මනාලයා සොඳුරු සිත ( Beautiful Mind ) මනාලයාසෙනඟ සූ ගාලා.වෙනදට මුලු බස් එකටම ඉන්නේ ඩ්රයිවරුයි කොන්දොස්තරයි හැරුනම මඟීන් පස්හය දෙනෙක් විතරයි.බස් එකේ පාපුවරුවෙ හිටිය සෙනඟ දැක්ක අනුත්තරා බස් එකට ගොඩ වෙන බලාපොරොත්තුව අතෑරගෙන ද කොහෙ ද බස් රථයෙන් එහාට වෙනව දැකපු කොන්දොස්තර කොලුවා." එන්න එන්න . . . කොහොම හරි නගින්න. මෙයාල මගින් බහිනවා. නගින්න නගින්න . කෝ අයිසෙ ඉස්සරහට යනවකො. කොච්චර ඉඩ තියනව ද? හැමදාම යන ...
෴ නොපැතූ පැතුමක , පැතුම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ජීවිතේ කියන්නේ , නොපැතූ බොහෝමයක් දේ අතර , පැතූ එකම දෙයක් හමුවෙන එක වෙන්න පුළුවන්. කිසිදවසක නොපැතූ පැතුමක් වෙලා නුඹ එද්දි , පැතූ පැතුමක් එපා කියලා, නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි. . . . . දුක හංගන් හිනා වෙන්න කියා දුන්න නුඹ හිත අස්සේ දුක එළියට අරන් ඇයිද අද වෙනකෙකුගේ මනාලියක් වෙලා යන්න හෙට නුඹේ කඳුළු ...
ඔහේ ලියැවුනු කවි සොඳුරු සිත ( Beautiful Mind ) ඔහේ ලියැවුනු කවිතනි මට රැහැයි හඬ තනිකම ................. රකින්නයිතනි මට දිලෙන තරු තනි තරු ...........නොවෙන්නයිතනි මට මගේ හිත වදයක් ................නොවෙන්නයිතනි කම මගේ ළඟ තනියට.................... සිටින්නයිතනි නැහැ සඳ වටේ දිලිසෙන තරු ..................රෑනතනි නැහැ කුමුදු මල සුවඳයි මුළු......................රෑමතනි නැහැ නුඹත් නුඹ ළඟ ඇත සඳ ................පානතනි මට මොකට සඳ රැය, සඳ දුර................... ඈතතනියෙන් කවි ලියනතනිමමසොඳුරු ...
෴ කේන්දරය / The Horoscope (01)෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ අප්පච්චිට කීවට තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි අම්මේ ? මේ කාලේ මොන කේන්දර ද ? අමිලා මට කැමති නම් මම අමිල ට කැමැති නම් එච්චර නේද ? අනික කේන්දර ගැලපිලා කසාද බැදපු වුන් වෙන් වෙලා නැද්ද ? “ “ ඔවු ලොක්කො , මට තේරෙනවා. ඒත් අප්පච්චිට ? ““ අම්මා කියල බලන්නකො අම්මා. මට නම් වෙන කෙල්ලො හොයන්න තියා ගන්න එපා කියල ...
෴ කවිකාරි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) <!--[if gte mso 9]> Normal 0 false false false MicrosoftInternetExplorer4 <![endif]--><!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt
෴ කපටි පෙම්වතා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියුම් සුසුම් රෝස කොපුල් සුවඳ ටිකක් මට දැනෙන්නතව ඩිංගක් ළඟට වෙලාකියන දෙයක් මට කියන්න ළං උනාම හිතුමතේටබැහැ නුඹගෙන් දුරස් වෙන්නමේ තරමින් ළඟට උනෙත්හිතේ දුකක් නොම දැනෙන්නගලන ගඟේ හඩ අහන්නතව ඩිංගක් ළඟට එන්නළඟට ඇවිත් බැහැ මට නුඹේගලන දුකට එකතු වෙන්නකුරුල්ලන්ගේ ගී අහන්නතව ඩිංගක් ළඟට එන්නකුරුළු ගීත මට මොකට දනුඹේ ගීය නුඹ ගයන්නඅනේ ටිකක් ළඟට එන්නආසයි හාදුවක් දෙන්නකපටි කමේ රඟ බලන්නමං යනවා ...
නින්ද සොඳුරු සිත ( Beautiful Mind ) නින්දනින්ද කියන්නේ සුරංගනා ලෝකෙන් අපට ලැබුනු තෑග්ගක්. එහෙම හිතුවෙ පුංචි කාලේ. ආන්න ඒ තෑග්ගට ස්තූති කරන්න තමා පුංචි කාලේ මල් වගේ පුංචි ළමයි නින්ද ගියාම ලස්සනට සුරංගනාවියෙ එක්ක හිනා වෙන්නේ.නින්ද සිරාවටම නින්දක් බවට පත්වෙන්නේ අවුරුදු 8-10 විතර කාලයේ. හවස් වරුවම කණ් රත්වෙන්න සෙල්ලම් කරල ඇදට වැටුනු ගමන් නින්ද ලගාවෙන්නේ ආන්නේකයි.ඒත් ඔය වයස පහු වෙච්චි ගමන් රෑට රෑට නින්ද අහලකටවත් එන්නෙ ...
ඇය දීගෙක ගියාය .......... සොඳුරු සිත ( Beautiful Mind ) ඇය දීගෙක ගියා ය . . . . . . සේපාලිකා මල් අතු අගසිරි සිරි ගා හැලුනාඉස්සරහට ගිය මටආපසු එන්නට සිතුනානුඹ බලන්න සිතුනාමට නුඹ බලන්න සිතුනානැවුම් සීත තුෂර බිඳක්තොල් පෙති මත වැටුනානුඹෙ තොල් පෙති රස සිහි වීනුඹ සිඹින්න සිතුනානුඹ සිඹින්න සිතුනාමට නුඹ දකින්න සිතුනාඅවාරයේ ගී ගයනා කොවුලෙක් හඬ ඇසුනාආපසු දුව විත් ආයෙත්නුඹ බලන්න සිතුනානුඹ අත අල්ලන් ආයෙත්ඇවිද යන්න සිතුනාමහ ඕවිටි ...
ගෙම්බියෙක්ට තටු ඇවිදින් සොඳුරු සිත ( Beautiful Mind ) ගෙම්බියෙක්ට තටු ඇවිදින් “ ළිඳක ඉන්නා පුංචි ගෙම්බියෙක්ට , ලෝකෙ වටේ කරක් ගහපු මෝරපු කුරුල්ලෙක්ව හමුවෙලා. දැන් ගෙම්බිගෙ කල්පනාව ඌත් එක්ක ලෝකෙ වටේම යන්න... “ගෙම්බි ළිං කටෙන් ගොඩ එද්දිම වගේ මේ කුරුල්ලත් එතනටම පාත් වෙලා හිටියා. දවස් ගානක් උඩ පැනල, තණ කොළ ගස් අගිසි වල එල්ලිලා යන්තම් ළිං කටෙන් ගොඩ එද්දිම කුරුල්ලෙක් ගෙ හොටේ පහස විඳින්න වෙයි කියල ළිං ගැට්ටටම ...
සමාවෙන්න මට සොඳුරු සිත ( Beautiful Mind ) ================සමාවෙන්න මට=============මුහුදේ රැළි ගැනලා යන එන අය බලලාකඩල ගොටුම කියක් නුඹ ඉවර කළාදආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නඅරහෙ මෙහේ දුවලාහෙම්බත් බව දැනිලානුඹේ දෑස ක්ෂිතිජ ඉමේ නතර උනා දආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නසරුංගලේ බැදලා පණිවිඩයක් එවුවාඅහස දිහා බලපු නුඹ ට එය ලැබුනා දආයෙත් නම් පමා වෙන්නේනැහැ මම ඔන්නඔරලෝසුබ බලලා තප්පර පැය ගැනලාඔරලෝසුවේ මගේ සිනා වත පෙනුනා දආයෙත් නම් පමා වෙන්නෙ ...
෴ ඉටු නොවන පොරොන්දු / Broken Promises ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වළාකුළක නැගල ගිහින් ක්ෂිතජය පසු කොටදේදුන්නෙන් එතෙර වෙලා මුහුදු හතක් දුරතරු පුරවන් වට්ටියකට සඳ හිදවා මැදඑන්න ද මම නුඹ බලන්න මාසෙ පෝයෙ අගYou never should've gave me broken promises.නීති තියෙන්නෙ පිළිපදින්න , පොරොන්දු තියෙන්නෙ ඉටු කරන්න. . .කවුද එහෙම කීවේ. නීති පිළිපදින අය ඉන්නව නම් නීති වලින් පලක් නැහැ. ඒ වගේමයි පොරොන්දුත් . . . . .පොරොන්දු වෙන්න බැරි මම෴සොසී෴ ...
ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ සොඳුරු සිත ( Beautiful Mind ) ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ෆ්ලොරෙන්ටිනෝ . . . . .ෆ්ලොරෙන්ටිනෝ අරිසා . . . . . . . . . . මට ඔබ හමුවූයේ පොතක් තුල ගුලි වූ චරිතයක් ලෙස වුවත් , පොතින් දත් ඔබ හා ආදරයෙන් බැදුනේ ඔබ වැන්නවුන් මෙලොව නැති බැව් මා විස්වාස කළ බැවිනි. නමුත් නුඹ දන්නවා ද?එක් දවසක, එක් හවසක සැබෑ ලොව සැබෑ හමුවක දී මා වටා සිටි ...
෴ මගේ විකාර - ලියන්න තැනක් නැති නිසාමයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සිතුම් - පැතුම් ෴මනුස්සයෙක් හිතන පතන විදිහ හැමදාමත් එක වගේම වෙන්නෙ නැහැ. කාලය , අවස්ථාව , වයස , සම්පත් , මෙකී නොකී ගොඩාක් දේවල් නිසා එකම මනුස්සය ගෙ උනත් සිතන පතන විදහ වෙනස් වෙන්න ගන්නවා. ඒ කැමැත්තෙන් වගේම අකැමැත්තෙන් වෙන්න පුලුවන්. බොහෝමයක් මිනිස්සු තමන්ගෙ සිතුම් පැතුම් හංඟා ගෙන ජීවත් වෙනවා.ඒ තමා අවට ඉන්න අය නිසා වෙන්න පුලුවන්. තමන්ගෙ සිතුම් ...
-වේලාසන කොහා ඇවිත් ? - සොඳුරු සිත ( Beautiful Mind ) වේලාසන කොහා ඇවිත් ?“ ටක බක ටක බක ටක බක................““ අයින් වෙන්න කො ළමයෝ......... “ අම්මා ගේ වම් කකුළට අසුවූ මගේ දකුණු පාදයේ සුට්ටන් ඇඟිල්ල මිරිකී යද්දි , අය මට පැවසුවේ සැබෑ සෙනෙහසිනි.එහෙත් ඇය මෙය මසා නිම වනතුරු මෙතැනින් සෙලවීමක් නම් නොමැත්තේමය.අම්මා මැෂිමේ සුපුරුදු අන්තයේ වාඩි වී මසද්දි.මා ඇයට හාත්පසින්ම විරුද්ධ අන්තයේ සිට පැඩලය පාගමින් ඇයට දිරි දෙමි.“ කෝ....මෙහෙට එන්න ...
෴ නුඹ ළඟ සිටි මම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වැලි කතර, මහ මුහුද , නිල්ල නිල් වන අරණමඟ දිග ද , සැම තැනම සෙවූවෙමි මං මම මපයට පෑගෙන වැලි ද , හිමිදිරියෙ පිනි මතදගලා යන දිය රැළිද ,අහසෙ මියෙනා තරුදසෙවූවෙමු මං මම මබඹර තුඩ විෂ මත ද , විහඟ ගීයක අග දමල ක පෙති මත ඇති දසෙවූවෙමි මං මම මදිනක නොපැතූ විලස , හිත බැඳුන නුඹ ළඟම නොසොයාම මුණ ...
෴ අවසන් පදය / The Last Verse ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කවදාවත් නැතිව කවි පද ලියවෙනවා හැමදාටත් වැඩිය නුඹ මට සිහිවෙනවා මා පෙර කරපු පව් මේ මට පල දෙනවා අවසන් පදය තවමත් මට වද දෙනවා නෙතකට කඳුළු කුමකට දුකකුත් නැත්තම්වතකට සිනහ කුමකට සතුටක් නැති නැතිනම්මවකට සෙනේ කුමකට බිළිදෙක් නැතිනම්මා සිත කුමට නුඹ මා සිත ළඟ නැතිනම් නිදිමත ඇවිත් නුඹ කොයි දෝ විමසනවාබොහො දුර ගිහින්, නෙතු ඇහිපිය පවසනවානිදිමත එපා රැය දිගු කර ...
හීරළුවා සොඳුරු සිත ( Beautiful Mind ) හීරළුවා“ මේ මොකද දරුවනේ , යන්න යන්න පන්ති වලට යන්න. . . . වෙන වැඩ නැද්ද මෙතන “දැල් වල එල්ලෙමින් ද , එකිනෙකා පරයා සුපුරුදු පරිදි පොරකමින් ද පාසල් දරුවන් කන්දේ ඉහල සිට කන්ද පාමුල ඇති පාසල් කාර්යාලය තුලට එඹීමට පොර කයි. ගුරුතුමියගේ වචන පයිසෙකට මායිම් නොකල කුඩාවුන් අතින් කටවල් වසා ගන්නට ගන්නා අසාර්ථක උත්සාහය පරයා ඔවුන්ගේ ටිකිරි සිනා හඬ ...
හිස් සොඳුරු සිත ( Beautiful Mind ) හිස් හැමදාම නිකම් දුක් විඳින්නෙ මොකටද කියලා ,මාත් දුක දෙන දේවල් වලින් අයින් වුනා.අයිති කියන්න බැරි දේවල් අයින් කරා. අයිති නැති වුනත් හිතින් අයිති කරන් ඉන්න දේවල් අතාරින්න මුලදි බොහොම අමාරුයි.ඒත් අතාරින්න බැරිත් නැහැ. කරන්න තියෙන එකම දේ අතාරින්න ඕනි දේවල් වල නරක පැත්ත දිහා විතරක් බලනෙක විතරයි.හොඳයි ,ඔන්න කොහොම හරි ඒ දේවල් අතෑරිය කියමු. මුලදි ගොඩාක් දුකයි . . ...
මතක වස්ත්ර සොඳුරු සිත ( Beautiful Mind ) ෴ මතක වස්ත්ර ෴සුදු නූලෙන් හීනියට වැඩ දැමූ සුදු කපු සාරිය , සුළං පෙත්තේ වේගය ඉවසා ගත නොහැකිව එහා මෙහා යාමට සැරසෙනු දකිනා අම්මා , නැවතත් සාරියේ පටවල් නිසි පරිදි සකසා හොඳින් මා දෙස බලා දීර්ඝ සුසුමක් පිට කරයි. ඒ සුසුම පෙර සුළං පෙත්තේ වේගයටත් වඩා වැඩි යයි සිතේ.චාම් සුදු සාරිය මිසක අත් මේස් ,වේල් , මල් කළඹවල් නොමැතිව ...
“ ගාල්ලේ දවසක් “ සොඳුරු සිත ( Beautiful Mind ) “ ගාල්ලේ දවසක් “මේ මමමේ මම දැකපු ගාල්ලෙන් ටිකක්...........................සොඳුරුගෙ රිදුනු සිත සුවපත් කරාට ගාලු කොටුවට ගොඩක් පිං කවුරුත් නාසන ගීතය මාගේඝන කළුවර ද හඬයි හොර රහසේකිසිවෙකු නොදැකපු බිඳුනු තතක් සේහඬ නොනැඟේ මා ගයනා ගීතේහඬ නොනැඟේ .............. ...