- ඉබ්බා යි කොල්ලොයි - සොඳුරු සිත ( Beautiful Mind ) ඉබ්බා යි කොල්ලොයි කොක්කුම දෙන්නයි " මේ..න්න ඉබ්බෙක් අහසින් යනවෝ..."කොල්ලෙක් කෑගැහුවාඑය ඇසු අනිකුත් කොල්ලන් සේරමඅහස දිහා බැලුවාබැලුවාඅහස දිහා බැලුවාකොක්කුම දෙන්නෙක්හරහට ලීයක් , අල්ලාගෙන හිටියාඉබ්බෙක් ඒ මැද කට බලියාගෙනනොසැලීලා සිටියාසිටියානොසැලීලා සිටියාඉබ්බෝ කවදද අහසින් යන්නේකොල්ලන් කෑසුවාඉබ්බව බිම දා ගන්නට සිතු උන්ලී පොලු උඩ ඇරියාඇරියාලී පොලු උඩ ඇරියාඉබ්බාට කොල්ලන් කරනා පරිභවකොක්කුන් නෑ තැකුවේඑනමුදු ඉබ්බට එය උහුලාගෙනඉන්නට බැරි වූයේබැරි වූයේඉන්නට බැරි වූයේහොරිකඩ තක්කඩි චූ ...
හම්බවුනා සොඳුරු සිත ( Beautiful Mind ) -හම්බවුනා - මහ දවාලේ ඉර කපාන අහස පුරා හොයලා... රෑ උනාම තරු අස්සේ හඳ පස්සෙත් හොයලා පොළව පුරා වැලි කැටයක් ගානේමත් හොයලා අන්තිමටම හම්බ වුනේ සිත අස්සෙම ඉදලාඑයා හොයා ගත්තුමම -වත්සලා- ...
කාර්ය බහුල පිරිමි - ආදරය කිරීමට නොදනී. සොඳුරු සිත ( Beautiful Mind ) කාර්ය බහුල පිරිමි - ආදරය කිරීමට නොදනී. ============================මම ඉතාම කාර්ය බහුල මෙන්ම රැයක් දවාලක් හරියටම නැති පියකුගේ දියණියකව සිට ඇත්තෙමි. පාසලට වැදගත් යමක් අවශ්‍ය වු විට එය අම්මාට කියා ඇයට අමතක වේ යැයි බියෙන් තඩි අකුරින් කොළයක ද ලියා ඔහුට පෙනෙන්නට තබමි. අම්මාත් සමඟින් නිදි කිරමින් ඔහු එන මඟ බලමින් සිටිමි.නින්ද ගොස් සිටින මා ඔසවා ගොස් ඇදේ හොවා යන ඔහු ...
හෙට සොඳුරු සිත ( Beautiful Mind ) හෙට තුරුළු වෙන කොට සලිත වෙන ගත දෙතොල් මදහස උරන විට සිත සිතා ගන්නට නොහැකි ලෙස - මත් වෙලා තුරුළුව ඉන්නමයි හිත වෙලා වෙන්වී ලඟින් ඈතට ගියපු දිනයේ සිටම මා සිත පෙළයි ඉල්ලා නැවත හමුවන මොහොත එය ජීවිතය ඉල්ලන විඳවනා නෙතු කඳුළ පිසලන සිනාවෙන් ජීවිතය පුබුදන කලක් එයි මල් පලින් බර වෙන නුඹයි එය දෝතින් ගෙනත් දෙන -වත්සලා- ...
ආදර උයන - The Orchard Of Love සොඳුරු සිත ( Beautiful Mind ) ආදර උයනThe Orchard Of Love " අපි යමු විහාරමහ දේවි පාර්ක් එකට "නිදහස් චතුරස්රයේ එල්ලිච්චි ඇස් අයින් කර ගන්න කලින් එයා කීවා. මෙච්චර වෙලා බෙල්ල ගැලවෙනකම් දේවල් බලලත් , තව දේවල් ගොඩක් බලන්න මට ඉතිරි වෙලා තිබ්බත් පැන්න ගමන් මාත් හා කීවා.ඊට පස්සේ කෙටි පාරවල් , දිග පාරවල් දිගේ පාර දිගටම අපි ඇවිදන් ගියා . . . . . කොළඹ ...
මම මාතර කෙල්ලෙක්මි සොඳුරු සිත ( Beautiful Mind ) මම මාතර කෙල්ලෙක්මිමාතර ගැහැණුන් කටට රසට සැරට ඉවීමෙහි රුසියන් බවත් , ආදරය කිරීමේ දී ද ආදරය පිදීමට මාතර ගැහැණු තරම් ත්‍යාගශීලී ගැහැණූන් නොමැති බවත් කොහේ හෝ තිබී කියෙව්වා මතකයෙහි ඇත. එවිට මාගේ පදිංචිය මාතර නොවූ නිසා ද උපන් ගමට යළිදු ඒ යැයි නොසිතූ නිසා ද ඒ කියවූ දේ පිළිබඳව වැඩි දුරට නොසිතූ නමුත් , මතකේ නම් අතටද ඉතිරිවී පවතී. නොසිතූ ...
මා නුදු ටු ඔහු සොඳුරු සිත ( Beautiful Mind ) මා නුදු ටු ඔහුඅධ්යන නිවාඩු අනුමුත කර ගන්නෙක පාඩම් කරනවටත් වඩා අමාරුයි. ලිය කියවිලි වැඩ රාශියයි. කාල සටහන්, තෝරා ගැනීමේ ලිපි, වැඩ පැවරීමේ ලිපි , පැවරුම් , නිවාඩු චිට්..මෙකී නොකී ලියකිවිලි එකක් නෙමේ පිටපත් තුන බැගින් ඕනි වෙනවා. ඒ මදිවට මේ හැමේකම විදුහල්පති අත්සන සහ නිල මුද්‍රාව ඕනි වෙනවා.කොහෙම හරි අද දවස ඇතුලත සූදානම් කර ගත්ත ලිය කියවිලි ටික අත්සන් ...
- අමතන්න - සොඳුරු සිත ( Beautiful Mind ) අමතන්නඅමතන්න - කට හඩ ඇසීමේ ආසාවෙන් පෙළෙන්නෙමි.............. අමතන්න - සියලු දේ අමතක කර සැනසීමෙන් රැදෙන්නෙමී අමතන්න - රුව සිතට නඟා ගැනීමේ වෑයමින් මිදෙන්නෙමි අමතන්න - හුස්ම ගැනීමේ හඬ හදවතින් දරාගනිමින් සිටින්නෙමී අමතන්න - පාළුවෙන් සිටීමේ වේදනාවෙන් මිදෙන්නෙමි............එකමෙක කෝල් එකක් එනකම් බලන් සිටිනමම -සොඳුරු සිත - (වත්සලා) ...
෴ ඇය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ඇය෴ඇය අනෙකකු හා ඉතාම පහසුවෙන් මිත්‍ර වන බවත් , මිත්‍රකමට ඇය මුල පිරීමට දෙවරක් සිතා නොලබන බවත් කිහිප විටක් කිහිප දෙනෙක්ම ඇය හා පවසා ඇත්තේ ඉස්තුති පූර්වක හැඟීමෙනි. කතා බහ තරමක අඩු බවක් පෙනුනත් ඇය හඳුනන්නන් බහුල වේ. මේ බොහෝ දෙනා ඇයට අමතකව යන බව ඇතැම් විටක ඔවුන් නොදන්නවා විය හැකිය. බොහෝ දෙනෙකුට ඇය මිතුරියක වූවද ඒ බොහෝ දෙනා අතර ...
හැමදා නියං - එකදා වැහි වළාවේ සොඳුරු සිත ( Beautiful Mind ) හැමදා නියං - එකදා වැහි වළාවේඉර මාමා වැහි නැන්දිට බය වෙලා කොහේ දෝ හැංගිලා.ඉර මාමා විටින් විට එඹිලා බැලුවත් ටික වෙලාවකට විතරයි. ඉර මාමා ටිකක් හරි එඹෙනවා දැක්ක ගමන් වැහි නැන්ද පරල වෙනවා. ඔන්න ආයෙත් රට පුවක් ගෙඩි තරම් ලොකු වැහි බින්දු හල හල වැහි නැන්දා අඬනවා.... ඇඩිල්ල ඉවර වෙන්නේ ...චුරු චුරු ගාන වැහි නැන්දගෙ කියවිල්ලෙන්.... චුරු චුුරුව ඉවර වෙලා ...
පූසා බැදිල්ල සොඳුරු සිත ( Beautiful Mind ) පූසා බැදිල්ල===============මහා අනුහස් දෙන , සිතූ පැතූ දේ ඉටු වෙන ප්‍රසිද්ධ කෝවිලක්. ඒ කෝවිලේ පූජාවට ඕනි වෙන්නේ පළතුරු සහ කැවිලි වට්ටියක් සහ කළුම කළු පූසෙක්. පූජාව හරිම අනුහස්...... ඒක එහෙම වෙන්න නම් පූජාව කරන්න ඕනි මෙන්න මෙහෙමයි.පලතුරු සහ රසම රස රසකැවිලිත් එක්ක පූජා වට්ටිය පූජා කරලා , පූජා වට්ටියට ගෑවෙන නොගෑවෙන දුරින් පූසාව බදිනවා. දුන් අල්ලල , කපුරු පත්තු කරලා ...
- බැල්ලි පැටව් - සොඳුරු සිත ( Beautiful Mind ) බැල්ලි පැටව්වල් බැල්ලියෙක් දාපු වල් බලු පැටව් පහක් වත්ත පහල දර ගෙදර ඉදන් ඉදුල් සුවඳට කුස්සියට ඇදෙනවා. පරට්ට වල් බැල්ලි කපටි එකී. බඩලොකු වෙලා ඉද්දි කණ් දෙක පාත් කරන් ඉතිරි ඉදුල් කන්න කුස්සිය පැත්තට එද්දිම " ඕකි ලගදිම පැටවු දානවා එලෝපල්ලා " කිය කිය අම්මත් පිගානේ ඉතිරි වෙන බත් ටික දෙන්න හෙවුවේ ම බඩෙන් හිටපු කික්කි...... වෙන සංහිදිය දැන ගෙන ...
.ඉතිරි බාගේ............... සොඳුරු සිත ( Beautiful Mind ) ඉතිරි බාගේ...............මේ ලෝකේ තවත් එක මනුස්ස ජීවියෙක් වුනු එයාට තිබ්බේ එකම අරමුණයි. ඒ තමා තමන්ටම හරියන තමන්ගේ ඉතිරි අර්ධය හොයා ගන්නෙක. ඒකට එයා දිවා රාත්‍රී වෙහෙසුනා. ලෝකේ හැමතැනම ඇවිද්දා. ගොඩාක් කරදර වින්දා, දුක් වින්දා.ඒත් එයා එයාගේ සෙවිල්ල නතර කලේ නැහැ. එයා කිසිම කෙනෙක් කියපු දෙයක් ඇහුවෙත් නැහැ. ගොඩාක් අය එයාව අතෑරල දැම්මා. ඒත් එයාගේ මේ අත් නොහැරිය සෙවිල්ලෙ දී එයා ...
෴ ඔෆිස් කතාවක් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ඔෆිස් කතාවක් ෴ සාමාන්‍යයෙන් රජයේ ආයතන වල දී යම් ගැටළුවක දී තීරණ ගන්නේ ඉහළ නිළධාරීන් , ලිපිකරුවන්ට තියෙන්නේ ඒ තීරණය අදාළ අයට ලිපි මගින් දැනුම් දීම. එතන දි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලිපිගොනු හරහා.... ලිපිකරුවා හෝ ලිපිකාරිණිය කරන්නේ තීරණය අවශ්‍ය වන අදාල ලිපිය ,ගොනුවේ අමුණලා . සිද්ධිය ගැන අතීත කතාව පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරලා , තමන්ගේ අදහසක් එහෙම තියනව ...
පන්තිභාර ගුරුතුමියකගේ සටහනක් සොඳුරු සිත ( Beautiful Mind ) පන්තිභාර ගුරුතුමියකගේ සටහනක්පන්තිභාර ගුරුතුමියක් වීම යනු පාසලක ගුරුවරියක්ට ලැබෙන විශාල වගකීමකි. පංතිභාරකම නිසා දවසේ උදෑසන පළමු කාලච්ඡේදය වෙන් වන්නේ පන්තිභාර ගුරුතුමියගේ විෂය සඳහායි. නමුත් පන්තිභාරගුරුතුමියක් විෂය නිර්දේශය අඩුවෙන්ම කවර් කරන්නේ තමා භාර පන්තියට බැව් පැවසුවොත් එය පුදුම වන්නට කාරණාවක් නොව. පන්තිභාර පන්තියට උදෑසනම ගිය විට ඇති රාජකාරි රැසකි. පන්තිය අතුගා ඇත්දැයි බැලිය යුතුය. නැතිනම් කට රිදෙන තෙක් ළමයින්ට බැනිය යුතුය. ...
සයිබර් කුමට රියැලිටියට එන්න බැරී සොඳුරු සිත ( Beautiful Mind ) සයිබර් කුමට රියැලිටියට එන්න බැරීහදිසයේම මොනා හරි දෙයක් ඕනි වෙලා හොයන කොට , හොයාන හොයාන හොයාන යද්දි හම්බෙන්නේ ඊට කලින් කවදහරි දවසක ඕනි වෙලා හොයපු, නමුත් හොයා ගන්න බැරි වුනු දෙයක්.ඉතින් එතනින් හොයා ගැනිල්ල නවතිනවා. අදත් එහෙම එකක් වුනා.හොයාන හොයාන හොයාන යද්දි හම්බවුනේ කලින් දවසක හොයල හොයල හොයල හොයා ගන්න බැරි වුනු දෙයක්....හෙහේ. ඉතින් මම අද හොයපු දේ හෙවිල්ල ...
නිහඩ වූ චමරිය 2 සොඳුරු සිත ( Beautiful Mind ) නිහඩ වූ චමරිය 2කලකට පසුව පැමිණි රජයේ නිවාඩු දිනයක් වූ එදිනසෙති මැදට වැටී තිබීම නිසා චමරියේ කොලු නඩය එය සැමරීම වස් සූදානම් වන බවක් පෙනී යන්නට විය. එවැනි දිනක ඔවුන් අවදි වන්නේ මහපාන්දර දහයත් පසු වීය . ඉන් පසු අවට නිවෙස් වල වහලවල් වලට බෝල පාස් කරමින් හයේ හතරේ පහරවල් වලට පොඩි දරුවන් මෙන් කෑගසමින් ක්‍රිකට් සෙල්ලම් කරයි.සවස තුන හතර ...
නිහඬ වූ චමරිය සොඳුරු සිත ( Beautiful Mind ) නිහඬ වූ චමරියඉද හිට වාහනයක් යන හඩත් , කුරුල්ලෙකු ගේ කිචිබිචියත් , නිකරුනේ බිය වැදුනු ලේනකුගේ අදෝනාවත් හැරුණු විට මුළු පරිසරයම නිහඩ නිස්කලංකයක ගිලී ගිය පරිසරයක මහා නිවසක ඇති කුඩා කාමරයක ඇරුණ ජනේලය ළගට වී පිටතට යොමු කර ගත් කණ් ඇතුව පූසියක මෙන් සිටින්නෙමි.අප නිවස අද්දරින් දිවෙන කුඩා පාරේ මීටර් තුනක් පමණ ගොස් වමට හැරී තවත් මීටර් තුනක් පමණ ගිය ...
පොසොන් සඳ එළිය යට සිට ලියමි........ සොඳුරු සිත ( Beautiful Mind ) අනේ බුදු හාමුදුරුවනේ,ප්‍රධාන පෝයක් කියන්නේ , තනිකරම ෆන් දවසක්.....දන්සල් දීලා , දන්සල් කාලා හවසට තමා උණුසුම් අවස්ථාව.දන්සලේ ඉතිරි සල්ලි වලින් (මේ ටික කලින්ම වෙන් කරලයි වැඩේ පටන් ගන්නේ ) කලින් දවසෙ ගෙනාපු බෝතල් ටික එළියට අරන් වැඩේ පටන් ගන්නවා. සින්දු කියලා කොඩි වනලා කෑගහා ඉවර වෙද්දි මහ රෑත් පහු වෙනවා.අපේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පන්සලක් අසළ.ඒ වගේම පොසොන් එකට වදින්න යන ...
රිදුම සොඳුරු සිත ( Beautiful Mind ) ස්ක්රීන්නෙක බොඳවෙලා බොඳවෙලා ගිහින් අන්තිමේ දී කම්මුල දිගේ රස්නෙට පහළට පහළටම ඇවිත් වැටුණා කීබෝඩ් එකට