රෙකෝඩින් කොහා සොඳුරු සිත ( Beautiful Mind ) රෙකෝඩින් කොහාරෙකෝඩින් කොහා කුඩුවෙන් එළියට ආවේ ඇගටම ඇලිල තැලිල තිබ්බ තටු දිගාරින ගමන්. අතාරල දාලා තිබ්බ කපුටු කූඩුුවෙන් ආපු කපුටු ගදින් වායු ගෝලය පිරිලා ගියා. කුඩුව යාන්තමින් රැදිල තිබ්බ අත්ත කෙළවරටම ආපු රෙකෝඩින් කොහා යාන්තමට උගුර පාදල කෑගහන්න වගේ හදල ආයෙමත් හොට පියා ගත්තේ මහා කම්මැලිකමින් වගේ.ඒ කම්මැලිකමින්ම මා දිහාවට හැරුණු රෙකෝඩින් කොහා මා දිහා බැලුවේ " මේ මොන කරදරකාරියෙක් ...
නමක් නැති කතාව සොඳුරු සිත ( Beautiful Mind ) ආරම්භයේ දීම නමක් නොතබා ලියන්නට පටන් ගැනීම මගේ පුරුද්දකි. ලියා අවසන් වන විට බොහෝ විට එයට නමක් ඉඹේම ගොඩනැගී අවසන් වේ. නමුත් , අද මා විසින් ලියැවෙන දේට නමක් තිබිම ඔබට භාර කරමි. මීට වසර කිහිපයක් ඈතට යන්නේ නම්,ඉලෙක්ට්‍රොනික තැපෑලට දිනපතාම පාහේ ඔහුගෙන් ලැබෙන ලිපිය සෑම උදෑසනකම සිත මිහිරෙන් පුරවා ලන්නට වූයෙන් එයින් ඵල ලැබුවේ මාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. අහම්ඹයකින් හෝ ...
෴ කාලච්ඡේදය ගැන ඡේදයක් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කාලච්ඡේදය ගැන ඡේදයක්--------------කාලච්ජේදය අවසන් වන සීනුව නාද කළ පසුවත් එය නෑසුනා සේ දිගටම පාඩම කරගෙන යන ගුරුවරුන් ගැන සිසුන් තුළ ඇත්තේ අසතුටක් බැව් මා දන්නා කරුණකි. පාඩම කොතරම් මිහිරි වුවත් අමිහිරි වුවත් ඔවුනට ඇවැසි වන්නේ සීනුව නාද වූ වහාම පාඩම ද නතර වීමයි. එයට හේතු භුත සපයන ඇතැම් වෙළද දැන්වීම් වල දැක්වෙන පරිදි ගුරුවරයා පන්තියේ සිටිය ද සීනුව නාද වූ ...
දොරට වැඩුම සොඳුරු සිත ( Beautiful Mind ) ෴ දොරට වැඩුම ෴අද ශ්‍රී ලංකාවට විතරක් නෙමේ මම මේ කියන්න යන අයටත් හොඳ දවසක්. හේතුව තමයි , මෙච්චර කල් කූඩුවට වෙලා හිටි දෙන්නෙක් අද තමා ඉස් ඉස්සෙල්ලම ලෝකය දකින්න යන්නේ. තමන්ට තටු දෙකක් තියෙන බවත් , ඒවා පාවිච්චි කරලා පියාඹන්න පුළුවන් බවත් එයාල දැන ගන්නේ අද. ඒත් ....අවාසනාවක මහත, මේ දෙන්නගෙන් එක්කෙනෙක් වස කම්මැලියෙක්. කට ඇර ඇර කන්න ඉල්ලනව ...
රන් මාරි රන්......... සොඳුරු සිත ( Beautiful Mind ) රන් මාරි රන්.........වතු ආශ්රිත දෙමළ ජනතාවගේ දරුවන් කිහිප දෙනෙක් අපේ පාසලට පැමිණෙනවා. එයාල ඉගෙන ගන්නෙ "සිංහල" මාධ්‍යයෙන්. බොහෝ දුරට අඛණ්ඩ පැමිණිමක් නොදක්වන , ඉගෙනීමට එතරම් හපන්කමක් නොදක්වන ඒ ළමයි "පාසල් ක්‍රීඩා උත්සව " කාලෙට නම් දිනපතා පාසල් පැමිණෙනවා.ඒ වගේම තමා මේ කාලෙට ඔවුන් ගැන ගුරුවරුන් දක්වන උනන්දුවත් වැඩි වෙනවා. එහෙම එක් චරිතයක් තමා "මාරිඅම්මා ". මම ලියන දේ කියවපු අයට ...
ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දා සොඳුරු සිත ( Beautiful Mind ) ඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දාෆෙස් බුක් එකේ , චැට් තීරුවෙ නුඹව පෙනීනැවතී බලනවා මොහොතක් කොහොම හරීකතා නැතිව සිටියත් ගොළු වෙලා අපීදාහක් දේ තිබේ කීමට බැරිව වැසී චැට් බොක්ස් එකට දාහක් ඇස් ඇති හින්දාචැට්බොක්ස් කවද හරි හැක් වී යන හින්දාකවදාවත්ම නුඹ මුණ නොගැහෙන හින්දාඉන්විසිබල් හොඳයි විසිබල් දුක හින්දාචැට් බොක්ස් කුමට සිතුසේ චැට් කරනු බැරීස්කයිප් මොටද සිතු සේ දැක ගන්න බැරීෆේස් බුක් ...
ඇළේ පැන්න ළමයි............ සොඳුරු සිත ( Beautiful Mind ) ඇළේ පැන්න ළමයි" ටීචර් , පියුමාල් ඇළේ බැහැලා "සතියකට දෙතුන් දවසක් අසන්නට වෙන පැමිණිල්ල සුපුරුදු පරිදි අසන්නට ලැබුනේ පාසල් විවේක වේලාවේ දිය. කමින් සිටි බත් පතද පසෙකලා කෝපයෙන් නැගී සිටි ගුරුතුමිය පසුපසින් වැටුනු පණිවිඩය ගෙනා ළමයින් ද සිනාසෙමින් යුහුසුළුව යන්නට වූයේ " අද ඕකට දෙන්නම් වැඩේ " යැයි සිතමිනි.ප්‍රාථමික පාසලේ පිට්ටනිය ඇත්තේ පාසලේ පහත්ම බිම් තීරුවේය. එය එක් පසකින් දෙකේ ...
කම්මැලි මිනිස්සු සොඳුරු සිත ( Beautiful Mind ) කම්මැලි මිනිස්සුනමය ශ්‍රේණිය යනු පිරිමි ළමෝ, ළමා කාලයෙන් යොවින් වියේ එළිපත්තට පයින්න බලා ඉන්නා කාලයකි. පාසල් දිවියේ නිල් පාට කලිසම අදිනා අන්තිම පන්තිය ද නමයයි. දගකාරකම් වල කෙළවරක් නැති ,විනාඩියක් එක විදිහට ඉන්නට බැරි කාලයකි.එහෙව් පන්තියේ කොල්ලෙක් උඩකින් වැටී වමත බිදී ගියේ පාසල් වේලාවේය. තත්වය දරුණු බැවින් වහාම ළමයා රෝහල් ගත කළ අතර , මේ පණිවිඩය දරුවාගේ නිවසට දැන්වීම සිදු ...
= කිති මහත්තයා සහ කුණුහරුප = සොඳුරු සිත ( Beautiful Mind ) = කිති මහත්තයා සහ කුණුහරුප =අපේ ගමේ ඉන්නවා මැදිවිය පහු කරපු තලතුනා මනුස්සයෙක්. කොයි තරම් තලතුනා උනත් එයාගේ කිතිය නම් තාමත් ළාබාලයි. කොයි තරම් බාලද කියනව නම් කෙනෙක් එයාට ලං වෙලා අත තියන්න හැදුවත් එයාට කිති. ඉතින් ගමේ ඉන්න තක්කඩි කොල්ලෝ මේ මනුස්සය ලගට කිට්ටු වෙලා අරහෙන් මෙහෙන් අතදානව . ඔන්න ඉතින් ඒ වෙලාවට කිතිය කොච්චර වැඩි වෙනව ද කියනව ...
- පිටවෙන දොරටුව - සොඳුරු සිත ( Beautiful Mind ) පිටවෙන දොරටුවකියපු වෙලාවට කලින් කියපු තැනට යනේක හැමදාමත් මගේ සිරිතක් වෙලා තිබ්බා. ඒත් අද මාව පරද්ද කියපු වෙලාවටත් කලින් කියපු තැනට එයා ඇවිත් හිටියා.තනියම වෙච්චි පළවෙනි හමුව නිසා මගෙ හිතේ තිබ්බේ චකිතයක්. මිනිස්සු ගොඩාක් එක එක දිශාවලට හැල්මේ යද්දි එයාල හැමෝම මා දිහාම බලාන යනව වගේ මට දැනුනා.“ ඉතින් . . . . .““ ඉතින්...........““ කතා කරන්න . . . ...
෴ ගුරු පඬුර ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගුරු පඬුරු ෴පුංචි දිනූෂ පොහොර උරයක් තරම් ලොකු තම පාසල් පොත් මල්ලට අත යවා ඔහුගේ සිහින් ඇගිලි තුඩු එහා මෙහා යවමින් ඒ සුන්දර වස්තුව එහි ඇති බව අවසන් වරටත් ,නැවතත් සැක හැර දැන ගත්තේ, වෙනදාටත් වඩා උදයෙන් පාසල බලා පිටත් වූවේ ය.උදෑසන පාසල් පැමිණී වේලාවේ සිට ම ඔහුගේ විමසිලි පුංචි ඇස් ගුරුවරියන් අතරේ සැරි සැරූ ව ද, මිනිත්තුවෙන් මිනිත්තුව ...
ගඳ කෙල්ල/ smelly girl සොඳුරු සිත ( Beautiful Mind ) ගඳ කෙල්ල . . . . smelly girl“ යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් ...
දාඩිය කෙල්ල සොඳුරු සිත ( Beautiful Mind ) දාඩිය කෙල්ල . . . . “ යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් පාරන ...
෴ හීන හොරා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හීන හොරා ස්කෝල කාලේ වගේම තාමත් ස්කෝල යන නිසා ඒ පැය හයේ මහන්සියත් ගමනට යන පැය දෙකාමාරක තුනක මහන්සියත් එකතු වුනාම දෙයියනේ කියල ඇඳට වැටුන ගමන් නින්ද යන මට ,ඇහැපිය වෙච්චි ගමන් හීන පේන්න ගන්නවා. ඊයෙත් ඒ වගේ එක පෙළට පෙනුන එකිනෙකට සම්බන්ධ නැති නමුත් අසම්බන්ධිතත් නැති හීන අතරේ කවුදෝ කෙනෛක් එහාට මෙහාට ඇවිද්දා. සමහර වෙලාවට හීනෙ ඉස්සරහටම ඇවිත් අත් ...
මතක වස්ත්‍ර සොඳුරු සිත ( Beautiful Mind ) ෴ මතක වස්ත්‍ර ෴සුදු නූලෙන් හීනියට වැඩ දැමූ සුදු කපු සාරිය , සුළං පෙත්තේ වේගය ඉවසා ගත නොහැකිව එහා මෙහා යාමට සැරසෙනු දකිනා අම්මා , නැවතත් සාරියේ පටවල් නිසි පරිදි සකසා හොඳින් මා දෙස බලා දීර්ඝ සුසුමක් පිට කරයි. ඒ සුසුම පෙර සුළං පෙත්තේ වේගයටත් වඩා වැඩි යයි සිතේ.චාම් සුදු සාරිය මිසක අත් මේස් ,වේල් , මල් කළඹවල් නොමැතිව ...
“ රා බොමු “ සොඳුරු සිත ( Beautiful Mind ) “ රා බොමු “පැසවා ලබා ගන්නේ කරිඤ්ඤං වන අතර හුමාල ආසවනයෙන් හැලි අරක්කු නිපදවයි. දෙවියන්ට ගහන වර්ගය “ පොල් “ වන අතර බල්ලන්ට ගහන්නේ “ගල්“ය. “මෙන්ඩිස්“ යනු මධ්‍යමා ප්‍රාන්තිකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ අයෙකි. මල් තලා ගන්නා තෙලිජ්ජ පැණි රසින් වැඩි ඉමිහිරි පානයකි. තෙලිජ්ජ මුට්ටි කිහිපයක් වැඩි වේලාවක් ඝන වන තෙක් ලිපේ හැඳිගාමින් පැණි සාදා ගත හැකි සේම , ...
මා හට මිස සොඳුරු සිත ( Beautiful Mind ) මා හට මිසසඳ නැති පාළුව අහසට මිස දැනෙයි ද මහ පොළවටනුඹ නැති පාළුව මාහටමිස නොදැනෙයි වෙන කාහටආදරයක් ඇති වුනි නම්නුඹටයි නුඹෙ ඔය හිතටයිමේ ලොව තනියෙන් හිටියත්නුඹෙ රුව-ගුණ මා අසලයිඉර එනමෙන් හෙට උදයේනුඹ එනවා නම් සොඳුරේමේ ලොව නෙක මල් අතරේමගේ හිතත් පිපෙනු ඇතේනුඹ එනකම් බලා ඉන්නමම෴ වත් ෴ ...
කසිප්පු චන්දරේ සොඳුරු සිත ( Beautiful Mind ) කසිප්පු චන්දරේ“ පන්සලේ ලොකු පූජාවක් වගේ, උදේ ඉදන්ම මහ සද්දේ ?““ ඔවු ලොකු බුදු පිළිමයයි , දොලොස් මහේ පහනයි පූජා කරනවලු නේ ““ කවුද බන් ඒ පින්වන්තයා ““ වෙන කවුද ඉතින් , චන්දරේ මුදලාලි තමා ““ මොනවා . . . . කසිප්පු චන්දරේ !?“ හැලි අරක්කු පෙරපු එකාට ගිය කලක් , අනේ සාධු , උඹලැයි තාත්තා වේලපහම පස්වලට යට වුනේ ...
විස්කි හොරා සොඳුරු සිත ( Beautiful Mind ) විස්කි හොරාචාරිකාවේ දෙවන දිනයේ ආරම්භයයි. උදෑසන ආහාරය උණු උණු වෙන්ම ගත් පිරිස රියදුරුගේ සහ නඩේ ගුරාගේ රැවිලි ගෙරවිලි මැද ලහි ලහියේම බසයට ගොඩ වී හරි බරි ගැහී ගත වී ඇත්තේ තවමත් පැය දෙකකටත් අඩු කාලයකි.බැරි බැරි ගානේ පටන් ගත් සින්දු කීම උපරිම අවස්ථාවකට පත්වීමට ආසන්නව තිබුනු හෙයින් සියල්ලෝම තාලයට ලග තිබු අතට අසුවූ ඕනෑම දෙකට තට්ටු දැමීමට පටන් ගෙන තිබුණි. ...
පිස්සු හැදෙන සඳ සොඳුරු සිත ( Beautiful Mind ) ගොඩාක් ඈත කාලේ ඉදල මිනිස්සු හඳට ආදරය කරන්න අරන් තියෙනවා. සමහර දින වලට වටකුරුවට පිරිලා මුලු රෑම එළිය කරන හඳ , ටිකින් ටික ටිකින් ටික අදුරින් වැහිලා සමහර දවසකට මහ මූසල පාලුවක් අරන් එනවා.කාලයත් එක්ක අත්දැකීමෙන් මිනිස්සු මේ අපූරු වස්තුවේ ක්‍රියාකලාපය ගැන රටාවක් හොයා ගන්න ඇති. හරියටම දින 28කට වරක්. හඳ තියෙන්නේ අතපොවන්න බැරි මානෙක උනත් දින 28කට වරක් රටාවකට ...