“කතාකියන්නාගේ රචිකාවිය “The Storyteller's composer සොඳුරු සිත ( Beautiful Mind ) ''කතාකියන්නාගේ රචිකාවිය''The Storyteller's composer-------------------මට කතා කියන්නන් කිහිප දෙනෙකි. ඔවුන් ගේ කතා නොගෙතූ කතා ය. ඔවුන්ගේ මතකයේ ලියැවී ඇති එවැනි කතා මම අසා සිටිමි.අඩු වැඩිය හා මා නොකැමති තැන් කපා , අලුත් වැඩියා කර ලියා මෙහි පළ කරමි.ඉදහිට ඔවුන්ගේ කතා වල සිටි , හුස්ම ගන්නා ජීවියෙකු දෙන්නෙකු අතට පත් වන ඒ කතා කියවා ඔවුහු පුදුමයට පත් වෙති. එහි සිටින්නේ ඔවුන්ගේම අතීත ...
අටේ පන්තියෙ කතාවක් සොඳුරු සිත ( Beautiful Mind ) අටේ පන්තියෙ කතාවක්----------------------------------පන්තිය - අට සීකාලච්ඡේදය - අන්තිම කාලච්ඡේදයවිෂය - මගෙ විෂය (විද්‍යාව)පාඩම - ක්ෂුද්‍ර ජීවීන්කලින් දහයෙ පන්තියක් තිබ්බ නිසා විනාඩි දහයක් විතර පරක්කු වුනා අටේ පන්තියට එන්න.ඒකට හේතුව තමා දහයේ පන්තියෙ ඉදන් අටට එන්න කන්ද බැහැල මහ පාරත් පහු කරන්න ඕනි. ඒ ඩිංගට මේ අටේ පුංචි ඈයෝ මාව හොයන්න දෙසැරයක් ලැබ්බෙකට ඇවිත් ගිහින්. මම පන්තියට එනව දැකල එයාලට හරිම ...
වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.) සොඳුරු සිත ( Beautiful Mind ) වැඩිහිටි සමිතියේ තරුණ සාමාජිකාව (The Young Member of The Elders' Club.) ---------------------------------------------- නිවාඩු දවස් වලට වැඩිපුර නිදියන්න කැමැති , හදිසියකට කඩයටවත් යවා ගන්න බැරි, කුණු කෙළ පිටින් උනත් දවසම ඉන්න ඇහැකි කුණු කෙල්ලෙක් වෙලා හිටපු මට , නිවාඩුවක් ආපු ගමන් ඇවිදින්න යන්න ආස හිතෙව්වෙ මගේ ෆේස් බුක් යාළුවෙක්.ඉස්සෙල්ලම එයා ගන්න පින්තූර වලට වහ වැටිච්චි මන් ඊළඟට වහ වැටුනේ එයාගේ ඇවිදිල්ලට. ...
ඇවිදින බාබර් සාප්පුව සොඳුරු සිත ( Beautiful Mind ) ඇවිදින බාබර් සාප්පුව---------------------------------මම ඉස්කෝල ගියපු වසර 13 දිම මට තිබුනෙ ඉතාම කෙටි කොණ්ඩයක්. කොණ්ඩය වවල අග්ගිස්ස වෙනකම්ම කරල් දෙකට ගොතල , පිටි පස්සට දාලා පද්ද පද්ද යන්න කොච්චර නම් ආස වුනත් ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුනෙ නැහැ. ඒ විතරක් නෙමෙයි , කොණ්ඩ ගස් පොඩ්ඩක් වැවීගෙන එද්දි , නලලට කොණ්ඩ කැලි වැටෙද්දි , කොණ්ඩ ගස් අස්සෙන් ඇහැ දාලා බලද්දි ඇස් වපරවෙනවා ...
ඩයිනෝ සහ කොල්ලා සොඳුරු සිත ( Beautiful Mind ) ඩයිනෝ සහ කොල්ලා මේ සැරේ කොල්ලගෙ උපන් දිනේට හම්බුනු ලස්සනම තෑග්ග වුනේ , දිවත් එළියට දාන් ඇසුත් පත්තු කරන් සද්දෙකුත් දාන් ඇවිදන් යන ඩයිනෝසරස්. කොල්ලා මේ තෑග්ගට කොච්චර නම් කැමති ද කියනවා නම් නින්දට යන්නෙත් මේ අපූරු ඩයිනෝව තුරුළු කරන්.කොල්ලා ගෙදර ඉන්න වෙලාවට නිකමටවත් ඩයිනෝව අල්ලන්න අපට චාන්ස් එකක් නැති නිසා කොල්ලා ගෙදර නැති වෙලාවක මේ අපූරු ඩයිනෝව පරික්ෂා කර ...
නිරීක්ෂක සොඳුරු සිත ( Beautiful Mind ) ඔබේ නිරීක්ෂකලෝකේ කරන්න තියන අමාරුම ඩියුටි වලින් එකක් තමා නිකම් ඔහේ බලාන ඉන්නෙක.පැයක් ද දෙකක් ද එක දිගට පැය තුනක් ඔහේ බලාන ඉන්නෙක.....?දෙයියනේ කියලා අන්න ඒ වෙලාවට මගෙ තනියට හිතට එන්නේ ඔයා, ඉතින් ඒ වෙලාවට මෙන්න මෙහම කටු ගෑවුනා...ටිකක් ඇවිත් ළඟට මගේඅහන් ඉන්න හිතහොඟක් සුවද දැනේවි නුඹනමටම ලියවුන කෙනෙක් වෙතොත් මේ ලෝකයේපණ ද දෙවෙනි වෙනනුඹ විතරයි , නුඹ පමණයිදන්නවා ...
ප්‍රේමය හරිම මනරම් සොඳුරු සිත ( Beautiful Mind ) ප්‍රේමය හරිම මනරම්මටත් මා නැති කළනුඹ මට කවර නම් පලඇතොත් මතකයෙ ඉස්සරකොනිති ගසලා ඉවත් කළ මැනවෙතත් මට සරදම්නුඹ සුවඳ මට හැමකල් රිදුම් දෙන්නැති හිත්වලට ප්‍රේමය හරිම මනරම්“ ඔහු හමුවුනොතින් , මා ඔහු මතක් කළ බැව් ඔහුට කියන්න. “- සොඳුරු සිත -If I die Tell Him I Loved Him ...
නිහඬ නුඹයි සොඳුරු සිත ( Beautiful Mind ) නිහඬ නුඹයිපෙර කතාව (මගේ )----------------------------බසය ඉදිරියට ම ඇදෙනවා. ඒත් සාපේක්ෂ චලිතයක් නෑ.මට ඉස්සරම ආසනය එතනමයි.මට පිටුපස ආසනයත් එතනමයි. මා ළඟ තියන ජනේලයෙ ඩොක ඩොක හඬ මිසක ජනේලයත් එතනමයි. මගේ දකුණු අත පැත්ත. ඒ වෙද්දි මේ ලෝකෙ තියන වටිනාකම වැඩිම වස්තුව .....ඔවු ඒ වෙද්දි මේ ලෝකේ මට වටිනාකම වැඩිම වස්තුව තිබ්බෙ මගේ දකුණු අත පැත්තේ. කේක් ගෙඩිය වගේ වාඩි වෙලා. චුට්ටක් ...
අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන ගමේ ගෙදර සොඳුරු සිත ( Beautiful Mind ) අපේ ගෙදර සහ අපේ ගෙදර අය ගොඩාක් ආදරය කරන එහා ගෙදර ----------------------------------------------අපේ ගමේ තියනව ගෙදරක් , ඒ ගෙදර පාලනය කරන්නෙ තාත්තා , ඒ තාත්තා ඒ ගෙදර අයට ගමේ වෙන කිසිම ගෙදරකට යන්න දෙන්නෙ නෑ. ගමට එන අලුත් දේවල් කිසිම දෙයක් භාවිතා කරන්න දෙන්නෙ නෑ. ඒ ගෙදර පාවිච්චි කරන වාහනෙත් දැන් හෙන පරණ යි මෝස්තරෙත් ගොඩාක් පරණයි. ඒ ගෙදර පොඩි කොල්ලා ...
“ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“ සොඳුරු සිත ( Beautiful Mind ) “ කොහොමද ටීචර් මෙච්චර හොඳ මිනිස්සු හොයා ගන්නේ ?“---------------------------------------------------------------------------------“ බස් එක තාම නැහැනේ ““ වෙන බස් එකක ද දන්නේ නෑ ටීචර් ““ අෆෝ එහෙම වෙන්නෙ නැහැ.මේ පාරේ කොළඹ බස් දෙකයිනේ දුවන්නේ “ගිනි අවුවට වෙලා මායි උසස් පෙළ ළමයි හතර දෙනයි සහෝදර ගුරුවරියයි මඟ බලන් හිටියේ කොළඹින් පටවපු තෑගි මල්ල ඉස්කෝලෙට එනකම්. බස් එක වෙනදට වඩා ප්‍රමාදයි කියල හිතුනෙ අපේ හිත් ...
ආදරේ බින්දුවක් තියනවා සොඳුරු සිත ( Beautiful Mind ) ආදරේ බින්දුවක් තියෙනවාතනිවෙච්ච නුඹ ගාව තනිවෙච්ච මගෙ හිතත්ආදරය වගෙ එකක් සොයනවාහමුවන්න පෙර අපට අප මෙලොවහමුවෙච්චි අය තවත් ඉන්නවාහිත අරන් , බිඳුනු හිත්එක්ක අපි තනිකරපුඅය සිනා සී දිවිය ගෙවනවාතනිවෙච්චි නුඹ ළඟත්තනි වෙච්චි මා ළඟත්ආදරේ බිංඳුවක් තියනවාජීවිතේ ඉතිරි දුරඑළි කරන් සැනසෙන්නඒ ටිකත් ඇති කියල දැනෙනවාතනිවෙච්චි නුඹ ගාවතනිවෙච්චි මගෙ හිතත්ආදරය වගෙ එකක් සොයනවා තනිහිතක් ළඟ තනිවුන මම෴ සොඳුරු ෴ප/ලි - love comes softly ...
බෙන් ගෙ කතාව සොඳුරු සිත ( Beautiful Mind ) බෙන් ගෙ කතාව------------------------බෙන් හරිම අප්‍රසන්න දරුවෙක්. කොයි වෙලෙත් ඉන්නෙ මූණ එල්ලන්. ඇඳන් ඉන්නේ කිලිටි බේරෙන ඇඳුම් , ඔහුගෙ පොතක් පතක් වත් අල්ලන්න අප්‍රසන්නයි. ඒ තරමට කිලිටි. ඔහු පන්තියෙ ළමයි අතරත් කොන් වුන චරිතයක්. නිහඬ බවේ ගිලිල වැලලිලා ඉන්න ඒ කිලිටි ජීවියා මට ඒ පන්තියෙම එපා වුනු එකම දරුවා. බෙන්ගෙ පොත් බලන්න මම වැඩි වෙලා ගන්නෙ නැහැ. මොකද ඒ පොතේ බලන්න ...
මගේ මතක නුඹ හට අමතක වේවා සොඳුරු සිත ( Beautiful Mind ) මගේ මතක නුඹ හට අමතක වේවා එපා නම් මා , හැර යන්නනැතේ තරහක බිඳක් වත්හැබැයි මට කියලා යන්නබලා නොයිනට මඟ දිගේ නෙත අලවා හිත පහන් වැට දල්වාබලා නොසිටිමි එවිට මංගිය පසුව හිත දල්වා෴ ඔබට සුබ ගමන් ෴ සිතන පතන සෑම දෙයම ඉටු වේවායනෙන මඟක දුක් කරදර නොම වේවාහිතට දුකක හෙවනැල්ලක් වත් නේවාමගේ මතක නුඹහට අමතක වේවා෴ සුබ පැතුම් ෴ ...
මතක එක්ක තනියෙන් සොඳුරු සිත ( Beautiful Mind ) මතක එක්ක තනියෙන් ජීවිතයේ එක් එක් වයස් සීමාවන් වල දී අපේ සිතුවිලි වෙනස් වෙනවා. ජීවිතය ගැන බලන විදිහ , ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා. බොහෝ දුරට වයසත් එක්ක අපි අපේම අදහස් හෝ සිතුවිලි වෙනස් කර ගන්නේ “ හිත හදා ගන්න “ ඒත් , කොච්චර අපේ සිතුවිලි වෙනස් උනත් , පරණ මතකයන් උඩට ඇවිත් පරණ සිතුවිලි එක්ක තනිවෙලා කාලයන්තරේක නැගල වගේ ...
ඉරට්ට කඩපු ළමයා සොඳුරු සිත ( Beautiful Mind ) ඉරට්ට කඩපු ළමයාපුංචි පන්ති වල හැමවෙලේම තියෙන්නේ කණට නිවනක් නැති සද්දයක්. ඒ පන්ති වල වහලෙ උළු ඔය තරමින් හරි තියෙන එකත් පුදුමයක්.ඒ වගේම රණ්ඩු සරුවල් වලත් නිමක් නෑ. “ ටීචර් මෙයා මගේ පැන්සල ගත්තා “ “ටීචර් ශෙහාන් මගෙ කෑම එක හොරෙන් කෑවා“ වගේ නිතර දෙවේලෙ ඇහෙන රණ්ඩු වලට අමතරව හොරකම් කිරිල්ලත් ඉදහිට හරි සිද්ධ වෙනවා.ආන්නෙහම හොරකමක් වුනු වෙලාවක සිද්ධ වෙච්චි ...
බයිට් හොරා සොඳුරු සිත ( Beautiful Mind ) බයිට් හොරා-------------------ඔහු සවසට එක්රොක් වන මධුරසලෝලී මිතුරු හවුලේ හොඳ මිතුරෙකි, රසබර සාමාජිකයෙකි.මෑතක දී සිට නිතර දෙවේලේ මධූපාන සැසියට ඔහු එකතු නොවන අතර ඉදහිට හෝ සංගමයට එක් වූ විට දී ඔහුගේ මුහුණ ද පෙණ දමන මධු බඳුනක් මෙන් පිපෙයි. ...............නමුත් ඉතාම මෑතක දී සිට ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති බැව් ඔහුගේ සමීපතම සඟයන් පවසයි. මධුවිත පුරනා මේසයේ දී ද ඔහු හැසිරෙන ...
නුඹේ සෙනෙහස සොඳුරු සිත ( Beautiful Mind ) නුඹේ සෙනෙහසනුඹ ට මිසක අන් කවරෙක් වෙත සෙනෙහසපා නසැම විටදි නුඹේ රුවම මැවේවි මසිත ගාවජීවිතයේ අත් වැල වෙන්නට බැරි නුඹ පෑවසෙනෙහස ඇයි මේ තරමට මිහිරි මසිත තාම තාමත් ආදරෙයිමම- වත්සලා - ...
දරුවන්ට දඬුවම් දෙමු සොඳුරු සිත ( Beautiful Mind ) දරුවෙකුට තඩි බෑ චීවරදාරියෙකු ගැන පුවතක් .. අසා ලියන්නට සිත්විය..........----------------------------------------------------------------දරුවෙකුට ජීවිතේදිම මම ගහල තියෙන්නෙ එකමෙක පාරයි. ඒ පාරත් රිදුනෙ දරුවට නෙමේ මට. ජුරාසික් පාක් එකක් වගේ පන්තිකාමරයේ දී නොගහ හිටියොත් ළමයි කරෙත් නඟිනවා තමා. ඉතින් මොක ද ළමයි කියන්නේ කරේ තියන් යන්න ඕනි අය තමා. මම ත් ළමයින්ට දඩුවම් දෙනවා. ඒව හරි විනෝදජනක සුන්දර දඩුවම්.උදාහරණ - “කෑ ගැහුවොත් තව එක ...
අතුරුදහන් වූ සොයුරා - My Missing Brother සොඳුරු සිත ( Beautiful Mind ) අතුරුදහන් වූ සොයුරා - My Missing Brother---------------------------------------------------------දැක්කම මෙච්චර වයසයි කියල කියන්න බැරි තරමට අයියා තරුණ පාටයි.ගාණට උසයි , ඒ තරමට මහතයි. ඇඳුම හරිම පිළිවලයි. ඒ වගේම විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි. ගැහැණියක් වගේ ඇස් වලින් කතා කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහ ඉන්න කෙනාව හිටි ගමන් හිනස්සවන්නත් පුළුවන්. බිත්තියක හැප්පුනත් සොරි කියන , පුංචිම උදව්වටත් කට පුරා තැන්කිව් කියන ගති නම් ඇමරිකාවෙන් ...
නන්දිකඩාල් පාර දිගේ යමං පුතා ගෙදර එයි. සොඳුරු සිත ( Beautiful Mind ) නන්දිකඩාල් පාර දිගේ යමං පුතා ගෙදර එයි.සැප්තැම්බරය හෙන අමාරුම මාසයකි. වියදම වැඩිය. අවශ්‍යතා වැඩිය.නමුත් වැටුප එකමය. අලි මදිවට කොටි කියමින් රට වටේ යන්නට සෙට් වෙන්නේද මේ මාසයේ වීම සිත කකියවනවා කරුණකි.චාරිකාව යාමට පෙර දින සවස නොදන්නා අංකයකින් ඇමතුමකි...... “ නන්දිකඩාල් ඇවිත් මිස්ගෙ පොත ගෙනියන්න “ එදින බෘහස්පතින්දාවකි. පියඹා ගොස් පොත ගෙන ඒමට නොහැක. ලෝබය වැක්කෙරෙයි. සඳුදා වන තෙක් පොත නතර ...