු. ඊටකලින් කැමති කෙනෙකුට පුලුවන් මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා පොඩ්ඩක් හිනාවෙලා එන්න. තව ඔයවගේ කතා තියෙනවා එව්වා අන්තිමට. ඒක නිසා හොඳට මේ කතාව ...