෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴ සොඳුරු සිත ( Beautiful Mind ) මේ ඊයේ පෙරේදා දවසක පුංචි හවස් වරුවකගබඩා කාමරයේ මුල්ලකතිබිල හමුවුනාමං පුංචි දවස් වල ඉස්සරමයෙ ළඟ මයෙ හිස අද්දරනිතරම සිටි මේ මිතුරාඇයි ද ගොළුවෙලාදුවිලි පිසදා අරගෙනමලකඩ කෑ තැන් පිසගෙනගබඩා කාමරයෙන් ඉවතටඅරන් පිට වුනාමයෙ ස්කෝලෙ දවසකමයෙ ළඟින්ම මොහු ඉදගෙනමර හඬ දී ගෙන දුන් වදමට අයෙත් සිහි වුනාට්රීං ට්‍රීං ගාගෙන මයෙ සිහින බිඳන් ඇහැරෙනඅල්ලා මිටිකර ඈතටවිසිකරා සිහිවුනාආයෙත් අහුලන් අරගෙනමයෙ ළඟින්ම හිදවා ...
෴ මිලින මල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තාලයට එහා මෙහා යන පිස්නයට හසුවී වැහි බිඳු අතුරුදන් වන බැවිනි. එසේම මගේ සිත ද වරින් වර අපැහැදි අතීත මතක අතරත් , පැහැදිලව පෙනෙන නමුදු විස්වාස කළ නොහැකි වර්තමානය අතරත් සරන්නේ , ඇගේ වේදනාබර කෙඳිරියක් පිස්නයක් බවට පත් වෙමිනි.එකඟ කර ගත නොහැකි වූ මා ...
෴ නුඹ ඔතැන - මම මෙතැන ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දනිමි මා මියෙන වගදනිමි පල නොවන වගනමුත් පවසනු කෙලෙස නුඹ ඔතැන මම මෙතැනඑක ගෙපැළ එකම මඟ එකම පාසල තුලද හමුවුනත් එක වෙනසනුඹ ඔතැන මම මෙතැනනුඹේ දූ දරුවනුත්මගේ පොඩි දරුවනුත්එකම පංතියෙ වුනත්නුඹ ඔතැන මම මෙතැන ප්‍රිය බිරිඳ මඟ ඇරෙනගේ දොරද අතහැරෙනදින ඇවිත් වග දනිමිනුඹ ඔතැන මම මෙතැනඑකම ඉර සඳ උනත්එළිය වෙනසක් නැති දහෙට ලොවට මිය ඇදෙනමම මෙතැන ලොවට රහසින් හඬන නුඹ ...
෴ ඉරිසියාව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හිත රිදුන හොඳටෝම නුඹේ හාදුව ,ඇගේ හාදුව හාද වෙනකම්මං නුඹට ආදරෙයි කියලා මං දැනන් වුන්නෙ නැහැ ඉරිසිය හිතුන හොඳටෝමමයෙත් එක්ක දුරක් ඇවිත්ඇගේ ළඟින්ම වාඩි වෙනකම්නුඹ ළඟ ඉන්න මං කැමැති බව මං දැනන් වුන්නෙ නැහැදුක හිතුන හොඳටෝමනුඹට හිතැති මයෙ හිතනුඹ මටත් හොරා උගස්කරල බවමං දැනන් වුන්නේ නැහැ “Love sees sharply, hatred sees even more sharp, but Jealousy sees the sharpest for ...
෴ වැසුන සිත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඔයාගේ හිත තදකරන් වහල, වටේට හොඳ තාප්පෙකුත් බැදල, ඉබ්බ දාපු ගේට්ටුවෙන් මාව ඇතුලට අරන්, ඉස්තෝප්පු වේ පඩි පෙළ ළඟ මාව තුරුළු කරන් මයෙ හිස සිඹලා , පපුවට තුරුල් කරන් මයෙත් එක්ක කතා කරන ගමන්, මයේ හිතට යන යතුර ඉල්ලනවා. තාප්ප නැති, ගේට්ටු නැති , මයෙ හිතට යතුරුත් නැති බව ඔයාට අමතක වුනා ද? වැහුන හිතක් එක්කආදරයෙන් බැදුනමම ෴සොසී෴ ...
෴ අසම්භාවී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි. බහුතරයක් මිනිසුන්ගේ ජීවිත කතාව ඒකාකාරීබවක් ඉසිලුව ද , ඇතැම් ජීවන සබඳතා සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින් ඔබ්බට ගිය අවස්ථා අත් දැකීමේ දී , මෙලොව එවැනි සබඳකම් ...
෴ ළං වීමක දුර ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පහන් වැටක පහනක් වෙන්න ද මං පහන් වැටේ ඉඩ මදි ළමයෝ පිපි මල් පොකුරක මලක් වෙන්න මං මල් අත්තට බර වැඩි වෙයි ළමයෝ රෑ තරු අතරේ තරුවක් වෙන්න ද සොයා ගන්න බැරි වෙයි ළමයෝ ඔය හිත ඉඩ මට පොඩ්ඩක් දෙනව ද මයෙ හිත මා ළඟ නැහැ ළමයෝ There are times when I am really down, and all I want ...
෴ බ්ලොග් ලිවිල්ල ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සොඳුරු ට මතක කාලෙ හැටියට නම්, සොඳුරු ලිවිල්ල පටන් ගත්තේ මොන්ටසෝරියෙන්, ඉස්සෙල්ලම ඉරි, ඇද ඉරි, කෙලින් ඉරි, බින්දු වලින් පටන් අරන් ඩබල් රූල් පොත් වල රූල් පිරෙන්න එකම අකුර පිටු ගනන් වල, මක මක, වරු ගනන් ලියපු සොඳුරු අද ලියන්නේ සයිබරයේ දහසක් දෙනා කියවන පිටු වල. සිංහල යුනිකෝඩ් වලට පිං සිද්ධ වෙන්න , සොඳුරු ආපු ගමන සොඳුරුටම හිතා ගන්න ...
෴ අඳුර ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියල් සපිරි දුක් කරදර උසුලානඇවිත් බොහො දුරක් කාටත් නොකියාමලොවින් වසන් වී තනිකම කැදවානසිටී මාව නුඹ දුටුවේ නම් කෝමලොවින් වසන් වී මේ ලෙස සැඟවෙන්නඑපා ළදේ මං ඉන්නම් සැනසෙන්නනෙතේ උණු කඳුළු බිද මදකට මට දෙන්නළඳේ නුඹ හිසත් පපුවෙ සතපන්න නුඹේ උණුසුමට මදකට ලොබ බැදලානෙතේ කඳුළු ගං පතුලක සිරකරලාලොවේ අනගි මධු රස ගෙන කලතාලාමැවු ලොවේ මං උන්නේ මත් වීලානැතේ වැඩි දෙයක් නුඹ හට, ...
෴ සෙනසුරාට සෙනෙහසින් / To Saturn With Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සීත දුරුත්තට යන මඟ පෙරමඟටම විත් දත් නියවන් කෙස් උගුලන් රාක්ෂ වේසෙන් ඝණ දෙවියන්ටත් බට කොළ කැවු මේ නිරිඳුන් තරාදියට එනවලු මේ නොවැම්බරේ රටට හොඳයි මහ එවුන්නට හරිම හොඳයි ලු පොඩි එවුන්ට නැහැ කරදර හරිම ජයයි ලු මොන පිස්සු ද සෙනසුරාට රටක් අහුවෙලා පොඩි එවුන්ව ගුලි කරාවි මිටට අඹරලා කොහේ නැතත් දිගු පෝළින් මොක ද අතන වෙන්නේ බලව ගන්න කේන්දරේ ...
෴ අනාරාධිත සුන්දරිය / The Uninvited Beauty ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රජයේ කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත් පෝළිමට වගේ කාර්යාලයට ඇදෙන පොත් වෙළෙන්දෝ, සාරි වෙළෙනේදෝ , විදුලි සහ ඉලෙක්ට්‍රික් උපකරණ වෙළෙන්දෝ , රූපලාවණ්‍ය වෙළෙන්දෝ , අත් ඔරලෝසු වෙළෙන්දෝ මෙකී නොකි වෙළෙන්දො නිසා. ඇත්තටම කියනව නම් අපේ වැටුප් දවස් අපිටත් වඩා හොඳින් දන්නෙ ඒ අය. ඒ වෙළෙන්දන් ට කාර්යාල පරිශ්‍රය තහනම් බිමක් කරන්නත් බැරි ...
෴ මගෙ ආදර නපුරිච්චී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ආදර වැස්සට තෙමෙන්නබැරිව ඉතින් මඟ රැදෙන්නහිටිය නුඹව ගෙන ආවාකුඩේ යටින් සිරි විඳින්න මුරණ්ඩු ගති නොම ඇරෙන්නනුඹ ඉන්නෙම වලි අදින්නමගෙ හිත හෙම්බත් කරන්නනුඹ කැමැතිම දුරින් ඉන්නමලක් වගේ සිත පිරෙන්නමම ආසයි ළඟින් ඉන්නඅනේ ඒත් නුඹ මේ හැටි නපුරු ඇයි ද මට කියන්න මා ආදර හද පිරෙන්න නුඹ විතරයි ළඟ රැදෙන්නෙසඟවමි ය මා නුඹගෙන්ආදර බව නොම හැඟෙන්නළං වුනොතින් දුරස් වෙන්නමට බැරි වෙයි කඳුළු ...
෴ යළි නොපායන් සඳ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බොහොම ලස්සනට පිළිවෙලට පීරපු කොන්ඩයක් ඇයට කවදාවත් තිබුනද කියල ඔහුට මතක නැහැ. ඔසරිය අදින දවසට නම් බැද ගෙන එන කොණ්ඩ ගෙඩිය නිසා එදාට ඇය හරිම නිවුන තැනපත් ගතියක් ගත්ත බව නම් අමතක වෙලාත් නැහැ.නමුත් තමා ඇගේ අපිළිවෙල කොණ්ඩයටත් ආදරය කරපු බව විතරක් ඔහුට හොඳටෝම මතකයි.තමන් ඇයට ආදරය කරන්න පටන් ගත්ත දවසෙ තිබ්බට වඩා පිළිවලක් ලස්සනක් ඇය ඔහුගේ ආදරය පිළිගත්ත දවසෙ ...
෴ ඇයි / Why ? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සීතල නිල් දිය රැලි පිරි විලක පිපුන නිල් නෙළුමක්විලත් නොදැන කෙනෙක් ඇවිත්නෙලන් යන්නෙ ඇයි ?දහසක් ආදර කවි වැල්උණුසුම් රාගිත ඇරයුම්සඳට කළත් සඳ අහසෙමනතර වෙලා ඇයි ?කෙත් වතු බිම් සාර කරන්මල් පලතුරු පුබුදු කරන්ගලාන යන ඟග මුහුදින්නතර වෙන්නෙ ඇයි ?දුකට හඬන්නට කඳුළුත්හිසට උරහිසක් ගෙන දුන්මට මේ හැටි ආදරෙ නුඹදුරින් ඉන්නෙ ඇයි ?Why me ?Please don't sayI don't know why . ඇයි ...
෴ රජ්ජුරුවන්ගෙ නැති වුන එක෴ සොඳුරු සිත ( Beautiful Mind ) හිමිදිරියෙම ඇසුන මහා අදෝනාවත් එක්කම , කැලේ සත්තු කාටත් ඇහැරුණා. වෙච්චි දෙයක් හිතා ගන්න බැරි වුන සත්තු ටික , සද්දෙ ඇහුන දිසාව ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා.“ රජ්ජුරුවන්ගේ ගුහාව පැත්තෙන් ඇහුනේ හාමිනේ “ මහ අදෝනාව නිසා උඩ ගිහින් ඇහුරුණ වලහා කීවේ ඇඟ මැලි කඩ කඩ.“ හැමදාම අදෝනාව ඇහෙනව නම් හොඳා , ඔහෙට නැඟිටින්න“ඒ එක්කම වගේ සත්තු රංචු පිටින් එකම ...
෴ ජීවිත ගස යට / " Under The Tree of Life " ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඊඩන් උයනේ ජීවන ගස යට ආදම් ඒවා පෙම් බැදි විලසටමා නුඹ දවසක් හමුවූවා ඉස්සර දවසක නුඹහට මතක ද ආල හැඟුම් සිත් නොතැරුන මොහොතකආල වුනේ නුඹෙ සුන්දර ගුණයටමාල පලන්දපු පෙර එක දවසකආල නුරා සිත කීවා මතකද හාදුවකින් ඇරඹී පෙම්බරකමබොළඳ නුඹේ ළඟ පැළ කරවු සදහාද වෙලා අතිනත් අරගෙන අපිරස ජීවන මධු බීවා මතක දආල හැඟුම් නිවසින් පිට වූ ව දපෙම්බර ලෙංගතුකම් අඩු ...
෴ ලේඛකයාගේ පෙම්වතිය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) උපැස් යුවල ගලවා අතට ගත් ඔහු, සති අන්ත පුවත් පතේ වූ ඡායාරූපය වෙත තම පියවි දෙනෙත් යොමු කළේ, දීර්ඝ සුසුමක් හෙලන්නට විය. වසරේ හොඳම කෘතියට හිමි සම්මානයත් අතැතිව රටේ පළමුවෙනි පුරවැසියා සමඟ එක්ව මේ සිටින්නේ තමාය.එය ද සති අන්ත පුවත් පතක මුල් පිටුවේම ය.ඡායාරූපයට යටින් පළවු පුංචි විස්තරයෙන් පවසා ඇති පරිදි වැඩි දුර කියවීමට යා යුතු වූයේ පුවත්පතේ විශේෂාංග පිටුවටයි. ...
෴ උපේක්ෂා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පසු කරමින් තිබුනේ ඇයගේ වසමයි. හීනි හිරි පොද වැස්සත්, උණුසුම් තේ කෝප්පයක සුවයත් සමඟම ඇගේ සොඳුරු සිනාව දකින්නට ඇත්නම් යයි ඔහුට සිතෙන්නට ඇත. ඔහුත් නොදැනීම සුක්කානම ඒ වන විටත් ඇගේ නිවස වෙත දිවෙන මාර්ගය සොයා ඒ ඔස්සේ යමින් තිබුනි. නාගරික පසුබිමෙන් ක්‍රමයෙන් මිදෙමින් සුන්දර ගම්මානයක වෙල් එළි පසු කරමින් , යන මේ ගමන ඔහුගේ සිතට ගෙන දුන්නේ වචන් වලට පෙරළීය ...
෴ නෙතු මායිමේ දී ෴ සොඳුරු සිත ( Beautiful Mind ) දැසේ නුරාවට ආල කතාවට සිත රැවටෙන්න එපා නීල දෙනෙත් දැන් ඇතිය බලාගෙන අමතක කරන්නෙපා දෑස් අගින් එන කඳුළු කතාවට පාර කියන්න එපා මා නෙතු මායිමෙ ඉන්න අනේ නුඹ මා හැර යන්න එපා. ------------------------------ නුඹ නොදකින්න මේ ලොව ඇති සැම දේම මේ හැටි අරුම ලස්සන දැක්කේ කෝම මා නුඹ දෙනෙත් තුල මාවම දුටුවා ම මේ ලොව සියළු දේ මගෙ මයි හැඟුනා ...
෴ අතීතාවලෝකනය / Flash Back ෴ සොඳුරු සිත ( Beautiful Mind ) 2009 සැප්තැම්බර් මාසෙ දවසක් , හරියටම කියනව නම් 18 වෙනිදා පළමු ගුරුවරයා කියන ලිපිය පේළී එකොළහ ලියද්දි , පළවෙද්දි බ්ලොග් ලෝකයට මම සහමුලින්ම අමුත්තියත්. ඒ ලිපියට කමෙන්ටුවක් වැටෙන්නෙ ඊටත් මාස හතරකට පස්සේ. ඒ සිතූ ගෙන්.ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09. මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ...