බයිට් වූ කලා කරුවෝ.. හද පතුල ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර වලට සිනා වීමයි.. ප්රෑන්ක් යනුවෙන් අන්තර්ජාලයේ එවැනි දෑ ඇති තරම් ඇත. කෙසේ වෙතත්.. මෙහිදී කලාකරුවා නොදැනම .. නොමිලේ ම බයිට් වේ.. මෙයට එරෙහිව නැඟී සිටියේ දක්ෂතම ප්‍රහසන නළුවෙකු වන මිහිර සිරිතිලකයි.. නොමිලේ බයිට් විය නොහැකි ...
සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද? හද පතුල පරිගණකය ඇසුරු කරගෙන සිංහල බසින් ලියැවෙන ලිපි, නිර්මාණ ආදියෙහි අක්ෂර වින්‍යාසය හෙවත් අකුරු විනිස නිවැරදිදැයි දැන ගැනීමට අපට තිබූ කදිම මෙවලමකි.. සුබස අකුරු විනිස පිරික්සුව.. වැඩි විස්තර මේ ලිපියෙන් දැන ගත හැකි වනු ඇත... එහෙත් අවාසනාවකට මෙන් පහු ගිය කාලයේ එම මෙවලමට අදාළ දිගුව ක්‍රියාත්මක වූයේ නැත.. එයට හේතුව කුමක් වුවත්.. ඒ ගැන අපි බොහෝ සේ කණගාටු වූයෙමු.. 100% ...
ගුරු මවු පිය වරු හද පතුල අපි පුංචි කාලෙ ඉඳං කොයි තරං දේවල් ඉගෙන ගන්නවද? දරුවාගේ මුල් ම ගුරුවරු ඉන්නේ ගෙදර කියලා නොවැ කියන්නේ.. ඒත් ටික ටික ලොකු වෙද්දී එක එක විදිහෙ පාඩං අපි ඉගෙන ගන්නවා. ඒ දෙගුරුන් ගෙන් විතරක් නෙවෙයි. සමාජ තක්සලාවෙන්, පාසලෙන්, පංසලෙන්, පොත පතින්, ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන්. මගේ ජීවිතයේ දී මං පහු කරපු, මගේ හිතේ රැඳුණු ගුරුවර, ගුරුවරියෝ ටිකක් කෘතවේදීව සිහිපත් කරන්න ...
෴෴ලැබ යස ඉසුරු නොගිලින් පුත උගේ ඇම෴෴ හද පතුල ලෝකය තිබෙන්නේ අප අපගෙම අතරකාලය ගෙවන්නෙමු මෙය නොහිතා නිතරවේගය වැඩි වුණත් නෑ නිම මේ සසරසාදය විඳිමු දම්, අපි අතරින් පතරඔබ වෙනුවෙන්ම රැක ගන්නට අපේකමතබ තබ පුංචි පියවර හැම වෙලාවෙමඔබ මොබ ගියෙමි ගැහැටෙන් මැඩ විඩාවමලැබ යස ඉසුරු නොගිලින් පුත උගේඇමරැක ගත යුතුය බුදු දම අද වගේ හෙටඑකටම තිබිය යුතු වෙයි මුතු වගේ රටබක පණ්ඩිතයො කීවත් බොරු අගේ කොටවක නැහැ කෙලින්මයි සිංහල ...
ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න! හද පතුල මගේ සිතැඟි දොයිතුවකට හිත් මායිමකට නොගන්න ලොවේ හැමගෙ දුක් කරදර ඔබේ වගේ ලඟට ගන්න උදේ ඉඳං රෑ වෙනකං බැරි දේ ගැන සිහි කරන්න ඔබේ හිතට එන අදහස් ඔබේ ම දැයි මට කියන්න ඔබේ නැතත් මගේ තියෙන ඕනැ එපා කම් බලන්න මගේ ඇඟේ දුවන ලෙයට යුතුකම් ටික ඉටු කරන්න උදේ ඉඳං රෑ වෙනකං වෙහෙසුම අමතක කරන්න ඔබේ හිතට එන අදහස් ඔබේ ...
මම මගේ හිත සහ ඇය.. හද පතුල ඇය: අයියෙ කොහොමද ඉතිං.. මං අයියගෙ කවි වලට හරිම ආසයි.. මටත් කවි ලියන්න කියා දෙන්නකො..හිත : කෙල්ල උඹව මුරුංගා අත්තෙ තියන්ටයි හදන්නෙ..මම : බොහොම ස්තුතියි නංගි.. හිතෙන දේ ලියන්න.. භාෂාව ගැන පරෙස්සම් වෙන්න.. හොඳ කවි වැඩි වැඩියෙන් කියවන එක ප්‍රයෝජනවත් වෙයි..ඇය: අයියා මාර හැන්ඩ්සම්නෙ...හිත: මං කිවුවෙ නැද්ද?මම: හික් හික්.. නංගි මාව මුරුංගා අත්තෙ තියනවා නේද?ඇය: ඔය ඉතිං අයියා වැරදියට හිතනවනෙ.. ...
වින්ඩෝස් 7 ශෙයාරින් වල පාස්වර්ඩ් ඕෆ් කරන්නෙ කොහොමද? How to off Password Protected Sharing in Windows 7 හද පතුල වැඩිය තාක්ෂණික ලිපි නොලියන මට තාක්ෂණික ලිපියක් ලියන්ට හිතුනෙ.. මට වෙච්චි අවශ්‍යතාවයකට පිළියම හොයාගත්තම අනිත් අයටත් ඕනෙ වෙයි කියලාත් මට වුණත් අනාගතේ දි ඕන වෙයි කියලාත් හැඟුන නිසා.. කාරණේ මේකයි.. අපේ ආයතනයට අලුතින් පරිගණකයක් ගත්තා.. ඒකට ස්ථාපනය කළේ.. Windows 7 කියන Operating System එක. අපට අවශ්‍ය වුණා.. හැම දෙනාටම වගේ අවශ්‍ය වන Files කිහිපයක් Folder එකකට දාලා Share කර ගන්න. ...
අනේ ඉතිං අපි දෙන්නට..! Happy 10th Anniverssary හද පතුල මීට අවුරුදු 10කට ඉස්සර මේ වෙලාව වෙනකොට මං හිටියෙ සවාරියක අතර මැද..තනියෙම නෙවෙයි.. මගේ ආදර බිරිඳත් එක්ක.. ඒ සවාරියට කිවුවෙ.. Honey Moon එක කියලා.. සැප්තැම්බර් 01 වෙනිදා.. කසාද බැඳලා.. මඟුල් ගෙදර ඉවර උනාට පස්සෙ.. රත්නපුරේ රෙස්ට් හවුස් එක.. හග්ගල පැත්තෙ රෙස්ටොරන්ට් එකක (නම මතක නෑ).. තමයි 02 වෙනිදා රාත්‍රිය ගත කළේ.. ගෙදර අයගෙ.. යාළු මිත්‍රයන්ගෙ විරෝධය මැද්දෙත්.. අපේ ගමන අපි ...
ගිය හකුරට නාඬා තව තව හිනැහෙනවා... හද පතුල එදා ඉඳං අද වෙනකම් අපි රැවටෙනවා රැවටි රැවටි ඉතිහාසය ගැන දොඩවනවා බිංදු බිංදු එකතු වෙලා ගඟක් හැදෙනවා දන්නෙම නෑ ගං වතුරට අපි යට වෙනවා අපේ මලේ පැණි කවුරුත් බෙදා ගන්නවා අනේ අපේ කරුණාවනෙ.. සතුටුත් වෙනවා අපට කොහිද මල් අපි දැං උක් පැණි බොනවාගිය හකුරට නාඬා තව තව හිනැහෙනවාශ්රී ලංකාව කියන්නෙ පුංචි රටක්.. අපි මේ රටේ ස්වදේශිකයො වගේ සුද්දන්ට පර සුද්දෝ... ...
මෘදුකාංග (Software) හද පතුල ඔන්න ඉතිං.. ඒ ගැන දන්න කස්ටිය .. අපි නොදන්න සොෆ්ට්වෙයාර්.. කියලා මාව කපලා දාන්නෙ නැතුව.. පොඩියක් කියවලා බලලා..ඌණ පූර්ණයක් එහෙම කොළා නම් තමයි වටින්නේ.. සොෆ්ට්වෙයාර් කියන්නෙ අපේ කොම්පියුටර් එකේ තියෙන වැදගත්ම දෙයක් නොවැ.. ඒ කියන්නෙ.. සොෆ්ට්වෙයාර් නැතුව කොම්පියුටරේ දුවන්නෙ නෑ.. ඔයාලට කියන්න. ඒවා නැතුව අද කාලෙ සමාගම් බොහොමයකුත් දුවන්නෙ නෑ..ඒ ගැන පස්සෙ දවසක විස්තර ඇතුව කියන්නම්කෝ.. කොම්පියුටරේ පාවිච්චි කරද්දී අපිට ...
෴෴මා නැඟි කන්ද අහවර බව මට තේරේ෴෴ හද පතුල දෙනෙතින් කඳුළු, මුවඟින් මදහස -----------බේරේසිත් මල ඔකඳ වී දරු සෙනෙහස ------------මේරේමනමාලියක වී දියණිය ගිය ------------------පාරේමා නැඟි කන්ද අහවර බව මට ------------- තේරේනුඹෙ නව සොඳුරු නිවහන වෙත පිය -------මනිනදිනයෙදි සුදු දුවේ තව සුරතල් --------------වෙමිනමුදවා කඳුළු යළි නිසි සිහියට -------------- පැමිණනොලසා අසනු මැන පිය හිමි බස ---------සොඳිනඔහු මව දකිනු නුඹ මවටත් වැඩිය --------- පෙමින්දින දින ඔහු පතන විළසට පුරුදු -----------වෙමින්නොදොඩනු මැනවි ...
සිතාරා -1 හද පතුල මට මතකයි.. ඒ කාලකන්නි හැන්දෑව. ප්‍රියංගිත් මාත් අත් පටලගෙන ආවෙ කවි මඩුවක සුන්දර අසිරිය විඳින්ට හිතාන. මටත් කවි කියන්ට ආරාධනා ලැබුණනෙ. ප්‍රියංගි කොහොමටත් මගේ රසිකාවියක්. වැඩේ නැගලා ගියා... ඉතා උණුසුම් සංවාදයක්.. සිතාරා.. මට වඩා දෑවුරුද්දක් බාල වුණත්.. ඈ.. හරි අපූරුවට මගෙත් එක්ක වාද කළා.. මටත් නොදැනීම.. මගේ මුවින් මෙවන් කවියක් පිටවුණා..කවුරුන් කොහොම වැවුවත් මල්, මල් ...........වත්තේබමරුන් නොවෙද ලද මොහොතෙදි රොන් ...
ආඩම්බරයි ඔබ ගැන ආදර සංගා හද පතුල සංගක්කාරව..අපි මුලින්ම දැක්කෙ.. 2000 වසරෙ පකිස්ථානයට එරෙහිව එක්දින තරඟාවලියෙදි. මුලින්ම ඔහුව ආදේශ උනේ රොමේෂ් කලුවිතාරණට.. ඒ කියන්නෙ ඔහුගෙ ස්ථානයට.. රොමේෂ් එක්දින තරඟ වලදි දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක උනත්.. ඔහු අපේ සිත් සතන් වල පැලපදියම් වෙලා හිටපු කඩුළු රකින්නා.. ආකර්ශනීය, උද්යෝගිමත්, සුන්දර කලු ව පන්නලා ගෙනාපු මේ අලුත් කඩුළු රකින්නා ගැන අපට තිබුණෙ අකමැත්තක්.. විශේෂයෙන් .. සංගා.. මීට පෙර කඩුළු රකින්නෙකු ...
අධිකරණ තීන්දු වලට එරෙහි වීම හද පතුල එදා මෙන් නොව.. අද අධිකරණය.. ස්වාධීන තීන්දු තීරණ ලබා දෙන බවක් පැහැදිලිව පෙනේ.... ඒවායින් සමහරක්.. තීරණ... පොදු සමාජයේ ඇසින් වැරදි ඒවා විය හැක.. එහෙත් අධිකරණ විනිසුරුවරයන්ගේ වගකීම පවතින නීතියට අනුව වඩාත් අපක්ෂපාතීම තීන්දුව ලබා දීම මිස.. බහුතරයේ හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත ඉටු කිරීම නොවේ.. ආසන්නතම සිද්ධිය හමුදා නිලධරයා සම්බන්ධ තීන්දුවයි.. මට නම් එය පෙනෙන්නේ.. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් ලෙසයි.. ඔහු නිවැරදි ...
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී හද පතුල අද මට විශේෂ දවසක්.. මගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය.. උදේම සිත FM දැම්මා.. ඒකෙ මේ සිංදුව ගියා..දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවාවැටකෙයියා මලක් වගේ සුවඳ හමනවාපසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවාමගෙ අම්මා මට ජීවන සුවය සදනවාසංසාරෙන් සංසාරෙට එකට ආ බැඳීකෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදීඅම්මා යන සමාධියට සිටිමි සමවැදීඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදීසිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේඔබ දුටුවම ...
ප්‍රොෆෙසර් ගැන රසකතා හද පතුල ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක් පහුගිය දවස් වල සමාජ ජාලා වල පැතිරුණා. මට ඒක දැම්මම මතක් වුණේ අපේ ශ්‍රියානන්ද මහාචාර්ය තුමා ගැන තියෙන රස කතා ටිකක්. මෙතුමා ඉතාම අල්පේඡ්ඡ ජීවිතයක් ගත කරන, සමාජ වාදී ලක්ෂණ පෙන්වන, චුට්ටක් අමුතු ඇක්සන්ට් එකකින් කතා කරන මහා දැනුම් ගබඩාවක්. යම් විෂය කරුණක් ගැන එතුමාගෙන් විමසූ විට ඉතා නිහතමානී ව ඒ ගැන සරල ...
කලකින් හමු වූ ජූලී හද පතුල බෙහෙත් ගන්ට කියා මාව නංවාගෙන රියේමහත්තයෙක් ළඟට යළිත් දක්කාගෙන ගියේපහත්වෙලා බලා මදෙස අත ගා හිස මයේයළිත් එන්න කියපි දෙකක් ඉන්ජැක්සොන් තියේ බොන්ටනොවේ දෙන්නෙ බෙහෙත්, ඇඟට තදින් විදීඉන්ට හිටින්ටත් බැරි වී, බෙරිහන් දෙමිරිදීකන්ට ගෙනෙමි පීස' එකක් හිටු බෙරිහන් නොදීයන්ට යන ගමන් පැවසෙයි ඉවසුම මගෙ මදී පෝලිමෙ පිටුපස ඉන්නා කෙනා දැකල' හුරුයිවේලි වේලි ඉන්නෙ නමින් අඬ ගසනා තුරුයිපාලි මොටද මගෙ ඇස් ...
කේ. ලීලාවතී මෑණියන්ට පිං පිණිස..... හද පතුල ලබාපු අලුත් අවුරුද්දේ අලුත් වෙනසක් කොරන්ට කියලා හිතාන ඔන්න මං හද පතුල ජනසතු කොරන්ට උත්සාහ කොළා.. අනේ වැඩේ හබක්..! හදපතුල බලන ඈයෝ කීප දෙනෙක් මේකට විරුද්ධ වුණා නෙව.. දැං ඉතිං මක් කොරන්ටද? මාත් ඉතිං අර ඉල්ලා අස්වීම අස්කරගත්තු ඇමැත්තෙක් වගේ ලැජ්ජාවෙන් මගේ උස්සහයත් අකුලගත්තා.. අපේ උන්දැලා ඔහොම ම නේ.. බෙදනවට කැමතිම නෑ... හෙහ්..! බින්දි කිවුවා වගේ අනන්‍යතාවය කියන එකේ නං ...
පඬුපුල් ආසනේ.. හද පතුල උණුවෙනවා උණුවෙනවා ඉවරයක් නෑ කියලා ගලෝලා පැත්තකට විසි කරලා තිබුණ පඬුපුල් ආසනේ.. ළඟපාත තිබුණ කුෂන් කඩේකින් අලුතින් කුෂන් කරවගෙන කාරිය සක්කර දෙයියෝ ආපහු සිය සුපුරුදු වැඩ පිළිවෙල පටං ගන්ටෝනි කියලා හිතුවෙ.. පහුගිය කාලෙ තමන්ගෙන් ඉටු නොවුණු රාජකාරි ආයෙත් පටං ගන්ට ගැම්මක් හිතට ආපු නිසයි...හයිකරලා ටික වෙලාවක් ගියත්.. උණු නොවුනෙ.. මේක හරියට වැඩ කරන්නෙ නැද්ද කියලා දෙයියන්ට හිතුණු නිසා එයා වහාම ...
දරුවෝ, දෙමාපියෝ සහ සැලකිළි... හද පතුල ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනි..වහ වහා තමන්ගේ වැඩකටයුතු නිමා කරන අම්මා ඇදෙන්නේ සාලයේ මුල්ලක තබා ඇති රේඩියෝව වෙතටය.. දැන් සෑහෙන දවසක සිට අම්මාගේ ක්‍රියා පටිපාටිය සෑහෙන්න වෙනස් වී ඇත.. පහු වුණු කාලේ කොයිතරම් සිල් ගන්ට ගියත්.. කවුරු හෝ සිල් ඇත්තියක් පවසන සාස්තර කරුවෙකු, යන්තර-මන්තර ගුරුකම් කරන කපුවෙකු වෙත යාමට ඇයට සිත් වේ.. තමාගේ ...