සෝභිත සමිඳුනි .. නිවන් සුව! හද පතුල සොයමින් නිවන් මඟ අතහැර මඟසැපවත්දහමින් උගත් බෙදමින් දම් රස සරුවත්නැගිටිය යුතු තැනදි නොතැකූ තමදිවි වත්හිමියනි අපයි අසරණ නුඹ වියඅපවත් සැම විට පතළ කළ කරුණා සෙනේසිතඋස් මිටි කමක් කළු සුදු භේදයක්නැතහිමියනි නුඹ පැතුව යහපාලනේමතහෙළ බොදු ලකුණ වෙන කාටත් වඩාඇත නිසැකව මතු හෙළයෙ දම් මල් පිපේවායහ ගුණ දහම මිනිසත්කම් රැකේවානුඹ පැතු ලොව ම අප හට මතු ලැබේවානිබඳව මතු නිවන් මඟ මුණගැසේවා ...
කැඩපතට මුලා වී!2 හද පතුල අරුණැල්ලට පෙර අවදි වන්නට මා පුරුදු වී දෙමසකට නොවැඩිය.. වෙනදා අනුන්ගේ කඩවල් වලට අම්මා දමන කඩයප්පං දැන් දැමෙන්නේ මගේ කඩේ ට ය... සමාවෙන්න .. ඒ අපේ කඩේ ය.. අම්මාගේත්.. මගේත්.. ඇගේත්.. කඩේ ය..පුතා අද වෙනදාටත් කලිං නැගිටලා.. අම්මගේ දයාබර හඬ මා සිතට මිහිරක් එක් කරයි.. අද ඉඳං කැඳ වර්ග ටිකකුත් දාන්න හිතුවේ අම්මා.. කීප දෙනෙක්ම ඇහුවා....කියමින් මම අම්මාගේ මුහුණ ...
බැරි දා විග්‍රහය!"ජනවාරි අට" හද පතුල සුප්‍රකට "ජනවාරි අට" පෙරැළියෙන් පසු, දස මසකට වඩා මඳක් ගෙවී ගොස් අවසන් ය.. අලුත් ජනපති.. අලුත් ආණ්ඩුව ගැන මැසිවිලි බොහෝ ය. ඒවා අසාධාරණ ද නොවේ. ඒවාට ආණ්ඩුව පැත්තෙන් පිළිතුරු ද ඇත. ඒවා ද අසාධාරණ නොවේ. එසේ නම්.. අසාධාරණ වන්නේ කුමක් ද? අප සෙවිය යුත්තේ ඒ ගැන ය.බලාපොරොත්තු අසාධාරණය.. "මුං" වපුරා.. "තල" අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිද? සමාජය අසාධාරණය.. දේශපාලකයින් බහුතරය විසින් ...
භව ගමනක සිහිනය (3) හද පතුල දෙවැනි කොටසටආයෙමත් හැන්දෑවක.. මං මගේ බිරිඳයි මගේ දුවයි එක්ක ඇවිදින්ට යනවා.. ඒක ටිකක් පාළු, ගුරු පාරක්.. රබර් ගස් පාර දෙපැත්තෙන්.. දන්න අඳුනන කෙනෙක් ඉස්සරහට එනවා..ආ.. මොහොමඩ්.. කොහොමද? මොකද ඔය කට ඉදිමිලා..මොකද දන්නෙ නේ.. මාතියා.. වෙද මාතියා ඉන්ජෙක්ෂන් එක තමා ගානවා කීවා..ඉන්ජෙක්ෂන්..!හොඳයි.. අපි ගිහිං එන්නම්..වෙද මහත්තුරු ඉන්ජෙක්ෂන් ගහනවද? මගේ පුංචි දුවගෙන් ප්‍රශ්නයක්..හ්ම්.. දැං ඉන්නවනේ ඉංග්‍රීසි වෙදකමත් දන්න වෙද මහත්තුරු.. එහෙම ...
කවි හදන හැටි - 6(දශ මහා ගුණ) හද පතුල කවි හදන හැටි, කවි හදන හැටි - 2, කවිහදන හැටි - 3, කවි හදන හැටි - 4, කවි හදන හැටි - 5 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) නම් පොත ඇසුරිනි. කවි පබැඳීමේ දී එම කවි තුළ තිබිය යුතු ගුණාංග දහයක් "දශ මහා ගුණ" වශයෙන් විස්තර ...
පරිගණකයක් මිළට ගැනීමේදී සැලකිය යුතු කරුණු හද පතුල 1. Desktop or Laptop ?පරිගණකයක් මිළට ගැනීමේදී.. ඔබ මිළට ගන්නේ ... කුමණ ආකාරයක පරිගණකයක් ද යන්න පළමුව තීරණය කළ යුතුය. එය ඔබගේ අවශ්‍යතාවය සහ වියදම් කිරීමේ හැකියාව මත තීරණය කළ යුතු දෙයකි. බැලූ බැල්මට.. මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. ඔබ පරිගණකයෙන් වැඩ කරන්ට බලාපොරොත්තු වන්නේ.. එක ස්ථානයක නම්.. ඒ වගේ ම ටිකක් වැඩිපුර වෙලා පරිගණකය එක්ක කල් ගත කරන්න හිතනවා ...
මහ වනේ මතු වෙලා හද පතුල එදා කපලා තිබුණු මහ වනේ මතු වෙලාආයෙමත් කොළ පාට අපිත් කුල්මත්වෙලාහරි පුදුමෙ මාසයෙන් දෙකෙන් ගස් ලොකු වෙලාජාතියේ හුස්ම ටිකතවත් ඔද්දල් වෙලා...ඒ අඳුර.. ඒ සිසිලනැත්තෙ කිම බල බලාඋන්නෙ මං දහවලේහීනෙකට බය වෙලා..හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
ඔයාට පිස්සුද? හද පතුල මහ මුහුදේ රළ වෙනදාට වඩා උදාසීන යැයි සිතූ ඈ එය ඇත්තක්දැයි බලන්නට මෙන් දෑස් පෙති පිසදා මුහුද දෙස හොඳින් බැලුවාය. බලන්නකෝ.. මුහුදු රළ එන්නෙ.. අපට ඕනවට වගේ.. හ්ම්.. ඔහුගේ ප්‍රතිචාරය ඇසුණු විට ඇයට සිතුණේ.. මුහුදු රළ ඒ අතින් ඔහු ට වඩා උද්යෝගී බව ය. හරියට අපි වගේ නේද? ඈ ඇසුවේ ඔහු ගේ දැහැන බිඳින්නට ය.ඔවු.. අපි වගේ.. මෙලෝ රහක් නෑ.. ...
පුංචි පුතුට ලෝකයක්.. හද පතුල මගෙ පුතේ.. උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි.. අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව, පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව, මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා ...
ප්ලේන්ටියේ කූඹියා.. හද පතුල ඔන්න දවසක් මං ගියා අපේ යාළුවෙක් ගෙ ගෙදර. ගිහිං යාළුවත් එක්ක පොඩි කතා බහක නියැලිලා ඉන්නැද්දි.. යාළුවගෙ අම්මා.. හදාගෙන ආවා කිරි.. කිරි.. කෝප්පෙක දාපු ප්ලේන්ටියක්.. මං දැං ඕක බොන්ටයි කියලා මගේ අහිංසක කට ට කෝප්පෙ ලං කරනකොට ම මං දැක්කා.. අවසන් ගමන් ගිහිපු කූඹියෙක් මගේ කට ඇතුළට පනින්ට බලාගෙන ඉන්න දුර්ලභ දර්ශනයක්.අහිංසකයා මැරිලා ඉන්න එකේ.. බොරුවට අයිං කරන්ට හදලා ...
මගේ ගල් හිත හද පතුල ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා.. ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා.. ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ...
කන්දට හඳ ලඟයි..? හද පතුල කඳු මුදුනට දිවුවේ නුඹ හඳ අල්ලන්නට හිතානමුදුන අපට උසින් වුණත්හඳට බෝම දුරයි..පාත ඉඳං බැලුවම නංකන්ද හඳට ලඟයි..රොකට්ටුවෙන් හඳට බැහැපුආම්ස්ට්රෝං මහත්තයත්එහෙට වෙලා ඉන්නෙ නැතිවමෙහෙට ආවෙ කිමැයි..හඳේ සිරිය දුරට මිසකපුතේ ලඟට නොවෙයි..හඳේ තැනින් තැන තියෙනාඅඳුරු වෙච්ච ආවාටයඈත ඉඳං බලනා කලසා පොවුවෙක් වගෙයි..ඒ වුණාට ලඟට ගියොත්ආවාටය කැතයි.. කඳු පාමුල අපිත් එක්කහඳ බලන්න එකතු වෙයන්ගාල කඩං දුවන්නෙපාහැම දේ මඟ හැරෙයි..අන්තිමේදි ඉතුරු වෙන්නෙකළ පිං පවු ...
ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල හද පතුල අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ...
ලැප්ටොප් පරිගණකය හා බැටරිය| Laptop & Battery හද පතුල ඔබ ගේ ලැප්ටොප් පරිගණකය එක දිගට විදුලි සැපයුමට සම්බන්ධ කිරීම බැටරියට අහිතකරද?මේ ලිපිය ලියන මා පවා කලක් සිතා උන්නේ එය අහිතකර බවයි. නමුත් තොරතුරු සොයා බැලූ විට එහි ඇති වරදක් නැත. එම සංකල්පය මෙයට ටික කලකට පෙර භාවිත වූ නිකල්-කැඩ්මියම් බැටරිය සමඟ අප අතරට පැමිණි එකකි. වර්තමානයේ භාවිත වන ලිතියම් අයන් බැටරි සඳහා එය අදාළ නොවේ. මෙහිදී බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් ...
කොරෝනා හද පතුල කඳුළැලි ම පුරෝනාලෝකයට විරෝනාදිවි නිමා කරෝනාවෙසඟනය කොරෝනාඅඳෝනා පැතිරිලාපැතු සිහින ඉහිරිලාතුන් සුතුර මැතිරිලාඑ ද අඳුර ඉතිරිලාඅලුත් දොරවල් හැරීදිසෙයි ගුණදම් පෙරීකොරෝනා වෙන් හරීකරමු සුව මං සරීහද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
කවිය නොතේරේ.. හද පතුල මට තේරෙන ඔබේ කවිය ඔහුට ම ලියු ප්‍රේම කවිය මුළු හදින්ම බැන්ද කවිය ඔහුට නොතේරේ.... මම ඇය හට ලියපු කවිය මගෙ සෙනෙහස පුදපු කවිය පැතුම් පිරුණු මගේ කවිය ඇයට නොතේරේ.... ඇයත් ඔහුත් ලියපු කවිය අප හදවත් දවපු කවිය ඒ දෙන්නගෙ ප්‍රේම කවිය අපට නොතේරේ... අපි දෙන්නා ගයපු කවියසෙනේ බිඳුණු විරහ කවියඉකි බිඳ බිඳ හඬන කවියලොවට නොතේරේ.. හද පතුලින් ලියූ ...
මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි හද පතුල පුතා:මුහුද මැද්දෙ ඉන්නවාය ......කියලා කියවෙච්චිමාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චිපියා:මුහුදෙ ඉඳං අපේ අහට ඇවිදිං කර ....වෙච්චිපුතේ ඒක දුර ගමනක් කාටත් ....නොදැනිච්චිපියා:මුහුද පුරා පීන පීන එක එක යස ................මාළුදැල් දාලා කොකු දාලා අල්ලගන්න..............මාළුපුතා:අඬනවාද දන්නෙත් නෑ මූදෙ වැටුණු............මාළුගොඩ ගත්තේ ආදරේට නොවෙයිද ගැන ....මාළුපියා:අපි ගොඩ ඉන්නවා වගෙයි උන් මුහුදේ .........ඉන්නේආදරේට නොවෙයි පුතේ මාළුවො ...........අල්ලන්නේපුතා:යස අපූරුවට නොවෙයිද අපි ගොඩබිම .........ඉන්නේගොඩට ආපු නිසා මොක
අලුත් බ්ලොග් එකක් සාදා ගැනීම ! Create a new blog in blogger හද පතුල කවි, කතන්දර හෝ වෙනත් ලේඛන ලිවීම සඳහා මෙන්ම තමන් ලියූ දෑ ආරක්ෂිතව තබා ගැනීමට ඇති අපූරු තැනකි බ්ලොග්(Blog).මෙහිදී බ්ලොග් එකක් සාදා ගැනීම යන කරුණ තවමත් නුහුරු අය වෙනුවෙන් මේ ලිපිය ලියන්නට සිතුවෙමි.බ්ලොග් භාවිතය හා සබැඳි වචන කිහිපයක් මුලින් ම හඳුනාගනිමු. Blog : නොමිලේ ලැබෙන තැනක හෝ මිළදී ගත් වෙබ් අවකාශයක පවත්වන වෙබ් අඩවියයිBlog Post : බ්ලොග් ලිපිය/සටහනBlogger: බ්ලොග් සටහන් කරුවාLayout/Template: ...
෴෴උරුමයි නම් යමක් හිමිවෙයි෴෴ හද පතුල පුංචිම පුංචි කාලේ ඇය වෙත බැන්දඒ ආලයේ අරුතක් නොදැනුණෙ මන්දඉන්පසු උදාවිය කාලය සැප වින්දබෝලය පිත්ත වූවා මගෙ පණ කෙන්දගැටවර වියට එළැඹුණු ගත සිත සැනිණඔබ වෙත නොවේ වෙනතක යන බව දැනිණඅවසන පෙම් සුවේ රස තව කුළු ගැනිණඇය ඇති හදෙහි ඔබ හට කොටසක් නොවිණකම් සැප නොවෙයි ආලය යනු හිතපු මමඅම්බරයට කියා මගෙ ඇති සුදන කමනිම් නැති ලොවක සෙවුවා සුන්දරම පෙමපෙම්බර ඇය ගියා ...
දේශපාලකයා හා අපේ දේශපාලනය.. හද පතුල දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති.. ඉහත කී පිරිස හැර ඉතිරිය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ අගයක් ගන්නකි.. එහෙත් අප රටට පිරිසිදු දේශපාලනයක් නොහොත්.. පිරිසිදු දේශපාලකයන් පිරිසක් ...