ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ සොඳුරු සිත ( Beautiful Mind ) ෆ්ලොරෙන්ටිනෝ මුණ ගැසුනෙමි........ෆ්ලොරෙන්ටිනෝ . . . . .ෆ්ලොරෙන්ටිනෝ අරිසා . . . . . . . . . . මට ඔබ හමුවූයේ පොතක් තුල ගුලි වූ චරිතයක් ලෙස වුවත් , පොතින් දත් ඔබ හා ආදරයෙන් බැදුනේ ඔබ වැන්නවුන් මෙලොව නැති බැව් මා විස්වාස කළ බැවිනි. නමුත් නුඹ දන්නවා ද?එක් දවසක, එක් හවසක සැබෑ ලොව සැබෑ හමුවක දී මා වටා සිටි ...
බල්ලෙක් ගෙන් ලියුමක් ............... සොඳුරු සිත ( Beautiful Mind ) බල්ලෙක් ගෙන් ලියුමක් ...............ෆැෂනබල් පීපල් වෙත ආදරයෙන් ලියමි,අහම්බෙන් වගේ මට ඔයාල ගැන කියවන්න ලැබුනේ , උඩහ ගෙදර අක්කා , අක්කලාගේ අම්මට හොරෙන් මට බත් ගෙනත් දීපු පත්තර කොළේ තිබිලා.අනේ මට ඒ වෙලාවෙ හිතුනා ගමේ ගෙදරක වත්ත කොණේ තියෙන දර ගෙදරක නැතිව මාත් කොළඹ පාරක් අයිනේ බලු පැටියෙක් වෙලා උපන්නන් කොච්චර හොඳද කියලා. මං හිතන් හිටියෙ ,උඩහ ගෙදර අක්කලගෙ බල්ලා “ටොමිය“ ...
සඳ යහනට සොඳුරු සිත ( Beautiful Mind ) සඳ යහනට හෙට මෝරන හඳ අද අහසට වැදරහසින් මුමුණනවාතිර රෙදි අතරින් හිමිහිට යහනටසඳ දිය උතුරනවාසඳ දිය පිනි මත සැතපෙන කළ මටනුඹ ගැන සිහිවෙනවාසඳ ඇත තනිවට නුඹ නැතිවත් මටපෙම් මල් පූදිනවා — feeling පිස්සු at විත් අවුට් යූ. ...
අවාරේ සොඳුරු සිත ( Beautiful Mind ) අවාරය අවාරයට මල් පිපිලා ගේ දොරකඩ මල් ගහේ සමණළ බඹරුන් රෑනත් ගමේ ගිහිල්ලා වගේ වසන්තයේ අග පිපිලා දළු කොළ සුළඟට සැළුනත් ආදරයට කවදාවත් අවාරයක් නෑ ............. වසන්තයේ අග පිපි මල මම ෴සොඳුරු෴ ...
කටු සටහන්........... සොඳුරු සිත ( Beautiful Mind ) කටු සටහන්(අමතක වෙනවට ලියා තබමි )කඩල ඇටයදවසක් වඳුරෙක්ට කඩල ඇට දාපු උස බෙල්ලක් තියෙන භාජනයක් හම්බුනාලු.ඉතින් මේ වඳුරා . . . අත ඒ භාජනේට දාලා කඩල අහුරක්ම ගත්තලු.දැන් කඩල අහුර මිටි කර ගත්ත අත ටික ටික භාජනෙන් උඩට එනවලු.අත භාජනෙන් එළියට ගන්න ඔන්න මෙන්න තියෙද්දි , අර කඩල මිටෙන් එකමෙක කඩල ඇටයක් හැලුනලු ආපහු භාජනේටම. හරියට කලබල වුනු වඳුරු රාල ...
ලස්සන දවසක් දෙවන දිගහැරුම සොඳුරු සිත ( Beautiful Mind ) ලස්සන දවසක්දෙවන දිගහැරුමවර්තමානයෙන්පළමු කොටසට මෙතැනින්..................... සිටි ගෙස්ට් එක රජීටවත් මටවත් ආගන්තුක ස්ථානයක් නොවේ.නමුත් කිසිදු දවසක ඔහුත් මාත් වෙන් වෙන් වශයෙන් තනිව එතැනට ගොස් නැත. අදද සුපුරුදු වේලාවට ඔහු එන තෙක් හංදියේ මාර ගස යටට වී බලා සිටියේ යටි සිතේ කැකෑරෙන පළිගැනීමේ චේතනාව ද සමඟිනි. මා ඇඳ සිටියේ සුදු පසු බිමෙහි පුංචි රතු මල් ඉහිරුණු බ්ලවුසයකින් සහ සුදු පැහැති දණහිස තෙක් ...
හිත රැඳි - ළඟ නැති සොඳුරු සිත ( Beautiful Mind ) හිත රැඳි - ළඟ නැති නිමිත්ත :- අතීතයේ දී පෙමින් වෙලී සිට වෙන් වුනු පෙම්වතුන් යුවලක් , තම තමන්ගේ දරුවන්ගේ පාසල් සංවර්ධන සමිති දිනයේ දී හදිසියේ මුණ ගැසෙන්නේ තම වර්තමාන ලෝකයේ බිරිඳ හා සැමියා සමඟිනි. නුඹේම ඇස් ඇති පුංචි පුතෙක්මගේ සිනාවෙන් මුව සරසා ගෙනඔහුගෙ අතේ එල්ලී යන අන්දමතවත් කෙනෙකුගේ හෙවනේ සිට නුඹදිනක් බලා ගෙන උන්නා“මගේ ඇස් දෙකක් ආවේ කොහොම දසැකෙන් ...
ලස්සන දවසක් (පළමු කොටස ) සොඳුරු සිත ( Beautiful Mind ) ලස්සන දවසක්පළමු දිගහැරුමවර්තමානයෙන්බත් එක පුරා විසිරී ඇති නොයෙක් ආකාරයේ ව්‍යාංජන එලෙසම තිබිය දී ඔහු බත් පමණක් එක පිඩට අනමින් සිටියි.එයද බොහෝ වේලාවක සිට ඇනෙනවා මිසක උදරගත වීමට ලැබෙන පාටක් නම් නැතිවා මෙනි.“ මොකක් ද බං , උඹ තාමත් .. . . මේ මට මෙතැන හුරතල් වෙවී ඉන්න බෑ ,උඹල දෙන්න කාලා වරෙන් එහෙනම් මම යනව පහළට.නැතිනම් ලොක්කා පරල වේවි “සසංක ...
එක දවසක් ස්කෝලේ ......... සොඳුරු සිත ( Beautiful Mind ) එක දවසක් ස්කෝලේ .........අද උදේ ස්කෝලෙට බොහොම සුරතල් පුංචි අමුත්තෙක් ඇවිත් හිටියා. ළමයි ඒ අමුත්තා දිහා බලද්දි ළමයින්ගෙ ඇස් ප්‍රීතියෙන් දිලිසුනා. කාලච්ජේද අටේම මොන ගුරුතුමා/තුමිය පන්තියට ආවත් අලුත් අමුත්තා ගැන වචන කිහිපයක් කතා කරන්න ළමයි පසුබට වුනේ නැහැ.ඇත්තටම අද මුළු ස්කෝලෙ පුරාම ඒ අමුත්තා සැරිසැරුවා. “ ටීචර් , අද ගෙදර යද්දි මම මේකව බෑග් එකේ දාගෙන යනවා “ මගේ පන්තියේ ...
තටු නැති මැස්සෝ /Flies Without Wings, සොඳුරු සිත ( Beautiful Mind ) තටු නැති මැස්සෝ / /Flies Without Wingsසුරේඛා ගේ සීතල අත මතින් තැබූ සුදේවගේ උණුසුම් අත උද්‍යානයේ කිසිවෙකුටත් නොපෙනන පරිදි තම සාරි පොටින් වසා ගැනීමට සුරේඛා උත්සාහ කරේ අවිඥානිකවමය.ඔහුගේ අතේ උණුසුමෙන් මිදීමට ඇය සිත නොකැමති වූ පමණටම එය කවරෙකු හෝ දකීදැයි ඇගේ හදවත මොර ගාන්නට විය.සුදේව තව තවත් ඇය වෙත තෙරපෙද්දී කලබල වූ සුරේඛාගේ දෑස් දිව්වේ උද්‍යානයේ පුරා කොන්ක්‍රීට් බංකු මත ...
-පසුතැවීම- සොඳුරු සිත ( Beautiful Mind ) -පසුතැවීම- “ දෙන්න . . . .“ බස් එකේ වාඩි වෙලා යන මගේ උරහිසේ , බස් එකේ හිටගෙන යන ඔයාගේ අතේ තිබ්බ පොත් ටික විටින් විටේ වැදුන නිසා , පොත් ටික ඉල්ල ගත්තා “ පොත් ටික ඉල්ලන්න උඩ බලද්දියි මං දැක්කේ,ඔයාගේ ඇස් තිබ්බේ මගේ දිහාවට කියලා.ඉබ්බ වතුරට දාන්න ද ඇහුවම “ඇන්නාවේ “ කීවා වගේ.ඔයාගේ දිලිසුනු ඇස් වලින් හිනා වෙන ගමන් ...
මගේ උපන් දිනය / My Birthday සොඳුරු සිත ( Beautiful Mind ) මගේ උපන් දිනයහීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත් පුංචි නැටුම් කුරුල්ලෙකුගේ මිහිරි ගීයක් ඈතින් ඇසෙයි.එය එකම ස්වරයේ විවිධ පරාසන් විය හැකි බැව් අඩනින්දෙන්ම මට සිතුනි. ඇලයට හැරී නින්ද ගොස් සිටි නිසා යන්තමින් හිරි වැටී තිබුනු දකුණත ඔසවා වමතින් පිරිමැද , නැවතත් අනිත් ඇලයට ...
සාස්තරේ සොඳුරු සිත ( Beautiful Mind ) සාස්තරේ................යන්න උනා අද පන්සල්තියන්න පූජාපත්තු කරන්නට පහනක්අබ තෙල් දාලාඅම්ම ගිහින් අද උදයේසාස්තරේ අහලාතක්කෙට තරිකිට හරියටමා ගැන ඔහු කියලාභූමියක් ද කෙනෙක් ගැනදඅහන්නාවේ ඔහෙලාදූ ගැන ලොකු දූ ගැනඅම්මා කට ඉස්සර කරලාමහතත් නැති කෙට්ටුත් නැතිකෙනෙක් නේද අහලාඔවු ඔවු ඒ දූම තමයිඇය හූමිටි තියලාකම්මුල් පිරිලා මහතයිනලල ටිකක් ඉදිරියටයිහරියට හරි දෝණි තමයිසතුට මුවේ පිරිලාතනිකඩයා නේද තාමසාස්තරේ අහලාඔවු ඔවු ඇය තව තනිකඩඅම්මත් හූමිටි තියලාබය වෙන්නට එපා ...
සිහිනයෙන් ඔබ්බට සොඳුරු සිත ( Beautiful Mind ) සිහිනයෙන් ඔබ්බටආදරයට ඇය දුන් සිය දහසක් අර්ථ කතන එකින් එක ඉතා වේගයෙන් ගිලිහී යමින් තිබුනි. දර්පණයෙන් පෙනෙන මුහුණේ දැකිය හැකි හිස් සුන් ගතිය එයට සාක්ෂි සපයයි. පිරුණු පපුව මතින් රූටා වැටෙමින් තිබූ සාරි පොටක් අල්ලා කටු ගැසිය යුතු වුව ද ඒ සඳහා ගත කරන කාලය අපතේ යන විනාඩි ගණනට ගැනෙන බැවින් රූටා හැලෙන්නට එයට ඉඩ දිය යුතු යැයි සිතුනි.“ ළමයෝ ...
මා දමා....ඔබ ගියා සොඳුරු සිත ( Beautiful Mind ) මා දමා - ඔබ ගියා ඒ අත බැලුවත්මේ අත බැලුවත්කළුවර ඇයි විජිතයම මගේනෙත් ඇර බැලුවත්වහගෙන බැලුවත්මතකොට එයිනුඹෙ රූපෙ අගේ( හිතුව ද ඒ ඔයා කියලා )මේ වාරේ නම්ගෙදරිනුත් විරුද්ධයිවෙනසක් නැහැඇය ගත් මතයේතර්ජනෙ කරලාගහලා බැනලාකියන්නෙ එකමෙක දෙයයි අනේ.................“ වහපිය ලයිට් - හිටපිය කළුවරේ “ඉතින්කළුවරේ ඉන්නමම෴ සොඳුරු ෴ ...
කළුවර / Darkness සොඳුරු සිත ( Beautiful Mind ) කළුවර / Darknessනිදියා ගන්න බයයි මටසීතල කළුවර ඇවිදින් වැළඳ ගන්නවා මාවඇස් අරින්න බයයි මටකළුවරේ මුල්ලක මා දිහා බලන් ඉන්නවා කවුදකකුල් දිගු කරන්න බෑ මටසීතලම සීතල දෑතක ස්පර්ශය දැනෙනවා මටමූණ පෙන්වන්න බෑ මටනොපෙනුනත් දැනෙනවා කවුදෝ ඉඹිනව මාවඋණුසුම් සුසුම් වැදෙනව කම්මුලටපොරෝනය විසි කරන්න බෑ මටබළල් පැටියෙක් වගේ උණුහුමට ගුලිවෙනව කවුදේ මගෙ පපුවටපොරෝනය පෙරවන්නත් බෑ මටපොරෝනය ඇතුලෙ පුංචි රණ්ඩුවක් දැනෙනවා මට“ ඇයි මෙහෙම ...
මූණු පොතේ කුමාරයා සොඳුරු සිත ( Beautiful Mind ) මූණු - පොතේ කුමාරයා“ කුමලී. . . කුමලී. . . . මෙහෙ වරෙන් කෙල්ලේ . . .ඉක්මනට දුවල වරෙන් “මගේ කාමර සඟයා “ සජිනි “ මා අමතා උස් හඬින් සහ කලබලයෙන් කෙරුනු ඇමතීම ඇසී , රෙදි වැලට දැමීමට අතට ගත් තෙත සාරිය නැවත බේසමටම දමා මම ඇය සිටිනා දෙසට දිව ගියෙමි.ඇනෙක්සියේ ඉදිරිපස කුඩා මිදුල වැසෙන්නට වැවී ඇති අඹ ගස සෙවනේ ...
මැක්කයි මායි සොඳුරු සිත ( Beautiful Mind ) මැක්කයි මායි“ මං බව්වෙක්..........සොඳුරුලගෙ වත්තේ පිටිපස්සට මාව කණෙන් අරන් ගෙනත් දාද්දි ,මයෙ අම්මත් කෙදිරි ගගා මයෙ පස්සෙන්ම ආවා මට මතකයි.එදා ඉදල අම්මයි මායි ජීවත් වුනේ සොඳුරුලයෙ වත්ත පිටිපස්සේ තේ පඳුරු අස්සේ. කවුරු හරි ඈතින් එනකොටම අම්මා මට සංඥාවක් දෙනව.මම තේ පඳුරු අස්සට දුවල හැඟෙනවා.ඒත් ඊයේ අම්මා මට කීවා...දැන් මං ලොකුලු. හැංඟිලා හිටිය ඇති ලු.මම බල්ලෙක්ලු.මිනිස්සු නපුරුයි ලු.සැරට ඉන්නලු........ ඒ උනාට ...
අවුරුදු දා ගෙදර ගිහින් සොඳුරු සිත ( Beautiful Mind ) අවුරුදු දා ඇගේ බිත්තිය වසා ඇත බිත්තියේ කුමක් දෝ අලවා ඇත ඔහුට දැනුනේ දැඩි පාළුවකි ඔහු අවුරුද්දට ද බෝඩිමේය කාමරයේ තනිවමය සිටින්නේ දුර ඈතය නිවසින් ,ගමෙන් , රටෙන් දුර ඈතය ඇය ඔහු ළඟ තනිවට සිටි ඔන්ලයින් මිතුරියයි අද ඇය කොළ පාටින් දිලෙන්නේ නැත බිත්තිය වසා කොළයක් අලවා ගොසිනි... “ අවුරුද්දට ගමේ යමි “ පුදුගලික තැපැල් පෙට්ටියේ රතු පාටින් එක ...
-වේලාසන කොහා ඇවිත් ? - සොඳුරු සිත ( Beautiful Mind ) වේලාසන කොහා ඇවිත් ?“ ටක බක ටක බක ටක බක................““ අයින් වෙන්න කො ළමයෝ......... “ අම්මා ගේ වම් කකුළට අසුවූ මගේ දකුණු පාදයේ සුට්ටන් ඇඟිල්ල මිරිකී යද්දි , අය මට පැවසුවේ සැබෑ සෙනෙහසිනි.එහෙත් ඇය මෙය මසා නිම වනතුරු මෙතැනින් සෙලවීමක් නම් නොමැත්තේමය.අම්මා මැෂිමේ සුපුරුදු අන්තයේ වාඩි වී මසද්දි.මා ඇයට හාත්පසින්ම විරුද්ධ අන්තයේ සිට පැඩලය පාගමින් ඇයට දිරි දෙමි.“ කෝ....මෙහෙට එන්න ...