෴ විඩක් කමු ද ? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ එපා ළමයෝ , මං දැන් කිපාරක් කීව ද ? බුලත් කෑවම අකුරු කියන්න බැරි වෙනවා “ සීයාගේ විඩ බංකුවේ වූ කොටනා ලදුව , හොර රහසේම මයෙ කටට ගිය විඩ කුඩු කටෙන් විසි කිරිමට මා එළියට දීවේ තකහනියෙනි. තවමත් හරිහැටි පාට නොගිය , ලස්සන රතු පාට විඩ කොටේ මිදුලේ පැත්තක දිලිසෙන්නට වූව ද , මම මහ හයියෙන් “අ“යන්න “ආ“ යන්න ...
෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴දවසින් දවස කාලය ගත වී යනවාමොහොතින් මොහොත මට නුඹ සිහිපත් වෙනවාළඟ වුන් අයත් එකිනෙක වෙන්වී යනවාමා නිසසලයි කාලය දුවමින් යනවාසිතු දේ ලැබෙන්නේ නැති බව නොදැන නොවේමතු මතු වටත් නුඹ ගැන නොසිතනව නොවේරතු වෙන ඇස් අගට කඳුළක් නැතිව නොවේකතු නුඹ තමයි නොලැයුනු කවි ලියනු නොහේ සඳ ඇති රැයක පාළුව මට නොදැනෙන්නයි අඳ හිත කොණක නුඹෙ ...
මට ඔයාව මතක් වුනා / I Was Reminded of You ....... සොඳුරු සිත ( Beautiful Mind ) මට ඔයාව මතක් වුනාI Was Reminded of You .......ඔහු . . . . . . . බොහොම අපහසුවෙන් සුව පහසුව වාඩි වුනා.මාව මඟ අරින ඒ ඇස් අල්ල ගන්න , මගෙ ඇස් නොඉවසිලිමත් වුනා.වරක් දෙවරක් මඟ ඇරපු ඇස් , හිටපු ගමන් මගේ ඇස් කඹේට අහුවුනා.මට ඔයාව මතක් වුනා. ඒ ඇස් නතර වුනා. මාත් එක්ක හිනා වුනා. මට ඔයාව මතක් වුනා.“ ඉතින් ...
෴ බ්ලොග් ලිවිල්ල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සොඳුරු ට මතක කාලෙ හැටියට නම්, සොඳුරු ලිවිල්ල පටන් ගත්තේ මොන්ටසෝරියෙන්, ඉස්සෙල්ලම ඉරි, ඇද ඉරි, කෙලින් ඉරි, බින්දු වලින් පටන් අරන් ඩබල් රූල් පොත් වල රූල් පිරෙන්න එකම අකුර පිටු ගනන් වල, මක මක, වරු ගනන් ලියපු සොඳුරු අද ලියන්නේ සයිබරයේ දහසක් දෙනා කියවන පිටු වල. සිංහල යුනිකෝඩ් වලට පිං සිද්ධ වෙන්න , සොඳුරු ආපු ගමන සොඳුරුටම හිතා ගන්න ...
෴ ජීවිත ගස යට / " Under The Tree of Life " ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඊඩන් උයනේ ජීවන ගස යට ආදම් ඒවා පෙම් බැදි විලසටමා නුඹ දවසක් හමුවූවා ඉස්සර දවසක නුඹහට මතක ද ආල හැඟුම් සිත් නොතැරුන මොහොතකආල වුනේ නුඹෙ සුන්දර ගුණයටමාල පලන්දපු පෙර එක දවසකආල නුරා සිත කීවා මතකද හාදුවකින් ඇරඹී පෙම්බරකමබොළඳ නුඹේ ළඟ පැළ කරවු සදහාද වෙලා අතිනත් අරගෙන අපිරස ජීවන මධු බීවා මතක දආල හැඟුම් නිවසින් පිට වූ ව දපෙම්බර ලෙංගතුකම් අඩු ...
෴ මිලින මල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තාලයට එහා මෙහා යන පිස්නයට හසුවී වැහි බිඳු අතුරුදන් වන බැවිනි. එසේම මගේ සිත ද වරින් වර අපැහැදි අතීත මතක අතරත් , පැහැදිලව පෙනෙන නමුදු විස්වාස කළ නොහැකි වර්තමානය අතරත් සරන්නේ , ඇගේ වේදනාබර කෙඳිරියක් පිස්නයක් බවට පත් වෙමිනි.එකඟ කර ගත නොහැකි වූ මා ...
෴ නොකියාම නික්ම ගිය දේවේන්ද්රසං ට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සකුරා මලින් මලකට නොම පියමැන්න සකුරා නෙලා නොගෙනම එය රස වින්ද සකුරා මලේ සුවඳට නිති පෙම් බැන්ද නොරිකෝ කියා මලකට නමකුත් ඇන්ද වෙනතක යා නොදී තම වෙත සිත රන්දා ඇගෙ සිහිනයේ කුමරා වී නම රදවා එනමුත් ඇගේ අත නොගෙනම හිත බිඳවා කිම නුඹ කළේ, නැත නුඹ කිසිවකු හඳුනා තෙලි තුඩ අඟින් සිතුවම් කර සිත හඳුනාඒ සිත්තමම බොඳ කර හදවත හඬවාඇදි ...
෴ අන්තිම කැමැත්ත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දිනක හිරු නැඟ එන පැයේ හෝ සඳ හිමින් බැස යන වෙලේ එසෙත් නැතිනම් සඳ හොරාගත්තරු පිපුන රෑ යාමයේනිදයි නම් මා නැවත ඇහැරිනබවක් නොපෙනන සේ තදින්නොසොල්වා මා දෑත් එකපිටතියන් සංසුන් ලෙස ඉතින්තදින් පිය වුන නෙත් කොනේකඳුළු බිඳු තිබුනොත් මගේපිසන්නට නම් එපා මිතුරනිදිලිසෙනා හදවත මගේදෑත් දෑගිලි පාද මාපට ඇඟිලි එක්කර බැඳ දමන්බටහිරට හිස හරවලා මගෙපහන් දැල්ලක් දල්වලානොනිමෙනා ලෙස වගබලා ගනුඔහු පැමිණෙනා තුරු ...
෴ පමා ව - Delay Flowering ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රෑ පිපුනත් සුවඳ අරන්පමා වෙලා මංඋදේ පිපුන මල් ඔක්කම නෙලා ගිහින් නම්පමා වෙලා මංහොඳටම පමා වෙලා මංසඳ දකින්න නෑදැක්කත් අයිති කියනු බෑතරු යායක පිපුන සඳට පෙම් බඳින්න බෑපමා වෙලා මංහොඳටම පමා වෙලා මංගුමු ගුමුවක් නෑබඹරුන් රෑට එන්නෙ නෑරැහැයි නාදේසුවඳ ගන්නඋන් දන්නේ නෑපමා වෙලා මංහොඳටම පමා වෙලා දැන්සඳ යනවා ඉර එනවාමම මෙතනම තනි වෙනවාපිපී සුවඳ දී රහසෙමරැයට හොරෙන් මිය යනවාපමා වෙලා ...
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern II ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern I කොටසට෴උඩු මහල කිසිසේත්ම පහළ මාළයේ නිවුන් සහෝදරයකු නොවීය.මන බඳනා පරිසරයකින් යුතු වූ තරමක විශාල ශාලාව පුරා වූයේ පිළිවළකට ස්ථානගත කර තිබූ රවුම් හැඩැති මේස සහ නවීනතම පන්නයේ සුදු යකඩ පැහැති සැහැල්ලු ආසනයි....... පහළමාලයේ මිනිසුන්ට ලෝක විනාශය තව මොහොතකින් උදාවූව ද ඉහල මාළයේ මිනිසුන්ගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස් විය.කිසිවකුත් හිමිකම් නොපෑ තනි ...
෴ භුත බංගලාව 3 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පළමු කොටසට දෙවෙනි කොටසට සමීර , අශේන් ගේ ඇගේ එල්ලි සිටියේ , අයියා දෙස බැලීමට මුහුණ හැරවීමටවත් බියෙන් මෙනි. හු හඩ ඇසුනු දිසාවට යා යුතු බැව් අශේන්ගේ සිහියට නැගෙන්නට ද සැලකිය යුතු වේලාවක් ගත විය.ඔහුගේ ඇගේ එල්ලී සිටින කුඩා සමීරගේ සීතල අත තදින් ග්‍රහණය කර ගත් අශේන්.“ යමු . . . .! ! ! “ යි පැවසූව ද, බිරාන්ත වී ...
෴ සමුගෙන්න යන්න ඔබෙන් තව මොහොතයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නිදිබර ඇසි පිය මොහොතකට එසවූ ඔහු දුටුවේ කිසිම හිඩසක් නොමැතිව පියවිලා තියෙන ඇගේ තොල් පෙති , ඇගේ තොල් මත මන්දස්මිතයක් තැවරිලා තිබුන කියල ඔහුට හිතුනා.කොහොමත් ඔහු ආපු දවසට ඇය ඉන්නෙ හරිම සතුටින් විත්තිය ඔහුට රහසක් නෙමෙයි.ඇය හමුවෙන දවස ඔහුගෙ ලෝකයෙත් සතුටුම දවස කියල ඇය දන්නව ද කියල නම් ඔහුට හිතා ගන්න බැරි වුනා. ඔහු හිස තියාන හිටියෙ කොහෙද කියල ඔහුට ...
අයන්නක හිරවුනු සිහින -Just a Dream සොඳුරු සිත ( Beautiful Mind ) අයන්නක හිරවුනු සිහිනපාසල් කාලෙ මට තිබ්බෙ , බොහාම පුංචි බලාපොරොත්තු. විනෝදගමන්... සවාරි.... යහළු යෙහෙළි ගෙවල් වල යෑම් මගෙ දවස් අතරට ආවෙම නැහැ. කවියක් , කතාවක් ලියා ගන්න බැරි වුනේ, හාමදාම මගෙ රචනා වලට සිංහල ටීචර් දුන්න අඩු ලකුණු නිසා. විද්‍යාව ගණිතය වැඩි ලකුණු ගනිද්දි ඒ පැත්තටම පාවුනේ ගණිතය ටීචර්ගෙ කරුණාව නිසාම ද මන්දා..... ඒත් දැන්.............බොහෝ දේ වෙනස් වෙලා.පුංචි කුරුල්ලන්ට ළං ...
බංකුව සොඳුරු සිත ( Beautiful Mind ) බංකුව " තරහෙයි . . . . .. ! ! ! " ඇස් දෙක පුංචි කරලා , ඔළුව ටිකක් පහත් කරලා , එකම බංකුවේ එහා කෙලවරේම වැටෙන්න ඔන්න මෙන්න වගේ වාඩි වෙලා ඉන්න එයාගෙන් මං ඇහුවා . . . .. . . .. . . හ්ම් ......... උත්තරේ මේකයි. “ කතා එපා , මටත් තියෙන්නෙ හිතක්, ඕනි වෙලාවට ළඟට ගන්නයි,එපා ...
ආදරය ගැන - මට හිතෙන හැටි හෙවත් මගේ ලෝකයේ ඔහු සොඳුරු සිත ( Beautiful Mind ) ආදරය . . . . ජීවයේ පැවැත්ම කෙසේ වෙතත් මනුස්සයෙක් ජීවත් කරවන්නෙ ආදරයයි. ලෝකයේ කිසිවකුත් නැහැයි කියල හිතලා ,වටේ පිටේ මිනිස්සු මොනා කීවත් එක හිතින් නොවෙනස්ව ආදරය කරන්න පුලුවන් නම් ඒක තමා කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය.( දැන් මට ඔරවනව ද ? සභ්‍යත්වයක් නැහැ නේද ? ) ඇත්තම කියනව නම් ආදරය විඳින්න නම් ඒ ලෝකය තුල ඉන්න ඕනි ආදරය කරන ...
෴ අසම්භාවී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි. බහුතරයක් මිනිසුන්ගේ ජීවිත කතාව ඒකාකාරීබවක් ඉසිලුව ද , ඇතැම් ජීවන සබඳතා සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින් ඔබ්බට ගිය අවස්ථා අත් දැකීමේ දී , මෙලොව එවැනි සබඳකම් ...
෴ පාළුව / I Miss You ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හිමිදිරියේ හිරු කිරණත් සමඟින්මට නුඹ සිහිවෙනවා සත්තයිපාසල් දිවයන පොඩි වුන් අත එවූනුඹ පණිවිඩෙ ලැබුනා සත්තයිකාර්යාලයේ ලිපි ගොනු අතරින්නුඹ මට හිනහෙනවා සත්තයිතේ පැන් තොල අග දැවටෙන විට මගෙනුඹෙ සුව මට දැනුනා සත්තයිපපුවට අත තියනා හැම වාරයෙනුඹ එහි රැක සිටියා සත්තයිදහවල කැම පැයේ නුඹ මගෙ ළඟමගෙ තනියට සිටියා සත්තයි හවසට මා නිවසට යන මාවත නුඹ මට මඟ කීවා සත්තයි නින්දට යන සුව ...
කළු සපත්තු සොඳුරු සිත ( Beautiful Mind ) “ පුතාට හොඳටම උණ සුමනේ , විනාකිරි වලට අහන්නෙ නැහැ , දැන් කීපපාරක්ම දෙඩෙවුවත් එක්ක , අනේ සුමනෙ “ හතර කොනෙන් දාඩිය මුගුරු හෙලා ගෙන , නිවසට පා තැබු සැනින් දෙසවන වැකුණු බිරිඳගේ හඩ ඔහුට ගෙන ආවේ තරහක් මුසු කලකිරීමකි. නමුදු ඒ හැඟීම පහ වෙන්නට එතරම් වෙලාවක් නොගියේ , පුතු වැතිරී සිටන අසරණ ඉරියවුව දකින තෙක් පමණි.පුතු ළඟට ගොස් ...
෴ සහෘද සංවේගය / They Thought They Were Free ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ හිට්ලර් යුදෙවුවන් සිරභාරයට ගෙන මරා දමන විට මම ඒ ගැන කතා නොකළෙමි. ඒ මා යුදෙවුවකු නොවන නිසාය. හිට්ලර් කොමියුනිස්ට් වාදීන් හිරභාරයට ගෙන මරා දමන විට මම කතා නොකර සිටියෙමි , ඒ මා කොමියුනිස්ට් වාදියෙකු නොවුන නිසාය. හිට්ලර් වෘත්තිය සමිති නායකයින් හිරභාරයට ගෙන මරා දමන විට ද මම කතා නොකර සිටියෙමි ඒ මම වෘත්තීය සමිති නායකයෙකු නොවුන නිසාය. හිට්ලර් මාධ්‍යවේදීන් හිරභාරයට ගෙන මරා ...
෴ ගින්න/ Fire ෴ පළමු කොට ස සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගින්න/ Fire ෴ පළමු කොට ස------------------------පෙරවදන අපි කාගෙත් හිත්වල නොපෙනෙන ගින්නක් තියෙනවා. කාලයත් එක්ක ඒ ගින්දර නිවිල ගියත් , ඇතැමෙකුගේ හිතේ ගින්න කාලයත් එක්ක දළු ලා වැඩෙනවා.ඇතැමෙක් ඒ ගින්නටම අහුවෙලා මිය යන්නේ , තමා අවට ජීවිත වලටත් ගිනි අඟුරක් හරි ඉතිරි කරලා.මේ කතාවේ සමහර දේ ඔබ අවටත් සිද්ධ වෙලා ඇති. මොකද මා අවටත් මේ කතාවේ චරිත බොහෝමයක් අදටත් දකින්න ...