ගේ කුරුල්ලෝ සොඳුරු සිත ( Beautiful Mind ) ගේ කුරුල්ලෝසති අන්ත නිවාඩු දවස නිසාත් , සතියේ වැඩ කරන දවස් පහේ ම මහ පාන්දර අවදි වෙන නිසාත් , අද සෙනසුරාදා මම ටිකක් පස්සට එළිය වැටෙනකම් නිදා ගත්ත බව ඇත්ත.ඒ සැප නින්ද කඩල දාලා උදේ පාන්දර මට ඇහැරුනේ මහ කාලගෝට්ටියක් නිසා.නිකම් නෙමේ කුරුළු කාලගෝට්ටියක්.ගේ දොරකඩම ගේ කුරුල්ලො දෙන්නෙක් කා-කොටා ගන්නවා.මම දැනට මාස ගාණකට කලින් දොරකඩ එල්ලපු මැටි කූඩුව බලල යන්න ...
“ ගාල්ලේ දවසක් “ සොඳුරු සිත ( Beautiful Mind ) “ ගාල්ලේ දවසක් “මේ මමමේ මම දැකපු ගාල්ලෙන් ටිකක්...........................සොඳුරුගෙ රිදුනු සිත සුවපත් කරාට ගාලු කොටුවට ගොඩක් පිං කවුරුත් නාසන ගීතය මාගේඝන කළුවර ද හඬයි හොර රහසේකිසිවෙකු නොදැකපු බිඳුනු තතක් සේහඬ නොනැඟේ මා ගයනා ගීතේහඬ නොනැඟේ .............. ...
මගෙ ආදර..... සොඳුරු සිත ( Beautiful Mind ) මගෙ ආදර මං දන්නවාමගේ ඉඩමේකොහේ හරි ඇතිඅඩියක් අඩියක් ගානේසුන්දර බලාපොරොත්තුවහමුවන්න නුඹ වමරණයත් සමඟින්මසමුගන්න තෙක් මනුඹ මගේ ආදර“බිම් බෝම්බේ “
෴ මගේ විකාර - ලියන්න තැනක් නැති නිසාමයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සිතුම් - පැතුම් ෴මනුස්සයෙක් හිතන පතන විදිහ හැමදාමත් එක වගේම වෙන්නෙ නැහැ. කාලය , අවස්ථාව , වයස , සම්පත් , මෙකී නොකී ගොඩාක් දේවල් නිසා එකම මනුස්සය ගෙ උනත් සිතන පතන විදහ වෙනස් වෙන්න ගන්නවා. ඒ කැමැත්තෙන් වගේම අකැමැත්තෙන් වෙන්න පුලුවන්. බොහෝමයක් මිනිස්සු තමන්ගෙ සිතුම් පැතුම් හංඟා ගෙන ජීවත් වෙනවා.ඒ තමා අවට ඉන්න අය නිසා වෙන්න පුලුවන්. තමන්ගෙ සිතුම් ...
කවිපොත සොඳුරු සිත ( Beautiful Mind ) කවිපොත ඉස්සර ලියවුනු කවි පොත බලලා කාට ද මේවා ලීවේ කියලා ඇස් ගෙඩි ලොකු කර මුහුණ නොරොක්කර මාගෙන් විමසනවා උත්තර නැති මගෙ වත දෙස බලලා තරහින් කවි පොත දුරකට කරලා ඇඳේ අනිත් පස හැරිලා නිදියයි මුළු රෑ මා දවලා සමාවෙන්න මට නුඹ ගැන සිතලා කුමන පලක් දෝ ඊයේ ගෙවිලා උදෑසනම මම කවි පොත ඉරලා ඒ ගිනි දල්ලෙන් තේකක් හදලා ඔහු ...
෴ ආතල් එක ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ආතල් එක ෴ලංකා පටුන බලන්න පහුගිය දවසක මාත් ගියා වැඩිහිටි නඩයක් එක්ක. වැඩිහිටියො ටික තියෙන ගාථා ඔක්කම කියල වැදල එනකම්, මම තිබ්බ සහ දන්න එකම ගාථාව කියල වැදල හනික මෙගොඩට ආවා.ඇවිත් ආමි එකෙන් පවත්වා ගෙන යන පුංචි කඩේ ලඟට වෙලා අනුන්ගේ චැට් වලට සවන් දෙන ගමන් කැමරාවට හරියන පින්තූර හොය හොය හිටියා.ඔන්න ඒ වෙලාවේ තමයි නිල් පාටට සැහැල්ලුවට ඇඳ ...
෴ මිනී පෙට්ටි සාප්පුව෴ සොඳුරු සිත ( Beautiful Mind ) මිනී පෙට්ටි සාප්පුවනැහැයට දැනුන සුපුරුදු කට්ට කුමන්ජල් සුවඳත් සමඟින් ජගත් සිතූ පරිදිම සුවඳ පිටුපසින්ම ඇඳී ආවේ මුදලාලිගේ මුණු මුණු මැතිරීමයි.තමා ඉන්නා අයුරු බිඳකුඳුවත් වෙනස් නොකල ජගත් , යන්තමින් බෙල්ල පමණක් හරවා තමාට පිටු පා ඉතාමත් භක්තියෙන් නමුත් චවන වෙන් වෙන්ව හඳුනා ගත නොහැකි තරම් වේගයෙන් ගාථා කියන මුදලාලි සිටිනා ඉසව්ව දෙස නෙත් හෙලීය. සියල්ල කට්ට කුමංජල් දුමින් වැසී ගොස් තිබුන ...
The Last Flower සොඳුරු සිත ( Beautiful Mind ) The Last Flower පුංචි පුංචි කවිThe Last Flower ----------------------දළු ලන දා නුඹ ළඟ - නැතමල් පිපුනත් නුඹ ළඟ - නැතවසන්තයේ අග තනිවම දරා සිටියි අතු අග්ගිස්සේවසන්තයේ අන්තිම මලනුඹට මතක නැති මලමම෴ වත්සලා෴සිත--------------නුඹ යනවා - යළි එනවාසිත හොඳටම - පෑරෙනවාදැක දැක මුත් නොදුටු ලෙසටසිත මම වහගෙන යනවා෴ වත්සලා ෴civil status-------------සිත නිවන කම - තනිකඩසිත දවන ඒ කම - තනිකඩනුඹ නැතිව තවම ...
෴ පළිගැහීම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පළිගැහීම ----------- හිටියා ඇති හිස නමන් සියලු කරදර දරන්... හිතක් තියේ මටත් ළං වෙන්නට ආස සිප ගන්නට ආස ගහනවා පළි තොලොංචි වෙන්න මට නැති නම් නුඹටත් නැති වෙන්න පළිගහනවා හැබැයි අද නෙමේ හෙට අද මම හරි බිසී අද බිසී මමසොසී ...
විචාරයක් නොවේ..... සොඳුරු සිත ( Beautiful Mind ) විචාරයක් නොවේ.....මේ දවස් වල කවුරුත් කතා කරන්නේ “තමන්ගෙ නොවන තමන්ගෙම දෙයක් “ ගැන.ඒක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නෙමේ.Paradox එකකුත් නෙමෙයි.කොහොමත් අපි කවුරුත් අපේ දේවල් වලට වඩා අපේ නොවන දේවල් වලට කැමැති.දැන් අපේ වෙලා තියෙන ගොඩාක් දේවලුත් ,ඊට කලින් අපේ නෙමේ නේද කියලා කාටත් මතක නැහැ..තමන්ගෙ ළඟට ආවම තමන්ගේ උනාම ඒ දේ අනුන්ගේ තැනක දී තිබිල දැක්ක ආකර්ශණය ,කුතුහලය නැති වෙලා ...
- සිය දිවි දෙවෙනි කොට - සොඳුරු සිත ( Beautiful Mind ) - සිය දිවි දෙවෙනි කොට -ඇය තවත් වතාවක් ෆාමසියේ රාක්ක පුරා පිළිවෙළට අසුරා ඇති නොයෙකුත් මාදිලියේ ඖෂධ දෙස පෙළින් පෙළට ඇස ගෙන ගියා ය.ෂික්.....පුදුම වෙලාවක නෙ ආවේ. මෙච්චර ලෙඩ්ඩු කොහෙන් ද මන්දා. ඒකත් මගෙ වෙලාව.ෆාමසියේ හුරුබුහුටි කෙල්ලන් ළඟට තරඟයට මෙන් ළං වෙමින් බෙහෙත් තුන්ඩු දිගු කරනා අයවලුන් පුංචි ගොසරි බෑගයේ බහා දෙන ඖෂධ රැගෙන යන්නේ පුළුටු කරගත් මුහුණිනි.ඇතැමෙකු ඔවුනට උපදෙස් ...
ලෝක ළමා දිනය සහ ආරංචි තුනක් සොඳුරු සිත ( Beautiful Mind ) ලෝක ළමා දිනය සහ ආරංචි තුනක්------------------------------------- පුරුදු විදිහට ලෙංගතු දුරකථන ඇමතුම ආවා.“ මොනා ද නිවුස්. අද ස්කෝලෙ හොඳ ද? “ ඔහු ඇහුවා.“ ඔවු“ ඒ මම.“ මොකද නිකම් අද . . . . .කෙටි උත්තර ? ““ හ්ම් . . .කියන්න නම් දේ ගොඩායි....““ ඉතින් . . කියන්න.ඔය හිතේ බර බිම තියන්න““එහෙනම් අහ ගන්න ...............................“ ලබන මාසේ ගුරු පඩියෙන් කපා ගන්න ...
෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ කාලෙකට පස්සේ - පරණ පාරේ ෴කාලෙකට පස්සේ පිය නඟපු පාරේකරස් කරස් සද්දෙටපෑගෙන කොළ යටපාරට නැමුණුවිසල් රුක් ගොමු යටඉපල් වෙලා ගියපරණ ගස් වැල් යටඑපා වෙලා හැලිල ගියමොරණ පිහාට්ටක් යටගලා ගෙන දියදොලේ පොඩි ගල් යටතාමත් මම දැක්කාආදරේ ටික ටිකකණාටු ගහකඅතු අග්ගිස්සකඅතෑරපු කූඩුවකකුරුළු බිත්තරේකකොළ අතර මතු වෙච්චපුංචි පැළයක් ළඟබලාපොරොත්තුවක් වැටිල තිබිලාඅහුලන් ආවාපරණ පාරක් දිගේ , තනියම ඇවිදපුමම෴ සොඳුරු ෴ ...
- පොත් ප්රදර්ශනය- සොඳුරු සිත ( Beautiful Mind ) - පොත් ප්රදර්ශනය -පුංචි ළමයි චිත්ර අදින අඩවිය , පොත් ප්රදර්ශණය බලන්න යන මගේ සිත කවදත් ඇද ගත්ත තැනක්...... මේ ඉන්නේ එතැනට ආපු පොඩිත්තෙක් අනිත් කෙනා ගැන විස්තර පසුවටමෙම වසරේ පැවැත්වුනු පොත් ප්රදර්ශණය ගැන සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්ම ලියලා තිබ්බ නිසා ඒ ගැන ලියන්න මගේ අදහසක් නැහැ.ඒ වගේම වත් පොත දිහා ගියොත් අපේ යාළුවන් කොයි තරම් නම් පත-පොත ට ලැදි ...
෴ සක්කර වට්ටම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ සක්කර වට්ටම ෴දාන සැර තරමට ම නැතත් බසය පණ අදිමින් ඉදිරියට යන බව ඔහුට දැනුනේ ඔහු නිසොල්මනේ වාඩි වී සිටිය දීම ඔහු පසු කරමින් ගොඩනැගිලි මිනිසුන් , ගස් වැල් ගමන් කරන්නට වූ බැවිනි. ඔහුගේ දෑස් අරමුණකින් තොරවම පසු වී යන ගොඩනැගිලි සහ මිනිසුන් වෙත යොමු වෙයි.“ මේ . . . . . . අනේ මේ බලන්න කෝ “කට හඬද ...
ගෙඹි බිත්තර... සොඳුරු සිත ( Beautiful Mind ) මගෙ පොඩි කාලේ....ගෙඹි බිත්තර...---------------වැහි කාලේ හමාර වුනා විතරයි.ඇත්තටම කියනව නම් ඊයේ රෑ වැස්සට පස්සේ අද දවසට තාම වැස්සෙ නැහැ. කාලෙකින් පස්සේ පොළවට දැනෙන්න ඉර පායල තිබුනා.අරහෙ මෙහෙ හැංගිලා ,ගුලිවෙලා ,පිම්ඹිලා හිටි කුරුල්ලෝ සමණල්ලු කලබලෙන් වගේ හැමතැනම පියෑඹුවා...... වැහි දවස් ටිකේම ඇහුනේ “ගෙබෙක් ගෙබෙක්.....ගෙබේබේබේක්...... සද්දෙ විතරමයි..... ඒක හරියට වැස්ස වහින තාලයට එකතු වුනු පසුබිම් නාදය වගේ එක දිගටම ......... ගෙබෙක් ගෙබෙක් ...
෴ හොද්දා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හොද්දා-------------------ස්ථානය- දකුණේ කැම්පස් එකක ගේට්ටුව ගාව .මුහුණේ මහන්සිය රැදි විඩාබරිත මවක්.ඇය විටින් විට සාරි පොටෙන් පවන් සලයි. ගෙල ඔසවා ගේට්ටුවෙන් ඇතුලත එඹී යමක් සොයයි.ඇය පාමුල තරමක කාඩ්බෝඩ් පෙට්ටියකි. එහි පුරවා ඇති බඩු මුට්ටු එළියට පනින්නට දඟලන දැගලිල්ල ආයාසයෙන් නවතා ඇත්තේ තදින් බැද ඇති ලණු කැරල්ලකිනි.“ ඇයි අම්මා...කාවද සොයන්නේ ““ උක්කුං පුතා ම්ම්.... මේ ....... අමිල පුතාව““ අමිල?............. අම්ම කොහ ද ...
නවතිමි සොඳුරු සිත ( Beautiful Mind ) නවතිමි---------------------------------------හරි වෙහෙසයි මටතනියෙන් ඇවිඳින්මේ දුර තව ඇති දිවි ගමනේතව දුර ඇති මුත් යන්නට නම් බැහැනැවතෙමි මෙතෙකින්මා මිතුරේ..................යන්නට හැකි නම්මා සමඟින් නිතිඅත්වැල් අල්ලා ගෙන සිතුසේමා මෙහි නවතිමිනුඹ යළි එනතුරුයන්නට බැහැ තනියෙන් මිතුරේනවතිනමම෴වත්සලා෴ ...
ලස්සන දවසක් සොඳුරු සිත ( Beautiful Mind ) පළමු කොටසට දෙවන කොටසලස්සන දවසක් තෙවන කොට සමා උකුලේ හිස හොවා ගෙන ඔහු ඉකිබිඳිමින් හඬයි.ඔහුගේ උණුසුමවැඩියෙනුත් කඳුළේ තෙතමනය ත් මට දැනෙයි. මා ඇදේ වාඩි වී සිටි අතර ඔහු බිම වාඩි වී මගේ උකුලේ මුහුණ සඟවන් හඬයි. . . . ඔහුගේ පලල් උරහිස් විටෙක ගැස්සෙයි. මගේ සිහින් ඇඟිලි තුඩු ඔහුගේ කැරලි කොණ්ඩය අතරේ හෙමින් හෙමින් එහාට මෙහාට යයි.ඔහු දෙස බලා සිටීමට ...
සුගත් හමුවුනෙමි සොඳුරු සිත ( Beautiful Mind ) සුගත් හමුවුනෙමි“කියන්න මට , ඔය හීනි ඇස් වල , පිරිලා උතුරන්න ඔන්න මෙන්න තිබ්බ කඳුළු, බිඳක් වත් කොපුල් මත නොසලා හිනා වුනු හැටි හදවතින්ම නුඹ ,සුබ පතල ඇයට “හ්ම් . . . . . නුඹෙ කතාව අහල , මගේ කඳුළු වැල් තාමත් බේරෙනවා කම්මුල් දිගේම.......“ අනේ සුගත් ...ඔහෙ හරිම මෝඩයෙක්පළිගන්න තිබ්බෙඇගෙන් හොඳ හැටිඊටත් වඩාදැන් උඹ මැට්ටෙක්නුඹ ළඟ ඉන්නමා නොපෙනෙනඋඹ නම් ...