පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය සොඳුරු සිත ( Beautiful Mind ) පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය වොට්සන් පුංචි කාලේ “විද්‍යා විනෝදය “ පොත කියවල යවපු රොකට්ටෙකේ කතාව ඔයාලට මතක ඇති. ඊට පස්සෙ එයා ගෙ “සයන්ස් ප්‍රොජෙක්ට්ස්“ තාවකාලිකව නැවතුනත් , දිගටම ඒවට තිත වැටුනෙ නෑ.වොට්සන් ඉස්කෝල යන කාලේ ඇත්තටම වොට්සන් ශිෂ්‍යත්වෙ ෆේල්. ඒ නිසා එයාට එයා කැමතිම වෙලා හිටපු “ ලෝහ වැඩ“ වෙනුවට එයාට තෝර ගන්න වුනේ “ කෘෂිකර්මය“ එයා වැඩි කැමැත්තකින් නූනත් ...
මගේ පුංචි කාලේ - කළුවරේ ජරමරේ සොඳුරු සිත ( Beautiful Mind ) කළුවරේ ජරමරේ==============හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව.ඒක මට සෑහෙන ප්‍රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බෙ නෑ. ගෙදරටම තිබ්බෙ ලාම්පු දෙකක් විතරයි.ඊට අමතරව පෙට්රෝල් මැක්ස් එක තිබ්බත් ඒ එළියෙන් මුලු ගෙදරම එලිය උනේ තාත්තා ගෙදර ඉන්න දවසට විතරයි.තාත්තා පෙට්රෝල්මැක්ස් ලාම්පුවේ ආවතේව කටයුතු කරන කොට ඒ වටේ දැවටි ...
කොහොල්ල බබා සොඳුරු සිත ( Beautiful Mind ) කොහොල්ල බබා මට මතකයි ඉස්සර අපෙ ගෙදර තිබ්බ මැටි කුස්සියෙ පැති බිත්තියක ලොකු කොහොල්ලෑ ගුලියක් තිබ්බා. ගෙදර කොස් කඩන දවසට පොඩි උත්සවයක් වගේ. ගොඩක් දවසට ගෙදර කොස් කඩන්නේ නිවාඩු දවසක.මොකද කියනව නම් කොස් කඩල විතරක් මදි නිසා. කොස් ගෙඩිය බිමට වැටෙන කොටම කෑගල හූ තියන කෙනෙක් අපේ ගෙදර ඒ කාලේ හිටියා ඒ තමා අපේ "බ්ලැකී ". ඌ කොස් කන්න ...
මැක්කයි මායි සොඳුරු සිත ( Beautiful Mind ) මැක්කයි මායි“ මං බව්වෙක්..........සොඳුරුලගෙ වත්තේ පිටිපස්සට මාව කණෙන් අරන් ගෙනත් දාද්දි ,මයෙ අම්මත් කෙදිරි ගගා මයෙ පස්සෙන්ම ආවා මට මතකයි.එදා ඉදල අම්මයි මායි ජීවත් වුනේ සොඳුරුලයෙ වත්ත පිටිපස්සේ තේ පඳුරු අස්සේ. කවුරු හරි ඈතින් එනකොටම අම්මා මට සංඥාවක් දෙනව.මම තේ පඳුරු අස්සට දුවල හැඟෙනවා.ඒත් ඊයේ අම්මා මට කීවා...දැන් මං ලොකුලු. හැංඟිලා හිටිය ඇති ලු.මම බල්ලෙක්ලු.මිනිස්සු නපුරුයි ලු.සැරට ඉන්නලු........ ඒ උනාට ...
සැත්කම සහ අතුරු කතා හෙවත් පුන්සඳ වන් දරුවෙක් සොඳුරු සිත ( Beautiful Mind ) බාහිර රෝගී අංශය දෙසින් ඇසෙන්නට වූයේ දැඩි කාලගෝට්ටියකි.ගැහැණියක විලාප තියන හඬත් ,පිරිමියකුගේ නොපැහැදිලි නමුත් උස් හඬින් කෙරෙන බැන වැදිල්ලත් , වඩාත් උස් හඬින් නැගෙන පරුෂ වදන් රැසකුත් ඇසෙන්නට විය.මාගේ නැඟනිය ට නම් මේවැනි සිදුවීම් සාමාන්‍යකරණය වී ඇති බැව් මට සිතුනේ ඇය කිසිම හැල හොල්මනක් නැතිව ඇය යෙදී සිටි කාර්යයේ දිගටම නිමග්න වී සිටි නිසා ය. ඒ පමණක් නොව ඇය යෙදී ...
තනිකඩ කවි සිත - නුඹට පුදමි සොඳුරු සිත ( Beautiful Mind ) තනිකඩ කවි සිත - නුඹට පුදමිඉස්සර අපි ගිය පාරේඅත් වැල් පටලන් ආයේඇවිදන් යන්නට ඇවිදින්යන්නට එනව ද මතක ඇතිව මල් කූඩයඅරගෙන එනව දඅතන මෙතන වැටුණු මතකඅහුලල දෙනව දඇවිදින් යන්නට ආසයිඇවිදන් යන්නටමඟ දිග ඇති බොළඳ වදන්අහුලල දෙන්නටගෙවී ගියපු කාලය තුලහදේ පිපුන මල් අතරින්එකම මලක් නෙලා අරන්පුරවපු කූඩයනුඹ දන්නෙ නැති ද තවමතනිකඩ නැහැ මමහදේ පිපුන පියුම නෙලන්නුඹටම දෙන්නටම සිතන්මෙතෙක් කලක් බලා හිටියකන්යාවිය මමමඟ ...
෴ නොනිමි සමුගැන්ම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වෙනද ඉරමයි , වෙන ද මුහුදමයි අර පේන ක්ෂිතජයත් කලින් දුරම තමයි, ඒ බංකුවමයි , වෙනද වෙලාවමයි , ඒත් ඔවුන් ? වෙනදට බංකුවේ ඉතිරි වෙන ඉඩ අද නැහැ. ඒ වෙනුවට වැඩි වෙලා තියෙන්නේ දෙන්නා අතර පරතරය."ඔයා මුහු ද වගේ .... ඇයි හැමදාම එක වගේ ඉන්න බැරි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මගෙ ජීවිතේට කියන්න බැරි තරම් සතුටක් වගේම , දරාගන්න බැරි ...
අවසාන තුනක කතාවක් සොඳුරු සිත ( Beautiful Mind ) සුදු පාට වේලයේ පුංචි සිදුරු අතරින් ඇගේ රවුම් ඇස් හිටියේ හරිම විපරමින්, ඒ විපරම් කිරීමට වේලයෙන් ලැබුනෙත් මහඟු පිටු වහලක්. ඇයට ඇගේ ඉදිරියේ ඉන්න සියලු දෙනා පෙනුනත් ,ඇගේ ඇස් වල විපරම අනිත් අයට නොපෙනීම ඇයට ගෙන දුන්නේ සහනයක්.තවමත් නැහැ . . . . ! ! ! අගේ හිත හීල්ලුවා. හීල්ලිල්ලෙ දිග පළල ළඟම හිටපු මනමාලයට දැනෙයි කියල ඇයට දැනුනේ තමාගෙම ...
෴ චේ අයියා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ශිෂ්‍යත්ව පන්තිය වැසීමට තවත් කාල වේලාව තියෙද්දී එහි පැමිණි අම්මා , මාව ද කුදලාගෙන ලහි ලහියේ පියමනින්නට විය. ඇගේ පයේ ලා තිබූ රබර් සෙරෙප්පු සඟලත් , නොපීරු ඇගේ ලස්සන කෙස්කළඹත් , ඇගේ ඇඳුනුත් කියා පෑවේ . ඇය පැමිණ ඇත්තේ ඉතාම හදිසියෙන් බවයි. "අම්මා අපි කොයි යන්නේ ,?“සුපුරුදු මාවත වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගැනීමේ දී මට නොඅසා බැරි විය.“ එනව ...
බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම සොඳුරු සිත ( Beautiful Mind ) බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම--------------------------------------------------------------ඩෝසරයේ වැඩ ට ගොස් දැන් පාසල් පැමිණෙන සංජීව ඔබට මතක ඇතැයි සිතමි. එදා ඔහුගේ විද්‍යාව පොත ලකුණු කර “ හොඳ පුතා “ යැයි පැවසීමෙන් පසුව දැන් ඔහු විද්‍යා පාඩම වෙලාවේ දී ඉතා උනන්දුවෙන් ඇහුම් කන් දෙන අතර පාඩමේන් අසන ප්‍රශ්න වලට ද පිළිතුරු දීමට නොපැකිලව ඉදිරිපත් වේ.......ඔහුට විද්‍යාව උගන්වන මා ජීව විද්‍යා ගුරුවරියක වන ...
෴ පුල්ලියා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පුල්ලියා ෴ “ චූටි මැණිකේ . . . . . චූටි මැණිකේ . . . . . . “ අමුතුම හුරුවකින් කතා කරන හඬ ඇහුනගමන් මෙතෙක් වෙලා බූරු ඇදට වෙලා කල්පනා කරමින් හිටපු සියාතු සීයා ගේ කල්පනා ලෝකේ බිඳිල ගියා. බූරු ඇදෙන් බැහැපු සියාතු සීයා ඇතුලු ගෙට එඹිලා බැලුවේ නුපුරුදු කට හඬ නිසා චූටි මැණිකෙගෙ නින්දට බාධාවක් වුනාද කියල ...
෴ වැහි කිරිල්ලී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) චිරි බිරි හඩ නගමින් විවේකයක් වත් නොලැබ වරුවක් තිස්සේ එක දිගට ඇද හැලෙනා වර්ෂාවසුමින්දගේ සිතට සැමදා ගෙන ආවේ අමුතුම මිහිරකි. වර්ෂාව හා බැඳී පවතින ඒ සුන්දර මතකසියල්ල කණපිට හරවන්නට අද සුමින්ද ඉදිරිපස පුටුවේ වාඩි සිටින කාන්තාවට හැකි වී ඇතිඅයුරු පෙවන්වන්නේ ජීවිතයක ඇති අරුමය නොවේ ද.ඇගෙන් දෑස් ඉවතට ගත් සුමින් ද , කවුළුවෙන් එපිට වැහි බින්දු අතරින් තම මතකය වසරගනනාවක් එපිටට ...
ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackout සොඳුරු සිත ( Beautiful Mind ) ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackoutමගේම ආදරණීය බීට ලියමි.ඉතින් ඔයැයිට කොහොම ද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ඔයැයි දන්නවැයි. ලෝක විනාසෙට තව දවස් කීයෙයි? ඒත් ඔයැයිට බැහැ ඒ ටික දවසෙ වත් මා බලන්න එන්න.ඔයැයි දන්නවැයි . . . . . ලෝක විනාශය තක්කෙටම වෙනවැයි කියලා.දවස් දෙකක් ඉර පායන්නෙ නැතෙයි කියන්නේ.දෙසැම්බර් ස්කෝලෙ නිවාඩුව ලැබුනත් ගෙදරින් එළියට බහින්නෙපැයි කියලැයි සමහරු ...
කසිප්පු චන්දරේ සොඳුරු සිත ( Beautiful Mind ) කසිප්පු චන්දරේ“ පන්සලේ ලොකු පූජාවක් වගේ, උදේ ඉදන්ම මහ සද්දේ ?““ ඔවු ලොකු බුදු පිළිමයයි , දොලොස් මහේ පහනයි පූජා කරනවලු නේ ““ කවුද බන් ඒ පින්වන්තයා ““ වෙන කවුද ඉතින් , චන්දරේ මුදලාලි තමා ““ මොනවා . . . . කසිප්පු චන්දරේ !?“ හැලි අරක්කු පෙරපු එකාට ගිය කලක් , අනේ සාධු , උඹලැයි තාත්තා වේලපහම පස්වලට යට වුනේ ...
යාළුවෙක් ගෙන් තෑග්ගක් සොඳුරු සිත ( Beautiful Mind ) යාළුවෙක් ගෙන් තෑග්ගක් පාසල් පළමු වාරය අවසන් වීමට ආසන්න බැවින් ඉවරයක් නැති පාසල් රාජකාරි වලින් හෙම්බත් වී නිවසට පැමිණෙන දිනයන් ගෙන් එක් දිනකි , ඒ මලානික තෙහෙට්ටුව මතට වැටි කුතුහලයක් දිලිසෙන්නට වූයේ නිවසේ සාලයේ මේසය උඩ මා නමින් තිබූ , තවමත් විවෘත නොකළ තැපැල් පාර්සලය නිසාය.මා දැන් වැඩිහිටියෙකු නිසාත් ,මා නමින් පැමිණෙන යමක් වේ නම් එය පළමුව දැක ගැනීමේ ප්‍රීතිය ...
හදිසි මරණය සොඳුරු සිත ( Beautiful Mind ) හදිසි මරණයඅද මහ මූසල දවසක්..... ( දින පොතේ අන්තිම සටහන ආරම්භ වෙලා තිබ්බෙ එහෙම )ඔළුව රිදෙන්න ගත්තා.ඉවසන්න බැරි තරමට. පුංචි කුරුමිණීයෝ ගොඩාක් ......ඔළුට රිංගලා. ඔළුව අවුස්ස අවුස්ස මොනා දෝ හොයනවා. මොළේ ස්නායු තන්තු ගොනුවක් උස්සපු එකෙක් “ එතැනත් නෑ “ කියල කියනව මට ඇහුනා.තදින් වේදනාව දැනුනත් මම ඉවසුවා. ඔයාව හංඟපු තැන උන් හොයා ගන්නවට මං කැමැති නැහැ.“නැහැ නැහැ මෙහේ නැහැ....“ ...
෴ පෙර දිනයක ඈ මා ළඟ සිටියාය -අද ළඟ ඉදිදදි දුර මෙන් දැනුනාය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බොහොම කාලයකට පසුව අද ඔහු ගෙදරය.කාර්ය බහුල පරිසරයෙන් මිදී ආදරය පිරුණ තම නිවසේ ඇයත් සමඟ තනිවෙන්නට දවසක්ම ඇත. උදයේම ඇය සාදා දෙන කෑමෙකත් පොදි බැදන් නිවසෙන් බැස යන ඔහු නැවතත් නිවසට පැමිණෙන්නේ හිරුත් බැස ගොස් බොහෝ වේලාවක් ගතවූවාටත් පසුවය.ඇයත් සමඟින් ආදරයෙන් ගත කළ මොහොතක් තනි වූ මොහොතක් මතක් කිරීමට ඔහු ගත් උත්සාහය නිර්තක වී යත්ම නිදිඇදෙන් බැස ගත් ඔහු ඇය ...
෴ සෙනසුරාට සෙනෙහසින් / To Saturn With Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සීත දුරුත්තට යන මඟ පෙරමඟටම විත් දත් නියවන් කෙස් උගුලන් රාක්ෂ වේසෙන් ඝණ දෙවියන්ටත් බට කොළ කැවු මේ නිරිඳුන් තරාදියට එනවලු මේ නොවැම්බරේ රටට හොඳයි මහ එවුන්නට හරිම හොඳයි ලු පොඩි එවුන්ට නැහැ කරදර හරිම ජයයි ලු මොන පිස්සු ද සෙනසුරාට රටක් අහුවෙලා පොඩි එවුන්ව ගුලි කරාවි මිටට අඹරලා කොහේ නැතත් දිගු පෝළින් මොක ද අතන වෙන්නේ බලව ගන්න කේන්දරේ ...
අම්මා සොඳුරු සිත ( Beautiful Mind ) අම්මාගවුමට උඩින් ඇද ගත් වීත්තයේ කොණක් උස්සා ඉනේ ගසා ගත් අම්මා , ඉනට හිරකර ගත් පොල් අතු ටික හැකි වෙර යොදා දියෙන් ගොඩට අදින්නට වූවා ය. පොල් අතු අස්සේ දැවටී ගොඩට එන ඉස්සන් දැකීමට ආසා කළ මම එදෙසට දිව ගියෙ මි.දැනට දින දෙක තුනකට පෙරාතුව ගං ඉවුරේ උණ පඳුරේ ලණු පොටකින් ගැට ගසා ඟඟට දැමූ පොල් අතු අම්මා ගොඩට අදින්නේ ...
෴ කරුමය ද ?උරුමය ද? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සපත්තු දෙක බෙන් ටෙන් , ඇදුම් කැඩුම් බෙන් ටෙන්සොයන්න මම සාප්පු වල ඇවිද්ද තරමක්කියන්න නුඹ දන්නවා ද බෙන් ටෙන් සුරතල් එක දවසක් ඇන්ද ඇඳුම අදින්නෙ නැහැ ආයෙත් මයෙ පුතුගේ මුරන්ඩුකම සුරතලයක් නම් කියන්න නුඹෙ සුරතල් සිත හොරු ගෙනිහින් නම් උදේ දවල් රෑ කෑමට ඉල්ලන ඉල්ලන දේ දෙනමගේ පුතා සවිමත් නැහැ නුඹ තරමින් වත්කියන්න නුඹ කන බොන හැටි නැහැ දන්නේ මම්රෑට ...