පැටලුම සොඳුරු සිත ( Beautiful Mind ) ලිහා ගන්නට පැටලුමක් නැති මුත් දිහා බැලුවම පැටෙලෙනව මගෙ නෙත් දමා යන්නට නොහැකි මට නුඹ වත් දරා ඉමු අපි සෙනෙහෙ සිත සිරිමත්ගෙවී යන දින දිනේ වී වියපත්මැවී නොපෙනී යාවි දෝ නුඹ නෙත්සදා ඉදිනට පෙම්වතුන් වී වත්මැකී යන්නට එපා මතකෙන් මත් ...
බරුව සොඳුරු සිත ( Beautiful Mind ) බරුව “ මොකක් ද මනුස්සයෝ ඒ කළ වැඩේ “කන්තෝරු කාමරයේ නිස්කලංක බව එකවරම බිඳිමින් පැතිරී ගිය සලං: හඬ තුනී වීයන්නටත් මත්තෙන් සැප විධායක පුටුවේ වාඩි වී සිටි මැදිවියේ විධායක නිලධාරියා පුටුවෙන් පැන බිම විසිරී තිබූ බිඳී විසිරී ගිය වීදුරු බරුව දෙස බලා කෑගසන්නට වූයේ දෑස් ඉන් ඉවතට නොගනිමිනි. “ අනේ ................සර් දැක්කෙ නැහැ. අද වැදුනා ““ දැක්කෙ නැහැ . ...
෴ හාවා සහ ඉබ්බාගේ තරඟයේ අභිරහස විසදෙයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--><!--[if gte mso 9]>
හිත රිඳුනු කුරුල්ලෙක්ට සොඳුරු සිත ( Beautiful Mind ) හැරයාම, අතහැර යාම, නොලැබීම දුකක්........ ඒත් මොකක් ද කරන්නේ.. . . සමහර කුරුල්ලන් ඉන්නවා බලෙන් අල්ලල කූඩුවක දාලා තිබ්බට සින්දු කියන්නෙ නැති.ඒ සින්දුව අහන්න කැමැති නම් කරන්න තියෙන එකම දේ, ඌට ඕනි දිහාට යන්න දෙනේක.එතකොට අඩුම ගානේ ,ඌ දුරක පියාඹලා ගියත්, ඉඳ හිටල හරි සුළං පාර දිගේ වත් උගේ සින්දුවේ සද්දෙ ඇහේවි...........ඇයට හමුවන කුරුල්ලා හිටියේ තෙමුණු පියාපත් එක්ක. තෙමුණු පියාපත් ...
෴ හිත් මත් කළ පොත් වසන්තය සහ තවත් දේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සාහිත්‍ය මාසය වෙච්චි , BMICH එකේ තියන පොත් ප්‍රදර්ශණයට මාත් ගියා , තනිව ගිය ඒ ගමන හරිම වෙහෙසකාරී එකක් උනා. වැඩි වේලාවක් ගත කළේ ප්‍රසංග ඉදිරිපත් කරපු පුංචි ඈයෝ දිහා බලන්. හොයපු පොත් නැහැ. “ ඒ පොත ඉවර උනානේ , හෙට ගේනවා මිස් “ එතින් අච්චර දුර ඉදන් මම කොහොමෙයි හෙටත් එන්නේ. “ මේ පොත කීය ද ? “ “ ...
විත්තිකාරී සොඳුරු සිත ( Beautiful Mind ) විත්තිකාරී“ ආහ් කෙල්ල ....... වෙඩින් එකත් අත ළඟම තියන් , අව්වෙ පිච්චි පිච්චි කොහෙ ද මේ යන්නේ ? “මුහුදු සුළඟට , ඇඟටම බදනා සුදු සාරිය එකතකින් ද , සුළං රැල්ලට අසුවී දගලමින් මුහුණටම වැටෙන අකීකරු කෙස් රොදවල් අනිත් අතින් ද හේකර ගනිමින් , යුහුසුළු ගමනක් යමින් සිටි අනූ මොහොතකට නවතන්නට ඒ හඩට හැකි විය.“ අනූ . . . මොක ද ...
උපුල්ගේ විද්‍යා පන්තිය සොඳුරු සිත ( Beautiful Mind ) උපුල්ගේ විද්‍යා පන්තියමේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ.දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා. දවසක් බීඩියක් ඔතන් බොන්න ගියපු කොලු නඩේක ඉදල ස්කෝලෙන් හොඳ දඩුවමකුත් වින්දා. උපුල් හොඳ ළමයෙක් උනත් උපුල්ගේ පන්තියෙ හිටියෙ මහ ඇට්ටරයෝ ටිකක්. ඉතින් උපුලුත් ඇට්ටර වුනා. ඒක උපුල්ගේ වරදක් නෙමෙයි .කිසිම ගුරුවරයෙක් හෝ ගුරුතුමියක් බාර ගන්න අකැමැති වෙච්චි පන්තිය විදුහල්පතිටත් ...
෴ පවුල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඇසට ප්‍රිය ඝණ කළුවර වරින් වර සෝදා හරිමින් මෝරා එන සඳ කිරණ, වළාකුළක් හා මෙහා වෙන සීරුවෙන් විත් ගස් බෙනයට වැටෙයි. ප්රියංබිකාවගේ හීන් කෙඳිරියත් සමඟම ගස් බෙනයෙන් එළියට බට ඔහු , ඝණ කළුවර සිසාරා තම ලොකු දෑස් යැවුවේය. මේ හරි අපූරුතැනකයි ඔහුට නැවතත් සිතෙන්නට වුයේ හාත්පස සිසාරා නෙත් යොමද්දීය. මේ ගස් බෙනය සොයා ගැනීමට තමා කෙතරම් දවසක් මිඩංගු කරද එය ...
මගේ මළ ගම දා සොඳුරු සිත ( Beautiful Mind ) හොඳට පොලිශ් කරපු ඇත් දළ ජෝඩුවසැපට කුෂන් කරපු ගණන් වැඩි මිනී දෙණඑපා අම්මෙ මටමුදල් හිඟ නොවෙ දඅඩා වැලපෙන නුඹේඅසනීප වැඩි වේවීතියා ගනු බෙහෙත් ගනුපිණිස ඕනෑ වේවිදුරකතන පොත බලාමයෙ හෑන්ඩ් ෆෝනයේසැමටම කියා දෙන්නමගෙ මරණ පණිවිඩේමල් වඩම් සුදු පාටගෙනාවට කම් නැතේමගෙ දෙණ ගාවින්මසුවඳ විහිදනු ඇතේබැනර් කවි සෝක වැකිලියා එල්ලනු ඇතේඑපා දැක වැලපෙන්නසෝක වැකි හිත නැතේමතක බණ පොඩි නමටකියන්නට කියාපන්මගේ නම කොළේකත් ලියාලම ...
නුඹ/නුබ සොඳුරු සිත ( Beautiful Mind ) නුඹලියන්න උල්පත් පෑනක් වාගේකවියට එළිසමයක් වාගේ .............හිනා උනත් නුඹ කතා කරත් නුඹමට නම් අහස වගේ........බදා ගන්න හිතුනත් මේ දෑතටසදා සිසිල දේ නම්සෙවනට වී හුරතලේට ඉන්නම්අයිති කියන්නෑ මංඔයාට අයිති නැතිමම- වත් - ...
- සමණල් සිහිනය - සොඳුරු සිත ( Beautiful Mind ) ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි. “ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන මම ඇහුවෙ කතාව පටන් ගන්න කොණ්ඩ ගසත් හොඳ ...
෴ සක්වල ප්‍රේමය ෴(විද්‍යා ප්රබන්ධයකි) සොඳුරු සිත ( Beautiful Mind ) ඔහු තම ළපටි ග්රාහක එහා මෙහා කරමින් ,සම වයසේම ළපටියන් සමඟ සෙල්ලමින් පසුවෙන සැටි මා බලන් උන්නෙමි. විටින් විට ඔහු මදෙස බලනා වග මට දැනෙයි. ඒ බව මට නොපෙනෙන්නේ , මට දෑස් ඇති නමුදු ,ඔහුට දෑස් නොමැති බැවිනි. ඔහු ඔහුගේ පියාගේම ස්වරූපය ඉසිලූවත්, මා මෙන් හැඟීම්බර බව ඔහුගේ පියා පවසයි.සීයක් ඇස් වලින් මා දෙස බලන ඔහුත් , ඔහුගේ පියාත් හැර ...
෴ සින්ඩරෙල්ලා / Cinderella ෴ සොඳුරු සිත ( Beautiful Mind ) එකෝමත් එක දවසක හරි අහඹු විදිහට නුඹෙ සුරතෙ මැද්දට පපුවෙ උණුසුම් රස්නෙට මැදි වෙලා රැඟුවා නුඹ හාදු පිදුවා එකම එක බැල්මෙන් හදවතම පිදුවා කාලය ගෙවෙන අතරේ ආලය ඔහේ ගැලුවා වෙස් මුහුණ ගැලවෙන වෙලාවත් ළඟ ආවා සෙරෙප්පුව පඩියේ නැතේ ඒ මගෙ හිතයි ඇතුලේ මගේ හිත අරගෙන හැකි සෑම තැනකම නුඹ මාව සෙවුවා මුණ ගැහෙන අය අතරේ හදවතේ රාමුව (සෙරෙප්පුව) ගලප ගලපා බැලූවා හරි ආදරෙන් රැක්කා වීදුරුයි හදවත බිදෙන්නට දිය යුතු ...
ස්තූතියි සයිමන් සොඳුරු සිත ( Beautiful Mind ) තේරුම් ගන්න බැරි ගෑනු :-“වෙනස් වෙනවා ඔයා.......තප්පරෙන් තප්පරේට හරියට අහස වගේ. අහස තව හොඳ වැඩියි.හරියට මුහුද වගේ.කොයි වෙලේ මහ රැළ්ලක් එයි ද කියලා කියන්න බැහැ.“ “ ම් ම් ම් . . . . . අනෙ මන් දා “ “ දැන් හිනා වෙලා හරි ආදරයෙන් ඉන්න ඔයා , මම අර එහා බංකුවෙ ඉන්න මනුස්සය දිහා බලල මේ පැත්ත බලන ටිකට වෙනස් ...
සඳ රැස් මිස සඳ නොපතමි - ඉනු මැන සැමදා පායා සොඳුරු සිත ( Beautiful Mind ) තනිය තනිකමඑක මිටට ගෙනවීසි කෙරුවා අනන්තය වෙතඒ එදානුඹ ළඟයි මේ මටතනිය තනිකමඅරන් එන්නටපෙර ගමන් යෙදුනා වගෙයි මටමේ මෙදානුඹ කොහේ දෝඅදගෙවී ගිය දවසටත් වැඩියෙන්ගෙවී යන මේ අදට වැඩියෙන්හෙටත් එළඹෙන මතු මතුත් මංනුඹට ආදරෙයි නම්ළඟින් ඉන්නට නැතත් සැමදාපෙනෙන්නට හරි ඇවිත් පලයන්රැයට පිපෙනා කොඳ කුමුදු මල්ආදරේ හඳටයිසඳ රැසක් මිස සඳම නොපතමිආදරේ නුඹටයිනුඹට තව තරු මල් පිපුන මුත්මට නුඹම විතරයිඅවාරේ පිපිලා සැලෙන මටසුවඳ නුඹ ...
ඇය හරියටම හයට ගෙදර ගියා ය . සොඳුරු සිත ( Beautiful Mind ) ඇය හරියටම හයට ගෙදර ගියා ය .දකුණතින් ලයට තුරුළු කර ගත් පොත් මිටිය තව තවත් ලයට තබා තෙරපා ගත් ඇය වමතින් ඔහුගේ ඇඟලි තුඩු මිරිකා තද කර ගත්තී දෑස් වහා බිමට යොමු කළාය.ඇගේ හදවතේ වැඩි වුනු ගැස්ම ඔහුට ද දැනුන බව ඇය වටහා ගත්ත ද දෙනුවත් ඔසවා ඔහු දෙස බැලීමට තරම් කාරුණික නොවූවාය.“ අපි ඉක්මනට යමු අනේ “ඇසෙන නෑසෙන ගාණට ...
ඉස්සර වගේ නැහැ දැන් ලියැවෙන්නේ සොඳුරු සිත ( Beautiful Mind ) ඉස්සර වගෙ නැහැ - දැන් ලියැවෙන්නේ තවම හිස් කොළයඅරන් දැන් බොහො වෙලයිවෙනදාට නම් ඉතින්කොළය මත තටු ගසනවචන සිත්තම් ගොඩය............................ලියන්නට හැඟුම් දහසක්රැස් කකා හිත ළඟපෑන් තුඩ අගින්එල්ලෙන වචනදරු ප්‍රසූතිය තරම්අමාරුවෙන්පෑනෙන් කොළයට............................ඇතත් දහසක් දේ ලියනටඇතත් කොළ දහසක්... පෑන් තුඩු දහසක්ලියන්නට හිඳ ගත් සදගොළු වෙලා ඇයි මේ මම“ මට ආදරේ නැතිව ද නුඹ “ ...
සිනා මලක් සොඳුරු සිත ( Beautiful Mind ) කඳුළු බින්දු ගමනක් ගිහින්සිනා මලක් සුළඟ දිගේ පාර හොයා ගෙනඇවිත් නතර වෙලා මෙහේ මිදුල කොනේ සිටඅනේ එන්න නතර වෙන්න මගෙ ළඟ ටිහකටකඳුළු බින්දු දුර ගමනක් ගොස් ටික දිනකට ...
නුඹයි මගේ මල සොඳුරු සිත ( Beautiful Mind ) නුඹයි මගේ මලTaken by Me.Canon 1100D55-300 mm@ Katharagama මල:-ලස්සන මල් ළඟ ටැග් ගැහෙනා හිතබැහැ මට හිමිකර ගන්නන..........ලස්සන මල් වල කටු ඇනෙනා දිනමා ගාවට ඔබ එන්නනන.......සමණළයා:-මල් වල ලස්සන පාට පාට පෙතිආසයි මට සිප ගන්නන........ඒ ලෙස නොසිතනු නුඹයි මගේ මලසැමදා මා ළඟ ඉන්නනනනනනමල:-ලස්සන මල් ළඟ ආදරේ සොයනාසමණළයෝ අහගන්නනනන......නුඹෙ ලස්සන දිලි පාට පාට තටුමට අගයක් නැහැ දැන ගන්නනනන....සමණළයා:-දන්නව ළමයෝ ඔබේ සොඳුරු සිතමා හට ...
෴ සැඳෑවරුවම සිනාසෙයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අත් දෙක දිගේ ශරීරයේ බර බංකුවට දීලා , කකුල් දෙක බංකුවේ එහාටයි මෙහාටයි සොලමින් , බොහොම නිස්කලංක විලාශයෙන් හිටපු ඇගේ හැසිරීම එකවරම වෙනස් උනා. නිතරම බයවෙච්චි වගේ තියෙන ඇගේ ඇස් , දොඹ ගෙඩි වගේ විශාල වෙලා , ඒ මදිවට කටත් අයාන ඇය බලා ඉන්න ගත්තේ , මහ හඩින් හිනාවෙන තමන්ගෙ බංකුවේ එහා පැත්තෙ ඉන්න පිරිමි පරාණය දිහා .ඇය තමන් දිහා ...