෴ අවසන් රචනාව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රචනාව ලියා නිම කිරීමට මා හට වැඩි වේලාවක් ගත වූයේ නැත. මෙතෙක් දින තිබියදීත් , අවසාන දිනයේ තක්කෙට වැඩ කරන්න මා පුරුදු වූයේ කවදා කොහේ දී දැයි මට මතක නැතත්. තක්කෙට කරන ලද බොහෝ වැඩ කටයුතු කල්තියා සිදු කරන ලද ඒවාට වඩා සාර්ථක ප්‍රතිපල නෙලා ගෙන ඇති බැවින් , කිසිදිනක වේලාපහ වැඩක නිතර වීමේ දැඩි උවමනාවක් මා වෙත නොවීය.ලියූ රචනාව ...
෴ විඩක් කමු ද ? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ එපා ළමයෝ , මං දැන් කිපාරක් කීව ද ? බුලත් කෑවම අකුරු කියන්න බැරි වෙනවා “ සීයාගේ විඩ බංකුවේ වූ කොටනා ලදුව , හොර රහසේම මයෙ කටට ගිය විඩ කුඩු කටෙන් විසි කිරිමට මා එළියට දීවේ තකහනියෙනි. තවමත් හරිහැටි පාට නොගිය , ලස්සන රතු පාට විඩ කොටේ මිදුලේ පැත්තක දිලිසෙන්නට වූව ද , මම මහ හයියෙන් “අ“යන්න “ආ“ යන්න ...
෴ දුක් කවිය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියල් සපිරි දුක් කරදර උසුලානහොඟක් දුර ඇවිත් කාටත් නොකියාමතවත් බොහෝ දුර ගමනක් ඇතිවාටතනිව යන්න බැහැ මඟ පාළුයි තාමදුකින් ඇයි ද විමසයි මිතුරන් සෑමඔවුන් දනී මා , සිත සොඳුරුයි තාමඇවිත් යන නිසා ඉඳහිට වත් තවමනැතේ මියැදුනේ පිපිමල මා ගාවඅඬනට සිටින නෙතු පාරන අය ගාවසෙවනට වඩා , සිසිලයි සැඩ හිරු තාමඑවැනි දුදනන්ගෙ නෙතු හී වැඳුනාමහදවත දැවී අළු වී යයි නොදැනීමසුසුම් පෙළ ගැසී ...
෴ අලුගෝසුවා / Executioner ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රටේ ගැලවුම්කාරයාඅපේ කාලයේ වීරයාපෙළ ගැසෙවු අමනයනි දැන්ශිශිර කාලය නිමයිරටේ භාග්‍යය තමයිඅගු පිලේ ලැගලා තිබූමිනිස් සිත් අහුලා ගමූපවක් කෙරුවොත් සිහිනයෙන් වත්ගෙල සිඳෙයි සිරුරින්මිනිස්කම වැජඹෙයිහේතුව පස් යට ලියන කාලේඵලය සොයා නසනාමරණය මිස නැහැ අහන්නෙ බෙහෙතක්මිනිස්කමට අගනා --------------------------------- ප/ලි :- බල්ලකු මැරුණත් මහ පාරේ“අනේ අපොයි “ කියනාමිනිසුන් සිටියලු ඉස්සර කාලේදැහැමි දිවිය ...
෴ පැටියා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඔහු පැටියෙකි ,ඉනිවැට ළඟට වී මඟ බලාසිටින්නේ දැන් සෑහෙන වෙලාවක සිට ය, කලිසම් කොටයක් හැදි මදක් තළෙලු සිරුරෙන් වෑහෙන්නේ ගස් ගඳයි. පිසදා නැති නාසය දිගේ වෑහෙන සොටු දියර , වරින් වර දිවෙන් පිරිමදියි.“ අයියා . . . . . අනේ එන්නකෝ “මැටි පැළ දෙසින් ලැබුන කැඳවිමට පැටියා දිව ගියේ , මදක් දුවන විට හැලෙන කලිසම විටින් විට බඩ තෙක් උස්සමිනි.“ ...
෴ කපුටා සහ කේජු ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දවසක් නරියෙක් මහ වන මැද්දෙන්හරි බඩ ගින්නෙන් සැරිසරනාගස් අතු අස්සේ දිලිසෙන කපුටෙක්නරියගෙ නෙත මත දැවටෙනවාඅසරණ කපුටා කොහෙන්ද ඩැහැ ගත්කේජු කෑල්ලක් දිලිසෙනවානරියගෙ බඩගිනි එය දුටු අස්සෙමබඩ පනුවන් හරි වද දෙනවාකපුටා ගහ උඩ ,නරියා පාමුලකොහොම ද මෙය මං ඩැහැගන්නේනරියා ගේ සිතුවිලි මේ ඔස්සේසැලසුම් අදිනට වෙහෙසෙන්නේ කපුටා කලු පාටයි හරි අපුලයිනරියට ඒ බව සිහිවෙන්නේලස්සන කපුටෙකු කෙරුවොත් නරකද නරියා අවසර ලැබ ...
෴ කුණු ඩ්‍රයිවර් ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ මැඩම් , අදත් ටැක්ටරය කුණු ගොඩ දාලා ගිහින් “ කාර්යාල කාමරයට පැමිණ අසුන් ගන්නටත් මත්තෙන් , ක්ලීනින් සර්විස් එකේ වැඩ කළ පුංචි නමුත් කඩිසර ගැහැණිය ආඩපාලි කියන්නට තබා ගත්තේ , දවසම කන්දොස්කිරියාවක් වන බවට ලකුණු පහළ කරමිනි.“ ඒක තමයි , මං දැක්ක ගේට්ටුව ගාව ““ ගන්ධස්කාරේ ,එතනින් එන්න බැහැ නෝනෙ , අපිටමයි වදේ ආයෙ ආයෙ සත්තු ඇදල දැම්ම ම, ...
෴ අවසන් පදය / The Last Verse ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කවදාවත් නැතිව කවි පද ලියවෙනවා හැමදාටත් වැඩිය නුඹ මට සිහිවෙනවා මා පෙර කරපු පව් මේ මට පල දෙනවා අවසන් පදය තවමත් මට වද දෙනවා නෙතකට කඳුළු කුමකට දුකකුත් නැත්තම්වතකට සිනහ කුමකට සතුටක් නැති නැතිනම්මවකට සෙනේ කුමකට බිළිදෙක් නැතිනම්මා සිත කුමට නුඹ මා සිත ළඟ නැතිනම් නිදිමත ඇවිත් නුඹ කොයි දෝ විමසනවාබොහො දුර ගිහින්, නෙතු ඇහිපිය පවසනවානිදිමත එපා රැය දිගු කර ...
෴ බබෙක් උපන්නා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සුපුන් පුන් සඳ බිමට අවුදින් ඇගෙ අතේ දොයියයි රෝස තොල් පෙති ඇඟිලි අත පය අල්ලන්න ලෝබයි මල් සුවඳ පා කරල ඈතට කිරි සුවඳ උතුරයි බබෙක් ඇවිදින් අපේ ලෝකෙට ගෙයම මෘදු සිසිලයි සුරඟනන් නිති සෙමෙර සලමින් ඔහු අසල ගැවසෙයි සිහිනයෙන් සිහිනයට නිරතුරු මදහසම නංවයි පුතේ නුඹ අද අපිට එක් වුන ලොකුම සම්පත වෙයි මතු දිනක එක් සොඳුරු මිනිසෙක් නුඹ තුළම සැඟවෙයි ...
෴ හිත් මත් කළ පොත් වසන්තය සහ තවත් දේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සාහිත්‍ය මාසය වෙච්චි , BMICH එකේ තියන පොත් ප්‍රදර්ශණයට මාත් ගියා , තනිව ගිය ඒ ගමන හරිම වෙහෙසකාරී එකක් උනා. වැඩි වේලාවක් ගත කළේ ප්‍රසංග ඉදිරිපත් කරපු පුංචි ඈයෝ දිහා බලන්. හොයපු පොත් නැහැ. “ ඒ පොත ඉවර උනානේ , හෙට ගේනවා මිස් “ එතින් අච්චර දුර ඉදන් මම කොහොමෙයි හෙටත් එන්නේ. “ මේ පොත කීය ද ? “ “ ...
෴ තරු මං ඔස්සේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මාත් නොදන්න නුඹත් නොදන්න , අපි කවුරුවත් නොදන්න ඈත ඈත ඈත ඈත කාලෙක රෑ අහසෙ තරු තිබ්බෙ නැහැ. හඳ තිබ්බෙත් නැහැ. මහා මූසල ඝණ අඳුරකින් මුළු රෑම වැහිලා තියෙනවා. භයානක විසකුරු සතෙක් වත් මහ රෑ එළියට බහින්නෙ නැහැ. ඒ තරමට , කෑලි කපන තරම් අන්ධකාරයක් මුළු අහස වගේම රාත්‍රි පරිසරය වෙලා ගෙන තිබ්බා. ඔන්න ඒ කාලෙ ජීවත් වෙලා ඉඳල තියෙනවා ...
෴ හාවා සහ ඉබ්බාගේ තරඟයේ අභිරහස විසදෙයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA <![endif]--><!--[if gte mso 9]>
෴ නොකියාම නික්ම ගිය දේවේන්ද්රසං ට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සකුරා මලින් මලකට නොම පියමැන්න සකුරා නෙලා නොගෙනම එය රස වින්ද සකුරා මලේ සුවඳට නිති පෙම් බැන්ද නොරිකෝ කියා මලකට නමකුත් ඇන්ද වෙනතක යා නොදී තම වෙත සිත රන්දා ඇගෙ සිහිනයේ කුමරා වී නම රදවා එනමුත් ඇගේ අත නොගෙනම හිත බිඳවා කිම නුඹ කළේ, නැත නුඹ කිසිවකු හඳුනා තෙලි තුඩ අඟින් සිතුවම් කර සිත හඳුනාඒ සිත්තමම බොඳ කර හදවත හඬවාඇදි ...
෴ පිඹුරා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් නොහොත් එදවස භාෂාවෙන් නම් උප දිසාපති කාර්යාලයකි..... බරුති පොහොර උරයක් කර තබා ගත් අහිංසක පෙනුමැති ගැමියෙකු ලහි ලහියේ කාර්යාලය වෙත පියමන් කරයි.... කාර්යාල සේවකයකු අසල නතර වූ ඔහු.... බොහොම අපහසුවෙන් තම සරමේ ඉන රැදි කඩදහියක් ගෙන එය පෙන්වමින්.... " මහත්තයෝ.... උප දිසාපති තුමා මේ ලියුම් කඩදහිය එවල තිබුන.. අද ඇවිත් මුලච්චි වෙන්න ...
෴ නොසැඟව ඉමි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පිපෙන මල් වල සුවඳ නොවිදම වහන්වන්නට මල් වනේ ගැයෙන ගී පද සවන් නොවිදම වහන්වන්නට ස්වර හතේ තුෂර බිඳු වල සිසිල නොබලම වහන්වන්නට හිම කැලේ සිතුනෙ ඇයි මට වහන්වන්නට සියල්ලන්ගෙම සිත් කොනේ මිතුරු දම් අග වටිනකම ගැන මනින්නට මිනුමක් නැතේ බිඳුන සිත දුක් විඳින සිත සැමදාම එක ලෙසටම නැතේ නුඹ ගියත් මේ ලොවින් ඈතට මා ඉතින් මිය යමි කෙසේ සිහන මතකය තුරුලකට ගෙන සිනාසලනෙමි මේ ලෙසේ. දුක ද සැනසුම ...
෴ ඉටු නොවන පොරොන්දු / Broken Promises ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වළාකුළක නැගල ගිහින් ක්ෂිතජය පසු කොටදේදුන්නෙන් එතෙර වෙලා මුහුදු හතක් දුරතරු පුරවන් වට්ටියකට සඳ හිදවා මැදඑන්න ද මම නුඹ බලන්න මාසෙ පෝයෙ අගYou never should've gave me broken promises.නීති තියෙන්නෙ පිළිපදින්න , පොරොන්දු තියෙන්නෙ ඉටු කරන්න. . .කවුද එහෙම කීවේ. නීති පිළිපදින අය ඉන්නව නම් නීති වලින් පලක් නැහැ. ඒ වගේමයි පොරොන්දුත් . . . . .පොරොන්දු වෙන්න බැරි මම෴සොසී෴ ...
෴ ජීවිතේ අතරමඟ - දිය සුළියකට හසුව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ලියන්න ගත්ත කතාව ලියල ඉවර කරන්න තරම් හිත සංසුන් නැහැ. . . . . . ජීවිතයක් පුරා වෙනස් වෙන්න ඕනි දේවල් ගොඩක් ,පුංචි කාල සීමාවක් ඇතුලත වෙනස් වෙනව වගේ හැඟෙනවා.ඒ වගේ දෙයක් දරා ගන්න හරි අමාරුයි. රස්සාව , පරස්තාව , සම්බන්ධකම් , බැඳීම් , පරිසරය , මේ හැම දේම එක මනුස්සයෙක් වටා එකවර වේගයෙන් භ්‍රමණය වෙන්න ගත්තම ? ? ? ...
෴ ලියන්නියකගේ ප්‍රේමය හෙවත් Pouring My Heart out on Paper ෴(පළමු කොටස ) සොඳුරු සිත ( Beautiful Mind ) දුහිවිලි පිරුණ , අත් ඇදි කැඩී ගිය හාන්සි පුටුවේ ඔත් ඇය , මදක් හතිලන්නට වූවාය. ඇය කාමරය සිසාරා නැවතත් නෙත් හෙළුයේ , දීර්ඝ සුසුමක් වාතලයට මුසු කළාය. එවිටම වාගේ , කාමරයේ දොර රෙද්ද අතරින් පාත් වූ කටහඩක් , ඇගේ දුර ඈත ගොස් සිටි සිත කැදවා ගෙන එන්නට සමත් විය.“ අම්මා , මම යනවා නෙත්මිගෙ ගෙදර , දවස් කිහිපයකට එන්න වෙන එකක් ...
෴ නුග රුක නුඹයි ෴ සොඳුරු සිත ( Beautiful Mind ) නුග රුක නුඹයි - සිතකට සෙවනක් දුන්න නොම යා නොදී - වෙනතක මා සිත දුන්නසෙවනට වෙලා ඉන්නට - මා පෙම් බැන් දඅද නුඹ කොහිද - සෙවනක් නැහැ මට ඉන්නතව බොහො රුක් ඇතත් - සෙවනට ගෙන්වන්න නැහැ නුඹ වගේ - සිසිලක් එහි මට දෙන්නගිනි ගන්නා ගතට සුවයක් වී ඉන්නඅය ගෙන් පලක් නැහැ සිත නැත්තම් දෙන්නසිත යදිනවා නැවතත් නුඹ දැක ගන්නසිහිනය දිගේ සෙවනක් වී ...
෴ දෙබස ( එයයි , මමයි වගේ තමයි )෴ සොඳුරු සිත ( Beautiful Mind ) රතු සුදු ලා දම් කහ නිල් රන්වටකුරු දිගැටි සිහින් හතරැස්නටු කොට දිග නටු අග පිපි මල්මෙහැමතුරින් නුඹ සෙවූ මල මම්පෙති වැඩි සුවඳැති රෝස කුසුම්සෙවු ඔබ ඇයි මං ළඟ නැවතුම්සමණළ වෙස් අරගත් දෙඹරුන්රෝස කුසුම් ළඟමයි නැවතුම්මධු සුවඳින් සිත මත් වීලාරුව පැහැයෙන් ගත හිරි වැටිලාලස්සන මල් වෙතටම බැඳිලාදුක් ගඟුලේ උන්නෙමි ගිලිලාදුක දැනුනම තටු කඳුළින් පෙඟිලාහදවත සැමතැන කටු ඇනිලාවතුසුදු මල ළඟටම ඇදිලාආදරයෙන් තටු ...