෴ සිත්තම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ගෙවුනු පැන්සල් තුඩත් කිලිටි හිස් කොළයකුත් ගෙන අදිනු මැන ඉතින් නුඹේ මතකය ලෙසින් නිල් නුවන් පිරුනු තොල් සිනා සෙන කම්මුලුත් හදන්නට එපා කිවු දෙබැම මතකයෙ ලෙසින් මතක අමතක උනත් නෙතු අගට කඳුළකුත් සිනාසෙන තොල් මතට සීත හාදුව පුදන් සිත්තමේ අවසාන බොඳ උනොත් ඇස් නුඹේ කඳුළු බිඳු වලින් එය සෝඳලා මට එවන් එවිට මා දැන ගනිමි මම නුඹේ හදවතේ ඇති බවත් ...
කවිය සොඳුරු සිත ( Beautiful Mind ) තරු කැට අතර - ලියවුනු කවිය හුදකලා කිවිඳිය ඇය අහසෙ තරු කැට අතරේ ලියූ කවි කියවන්න සබඳේ ..... වසා එකැසැක් (එක ඇසක්) තරුව තව තරු යා කර දබර ඟිලි තුඩඟින් මැවූ රූපය ඔබේ වාගෙද පාළු අහසේ විසිරි තරු කැට යායේ නුඹව සොයනා මම සොඳුරු සිත ...
වේලුනු මතක සොඳුරු සිත ( Beautiful Mind ) මතක පිටු අතර - වේලුනු මතකසමහර දවසට , කම්මැලි හිතුනම මම කරන්නේ මයෙ පරණ පොත් අවුස්සන එක.ඒවයෙ අතර තියෙන මතක, අමතක වෙලා ලියල දාපු කොළ කෑලි. ටොපි කොළ , වේලුනු මල්, කූඹි , ටියුෂන් කාඩ් , සීසන් ටිකට්, හ්ම්ම්ම්..... අදටත් ඉවර කරල නැති සමහර ටියුට්ස්... බාගෙට ලියපු ලියුම් ,අතන මෙතන ඇදපු බලි, සමහර තැනක පොතක නෝට් එක අස්සෙම ලියලා “ ...
෴ආදර පනිට්ටුව෴ සොඳුරු සිත ( Beautiful Mind ) ලියා පළ නොකල :- ෴ආදර පනිට්ටුව෴පතුලෙම .....ගැඹුරු අඩියෙම ...........වියළී සිඳුනුඅඳුරම පිරුණුහදවත් අඩියේ මඩවී තිබුනු තෙත ඇති තැනක සැඟවී තිබූ අවසන් සිතුවිල්ලත් අරන් ගිහින්නුඹෙ ආදර පනිට්ටුවෙන් ...
෴ ආදර හසුන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ආදර හසුන ෴අඳුරු කාමරයට , විවෘත කර ඇති කුඩා ජනේලයෙන් ලැබෙන ආලෝකය මදි නිසා දෝ දහවල් කාලයේ දී වුව ද කහ පැහැති දුරුවල ආලෝකයක් විහිදෙන කුඩා විදුලි බල්බයක් දල්වා ඇත. කිසිදු පිළිවළක් නොමැති කාමරය පුරා ඇත්තේ අපිළිවලට ගොඩ ගසා ඇති නොයෙක් ආකාරයේ ආම්පන්න සහ උපකරණයි. දිරාගිය රාක්ක වල ගොඩ ගසා ඇති නොයෙක් ප්‍රමාණයේ පොත් දුහිවිලි බැදී දුර්වරණ වී ඇත්තේ ...
෴ වියළුණ කවි දොළ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සීතල පිනි කැට සිත තෙමනා යාමේ මා නුඹ ගැන කවි පද ගෙතුවා ඊයේ ඈතට ඈතට නුඹ ගිය අද දින සීතල වී මා හද ගල් වී ඇත නැහැ කවි ලියවෙන්නේ පද නැහැ ගැලපෙන්නේ කඳුළක උණුසුම හද දවනා යාමේ සපථ වුනා නොසිතීමට නුඹ ගැන නොපෙනෙ ඉමකට වහන්ව අද දිනපන්හිඳ නැති විලාකවි පොත හිස් වීලා පෙම ඇත මියැදීලා මා සිත තනිවීලාකවි දොළ වියලෙන මහ වැසි කාලේනුඹ ඉන්නව නම් නිල් විල වාගේනොපෙනෙන්නට ...
වැලන්ටයින් හමුවිය.............Valentine's Day special සොඳුරු සිත ( Beautiful Mind ) වැලන්ටයින් හමුවිය.............ඉරිච්ච කමිසයක් ඇඳන්කැඩුනු රබර් දෙකක් දාන්ගාට ගාට ආපු කෙනෙක්මඟදි හම්බුනාඅනේ නෝනෙ මගෙන් මලක්ගන්න එකක් ශත පනහයිපරණ ගෝනි මල්ලක කටඇරල පෙන්නවුවාසුවඳ හමන නමුත් පරණවියළී ගිය රෝස කුසුම්ගෝණි මල්ල පුරවාලාතිබුනා පරවෙලාපර මල් මොකටද අන්කල්පර වෙන්නෑ දැන් ඇති මල්කඩෙන් ගන්න එකක් දෙසීයයිපර වෙන්නෑ ආදරෙ වගෙමයිගෝණි මල්ල කරේ තියන්කඳුළු පිරුණු නෙතු හරවන්ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා“ උන්නැහේ නම මොකක් ද “මමත් විමසුවාආ මග ...
පුංචි කුරුල්ලාගේ ප්‍රාර්ථනාව සොඳුරු සිත ( Beautiful Mind ) මේ පින්තූරය මම ගත්තේ මගේ කැනොන් 1100D එකෙන්.කරන්න දෙයක් නැතිම වෙලාවක කැමරාවත් එල්ලන් එළියට බැස්සම ආයෙ ගෙට ගොඩ වෙන වෙලාවක් හරියට කියන්න බැහැ.සමහර වෙලාවට අම්ම ගමටම ඇහෙන්න කෑගහල කතා කරනකම්ම මම ඈතට ගිහින්. අන්න එහෙම එළියට බැහැපු දවස් කිහිපයක දිම මම මෙයාව දැක්කෙ තනියමමයි. ඉපල් වෙච්චි දෙහි ගහේ නැගල නට්ට උල් කර කර , යටි ගිරියෙන් කෑගහල කෑගහල , අත්තෙන් ...
෴ කවි පොතක මතකය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නිදන්න ගත්ත වෙලාවේ ඉඳල , සිහින දකින එක සොසී ගේ උප්පත්ති උරුමයක්. ඇහැපිය වෙන වෙලාවේ ඉදලම , හිමිදිරියේ ඇස් අරින කොටත් හීනවල බාගයක් ඇස් පියන් වල තැවරිලා තියෙනවා. ඒ නමුත් බිමට පය ගහපු වෙලාවේ ඉදල ඒ දැකපු කිසිම කිසි හීනයක් මේ සොසී ට මතක නැහැ. සොසීට නම් ඒකේ කිසි ගැටළුවක් නැත්තේ , අනිත් දවසෙ රාත්‍රියෙත් පෙරදා වාගේම හීන ගොන්නක් සොසීගේ ...
මකුනු මැශිම සොඳුරු සිත ( Beautiful Mind ) මකුනු මැශිම නිවසටම - සරලයි , පහසුයි, ඔබ පුදුමකරවන සුලුයි.... ඔබත් අදම ඇනවුම් කරන්න.-------------------------------------------------------------ඔන්න ඉතින් පත්තරේ දැකපු දැන්වීම ට චාමරලැයි අම්මත් කීයක් ගියත් මැශිමක් ගෙදෙට්ටම ගෙන්න ගන්න හිතුවෙ ගෙදර මකුනු කරදරේ එන්න එන්නම වැඩි වෙන නිසාමයි. " යටින් මකුනො බදනෝ , උඩින් මදුරුවො උස්සනෝ , මේ බල සමතුලිතය බිදුනු දවසක එක්කො මාව මදුරුවො අරන් යනෝ , නැත්තම් මකුනො මාව ඌරා ...
෴ දොළොස් මහේ පහන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ දොළොස් මහේ පහන ෴බණ මඩුවේ වුයේ මහා ඝෝශාවකි.ලොකු හාමුදුරුවන් සභාවට වැඩිය ද , ඝෝෂාවේ නම් කිසිදු අඩුවක් සිදු වූයේ නැත.මද වේලාවක් දායක දායිකාවන් දෙස බලා සිටි උන්වහන්සේ තරමක් සද්දයෙන් උගුර පාදන්නට විය. පිරිස එකා දෙන්නා නැගී සිටින්නටත් , මුණුමුණුව ක්‍රමයෙන් අඩු වන්නටත් , නිංසසල බව පැතිරෙන්නටත් වැඩි කාලයක් ගත නොවිනි.ලොකු හාමුදුරුවන් අසුන් ගත් පසු දිගැටි බංකු වල නැවතත් අසුන් ...
෴ හීනෙන් හීනෙට / Dream to Dream,෴ සොඳුරු සිත ( Beautiful Mind ) කාලයක් තමන්ටම කියල හීනයක් නොතිබුන කෙනෙක් , එක පාරටම හින දකින්න පටන් ගත්තා , දකින්න විතරක් නෙමෙයි , ටික කලකින් ඒ හීන වල ජීවත් වෙන්නත් පටන් ගත්තේ , ඒ හීන ඔක්කොම ඉටු වෙයි කියලා වෙන කවරදාවත් නොතිබුන බලාපොරොත්තුවක් සිතේ ඇති වුන නිසා ම වෙන්න ඇති. ඒත් දකින සිහින ඔක්කම සැබෑ වෙන්නෙ නැහැ කියලා ආයෙත් වරක් ඇයට එත්තු ගියා. “ සිහින දකින්නන්ට විතරයි ...
෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴පුරා මාසයක් තිස්සේබඩගා රෙදි සැල් අස්සේගත්ත රෙදිත් ඇන්දාගෙනාපුවත් ඉව්වාපුච්ච පුච්ච ඩෝං පටාන්සද්ද ටිකක් දැම්මාමාසෙ පඩිය ඉවරයිතවම මාසෙ එහෙමයිකනේ කරේ මාල වලලුටිකත් උගස් කෙරුවාකන්න බොන්න අඳිනට දේඒ මුදලට ගත්තාඅවුරුද්දත් ඉවරයිඅවුරුද්දෙම හම්බ කරපුසේසත දැන් ඉවරයිරටට ගමට බනිමුගනන් වැඩියි කියමුජීවත් වෙන්නට කොහොම දදෙස් දෙවොලුත් කියමුමනා කළමණාකරණයනැති හින්දයි ඔහොමකියන්නෙපා ඉතින් අනේහිත රිදෙනව බොහොමඈත දුරක ඉදන් ආපුදූලා ...
෴ මාලය / The Necklace ෴ දෙවන කොටස සොඳුරු සිත ( Beautiful Mind ) ෴ මාලය / The Necklace ෴ පළමු කොටසට බොහෝ දෙනා මේ කතාවේ ඊළඟ කොටස විමසල තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති නේ , මම කීවා , කැමැති කෙනෙක් ඉන්නව නම් දෙවෙනි කොටසක් ලියන්න. මම ලියුව කතාව එතකින් ඉවරයි කියලා. හිතාගන්න බැරි විදිහෙ සංවේදි අවසානයක් එක්ක මේ කොටස අපේ නිදහස් සිතුවිලි ලියන රවි අයියගෙන් , බලන්න කියවලා. ඊට කලින් පළමු කොටසට යන්න ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern, ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බිදෙන් බිඳ වැටෙන සිහින් පොද වැස්සත් , ජැකට්ටුවෙන් වැසුනු ඇඟට, දැනෙන දැඩි තෙහෙට්ටුවත් , හිතේ කොහෙදෝ තිබ්බ මත් වීමේ ආසාවත් ඒ අවස්ථාවේ දී පසුකර යමින් සිටි දැක පුරුදු මුත් ගොඩවැදී නොමැති ප්‍රමාණයෙන් කුඩා තැබෑරුමත් සියළු අවශ්‍යතා සපුරා ලන්නට වූයෙන් නොදැනීම මුත් යතුරු පැදිය ඊළඟ මොහොතේ දී වූයේ තබෑරුම අසල වූ සිහින් පටු තිරුවේ ඉඩක් සොයමිනි. සරිලන ඉඩකඩක් සොයා ගත නොහැකි ...
සිහිනයෙන් ඔබ්බට සොඳුරු සිත ( Beautiful Mind ) සිහිනයෙන් ඔබ්බටආදරයට ඇය දුන් සිය දහසක් අර්ථ කතන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.“ ළමයෝ ...
෴ පෙත්සම / The Petition෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඇය බොහොම නිශ්ශබ්ද චරිතයක් ,දැනුත් ඇගේ දෑතටමැදි වෙලා තියෙන්නේ නවකතා පොතක්.මම දන්න විදිහට ඇය ඒ පොත කියවන්නේ දෙවන හෝතෙවන වතාට.සිකුරාදා හවස් වරුව නිසා, රාජකාරි වලින් මිදුන සඟයන්ට නොයෙකුත් වර්ගයේකඩිමුඩි වැඩ තිබ්බා.ඇතැමෙක් නිවෙස් බලා යන්නෙ අද නිසා , කෙටි නිවාඩු පොතට නිවනක්නැහැ. අරහෙට මෙහෙට පෙරලෙන දුවන කෙටි නිවාඩු පොත , අස්ථානගත වෙලා දැන් ගොඩාක් වෙලා.“ ගත්ත එකෙක් දිපල්ල බං.මට ගෙදර යන්න ...
෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සරා සඳ , ඇත වසා ගෙන ලැම දුහුල් තිර සළු වළා පෙළ ගෙනබිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනමබලයි සඳ දෙස වළා පෙළ දෙසසරා සඳ නුඹෙ යහන වෙත ගෙනඋනා සළු පිළි රස සොයනු මැනසඳේ හිස් තැන මොහොතකට ගෙනඅරා අහසම වැජබෙමිය මමසඳේ තනියට පුංචි තරුවක්සිටී බව අමතක වෙලා අදසරා සඳ පැන ගොසින් අහසින්නුරා රස සොය සොයා රහසින්සරාසඳ රස උරා ගත් සදඑපා යයැ විසි ...
෴ අතීතාවලෝකනය / Flash Back ෴ සොඳුරු සිත ( Beautiful Mind ) 2009 සැප්තැම්බර් මාසෙ දවසක් , හරියටම කියනව නම් 18 වෙනිදා පළමු ගුරුවරයා කියන ලිපිය පේළී එකොළහ ලියද්දි , පළවෙද්දි බ්ලොග් ලෝකයට මම සහමුලින්ම අමුත්තියත්. ඒ ලිපියට කමෙන්ටුවක් වැටෙන්නෙ ඊටත් මාස හතරකට පස්සේ. ඒ සිතූ ගෙන්.ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09. මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ...
෴ දුක් කවිය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියල් සපිරි දුක් කරදර උසුලානහොඟක් දුර ඇවිත් කාටත් නොකියාමතවත් බොහෝ දුර ගමනක් ඇතිවාටතනිව යන්න බැහැ මඟ පාළුයි තාමදුකින් ඇයි ද විමසයි මිතුරන් සෑමඔවුන් දනී මා , සිත සොඳුරුයි තාමඇවිත් යන නිසා ඉඳහිට වත් තවමනැතේ මියැදුනේ පිපිමල මා ගාවඅඬනට සිටින නෙතු පාරන අය ගාවසෙවනට වඩා , සිසිලයි සැඩ හිරු තාමඑවැනි දුදනන්ගෙ නෙතු හී වැඳුනාමහදවත දැවී අළු වී යයි නොදැනීමසුසුම් පෙළ ගැසී ...