ඇවගඩ්රෝ සහ සීනි බෝල සොඳුරු සිත ( Beautiful Mind ) ඇවගඩ්රෝ සහ සීනි බෝල--------------------------------------------පාඩම “මවුලය“ . පන්තිය- දහය. සමස්තයක් විදිහට ගත්තොත් ගණිතයට අපේ ඉස්කෝලෙ ළමයි දුර්වලයි. ඇත්තම කීවොත් හරියට ගණිතය උගන්වන්න බැරි ගුරුවරයෝ දුර්වලයි.ඒ අස්සෙ විද්‍යාවටත් ගණිතය නැතිවම බැහැ...“මවුලය“ කොච්චර කරත් හැමදාමත් ළමයිට ගණන් හදන්න බැරි වෙන පාඩමක්. මේ සැරේ නම් බැරිම එකාටත් තේරෙන්න පාඩම කියා දෙන්නවමයි කියලා හිතා ගත්තා. “දුසිමෙන්“ පටන් අරන් ටික ටික මවුලයට ආවා. ඇවගඩ්රෝ අංකයේ විශාලත්වය ...
සාක්ෂරතාව සොඳුරු සිත ( Beautiful Mind ) සාක්ෂරතාවපාසලේ අවසන් කාලච්ඡේදයයි. මා හට නියමිත කාලච්ඡේදයක් නොවූ හෙයින් එදින පාසල් නොපැමිණි ගුරුවරියකගේ කාලච්ඡේදවක් ආවරණය කිරීම සඳහා මට පැවරී තිබුණි. එවන් කාලච්ඡේද හඳුන්වනු ලබන්නේ “සහන කාලච්ඡේද“ යනුවෙනි. ඒ සඳහා මට ලැබී තිබුනේ හය වන ශ්‍රේණියේ පන්තියකි. හය පන්ති සඳහා යාමට පාසල දෙකට බෙදමින් දිවයන අලුතින් සෑදු කාපට් පාරේ කහ ඉරෙන් පැන එහා පසට යා යුතු විය. මා එහි යන විට ...
හොරු ඇවිත් සොඳුරු සිත ( Beautiful Mind ) හොරු ඇවිත්==================ඒ වන විට දහසය වන වියේ පසු වූ පිරිමි ළමයෙකු මුහුණ දුන් සැබෑ ත්‍රාසජනක සිද්ධියක් මුල් කර ගෙන ලියැවෙන්නකි.ඔන්න ඉතින් ටික ටික රෑ වුනා. ගෙදර එක එක්කෙනා හිමින් හිමින් තම තමන්ගේ කාමර වලට වුනා. නිවසේ ආලෝක බුබුලු එකින් එක නිවිලා ගිහින් සාලේ ආලෝකයත් නිවිලා ගියාම හිතට දැනුනෙ පුදුම සතුටක්.එදා දවසේ රෑ මගේ හිත වැඩ කරේ ලෝකේ ඉන්න ලොකුම හොරාගේ ...
තනි කවියක් සොඳුරු සිත ( Beautiful Mind ) තනි කවියක්හිමින් හඬන හිත හදන්න ““ උරහිස හිස සතපවන්න ““ බරින් පිරුණු මගේ හිසේ ““ ගැට පිරිච්චි කෙස් ලෙහන්න““ අඬන්නෙපා නොම කියන්න““ අඬන්න මට ඉඩ හරින්න““ කවුරු නැතත් මං ඉන්නවා ““ හීන් සැරෙන් මට කියන්න මමවත්සලා ...
වැස්ස සොඳුරු සිත ( Beautiful Mind ) වැස්සවහින්නට හැකි නම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින් කියලා නන්දා මාලනී ගායනා කරාට අපි කාටවත් ම බෑ අපි කැමති ගමක උඩින් වළාකුළක් වෙලා ගිහින් වැස්සක් වෙලා කඩන් වැටෙන්න................වැස්සක අගය දැනෙන්න තදින් පායන්නම ඕනි. අවුවක අගය දැනෙන්න තදින් වහින්නම ඕනි.කොහොම හරි මේ දවස් වල අපිට “වැස්සක අගය “ දැනිල තියෙද්දි පුංචි පහේ වැස්සක් වහිනවා. හැබැයි ඒක ගෑණු වැස්සක් , ...
ආදරය ද මේ................... සොඳුරු සිත ( Beautiful Mind ) ආදරය ද මේ . . . . . . දීර්ඝ කාලයකින් ඇමතුමක් නොලැබුනු නමුත් අංකය දුටු පමණින් මතකයට නැගෙන කෙනෙකුගෙන් ඇමතුමක් දුරකථනයේ සටහන් වෙයි......කොතරම් නම් ඇය ඒ අංකය සමඟින් තරහින් සිටියා දැයි ඇයට වැටෙහෙන්නේ අංකය අයත් පුද්ගලයාගේ නම ද ජංගම දුරකථන නාමාවලියෙන් ඉවත් කර තිබු නිසාය.ඇමතුම කිහිපවාරයක්ම ඇවිත් ගොසින් නැවතත් ඇමතුම ලැබෙන විට එය ලබා ගැනීමට සිත ලෝබ වන්නට වුවත් ...
පත්තරේ සොඳුරු සිත ( Beautiful Mind ) පත්තරේපත්තරය පුංචි කාලේ ඉදන්ම අපේ ගෙදරට ආගන්තුක දෙයක් නොවුනේ දන්න කියන කාලේ ඉදන්ම දිනපතා පත්තරය අපේ ගෙදර අනිවාර්ය අංගයක් වුන නිසා. පත්තරය කියෙව්වා හෝ නොකියෙව්වා පත්තරය බැරි වෙලාවත් ගන්න බැරි දවසක් උනොත් එදාට නිකම් කෑවේ නැති ගාණ තමා.දිනපතා ගන්න පත්තරයට අමතරව ගෙදර ළමයි වෙච්චි අපිටත් වෙන්වුනු සතියේ පත්තරයක් බැගින් තිබ්බා. මුලදිම සුරතලා පත්තරයෙන් පටන් ගත්ත මට මගේ බාල සාහෝදරියට සුරතලා ...
හින්නි නෝනා සොඳුරු සිත ( Beautiful Mind ) හින්නි නෝනාඔහෙල දන්නවැයි මගේ ගම මාතර දිස්ත්‍රික්කයේ අග්ගිස්සක තියන ගමක්. ගම කියන්නේ ඉපදුනු වෙලාවේ හිටපු ගම ද නැතිනම් දෙමාපියන්ගෙ උරුමෙන් ලැබුන ගමද නැතිනම් තමා කුඩා කාලයේ දී ජීවත් වූ ගමද කියලා මට හරියටම හිතා ගන්න බැරිවා වගේම ඒ හැමදේම හිතා බැලුහම මගේ ගම මොකක් දකියල කියනෙකත් හරිම සංකීර්ණයි.“ මම දිස්තිරික්කේ අග්ගිස්සක තියෙන ගමක ඉස්කෝලෙක ඉන්න හින්නික් විතර දරුවොන්ට උගන්වන ගුරුතුමියක් ...
බලු කතා සොඳුරු සිත ( Beautiful Mind ) වයස මාස පහක් වූවත් දැන් එයා හරිම හැඩය. ඇබින්දන් ව තිබු වලිගය දැන් බිම ගෑවෙන තරමට දිගුය. ලොම් පිරිලාය. පිටස්තරයෙකු අභිමුවේ දී වුවත් ලෝබ නැතිව “මේකා අපේ “ යැයි කටක් ඇර ආඩම්බරයෙන් කීමට දැන් මට හැකිය.නමුත් අද දින සවස් යාමයේ සිදු වූ දෙයක් නිසා ඉමහත් කම්පනයටත් පසුතැවීමටත් පත් වී සිටිමි. සුපුරුදු පරිදි ඒකාව දන් වැලෙන් ලිහා නිදහසේ දුව පැන ඇවිදීමට ...
සුන්දර දෙඩවිල්ල සොඳුරු සිත ( Beautiful Mind ) දෙඩවිල්ලටීචර් රස්සාවට එන්න කලින් මම රජයේ කාර්යාලයක ලිපිකාරිණියක්.ගුරු විභාගේ පාස් වෙලා ගුරු පත්වීමක් හම්බෙලා , වැඩ කරපු කාර්යාලයේ සඟයන්ට සමුදෙද්දි ඒ අය ගොඩක් දෙනා මට කීවේ “ අනේ මන්දා ඔයා ළමයිට කටක් ඇරල උගන්වයිද දන්නෑ “ කියලයි. මොකද කියනවා නම් ඒ වෙද්දි ඒ කාර්යාලයේ දවසට අඩුවෙන්ම වචන කතා කරපු ගැහැණු කෙනා මම යි.ගැහැණුන්ටම උරුම වෙච්චි , ගැහැණූ ගතියක් වෙච්චි ඔහේ ...
බලාපොරොත්තුව ---------------------- සොඳුරු සිත ( Beautiful Mind ) බලාපොරොත්තුව----------------------තණ කොළ බිස්ස වේලීලා බලන්නට දුකය. තණ කොළ ගොඩේ දගලන බල්ලාට ද තණ කොළ අග්ගිසි නැති පාළුව දැනී ඇත. ගහ කොළ මැල වී නොසෙල්වී සිටින්නේ සෙළවීමකටවත් ඇවැසි ශක්තිය නොමැති ලෙසිනි. කහ පාට ලීටරේ ,හිස් අයිස් ක්‍රීම් පෙට්ටිය පුරවා ඇති වතුරේ, ගිලෙමින් ,පියාපත් තෙමමින් සිටි කොණ්ඩ කුරුල්ලාව ගේ කුරුළු දෙමාල්ලන් විසින් පලවා හැරියේ මේ දැන්ය. වෙනදාට නම් ලීටරයේ ප්ලාස්ටික් වතුර පෙට්ටිය ...
චිප් බල්ලා සොඳුරු සිත ( Beautiful Mind ) බල්ලා ලෙඩ වෙලාය...........අද උදෑසන මොකක් දෝ අඩුවකින් පිරී තිබුණි. උදෑසන අවදි වී කබ කඩ කඩා ඇඟමැලි හරිමින් යද්දී මුළු තැන් ගෙට පිවිසෙන ස්ථානයේ දී ලැබෙන උණුසුම් පිළිගැනීම අද නැත. උදෑසන තේ කෝප්පය සාදා ගැනීමට කේතලය ලිපෙන් බානතෙක් බලා සිට ආරම්භ වී , සුදු කිරි පිඟාන ළඟට ලැබෙන තෙක් නොනවතින ආයාචනාත්මක හුරතලය ද අද නැත. ඒ මතු නොව කරකවා පොල් ගාන්න ...
හිතවත් ලියෝ, සොඳුරු සිත ( Beautiful Mind ) හිතවත් ලියෝ, හිතවත් කියල ලියන්න හිතුනෙ ඔයා රඟපාන චිත්‍රපටිත් එක්ක බැදුනු හිතවත්කම නිසාමයි.ඔයා කොච්චර දුර හිටියත්, ඔයා මාව දැකල නැතත් , අපි එක රටක නොවුනත් ඒ හිතවත්කම ඔයාට නැති කරන්න බෑ...... ඉතින් ලියෝ ඔයාව මම ඉස්සරෝම දැක්කේ ලස්සන රොමැන්ටික් චිත්‍රපටියකින්...ඒ තමා "ටයිටැනික්".අපි ඒ කාලේ ඒ චිත්රපිටියට පිස්සු වැටිලා හිටියේ.මම ඇතුළු අපේ පන්තියේ කෙල්ලො ඔයාගේ පෙම්වතිය වුනු රෝස් වගේ ඉන උඩට ...
පීසා පුටු සොඳුරු සිත ( Beautiful Mind ) පීසා පුටු -----------------එච්චර ලොකු පීසා එකක් මම දැක්කෙ පලවෙනි වතාවට." ඉතින්... මෙන්න ඔයාට මගේ ගානේ......" එයා පීසා එක මගේ දිහාට තල්ලු කරමින් කීවා.මම කවදාවත් පීසා කාලා නැති විත්තිය එයාට මතක තිබ්බ එක ගැන මගෙ හිත සතුටින් පිරිලා තිබ්බේ. ඒ සතුට සමරමින් තිබ්බ මගේ හිතේනිහඩතාවයේ සද්දෙ ටික ටික වැඩි වෙද්දි වාඩි වෙලා හිටිපු මගේ ලගට ආපු එයා මගේ ලගින් හිට ගත්තා. ...
ආදරය සොඳුරු සිත ( Beautiful Mind ) ආදරය--------සාමාන්‍යයෙන් අපි ආදරය කරන්නේ පුද්ගලයෙකුගේ මෙන්න මේදේට කියල හරියටම කියන්න පුළුවන් ද? මන් දන්නෑ ඒක හරියටම.............ඒත් මං හිතනවා , මට කවුරු හරි ආදරේ නම් එයා මට ආදරය වෙන්න ඕනි මගේ විදිහට කියලා. මෙතනදි මගේ "විදිහ "කීවම රූපය විතරක් නෙමේ. කතා කරන විදිහ, ඇවිදින විදිහ, අදින පලදින විදිහ, මම යාළුවො ආස්‍රය කරන විදිහ, මගේ රස්සාව, මගේ ආකල්ප කියන හැමදේටම හරි මෙයින් ...
෴ ගමන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) - ගමන -ඒ කතාව වැඩිය දිග කතාවක් නෙමේ හැබැයි හිතේ දිග කාලයක් ..ඒ කියන්නේ අදටත් හෙටත් මිහිරියාවකින් රැදිල තියෙන කතාවක්. එයා දිගටම කතාව කියන්න ගත්තා. මං කරේ අහන් ඉන්නෙක විතරයි. මෙතන ඉදන් දිගටම කතාව කියන්නේ එයා .------------------------------------------------------------------නොයෙකුත් ගැටළු නිසා මට ඒ ඉස්කෝලෙන් යන්න වැඩකටයුතු සිද්ධ වෙලා තිබ්බේ. එයා ඒ ගැන හරියට කණගාටු වුනා. එයා මගෙ හිත හදන්න නොයෙකුත් විට දි ...
ඉස්කෝලෙ දවසක් සොඳුරු සිත ( Beautiful Mind ) ඉස්කෝලෙ දවසක්උදේ පළවෙනි කාලච්ඡේදයේ සහ දවසේ අවසන් කාලච්චේදයේ දී අත් දෙකත් පස්සට කරන් බොරුවට අඩිය බර කරන් , පාසලේ පන්ති කාමර තියන ශාලා අතර එහේ මෙහේ යනේක අපේ ආයතන ප්‍රධානියාවෙච්චි විදුහල්පතිතුමාගේ පුරුද්දක් . එහෙම යද්දි අනිවාර්යෙන්ම පන්ති කාමරය ඇතුලට එඹිලා බලනවා. ඒ විතරක් නෙමේ එඹිලා බලන වෙලාවේ පන්තියෙ කවුරුවත් නැත්තම් පන්තියට ගොඩ වෙනේකත් එයාගේ පුරුද්දක්.... ඉතින් අද ඒ කාලච්ඡේද දෙකේදිම ...
එදා සහ අද සොඳුරු සිත ( Beautiful Mind ) එදා සහ අදහෝ ගාන පොකුණ බලන්න මාතර එස්කේ එකට ගිය දවසක මම දැක්කා එයා පොළට ඇවිත් බඩු මල්ලක් අරන් පාර එහා පැත්තෙන් යනවා... ෆිල්ම් එක පටන්න ගන්න අන්තිම බෙල් එකේ සද්දෙත් ඇහුනා. ටෝච් අල්ලන මිනිහා අමනාපයෙන් වගේ මගෙ මූණ බැලුවා. එයාව දැක්කේ අවුරදු ගාණකින්. එයා තාමත් ඉස්සර වගේමයි. අතේ බර මල්ල අතින් අතට මාරු වුනත් එයාගෙ ගමන බාල වුනේ නැහැ.එයා ...
කොස් කතාව සොඳුරු සිත ( Beautiful Mind ) කොස් කතාව කොස් කියන්නේ , වතුර දාලා තැම්බුවත් , පොල් දාලා මැලෙව්වත් , කිරි දාලා ඉවුවත් ඉතා රසවත් කෑමක්. මස් හොදි වැනි පොශ් හොද්දක් සමඟත් කිරි හොඳි වැනි දුගී හොද්දක් සමඟත් යහමින් ගැලපෙන කොස් කෑවිට ගැහැණුන්ගේ පස්ස ආරා එන බව පවසයි. කොස් කැමටත් වඩා රසවත් වන්නේ කොස් කැඩීමත් , කෑමට සුදුසු ලෙස කොස් පිළියල කර ගැනීමේත් ක්‍රියාවලියයි.ගොඩාක් වෙලාවට අපේ ...
හෝ ගාණා පොකුණ - ගුරුවරියකගේ ඇසින් ( විචාරයක් නොවේ ) සොඳුරු සිත ( Beautiful Mind ) හෝ ගාණා පොකුණ - ගුරුවරියකගේ ඇසින් ( විචාරයක් නොවේ ) පාසල් නිවාඩු කාලයේ දී ගුරුවරියක් හෝ ගුරුවරයෙක් ඉන්න බොහෝ පවුල් වල සිද්ධ වෙන දෙයක් තමා නිවාඩුවත් එක්ක එන , ජීවිතේ පුංචියට සැමරිම.ඒ වෙනුවෙන් විනෝද සවාරියක් යාම ගොඩක් ගෙවල් වල සිද්ධ වෙනවා. දරුවෝ මහත්තරු නෝනා වයසක අම්ම තාත්තා එක්ක යන පුංචි සවාරි වලින් නිවාඩුව පිරිල තියෙන්නේ අන්න ඒකයි. ඉතින් තනිකඩ අපි ...