උපුල්ගේ විද්‍යා පන්තිය සොඳුරු සිත ( Beautiful Mind ) උපුල්ගේ විද්‍යා පන්තියමේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ.දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා. දවසක් බීඩියක් ඔතන් බොන්න ගියපු කොලු නඩේක ඉදල ස්කෝලෙන් හොඳ දඩුවමකුත් වින්දා. උපුල් හොඳ ළමයෙක් උනත් උපුල්ගේ පන්තියෙ හිටියෙ මහ ඇට්ටරයෝ ටිකක්. ඉතින් උපුලුත් ඇට්ටර වුනා. ඒක උපුල්ගේ වරදක් නෙමෙයි .කිසිම ගුරුවරයෙක් හෝ ගුරුතුමියක් බාර ගන්න අකැමැති වෙච්චි පන්තිය විදුහල්පතිටත් ...
පඹයා සොඳුරු සිත ( Beautiful Mind ) පඹයාමඩේ ගොයම් පැළ වෙන තුරු මා හිටගෙන උන්නාඒ ගොයමේ මල් පීදෙන තුරු හිටගෙන උන්නාමලින් මලට වී කරලින් බර වෙන තුරු උන්නාමටත් හොරෙන් බැත කමතින් ගෙනියනතුරු උන්නාඇහැක් වගේ බලාන රැකගෙන හිටි දේවල් ඇස් පනාපිටඅරන් ගියත් , කරන්න දෙයක් නැති මමපඹයා ...
පත්තරේ සොඳුරු සිත ( Beautiful Mind ) පත්තරේ මම මේ කතාව මීට කලින් ලීවා වගේ මතකයි.ඒත් ඒක ලීවද නොලීවද කියල හොයනවට වඩා ඒ කතාව ආපහු ලියනෙක මට ලේසී.ඒ කාලේ , ඒ කියන්නේ දැනට අවුරුදු විසිපහකට විතර කලින්, මායි මගේ පවුලේ උදවියයි ජිවත් වුනේ ටිකක් පිටිසර සුන්දර ගමක. ඒ ගම කෙළවරකින් පුංචි ඔයක් ගලා ගෙන ගියා. අපි හිටියෙ ඒ ඔයට ටිකක් ලඟින්. ඔය ළඟ නිසා පුංචි පුංචි ඇළ ...
ගමේ බස් එක සොඳුරු සිත ( Beautiful Mind ) ගමේ බස් එක“ මාල වලලු ටික අතේ අරන් දුවගෙන වරෙන් බන් අක්කේ, බස් එක යාවී “සාරි පොට ඉනේ ගසා ගනිමින් සාරිය දණිහ තෙක් ඔසවා ගත් මැදිවියේ ගැහැණිය වෙල් නියර දිගේ එක සීරුවට දිවගෙන එයි. කුඹුර හොඳින් මඩ කර බැද ඇති නියරවල් ද තාමත් අලුත්ය. දුවගෙන ආ අක්කා ගේ දිවිල්ල එකවරම නැවතුනි.දුන්න නැවුනා සේ නැවුන අක්කා සපත්තු දෙක ද අතින් රැගෙන ...
(නො) දැක්ක ගාණට ඉන්නම්................. සොඳුරු සිත ( Beautiful Mind ) (නො) දැක්ක ගාණට ඉන්නම්මං නැතිවටපාළුවක් නෑ වගෙයිඅලුත් ඇඳුමක් ඇදලමුණෙ හිනා ඉතිරිලාමං දැක්ක පින්තූරෙකවුරුත් ලයික් කරලා එඹිල බැලුව ඇස් වලටපාළුවක් නෑ වගෙයිමං ගැන මතක සේදිලම ගිහින් වගේකීවෙ නම් කොහොම දපාළුයි දුකයි කියලා මං නැතිව බෑයි කියලාතව ටික දවසකින්දරුවොනුත් වට කරන්බිරිඳවත් ළං කරන්හිනා වෙලා ඉදිවිඑකතකට මං කවුදපරණ වුනු මතකයක්අතීතෙක එකතුවක්තාවකාලික සිහින සුවඳකනිමේශයක්ඇස් අරින පමාවටබිදිල යන බුබුලක්අනේ මංහරි ම පවුP.S - මේ ලෝකෙ ...
හැරී (නො) බලමි සොඳුරු සිත ( Beautiful Mind ) හැරී (නො) බලමිගුරු විවේකාගාරය බොහොම නිස්කලංක තැනක්. මේ කාලච්ජේදය ගොඩක් අයට වැඩ ඇති. අතේ තිබුනු පොත් මිටිය මේසෙ ඉඩ ඇති තැනක තියන ගමන් මට හිතුනේ අතේ බර වගේම හිතේ බරත් සැහැල්ලු කර ගන්න තියෙනම් කියලා.පිටතින් බලද්දි බොහොම සතුටින් ඉන්න හරි කඩිසර ගුරුතුමී , ඒ ගුරුතුමීගේ ජීවිතෙන් බාගයකටත් වඩා දැන් ඉවරයි නේද කියලා මට හිතුනා. සුපිංවත් වෙසක් මාසෙම යෙදුනු මගේ උපන් ...
මගෙ හීනය සොඳුරු සිත ( Beautiful Mind ) මගෙ හීනය දුර ඈත ඉමේ සිටිහීන බරින් පිරිවළාකුළක් බිඳිලාහීන හීන් පොද හීන වලාවෙන් මල් වැස්සක් වැහැලාඝන වනන්තරේ තෙමිලාහීන වලින් පෙඟි වනන්තරේ බිමහීන මලින් පිරිලාඑකමෙක හීන බිඳක් තුරු මුදුනේකොළ අත්තක අග රැඳිලාවැටෙන්නෙපා බිම ඒ හීනෙ මගේමං එනතුරු හිටපන් මතක දිගේ-----------තාම මඟ එනමමසොඳුරු ...
සමණළයාගේ මළ ගම සොඳුරු සිත ( Beautiful Mind ) සමණළයාගේ මළගමවැලි ගෑවුනු දෑත් ගවුම් වාටියෙන් පිසදා ගත් කුඩා කෙල්ල ,දණහිස ගෑවි සියුමැලි සමේ ලෝබකමින් මෙන් ඇලී සිටි සිහින් වැලි කැට ද පිසදා ශරීරය කෙළින් කර ගත්තී , බෙල්ල උස්සා එතකුදු නොව පා ඇඟිලි වලින්ද එසවී දුර ඈත වැලි පාර දෙස බැලුවාය. බලාපොරොත්තු සුන් වී ගිය මුහුණින් යලිදු තම දෑත් ඇඳ වුන් මල් ගවුමෙන්ම පිස ගත්තේ නොනැවීය. කලවා තෙක් එසවුනු ...
මා මත්තෙම ඉන්න මගේම කෙනෙක්................... සොඳුරු සිත ( Beautiful Mind ) ඔයා හිතන්න ඔයාට පුලුවන් ද කිසිකෙනෙක් ගේ අවධානයක් ,ඇල්මක් බැල්මක් නැතිව ජීවත් වෙන්න. ඔවු දැන් ඔයාට හිතේවි “කිසිකෙනෙක් ගේ ඇල්ම බැල්ම නැතිනම් කොච්චර ෂෝක් ද, මේ කි මේ පිස්සු කියනව “ කියලා. එහෙනම් අනිවාර්යෙන්ම ඔබ කසාඳ බැඳපු කෙනෙක් වෙන්නැති.ඒත් කසාඳ බැඳපු කෙනෙක්ට උනත් යම් අස්ථාවක දි තේරෙනව ඒ බැදීම් නැතිව ඉන්නෙක ජොලියක් නෙමෙයි හිස්කමක් කියලා.ඒකනේ “ කලේ පැන් ඇත නැවුම් ...
෴ ආදරය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ආදරය කිසිදා කිසිවෙකු කිසිවෙකුටවත් අයිතිකර ගත නොහැකි බව සත්‍යයක් වූව ද , අයිතිකර ගැනීමට නොහැකි වීමටත් වඩා අන්සතු වීම සිත පාරවයි.ආදරය හිමි කර ගත යුතුම නොවන බවත් , ආදරය යනු පිදිය යුත්තක් බවත් කොයිකවුරු පැවසූවත් , දැඩි ආදරයකින් වෙන් වීමේ දුක විඳවූවන් එය කොතරම් නම් වේදනාවක් ද යන්න දනී. එම වේදනාව විටෙක දරුණු ලෙස සිත පෑරූවද තවත් විටක ඒ වේදනාවම ...
මගේ අවුරුදු පැතුම සොඳුරු සිත ( Beautiful Mind ) මගේ අවුරුදු පැතුමහිනා වෙලා සතුටින් ඉන්න පුලුවන්, හිත රිදවන හැමදේම හිතින් අයින් කරන්න පුලුවන් ,උණක් හෙම්බිරිසාවක් වත් නොසෑදෙන ,අතමිට මුදල් යහමින් ගැවසෙන ජාතිවාදී ලේ නොකකියන,සැර පරුෂ වදන් නොතෙපලනඑකිනෙකා කෙරේ සෙනෙහස නැතත් වෛරය ඇති නොවනකැලෑ එළි නොවනවන සතුන්ගේ බිම් නැති නොම වනමිනිස්සුන්ටත් ඉන්න හිටින්න තැනක් හමුවනකිසිම ආගමක් නැතිවෙනදහම රජයනඉසුරුබර මෙ සිරිලකටත්එහි වාසී සැමටත් (මිනිසා සතා සීපා සෑමදෙනාටම)සුබම සුබ නව වසරක් වේවා ...
සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝ .......................... සොඳුරු සිත ( Beautiful Mind ) සිංහල අවුරුදු උත්සවය සහ බ්ලොග්කරුවෝසිංහල අවුරුද්ද එන්නේ පුංචි ඈයොන්ටයි , පිරිමින්ටයි කියලා ගෙවල් දොරවල් අස්කරල ,හෝදල කොන්ද අමාරුව හැදුනු අම්ම කෙනෙක් කියනව මට ඇහුනා.ඒත් මට හිතුනා ඒක මේ විදිහට වෙනස් වුනා නම් හොඳයි කියලා.“ සිංහල අවුරුදු එන්නේ , පුංචි ඈයොන්ටයි, පිරිමින්ටයි, සිංහල බ්ලොග්කරුවන්ටයි “ කියලා. ඒ මොකද කියනව නම් සිංහල බ්ලොග් අවකාශය පුරා විසිරී සිටන නොයෙක් ආකාරයේ අය එකතු වෙලා ...
෴ නිශායාමය ෴ ( පළමු කොටස) සොඳුරු සිත ( Beautiful Mind ) නිශායාමය ( 1 - කොටස )රැය මැදියමට ආසන්න වූවද ඇගේ නෙත් නොපිය වෙයි.ඇය දෙතුන් වතාවකටත් වඩා වාරයක් කාමරයේ දොර වසා ඇත්දැයි සැක හැර දැන ගත්ත ද, නැවතත් ඇඳෙන් බැස දොර වෙත පිය නඟන්නට ඇයට සිතුනේ දොරේ අගුල පවා ඇයට එරෙහිව ක්‍රියා කරන වාතාවරණයක් ඇය වටා නිර්මාණය වී ඇති නිසාය. ඇය තම උණුසුමට තුරුළු වී නිදන පුතුට නොඇහැරෙන ලෙසින් සෙමින් යහනෙන් ...
තත්ත්වය මොකක් ද? සොඳුරු සිත ( Beautiful Mind ) තත්ත්වය මොකක් ද ?අන්තර්ජාලය භාවිතා කරන ගොඩාක් අය නිරන්තරයෙන්ම යනෙන තැනක් තමයි “වත් පොත“ නොහොත් “ෆේස් බුක් “ . ඔන්න මේ දවස් වල ඒ පැත්තෙ ගියොත් ඔයාලට දකින්න පුළුවන් “වත් පොත “ සිංහල වලට පෙරලෙනවා. ඒ සඳහා අපූරු කොල්ලො කෙල්ලො සෙට් එකක් මොකක් දෝ මන්දා කරනවා. මේ තියෙන්නේ අන්න ඒ ගෘප් එක.එතන දි මට තේරෙන විදිහට කරන්නේ “වත්පොතේ “ භාවිතා ...
දේශපාලනය නොවේ............ සොඳුරු සිත ( Beautiful Mind ) දේශපාලනය නොවේ............බඩු මිල වැඩි යැයි නිතර මැසිවිලි කියන, බස් ගාස්තු කිරිපිටි මිල ගැන දෙස් දෙවොල් තබන, ජිනීවා ගැටළුව පිළිබඳව විදුලි පුටුවට යවන්නට හරබර කතා කියන සියල්ලෝම දාඩි මුගුරු වක්කරමින් පාර දෙපස ය. දරුවන් එකා දෙන්නා ක්ලාන්තවී වැටෙයි. නමුත් වතුර බෝතලයක් එක හුස්මට බොන ඔවුන් කලින් සිටි තැන සොයා දිව එයි. අතේ පුංචි ජාතික කොඩිය සිය වරක් පමණ සොලවා බලා ...
( මළ )ඡන්දදායකුගේ සිතුවිලි -------------------------- සොඳුරු සිත ( Beautiful Mind ) (මළ) ඡන්දදායකුගේ සිතුවිලි--------------------------පින්තූරය - ශෙහාන් ගුණසේකර පිහිපාරවල් වගේ ,අපිට අපි ගැනම දුක හිතෙන පින්තූර බලන්න ඕනි ද ? මෙන්න පාර “අපි ගැන හිතන අය““ඔබගේ සඳයි මේ මම““මනුසත්කමේ උරුමය““ගුරු පඬුරු පුද දෙන්න කාලය““රටට කෙරුවට යුද්ධය“බිත්ති වල එල්ලෙනසැණෙන් දවසින් ගැලවෙනලස්සන වදන් වලසැඟවී විදියි ඊතලමෙන්න මගෙ අංකයඔබෙ යුතුකම “මනාපය“දෙන්න මට එය හෙටමම කරනවා ඔබට හොඳටමරට රැකපු විරුවන්සොදුරු ගුරුවරයන්දැන උගත් මිතුරන්මඬේ ලඟිමින් කරයි සරදම්උතුරටත් ...
හිස් සොඳුරු සිත ( Beautiful Mind ) හිස් හැමදාම නිකම් දුක් විඳින්නෙ මොකටද කියලා ,මාත් දුක දෙන දේවල් වලින් අයින් වුනා.අයිති කියන්න බැරි දේවල් අයින් කරා. අයිති නැති වුනත් හිතින් අයිති කරන් ඉන්න දේවල් අතාරින්න මුලදි බොහොම අමාරුයි.ඒත් අතාරින්න බැරිත් නැහැ. කරන්න තියෙන එකම දේ අතාරින්න ඕනි දේවල් වල නරක පැත්ත දිහා විතරක් බලනෙක විතරයි.හොඳයි ,ඔන්න කොහොම හරි ඒ දේවල් අතෑරිය කියමු. මුලදි ගොඩාක් දුකයි . . ...
෴ ආදර හසුන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ආදර හසුන ෴අඳුරු කාමරයට , විවෘත කර ඇති කුඩා ජනේලයෙන් ලැබෙන ආලෝකය මදි නිසා දෝ දහවල් කාලයේ දී වුව ද කහ පැහැති දුරුවල ආලෝකයක් විහිදෙන කුඩා විදුලි බල්බයක් දල්වා ඇත. කිසිදු පිළිවළක් නොමැති කාමරය පුරා ඇත්තේ අපිළිවලට ගොඩ ගසා ඇති නොයෙක් ආකාරයේ ආම්පන්න සහ උපකරණයි. දිරාගිය රාක්ක වල ගොඩ ගසා ඇති නොයෙක් ප්‍රමාණයේ පොත් දුහිවිලි බැදී දුර්වරණ වී ඇත්තේ ...
මගේ තරුවට සොඳුරු සිත ( Beautiful Mind ) මගේ තරුවට තරු වලට පුන් සඳටසම කරන් නුඹකවි ලිවුවා හැම රෑමතනි නොවී මංතරු උනත් හඳ උනත්මෙය දන්නෙ නෑනුඹෙ ආදරේ තවත්උහුලන්න බෑ
සමණල සිහිනය A Story of a Little Butterfly සොඳුරු සිත ( Beautiful Mind ) සමණල සිහිනය A Story of a Little Butterfly ඇය හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක් වගේ. ඒ තොල් පෙති ඒ තරම් රෝස පාට වුනේ කොහොම ද කියලා හිතා ගන්නවත් බැරි වුනා.ඇය මා ඉදිරියේ හිටගෙන හිටියෙ හරි සීරුවට. තෙල් ගාලා ගොතපු කොණ්ඩ කැරලි දෙක දික් වුනේ යන්තම් උරහිස ගාවට විතරයි. “ ළඟ දි ද කොණ්ඩෙ වැව් වේ ? “ඇගෙ දිලිසෙන ඇස් දිහා බලාන ...