පරණ පාරක් දිගේ සොඳුරු සිත ( Beautiful Mind ) පරණ පාරක් දිගේ----------------------------කාලෙකට පස්සේ පිය නඟපු පාරේකරස් කරස් සද්දෙටපෑගෙන කොළ යටපාරට නැමුණුවිසල් රුක් ගොමු යටඉපල් වෙලා ගියපරණ ගස් වැල් යටඑපා වෙලා හැලිල ගියමොරණ පිහාට්ටක් යටගලා ගෙන දියදොලේ පොඩි ගල් යටතාමත් මම දැක්කාආදරේ ටික ටිකඉතිරි වෙලා තියෙනවාකොළ අතර මතු වෙච්චපුංචි පැළයක් ළඟබලාපොරොත්තුවක් වැටිල තිබිලාඅහුලන් ආවා෴ සොඳුරු සිත෴ ...
4 - පරිච්ඡේදය සැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන් සොඳුරු සිත ( Beautiful Mind ) 4 - පරිච්ඡේදයසැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන්====================================පැරණි සබැඳි සඳහා පිවිසෙන්න,3 - පරිච්ඡේදය - පාඩම් වේලාව - Reading Time2 - පරිච්ඡේදය - රාත්‍රි කෑම මේසය The Dinner Tableඇගේ නිවසේ සිට මා තාවකාලිකව ලැගුම් ගෙන සිටි නවාතැනට ඇත්තේ හූවක දුරකි. රාජකාරි ස්ථානයට ද ඉතාම ආසන්න බැවින් සතියේ ඇතැම් දිනවල දී ද හවස් කාලයේ මද විවේකයක් ලබා ගැනීමට හැකි වීම සතුටට කරුණකි.එදින ඉන්ස්පෙක්ශන් දිනයක් ...
3 - පරිච්ඡේදය පාඩම් වේලාව - Reading Time සොඳුරු සිත ( Beautiful Mind ) ඒ පුංචි කෙල්ල " N " ට සෙනෙහසින් තිළිණ කරමි.---------------------------------------------------------------------------3 - පරිච්ඡේදය පාඩම් වේලාව - Reading Time--------------------------------------------------ඇගේ නිවෙසේ ගෙවන මගේ විවේකී වේලාව , ඇගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය ට යෙදවීම සඳහා යෝජනා වූයේ ඇගේ පියා විසින් වුවත් එය ඇගේම බල කිරීම සහ උවමනාව මතම සිදු වූවක් බැව් මගේ සිත කියයි. මා නිවසේ විවේකීව පසුවන වේලාවක් ගැන විමසිල්ලෙන් සිටිනා ඇය පොත් කීපයක් ...
රාත්‍රි ආහාරය සොඳුරු සිත ( Beautiful Mind ) 2 - පරිච්ඡේදයරාත්රි ආහාරයඇය යන්තමින් දස වස් පිරුවා පමණි. ඔහු එවක විසිපස් වියැති කඩවසම් තරුණයෙකු වන්නට ඇති බැව් මට සිතෙන්නේ පනස් දෙහැවිරිදු වූව ද ගැහැණුන්ගේ සිත් ඇද ගන්නා තරමට තවමත් ශේෂව පවතින කඩවසම් අඩු වැඩිය නිසාවෙනි. මේ ඇගේ සහ ඔහුගේ කතාවේ නොලියවුනු පරිච්ඡේද කිහිපයකි. ඇගේ ආදරයට ගෞරවයක් පිණිසත් , ඔහුගේ මතකට මගෙන් ලද තිළිණයක් ලෙසටත් එය මෙසේ ලියා ඔබ හමුවේ ...
යමු ද ගමනක් සොඳුරු සිත ( Beautiful Mind ) යමු ද ගමනක්එනව ද මාත් එක්ක පොඩි ගමනක් යන්නබයික් මොටෝ එකෙ නැගල දුර ගමකට යන්නරෑ වෙන්නට කලින් ගෙදර ගෙනවිත් ඇරලන්නපුලුවන් නම් මම එන්නම් එක පයින්ම ඔන්නබයික් මොටෝ පිටි පස්සෙන් ඔබ ඉදගෙන යන්නගමන පුරා වෙහෙස යන්න මා හා හිනහෙන්නපැණි හිත මගෙ මල් පිපෙන්න තනියට ළඟ ඉන්නමගෙ ගමන යන්න ඉතින් ඔයත් එකතු වෙන්න ...
මං ආසයි අහන් ඉන්න සොඳුරු සිත ( Beautiful Mind ) මං ආසයි අහන් ඉන්න======================මං ආසයි අහන් ඉන්න. කතා කරනව ඒ තරමටම අඩු වුනත් කතා නැති මගේ හිත තත්පරයට , කප්පරක් දේ හිතනවා.සමහර විට ඒ වේගයට මට කතා කරන්න බැරි නිසා වෙන්නැති මගේ කතා අඩු. මට හමුවෙලා තියනවා ගොඩාක් කියවන පිරිමි. ගොඩාක් කියවන ගැහැණු. ගොඩාක් කතා කරන ගැහැණුන්ගේ කතා ටිකක් විතර නීරසයි. මොකද එයාල එකම දේ වරින් වර , නැවත නැවතත් ...
උත්ප්‍රේරක සොඳුරු සිත ( Beautiful Mind ) උත්ප්රේරකමේ පැත්තෙ ගැවසෙන්න තියන කාලය මේ දවස් වල බොහොම අඩු උනත් , පරණ පුරුදු තැන් එහෙම අමතක කරන්න නරක නිසාරෑ වෙලා හරි මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනා.අද මම ආවේ ඔයාලට පුංචි ගණිත ගැටළුවක් අරන්. මමත් මේ ගැටළුව දැක්කෙ පොතක තිබිලා.ගණිතය උනාට , මේකෙන් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. හොඳයි , වැඩිය පමා නොකරම මෙන්න මගේ ගැටළුව ,මව , පියා ...
කණ නොකපා කොණ්ඩෙ කපා ගමු ද සොඳුරු සිත ( Beautiful Mind ) කණ නොකැපෙන්න කොණ්ඩය කපාගමු ද මුලින්ම මම කියන්න කැමති මම මේ කියන්න යන දේහි තාක්ශණය සරලව පැහැදිලි කරල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සාදරයෙන් පිළිගන්නවා කියලා.ඊළඟට ඔයාල කරන්න ඕනි දේ තමා , මේ පහත තියන විඩියෝව අහන එක. ස්මාර්ට් ෆෝන් තියන අය වගේම පරිගණකයෙන් ලොග් වෙලා ඉන්න අයත් මේ විඩියෝව අහන්න නම් ඔයාලගේ ඉයර් ෆෝන් භාවිතා කරන්නම ඕනි. ඒ වගේම ...
දුවන පඩිපෙල සොඳුරු සිත ( Beautiful Mind ) දුවන පඩි පෙළටයිල් අතුරන ලද පොළව යට සිට පඩි පේලි එකින් එක මතුව උඩට විත් ඉහළට පාවී යයි. ඔහු ඉන් එකක් කෙසේ තෝරා ගත්තේ දැයි නොවැටහුනත් , ඉන් එකකට පය තබන්නට කලින් මාගේ දකුණතින් අල්ලා ගත යුතුව තිබුණා නොවෙ ද?දුවෙන පඩි පෙළකින් උඩට ගොස් යළිත් එවැනිම වූ දුවන පඩි පෙළකින් පහළට යාමට සැරසෙත්ම පළමුවර මෙන් සමතුලිතතාවය නොමැති වීමට ඉඩ දිය ...
ඉන්විජලේටර් ගේ සිතුවිලි සොඳුරු සිත ( Beautiful Mind ) ඉන්විජලේටර් ගේ සිතුවිලි----------------------------------------රතු වෙච්චි ඇසි පියකියයි නුඹ නිදි වැරු බවපොඩි වෙච්චි රැළි ටිකමදින්නත් ඉඩ නැති වදහෙමි හෙමින් මුමුණයිවිටෙකදි දුරක තනිවෙයිඇසිපියත් නොසොලයිමතකයේ හැම මුල්ලක්ම පීරයිවිටකදි ඇඟිලි ගනිමින්තව විටකදී ඔළුව කසමින්නියපොතුත් හපමින්මොනවා ද මතක් කරමින්දඩි බිඩියෙ ලියමින්හිටි ගමන් මගෙ දෙසද බලමින්වෙලාවත් අසමින්පාරවයි මගෙ සිත ද යහමින්කොළ අංක කරමින්වැරදී යළිත් ලියමින්එකට ගැට ගසමින්“ තව ටිකක් ඉන්න “ මට කියමින්වසර දෙක තුල ඉගෙනුමපැය තුනට ...
උරහිස සොඳුරු සිත ( Beautiful Mind ) මට ගොඩක් දුක හිතුන දවසකකොහේ හරි මතකයක අස්සකනෙතේ තෙත රැඳි තැනක තිස්සෙමනුඹේ සුවඳක් දැනෙනවාහිත හදන් නෙතු පියා ගත්තමඇවිත් මුළු රෑ දවස තිස්සෙමතියන් මා හිස , උරස මත්තටමගේ හිස පිරිමදිනවාවගේ මට නුඹ දැනෙනවාදුකත් නුඹසැනසුමත් මගෙ නුඹමයි ...
නුග රුකට ලියමි සොඳුරු සිත ( Beautiful Mind ) නුග රුකට ලියමිතරු එක දෙක අහසේ මතු වෙන ලෙසනුඹ ගැන මතකය බැබලෙනවාසීතල හිත යට උණුසුම් ගිනි දළුලෙස නුඹ ගත සිත පුබුදනවාආයෙත් එන්න ද ?මේ ලෙස ඉන්න ද ?හිටි පියවර නෑ සෙලවෙන්නේමේ ලෙස ඉන්නට බෑ නුඹෙ සෙවනටඅත වනපන් දුවගෙන එන්නේනුඹ අත වනනකම් බලා ඉන්නමමවත්සලා ...
ඇය , ඔහු , මම සහ විභාගය සොඳුරු සිත ( Beautiful Mind ) ඇය , ඔහු , මම සහ විභාගය=========================ඇය :- ගෙදර තියන නිල් , කළු පෑන් සියල්ල ද, පැන්සල් , මකන කෑලි අඩි රූල් සියල්ල ද, ඒත් හිතට මදි නම් මදි පාඩුවට කඩයෙන් තවත් පෑන් පැන්සල් මිටියක් ද රැගෙන විභාගයට එන්නීය. වතුර පිර වූ ප්ලාස්ටික් බෝතලය පය පාමුලින් තබා , පෑන් පැන්සල් මකන සහ අඩි රූල් මිටිය ද රෝස පැහැති මල්වැටුන සුදු ...
නින්ද සොඳුරු සිත ( Beautiful Mind ) නින්දනින්ද කියන්නේ සුරංගනා ලෝකෙන් අපට ලැබුනු තෑග්ගක්. එහෙම හිතුවෙ පුංචි කාලේ. ආන්න ඒ තෑග්ගට ස්තූති කරන්න තමා පුංචි කාලේ මල් වගේ පුංචි ළමයි නින්ද ගියාම ලස්සනට සුරංගනාවියෙ එක්ක හිනා වෙන්නේ.නින්ද සිරාවටම නින්දක් බවට පත්වෙන්නේ අවුරුදු 8-10 විතර කාලයේ. හවස් වරුවම කණ් රත්වෙන්න සෙල්ලම් කරල ඇදට වැටුනු ගමන් නින්ද ලගාවෙන්නේ ආන්නේකයි.ඒත් ඔය වයස පහු වෙච්චි ගමන් රෑට රෑට නින්ද අහලකටවත් එන්නෙ ...
කලාමැදිරි සිහින සොඳුරු සිත ( Beautiful Mind ) කලාමැදිරි හැම විදුලි බල්බයක්ම නිවලා නිදියන්න කියල හාන්සි උනත් හදවතේ විදුලි පන්දම බොත්තමක් තද කරල නිවන්න පුළුවන් එකක් නෙමේ.පියා ගත්ත ඇස් දෙක අරිද්දි , බලාපොරොත්තු උනේ කට්ට කළුවර උනත් , මෙන්න බොලේ ලයිට් පත්තු කරන් රෑ වැඩ මුරේට සෙට් වෙච්චි කලාමැදිරියෝ සෙට් එකක් පිටින් මගේ කාමරේට ඇවිත් ,ඉස්සර නම් , වැඩිවිය පැමිණෙන වයසට ළං වුනු ගෑණූ දැරිවියො ඉන්න ගෙදරක කලා ...
Shadow Friends - සෙවනැලි මිතුරන් සොඳුරු සිත ( Beautiful Mind ) Shadow Friends-------------------- සෙවනැලි යාළුවා======================ෂැඩෝව් ඇමති මණ්ඩලය මේ කාලේ බහුලව කතා බහට ලක් වුවත් ,මීට කලින් මම ඔය ෂැඩෝව් තියරිය ගැන දැනන් හිටියා.ඒ මෙහෙමයි ,රජයේ කාර්යාල වලින් වැඩක් කර ගන්න ගිය අය දන්නව ඇති අදාළ විෂයය සම්බන්ධ රා.කළ.සහකාර , ඉස්සර නම් ලිපිකරු හෝ ලිපිකාරිණිය නැත්තම් ආයතනේ ලොක්කටවත් බෑ ඒ ලිපි ගොනුව සම්බන්ධව මැදිහත් වෙලා අදාළ රාජකාරිය කරල දෙන්න.කොටින්ම ඔයා ගේන ලියුමට ...
Shadow Friends - සෙවනැලි මිතුරන් සොඳුරු සිත ( Beautiful Mind ) Shadow Friend-------------------- සෙවනැලි යාළුවා======================ෂැඩෝව් ඇමති මණ්ඩලය මේ කාලේ බහුලව කතා බහට ලක් වුවත් ,මීට කලින් මම ඔය ෂැඩෝව් තියරිය ගැන දැනන් හිටියා.ඒ මෙහෙමයි ,රජයේ කාර්යාල වලින් වැඩක් කර ගන්න ගිය අය දන්නව ඇති අදාළ විෂයය සම්බන්ධ රා.කළ.සහකාර , ඉස්සර නම් ලිපිකරු හෝ ලිපිකාරිණිය නැත්තම් ආයතනේ ලොක්කටවත් බෑ ඒ ලිපි ගොනුව සම්බන්ධව මැදිහත් වෙලා අදාළ රාජකාරිය කරල දෙන්න.කොටින්ම ඔයා ගේන ලියුමට ...
නුඹ අතහැර සොඳුරු සිත ( Beautiful Mind ) නුඹ අතහැරෙමගේ හිත , හරියට දළඹුවෙක් වගේ , හිර වෙලා තිබ්බෙ ඔයා මත්තෙමයි. කොහෙන් ආවද කියල මතක නැතත්. බිත්තරයක් වෙලා ඉද්දි මාව බලාගෙන තිබ්බෙත් ඔයාම තමයි.බිත්තරේ කාලෙදි ඔයා දුන්නු උණුසුමට මම දළඹුවෙක් වුනත් , දුන්න උණුසුම අමතක කරල සමණළයෙක් වෙලා යන්න මට හිත දුන්නෙ නැහැ.පිළා කෝශෙ හදන්න මම කොච්චර උත්සාහ ගත්ත ද ?ඔයා එක්ක තදින් අමනාප වෙන හැමවෙලේම........... මම පිළා ...
ඔබේ රතු රෝස මල සොඳුරු සිත ( Beautiful Mind ) ඔබේ රතු රෝස මල සාලෙ මැද්දෙ තියන මිල වැඩි පොච්චියටඔයා හොයන්නේ - රතු රෝස මලක්වැට අද්දර තියනවැටට හයියක් වෙච්චිබුදු පුදට ගන්න මම - වතු සුද්ද මලක්- වත්සලා -
කලකින් ලියුවෙමි සොඳුරු සිත ( Beautiful Mind ) කලකින් ලියුවෙමි----------------------------ඇසකින් පෙර නිතර හැඩූකලකින් නැහැ කඳුළු බිඳූතුටින් සිටින අයුරු දැරූනුඹ අමතක වී ද සිතූළං වී නෙතු තුළට ඇගේහොඳින් බලනු සතුට ඇගේසිනා සලන නෙතක අගේනොපෙනද තෙත තවම ඇතේ- සොඳුරු -ප/ලි - ඉස්සර මං ලීවෙම විරහ කවි වගේ එවුවා. දැන් කලකින් එහෙමෙකක් ලියවුනේ නැහැ............. ඒත් මේකත් නරකම නැහැ නෙහ් ? ...