෴ ආදරයේ හැඩය / Shape of Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ මං කීවනේ , ඇයි ආයේ ආයේ එකම අහන්නේ ““ මට සමාවෙන්න .ආයෙ අහන්නේ නැහැ ““ ඔහොම තමයි ඉස්සෙල්ලත් කීවේ ““ මම යනවා “පුංචි ආදර කතාවක් ඉවර උනේ එහෙමයි. මම පැත්තක ඉදන් බලාන හිටියා. “ ගියා නේ . . . .යන්නැද්ද නවත්තන්න ““ ඒකිගෙ හැටි බං .ඔය ගියාට ආපහු එනවා. දැන් කී සැරයක් යන්නම ගියා ද “ඒකත් හැබෑව. තැනක් නොතැනක් ...
෴ නාකි හුරතලේ ෴ සොඳුරු සිත ( Beautiful Mind ) හුරතලේ කීව ගමන් මතක් වෙන්නේ , පුංචි මල් වගේ සුරතල් දරුවෝ. බිමින් තියන්න බැරි ,ඒත් බිමින් තියල අමතක කරල දාන්න වෙන පුංචි කාලේ , එහෙම මඟ දාලා ආවාට මහ මිනිස්සු උනාට පස්සෙත් හිත යට ගුලි වෙලා ඉන්න හුරතල් වෙන්න ආස කරන පොඩි එකා විටින් විට මතු වෙන්නේ අපිත් දන්නෙ නැතිව. පුංචි දරුවන් වගේම වයස් බේදයක් නැතිව ගැහැණු අයත් සුරතල් වෙනේක ...
෴ පාපොච්චාරණය෴ සොඳුරු සිත ( Beautiful Mind ) සොඳුරු රැකියාව කරන්නේ , රටේ ජනතාවට උප්පත්තියේ සිට මරණය දක්වාම අවශ්‍ය වෙන කාර්ය බහුලම රජයේ ආයතනයක. ඉස්සර කාලේ රජයේ කාර්යාලයක් කීවම මතකයට එන්නේ කුණු දූවිලි පිරුණ, ෆයිල් ගොඩ ගැහුනු , කැඩුන ඩෙස් බංකු මේස පුටු වාහන කෑලි ගොඩගැහුන හරිම විකාර කිසි පිළිවලක් නැති ස්ථානයක්.ඒත් පසු ගිය වසර පහක් ඇතුල වගේ සොඳුරු රාජකාරි කරන ආයතනය ඇතුලුව ඒ හා සම්බන්ධ අනිකුත් ප්‍රාදේශිය ...
෴ නොනිමි සමුගැන්ම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වෙනද ඉරමයි , වෙන ද මුහුදමයි අර පේන ක්ෂිතජයත් කලින් දුරම තමයි, ඒ බංකුවමයි , වෙනද වෙලාවමයි , ඒත් ඔවුන් ? වෙනදට බංකුවේ ඉතිරි වෙන ඉඩ අද නැහැ. ඒ වෙනුවට වැඩි වෙලා තියෙන්නේ දෙන්නා අතර පරතරය."ඔයා මුහු ද වගේ .... ඇයි හැමදාම එක වගේ ඉන්න බැරි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මගෙ ජීවිතේට කියන්න බැරි තරම් සතුටක් වගේම , දරාගන්න බැරි ...
෴ පෙත්සම / The Petition෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඇය බොහොම නිශ්ශබ්ද චරිතයක් ,දැනුත් ඇගේ දෑතටමැදි වෙලා තියෙන්නේ නවකතා පොතක්.මම දන්න විදිහට ඇය ඒ පොත කියවන්නේ දෙවන හෝතෙවන වතාට.සිකුරාදා හවස් වරුව නිසා, රාජකාරි වලින් මිදුන සඟයන්ට නොයෙකුත් වර්ගයේකඩිමුඩි වැඩ තිබ්බා.ඇතැමෙක් නිවෙස් බලා යන්නෙ අද නිසා , කෙටි නිවාඩු පොතට නිවනක්නැහැ. අරහෙට මෙහෙට පෙරලෙන දුවන කෙටි නිවාඩු පොත , අස්ථානගත වෙලා දැන් ගොඩාක් වෙලා.“ ගත්ත එකෙක් දිපල්ල බං.මට ගෙදර යන්න ...
෴ ආපසු හැරෙමි / My divergence ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වෙනදාටත් වඩා , පාළුව මට දැනෙනවා ඝන කළුවර ඇවිදින් ,මයෙ ඇහැට අනිනවා රැහැයියෙක් මූසල , හිත පහුරු ගානවා නුඹ දුන්න කඳුළක් , තරුවක් ව දිලෙනවා ඉවර නැහැ තවත් , ගොඩක් දේ තියෙනවා තිතක් නොතබාම , මම ඉතින් හැරෙනවා ආදරෙයි හැමදාම , කවුරුදෝ කියනවාආපසු හැරුනමම෴ සොසී ෴ ප:ලි:-සැමදා මත් , මම ලියන දෙය ඉංග්‍රීසි බසින් මාතෘකාවට කැටි කරන රවි අයියාට ස්තූතියි. ...
෴ හිම කුමරිගෙ කතන්දරේ / The Story of Snow White ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මීට ගොඩක් ඉස්සර මගේ බාල අවදියකියවූ පොතකින් මතකයෙඉතිරි කතාවකි මෙයඈත කාලේ ඉස්සරරජ බිසවකි ලස්සනමැහුම් ගෙතුම් වලට ඇගේසිත හරි කැමැතියි නෙවහිම වැටෙනා කාලයේ දවසක් හිමිදිරි උදේජනේල ගාවින් සිට ගෙත්තම අරභයි ඇයඉදිකටු තුඩ ඇගේ සියුම්ඇඟිලි තුඩක් හිල් කලරතු පැහැ ලේ බින්ඳු බින්ඳුසුදු හිම මත තෙත් උනඑය දැක ඇය පා සිනාගීයක පද සේ ගයාමෙසේ කියයි සිහින් හඬින්ලේ හිම දෙස බල බලාහිම මෙන් සුදු ...
෴ කපටි පෙම්වතා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියුම් සුසුම් රෝස කොපුල් සුවඳ ටිකක් මට දැනෙන්නතව ඩිංගක් ළඟට වෙලාකියන දෙයක් මට කියන්න ළං උනාම හිතුමතේටබැහැ නුඹගෙන් දුරස් වෙන්නමේ තරමින් ළඟට උනෙත්හිතේ දුකක් නොම දැනෙන්නගලන ගඟේ හඩ අහන්නතව ඩිංගක් ළඟට එන්නළඟට ඇවිත් බැහැ මට නුඹේගලන දුකට එකතු වෙන්නකුරුල්ලන්ගේ ගී අහන්නතව ඩිංගක් ළඟට එන්නකුරුළු ගීත මට මොකට දනුඹේ ගීය නුඹ ගයන්නඅනේ ටිකක් ළඟට එන්නආසයි හාදුවක් දෙන්නකපටි කමේ රඟ බලන්නමං යනවා ...
෴ කියවීම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කියවීම.... හොඳ පුරුද්දක්.පුංචි කාලේ ඒ හොඳ පුරුද්ද නිසා , කොයි කරම් නම් බැනුම් අහල ඇද්ද. " ලොකු ළමයෝ . . . කනව ද කියවන වද ? මම කියල තියේ නේද කෑම මේසෙට පොත් ගේන්න එපා කියලා “ ඒ අම්මා.. . . ! ! ! තාත්තගේ නිහඬ බව කියවීමට රුකුලක් වුනත්, තාත්තා දිනපතා පත්තරය නොවරදවා ගෙදෙට්ට ගෙනාවත්, පත්තරය හැර ඔහු පොත් ...
෴ කරුමය ද ?උරුමය ද? ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සපත්තු දෙක බෙන් ටෙන් , ඇදුම් කැඩුම් බෙන් ටෙන්සොයන්න මම සාප්පු වල ඇවිද්ද තරමක්කියන්න නුඹ දන්නවා ද බෙන් ටෙන් සුරතල් එක දවසක් ඇන්ද ඇඳුම අදින්නෙ නැහැ ආයෙත් මයෙ පුතුගේ මුරන්ඩුකම සුරතලයක් නම් කියන්න නුඹෙ සුරතල් සිත හොරු ගෙනිහින් නම් උදේ දවල් රෑ කෑමට ඉල්ලන ඉල්ලන දේ දෙනමගේ පුතා සවිමත් නැහැ නුඹ තරමින් වත්කියන්න නුඹ කන බොන හැටි නැහැ දන්නේ මම්රෑට ...
෴ භුත බංගලාව 4 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) මෙතෙක් කතාව 1 කොටසට 2 කොටසට 3 කොටසට තුන්මං සලේ දී වෙන්වු තුන්මිතුරන් ගේ පමා වී නිවසට පැමිණම සලකා බැලීමේ දී , චන්ඩිගේ පැමිණිම ඔහුගේ මවට කිසිසේත්ම පුදුමයට හෝ , හේතු විමසීමට හෝ භාජනය නොවූයේ ය. ඔහු වේලාසන දිනක පැමිණියහොත් පමණක් “ ආහ් බං , උඹ මොකද අද වේලපහ “ යන්න ඔහුගේ මව විමසුවත් එයට කිසිදු පිළිතුරක් ඇය බලාපොරොත්තු ...
෴ හදවත බද්දට / Heart for Rent ෴ සොඳුරු සිත ( Beautiful Mind ) බොහොම අපහසුවෙන් නමුත් කාලයේ දියකර ගත් තීන්ත ගා තිබුනාටත් වඩා හොඳින් අලුත් වැඩියා කරන ලදඅව්වට වැස්සට ඔරොත්තු දෙන ඇඳ පළුදු නොමැති සියුම් කැටයම් ඉවත් කරන ලදසාදා අවසන් කළ වහාම පදිංචියට සුදානම්. හදවත ක් බද්දට දීමට ඇත..... කී මනි අනවශ්‍යයි. කළින් පදිංචිකරුවා නොදන්වාම නික්මී ගිය බැවින් නොකියා නික්මී නොයන බවට පොරොන්දු පත්‍රයක් පමණක් අවශ්‍යයි. ....වැඩි විස්තර සඳහාඅමතන්නඔබේ හදවතටLive in My Heart ...
෴ භුත බංගලාව 3 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පළමු කොටසට දෙවෙනි කොටසට සමීර , අශේන් ගේ ඇගේ එල්ලි සිටියේ , අයියා දෙස බැලීමට මුහුණ හැරවීමටවත් බියෙන් මෙනි. හු හඩ ඇසුනු දිසාවට යා යුතු බැව් අශේන්ගේ සිහියට නැගෙන්නට ද සැලකිය යුතු වේලාවක් ගත විය.ඔහුගේ ඇගේ එල්ලී සිටින කුඩා සමීරගේ සීතල අත තදින් ග්‍රහණය කර ගත් අශේන්.“ යමු . . . .! ! ! “ යි පැවසූව ද, බිරාන්ත වී ...
෴ නොපැතූ පැතුමක , පැතුම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ජීවිතේ කියන්නේ , නොපැතූ බොහෝමයක් දේ අතර , පැතූ එකම දෙයක් හමුවෙන එක වෙන්න පුළුවන්. කිසිදවසක නොපැතූ පැතුමක් වෙලා නුඹ එද්දි , පැතූ පැතුමක් එපා කියලා, නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි. . . . . දුක හංගන් හිනා වෙන්න කියා දුන්න නුඹ හිත අස්සේ දුක එළියට අරන් ඇයිද අද වෙනකෙකුගේ මනාලියක් වෙලා යන්න හෙට නුඹේ කඳුළු ...
෴ භුත බංගලාව 2 කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) පළමු කොටස කියෙව්වෙ නැතිනම් කියවලම එන්න. " පැනපන් " අයියාගේත් මල්ලීගේත් කල්පිත ලෝකය බිඳ හෙළු චණ්ඩි ,විධානය දුන්නේ ,බිදී ගිය වැටේ වූ මලකඩ කෑ කටු කම්බි පේලි දෙකක් ඈත් කරම්න්ය.“ පොඩි එකා . . . උඹ ඉස්සෙල්ලා පැනහන් ““ ඉහි ඉහි . . . . මට බෑ .මට බෑ බෑමයි ““ආහ් . . . ! ! ! ඒකත් එහෙම ...
෴ භුත බංගලාව I කොටස -(ළමා කතාවකි) ෴ සොඳුරු සිත ( Beautiful Mind ) " සලාං . . . . . . . . .! ! ! !."මෙතෙක් ප්‍රීතියෙන් පිනායමින් සිටි පුංචි සිත් , එක මොහොතකින් කළු වළාවකින් වසා දැමීමට ඒ විශාල මිහිරි සද්දයට හැකි විය.පොඩිවුන් එකිනෙකා ,එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ , නපුරු සිහිනයකින් සිහි එළවා ගන්නට මෙනි. නඩයේ සිටි ශරීරයෙන් තරමක් විශාල නමුත් වයසින් නොමේරු එකෙකු හඬමින් දුවන්නට වත්ම , අනිකුන්ගේ සිත් ද ...
෴ නුඹ ළඟ සිටි මම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) වැලි කතර, මහ මුහුද , නිල්ල නිල් වන අරණමඟ දිග ද , සැම තැනම සෙවූවෙමි මං මම මපයට පෑගෙන වැලි ද , හිමිදිරියෙ පිනි මතදගලා යන දිය රැළිද ,අහසෙ මියෙනා තරුදසෙවූවෙමු මං මම මබඹර තුඩ විෂ මත ද , විහඟ ගීයක අග දමල ක පෙති මත ඇති දසෙවූවෙමි මං මම මදිනක නොපැතූ විලස , හිත බැඳුන නුඹ ළඟම නොසොයාම මුණ ...
෴ සඳේ පෙම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) විළිබරව සැඟවෙන යළිත් හිමිහිට එළි වෙනසඳ අහසෙ මතුවෙනනුඹයි මගෙ මතකයට එක් වෙනනුරා රස සඟවනකඳුළු තරු මල් අතර දවටනසුසුම් ගෙන ඉසිමිනමිලින තණබිම මලින් පුරවනජනෙල් පළු අතරිනදෑස නිතරම යොමු වෙනතොල් පෙති පොපියමිනනොකියනා දේ නෙතින් දනවනරාත්රිය මැදියම යහනෙ නුඹ සැතපෙන විටසඳ කැළුම් දහසකදැවටී එන්න නුඹ වෙතවේදනා දෙන හදවතනිවා සනසන්නටහෙලා සුසුමක් දිගසිප ගන්න ඔය වත මටලොවම නොදකින ලෙසලොවට රහසක් වූ ලෙසසඟවන්නෙ ...
෴ සතුට සොයා ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ අර ඉන්නේ , අර අර . . . . නිල් පාට සාරියක් ඇඳල, හිනා වෙවී ඉන්නේ ““ ඉතින් ! ! ! ““ ඔයා කීව නේද දවසක්,ලෝකේ සතුටින්ම ඉන්න කෙනා දකින්න ඇත්නම් කියලා““ ඔවු . . ! ! ! ““ ඉතින් ළමයෝ , මම දන්න විදිහට, ලෝකෙ සතුටින්ම ඉන්න ගැහැණිය තමයි එයා ““ ඔයා කොහොම ද එහෙම කියන්නේ , ? ...
෴ හිත නැති මම෴ සොඳුරු සිත ( Beautiful Mind ) අපුල්ල අපුල්ල මඩේ දාන මයෙ හිතදැන් හොඳටෝම රිදිලාදරුණුවට කා වැදුන මතක මකන්න හිතානදාපු සැර බේත් වලට හිත හිල් වෙලා ලස්සන පාට සේදිලාහරිම අවර්ණඉරි තැලුණහිතක්මොකටද ලග තියානවිසිකරමු අර නොපෙනෙන ඈතටමඅනන්තයටමඉන් පස්සෙ ඉමු සතුටින් නැතත් දුක නැතිවඉස්සර වගේ හැමදාමත් ...