රතු හැට්ටකාරිගේ හදවත සොඳුරු සිත ( Beautiful Mind ) රතු හැට්ටකාරිගේ හදවතරතු හැට්ටකාරිට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. ගෙදර මොනා හරි කෑමක් හැදුවොත් , ඇයට පරණ කතා ඔක්කෝම අමතකයි.ඉතින් එයා කෑම නිවෙන්න කලින් ම බෑග් එකේ දාගෙන , අර රතු පාට ලස්සන හැට්ටෙත් ඇඳ ගෙන ( දැන් ඒ හැට්ටය ඇයට හරි හිරයි ) අර ඝන කෑලැවක් මැද්දෙ ඉන්න පිස්සු ආච්චිව හොයන යනවා.මඟ දිගට සින්දු කෑලි බිම හැලෙනවා. හැට්ටෙත් හිරයි. ...
මකුළු දැලයි - සමණළයයි / Always Gets Stuck In The Wrong Net සොඳුරු සිත ( Beautiful Mind ) මකුළු දැලයි - සමණළයයිAlways Gets Stuck In The Wrong Net මුළු පරිසරයම නිහඩයි.. . . . .. නිහඬයි කියන්නමත් බැහැ.රැහැයියෙක්ගෙ නොනවතින විලාපය ඇහුනත් පරිසරය නිහඬයි කියල මයි හිතෙන්නේ.මොකද මේ පරිසරේ රැහැයියගෙ තාලෙට තියන විලාපය උනත් පරිසරයෙම කොටසක් නිසා.දවස් දෙක තුනක් එක දිගට , පොළවට රිදෙන්න වැස්සම නම් රැහැයි හඬට තාල අල්ලන තවත් බොහොම අය උන්නත්, පොළව බදාගන්න නොඉවසිල්ලෙන් එන වැහි ...
෴ මිනී පෙට්ටි සාප්පුව෴ සොඳුරු සිත ( Beautiful Mind ) මිනී පෙට්ටි සාප්පුවනැහැයට දැනුන සුපුරුදු කට්ට කුමන්ජල් සුවඳත් සමඟින් ජගත් සිතූ පරිදිම සුවඳ පිටුපසින්ම ඇඳී ආවේ මුදලාලිගේ මුණු මුණු මැතිරීමයි.තමා ඉන්නා අයුරු බිඳකුඳුවත් වෙනස් නොකල ජගත් , යන්තමින් බෙල්ල පමණක් හරවා තමාට පිටු පා ඉතාමත් භක්තියෙන් නමුත් චවන වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරම් වේගයෙන් ගාථා කියන මුදලාලි සිටිනා ඉසව්ව දෙස නෙත් හෙලීය. සියල්ල කට්ට කුමංජල් දුමින් වැසී ගොස් තිබුන ...
වැස්ස,සුළඟ,ආලෝකය සහ ආදරය සොඳුරු සිත ( Beautiful Mind ) වෙන්න බැහැ මටඔය හිතට වැස්සක්වහින්න බැරි නිසා නෙමෙයිවහින තරමට ගැලුවොත් ගිලෙයි නුඹ වෙන්න බැහැ මට සුළඟක්දාහය පිරි දිවියටහමන්න බැරි නිසා නෙමෙයි සුළං කෝඬෙ සැරට ගසන් යාවි නුඹෙ කූඩුවවෙන්න බැහැ මට එළියක්අඳුරු දිවියට නුඹේඑළිය දෙන්න බැරි නිසා නෙමෙයිඒ එළියෙ සැර ගිණි කණ වැටෙයි නුඹළඟට නොඑන්නෙආදරේ නැති නිසා නෙමෙයිආදරේ තරමට ළං වෙන්න බැරි නිසයි නුඹටඒ නිසාපිනි බිඳක් වෙලා ඇවිත්වැස්සට හොරෙන්මද පවනක් වෙලා ...
කළුවර / Darkness සොඳුරු සිත ( Beautiful Mind ) කළුවර / Darknessනිදියා ගන්න බයයි මටසීතල කළුවර ඇවිදින් වැළඳ ගන්නවා මාවඇස් අරින්න බයයි මටකළුවරේ මුල්ලක මා දිහා බලන් ඉන්නවා කවුදකකුල් දිගු කරන්න බෑ මටසීතලම සීතල දෑතක ස්පර්ශය දැනෙනවා මටමූණ පෙන්වන්න බෑ මටනොපෙනුනත් දැනෙනවා කවුදෝ ඉඹිනව මාවඋණුසුම් සුසුම් වැදෙනව කම්මුලටපොරෝනය විසි කරන්න බෑ මටබළල් පැටියෙක් වගේ උණුහුමට ගුලිවෙනව කවුදේ මගෙ පපුවටපොරෝනය පෙරවන්නත් බෑ මටපොරෝනය ඇතුලෙ පුංචි රණ්ඩුවක් දැනෙනවා මට“ ඇයි මෙහෙම ...
෴ පාපොච්චාරණය෴ සොඳුරු සිත ( Beautiful Mind ) සොඳුරු රැකියාව කරන්නේ , රටේ ජනතාවට උප්පත්තියේ සිට මරණය දක්වාම අවශ්‍ය වෙන කාර්ය බහුලම රජයේ ආයතනයක. ඉස්සර කාලේ රජයේ කාර්යාලයක් කීවම මතකයට එන්නේ කුණු දූවිලි පිරුණ, ෆයිල් ගොඩ ගැහුනු , කැඩුන ඩෙස් බංකු මේස පුටු වාහන කෑලි ගොඩගැහුන හරිම විකාර කිසි පිළිවලක් නැති ස්ථානයක්.ඒත් පසු ගිය වසර පහක් ඇතුල වගේ සොඳුරු රාජකාරි කරන ආයතනය ඇතුලුව ඒ හා සම්බන්ධ අනිකුත් ප්‍රාදේශිය ...
෴ අනාරාධිත සුන්දරිය / The Uninvited Beauty ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රජයේ කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත් පෝළිමට වගේ කාර්යාලයට ඇදෙන පොත් වෙළෙන්දෝ, සාරි වෙළෙනේදෝ , විදුලි සහ ඉලෙක්ට්‍රික් උපකරණ වෙළෙන්දෝ , රූපලාවණ්‍ය වෙළෙන්දෝ , අත් ඔරලෝසු වෙළෙන්දෝ මෙකී නොකි වෙළෙන්දො නිසා. ඇත්තටම කියනව නම් අපේ වැටුප් දවස් අපිටත් වඩා හොඳින් දන්නෙ ඒ අය. ඒ වෙළෙන්දන් ට කාර්යාල පරිශ්‍රය තහනම් බිමක් කරන්නත් බැරි ...
අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing" සොඳුරු සිත ( Beautiful Mind ) අසිරිමත් වූ දෙයකි ප්‍රේමය - "Love is a Many-Splendored Thing" ----------------වෙන් වන දින වෙලා කල් ඇතිවම ලියලාහමුවුනු නිසා වෙන්වන්නටදින ගැනලාවෙන්වන දිනය නොදැනීළඟටම ඇදිලාවෙන් වෙනු නොහැකිඇයි අද මට නොම හැඟිලාසෙනෙහස හමන්නේ පතනා දෙසින් නොවේදාහය දැනේ එය නිවනට මඟක් කොහේ නුඹ ලද දිනකමා රජ වුනු බවක් හැඟේසෙනෙහස ඔටුන මිසසිංහාසන පලක් නොවේපොත් පිටු පුරා ලියනා වදනක් නොවුනත්හිත ළඟ පිපී සැලෙනා කුසුමක් නොවුනත්පතනා පැතුම් ...
෴ යළි නොපායන් සඳ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බොහොම ලස්සනට පිළිවෙලට පීරපු කොන්ඩයක් ඇයට කවදාවත් තිබුනද කියල ඔහුට මතක නැහැ. ඔසරිය අදින දවසට නම් බැද ගෙන එන කොණ්ඩ ගෙඩිය නිසා එදාට ඇය හරිම නිවුන තැනපත් ගතියක් ගත්ත බව නම් අමතක වෙලාත් නැහැ.නමුත් තමා ඇගේ අපිළිවෙල කොණ්ඩයටත් ආදරය කරපු බව විතරක් ඔහුට හොඳටෝම මතකයි.තමන් ඇයට ආදරය කරන්න පටන් ගත්ත දවසෙ තිබ්බට වඩා පිළිවලක් ලස්සනක් ඇය ඔහුගේ ආදරය පිළිගත්ත දවසෙ ...
෴ ගින්න / Fire ෴ දෙවන කොටස සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගින්න / Fire ෴ දෙවන කොටස පළමු කොටසට මෙතනින් ගිහින් එන්න ............තොප්පිය අතට ගත් සාජන් බණ්ඩාර තවමත් තමා ඉදිරියේ අසුන් ගෙන සිටින ගැහැණිය දෙස මොහාතක් බලා සිටියේය .“ තමුනුත් එනවද හොස්පිටල් එකට යන්න ? “ඒ අසරණ ගැහැණියගේ කඳුළු පිරි දෑස් ප්‍රීතියෙන් දිදුලන්නට විය.පැරණි පන්නයේ අත් බෑග ද හරිබරි ගසා ගත් ලිලිනා අසුනින් නැගී සිටියේ සාජන් බන්ඩාරගේ පැනයට පිළිතුරු ලෙසිනි.ජීෆ් ...
෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴ සොඳුරු සිත ( Beautiful Mind ) මේ ඊයේ පෙරේදා දවසක පුංචි හවස් වරුවකගබඩා කාමරයේ මුල්ලකතිබිල හමුවුනාමං පුංචි දවස් වල ඉස්සරමයෙ ළඟ මයෙ හිස අද්දරනිතරම සිටි මේ මිතුරාඇයි ද ගොළුවෙලාදුවිලි පිසදා අරගෙනමලකඩ කෑ තැන් පිසගෙනගබඩා කාමරයෙන් ඉවතටඅරන් පිට වුනාමයෙ ස්කෝලෙ දවසකමයෙ ළඟින්ම මොහු ඉදගෙනමර හඬ දී ගෙන දුන් වදමට අයෙත් සිහි වුනාට්රීං ට්‍රීං ගාගෙන මයෙ සිහින බිඳන් ඇහැරෙනඅල්ලා මිටිකර ඈතටවිසිකරා සිහිවුනාආයෙත් අහුලන් අරගෙනමයෙ ළඟින්ම හිදවා ...
෴ මගේ අවුරුද්ද III ෴ (අවසන් කොටස ) සොඳුරු සිත ( Beautiful Mind ) මගේ අවුරුද්ද 1 කොටසට මගේ අවුරුද්ද 2 කොටසට ‘‘ සුදු මැණිකෙ . . . මේ අහන්න සුදු මැණිකෙ. අනුන්ගෙ පවුල් ගැන හොයනවට වඩා නරක ද , තමන්ගෙ පවුල ගැන බලාගත්තනම්. මම මේ තරහකට කියනව නෙමෙයි සුදු මැණිකෙ. විමලෙ දැන් දරු දෙන්නෙක් ගෙ අප්පච්චි කෙනෙක්. තව එකෙක් බඩේ. ගිය දේවල් ගැන සොයල හිත නාක් කර ගන්නවට වැඩි ය හොඳ නැද්ද ? ...
ඇය නික්ම ගියා ය. සොඳුරු සිත ( Beautiful Mind ) ඇය නික්ම ගියා ය. තම මේසය කොනිති ගහන , සිහින් දිගැටි තළෙලු පැහැ , ගැහැණු ඇඟිලි දෙස මිස , ඇගේ මුහුණ දෙස කෙලින් බැලීමට තරම් එඩිතර කමක් ඔහුගේ සිතට නාවේ ය.තමා කෙතරම් නම් වාරයක් , ඒ සුරත තදින් මිරිකා සිප ගන්නට ඇත්දැයි සිතු නු නමුදු . . . එම සිතුවිල්ල ඔහුගේ දෑසින් බිමට පැන ඇගේ නෙතු සොයා ගොස් බදා ගනු ...
෴ කිඹුලීට ආදරයෙන් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියාතල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියායන එන ඔරු පාරු නවතා ගෙන සි ටි යා මිනි නොකයි මාතර කිඹුලිගෙ පැ ටි යානිල්වලා ගඟ ගැස්සිලා පැද්දිලා , තමාගේ ආදරවන්තා හොයා යන ගමනෙ දි , අතරමග වෙලාවක හමුවෙන සුන්දර ගමක තමයි සොඳුරු ජීවත් වෙන්නේ. සොඳුරු ගෙ ගෙදර පාර පැනල හැතැම්ම කාලයක් විතර පොඩි දෙවටක් මැද්දෙන් ගිහින් නිල්වලා ගගේ දගලපු හැටි ...
෴ බලා(පොරොත්තුව) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කඳුළු බින්ඳු එකතු කරල හැදුව මාල පළදවන්න සුසුම සුසුම එකතු කරල වියූ සළුව පළදවන්න බොහෝ දුරක් යැවූ සිතට සිසිල සුවය එක් කරන්න කවදා දෝ නුඹ එන්නේ මසිත ඔටුනු පළදවන්නනොදැක හිටපු බව නොහැඟේසිහින පුරා සරපු නිසාසුවඳ නුඹේ මතක ඇතේසිහිනෙන් මා සිඹීන නිසාදැකපු සිහින හෙලි කරන්නමා අන්සතු බව කියන්නවරදින් මා මුදා ගන්නඑක පාරක් ඇවිත් යන්නමඟ බලන මම෴ සොසී ෴ ...
නිර්මාංශ සොඳුරු සිත ( Beautiful Mind ) බෙදා ගත් මස් කෑල්ල යුහුසුළුව කහ බතට යට කල සුවේන්ද්‍රා , තමාට ඉදිරියෙන් ගමන් කරන සැමියා දෙස බැලුවේ තමා කල දේ ඔහු නොදුටු බවට සැක හැර දැන ගැනීමටයි.ඔහු සුපුරුදු පරිදි පරීක්ෂාකාරීව ව්‍යංජන පිරි බඳුන් පිරික්සයි.ඉන් බොහෝමයක් ඔහුගේ වමතේ ඇති පිඟානට නොයයි. බොහෝ විට ව්‍යංජනය කුමක් දැයි අදාල ව්‍යාංජනය බාරව සිටින හෝටල් සේවකයාගෙන් විමසා බැලීමට හේ පසු බට නොවෙයි. උම්බලකඩ කැබැල්ලක් ...
෴ කපුටා සහ කේජු ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දවසක් නරියෙක් මහ වන මැද්දෙන්හරි බඩ ගින්නෙන් සැරිසරනාගස් අතු අස්සේ දිලිසෙන කපුටෙක්නරියගෙ නෙත මත දැවටෙනවාඅසරණ කපුටා කොහෙන්ද ඩැහැ ගත්කේජු කෑල්ලක් දිලිසෙනවානරියගෙ බඩගිනි එය දුටු අස්සෙමබඩ පනුවන් හරි වද දෙනවාකපුටා ගහ උඩ ,නරියා පාමුලකොහොම ද මෙය මං ඩැහැගන්නේනරියා ගේ සිතුවිලි මේ ඔස්සේසැලසුම් අදිනට වෙහෙසෙන්නේ කපුටා කලු පාටයි හරි අපුලයිනරියට ඒ බව සිහිවෙන්නේලස්සන කපුටෙකු කෙරුවොත් නරකද නරියා අවසර ලැබ ...
෴ සිහින දකින්නිය / The Dreamer ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සිහින දකින්නිය ෴The Dreamer හීන එකින් එක තෝරාවෙන් කර පේළියට ගනන් කළා එහි සිටිනා අයව එකින් එකටපුදුමෙක ලොකුහැම සිහිනෙමකොහේ හරිම කොණකනුඹ සිටියා සිනා වෙවීපෙරදා වුන් ලෙසටසිහින නොදැක දිගු නින්දකමා සැතපෙන තුරුමමගෙ හැම හීනෙම හිටහන්රැය ගෙවෙනා තුරුමIn My Dreams you are Mine but In My Life you are Just A Dreamනුඹ ගැනමසිහින දකින්නියමම෴ සොඳුරු සිත ෴ ...
නමක් නැති කතාව සොඳුරු සිත ( Beautiful Mind ) ආරම්භයේ දීම නමක් නොතබා ලියන්නට පටන් ගැනීම මගේ පුරුද්දකි. ලියා අවසන් වන විට බොහෝ විට එයට නමක් ඉඹේම ගොඩනැගී අවසන් වේ. නමුත් , අද මා විසින් ලියැවෙන දේට නමක් තිබිම ඔබට භාර කරමි. මීට වසර කිහිපයක් ඈතට යන්නේ නම්,ඉලෙක්ට්‍රොනික තැපෑලට දිනපතාම පාහේ ඔහුගෙන් ලැබෙන ලිපිය සෑම උදෑසනකම සිත මිහිරෙන් පුරවා ලන්නට වූයෙන් එයින් ඵල ලැබුවේ මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. අහම්ඹයකින් හෝ ...
ලස්සන දවසක් (පළමු කොටස ) සොඳුරු සිත ( Beautiful Mind ) ලස්සන දවසක්පළමු දිගහැරුමවර්තමානයෙන්බත් එක පුරා විසිරී ඇති නොයෙක් ආකාරයේ ව්‍යාංජන එලෙසම තිබිය දී ඔහු බත් පමණක් එක පිඩට අනමින් සිටියි.එයද බොහෝ වේලාවක සිට ඇනෙනවා මිසක උදරගත වීමට ලැබෙන පාටක් නම් නැතිවා මෙනි.“ මොකක් ද බං , උඹ තාමත් .. . . මේ මට මෙතැන හුරතල් වෙවී ඉන්න බෑ ,උඹල දෙන්න කාලා වරෙන් එහෙනම් මම යනව පහළට.නැතිනම් ලොක්කා පරල වේවි “සසංක ...