ප්‍රාර්ථනා සොඳුරු සිත ( Beautiful Mind ) ප්රාර්ථනාප්රාර්ථනා .... ලඟම එන 2013 පිළිගන්න හිතාන පරණ මකුළු දැල් ටික කඩන්න ගත්තා..........අප්පා.........දූවිලි තියෙන තරම් ..... කටත් ඇරන් , කැප්පෙටියා කොළ බැඳපු ලී දණ්ඩ වහලෙ දිගේ ඇද ගෙන ගියපු ප්‍රාර්ථනා ඇඟිලි අග්ගිස්සෙන් ඉස්සි ඉස්සි උත්සාහ කරත් වහලෙ උස් කොනේම තිබ්බ මකුළුවෙක් අතෑරල දාපු කළු ගැහිච්ච දැකුළු මල කැප්පෙටියා කොළ අගිස්සටවත් දවට ගන්න බැරි වුනා. වට පිට බලලා... දැල් ලිහිල නිසා ...
ආදර පනිට්ටුව සොඳුරු සිත ( Beautiful Mind ) ආදර පනිට්ටුව“ ඔයාගේ ඇස් වල ආදරේ උතුරන්න පිරිලා “ “ ඒ වෙලාවට ටක් ගාලා ,ඔයාගේ පනිට්ටුවෙන් ආදරය ටිකක් අරන් තියා ගන්න “ “ ඒ ඇයි .........?“ “ සමහර වෙලාවට , මගෙ ඇස් වේලෙනවා.... අඬන්නවත් කඳුළක් නැතිව. මම නපුරු වුනු ඒ වෙලාවට ,ඔයාට පුළුවන් අර ආදර පනිට්ටුවෙන් මගේ ඇස් පුරවන්න “ ...
කවිය සොඳුරු සිත ( Beautiful Mind ) තරු කැට අතර - ලියවුනු කවිය හුදකලා කිවිඳිය ඇය අහසෙ තරු කැට අතරේ ලියූ කවි කියවන්න සබඳේ ..... වසා එකැසැක් (එක ඇසක්) තරුව තව තරු යා කර දබර ඟිලි තුඩඟින් මැවූ රූපය ඔබේ වාගෙද පාළු අහසේ විසිරි තරු කැට යායේ නුඹව සොයනා මම සොඳුරු සිත ...
ඇය හරියටම හයට ගෙදර ගියා ය . සොඳුරු සිත ( Beautiful Mind ) ඇය හරියටම හයට ගෙදර ගියා ය .දකුණතින් ලයට තුරුළු කර ගත් පොත් මිටිය තව තවත් ලයට තබා තෙරපා ගත් ඇය වමතින් ඔහුගේ ඇඟලි තුඩු මිරිකා තද කර ගත්තී දෑස් වහා බිමට යොමු කළාය.ඇගේ හදවතේ වැඩි වුනු ගැස්ම ඔහුට ද දැනුන බව ඇය වටහා ගත්ත ද දෙනුවත් ඔසවා ඔහු දෙස බැලීමට තරම් කාරුණික නොවූවාය.“ අපි ඉක්මනට යමු අනේ “ඇසෙන නෑසෙන ගාණට ...
සුභ පැතුමක් සහ ලියුමක් සොඳුරු සිත ( Beautiful Mind ) බිරිඳගේ ලිපියමෙතනින් ගිහින් ස්වාමියාගේ ලිපිය බලන්න . . . . . . මතක ඇතිව ඒ බ්ලොග්කරුගේ 150 වෙනි පෝස්ටුවට සුබ පැතුමකුත් එකතු කරන්න. . . .මෙන්න පිළිතුරු ලිපිය . . . . . . . .මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා මෙලෙස සටහන් ...
ඉස්සර වගේ නැහැ දැන් ලියැවෙන්නේ සොඳුරු සිත ( Beautiful Mind ) ඉස්සර වගෙ නැහැ - දැන් ලියැවෙන්නේ තවම හිස් කොළයඅරන් දැන් බොහො වෙලයිවෙනදාට නම් ඉතින්කොළය මත තටු ගසනවචන සිත්තම් ගොඩය............................ලියන්නට හැඟුම් දහසක්රැස් කකා හිත ළඟපෑන් තුඩ අගින්එල්ලෙන වචනදරු ප්‍රසූතිය තරම්අමාරුවෙන්පෑනෙන් කොළයට............................ඇතත් දහසක් දේ ලියනටඇතත් කොළ දහසක්... පෑන් තුඩු දහසක්ලියන්නට හිඳ ගත් සදගොළු වෙලා ඇයි මේ මම“ මට ආදරේ නැතිව ද නුඹ “ ...
ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackout සොඳුරු සිත ( Beautiful Mind ) ලෝක විනාසෙට පෙර ලියමි /Before The Total Blackoutමගේම ආදරණීය බීට ලියමි.ඉතින් ඔයැයිට කොහොම ද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ඔයැයි දන්නවැයි. ලෝක විනාසෙට තව දවස් කීයෙයි? ඒත් ඔයැයිට බැහැ ඒ ටික දවසෙ වත් මා බලන්න එන්න.ඔයැයි දන්නවැයි . . . . . ලෝක විනාශය තක්කෙටම වෙනවැයි කියලා.දවස් දෙකක් ඉර පායන්නෙ නැතෙයි කියන්නේ.දෙසැම්බර් ස්කෝලෙ නිවාඩුව ලැබුනත් ගෙදරින් එළියට බහින්නෙපැයි කියලැයි සමහරු ...
පාර දිගේ සොඳුරු සිත ( Beautiful Mind ) පාර දිගේ “ ආයෙ කතා කරන්නෙපා මට . . . . . . මම යනවා “එපා . . . ! ! ! කියන වචනෙ ඇවිත් එයන්නෙ ගැට කෑල්ල නිසා උගුරෙ හිර වුනා. තව පාර ඉස්සරහට ඉස්සරහට ඉස්සරහටම තිබ්බා . . . . පේන තෙක් මානෙ කවුරුවත්ම නැහැ. පෙම්වතුන්ට නම් කියාපු පාර , හැබැයි බර වාහන තහනම්.මම බලාන හිටියා. එයා පාරේ ...
තරු සහ ඔහු.................. සොඳුරු සිත ( Beautiful Mind ) ෴ තරු සහ ඔහු ෴තරු ඔක්කම ගණන් කරල ඉවර වුනා විතරයි ආයෙත් නුඹ තරු අහුරක් විසික්කරේ ඇයි ඒ තරුවම සොයා දෙන්න කියා කීවේ ඇයි
අවසාන තුනක කතාවක් සොඳුරු සිත ( Beautiful Mind ) සුදු පාට වේලයේ පුංචි සිදුරු අතරින් ඇගේ රවුම් ඇස් හිටියේ හරිම විපරමින්, ඒ විපරම් කිරීමට වේලයෙන් ලැබුනෙත් මහඟු පිටු වහලක්. ඇයට ඇගේ ඉදිරියේ ඉන්න සියලු දෙනා පෙනුනත් ,ඇගේ ඇස් වල විපරම අනිත් අයට නොපෙනීම ඇයට ගෙන දුන්නේ සහනයක්.තවමත් නැහැ . . . . ! ! ! අගේ හිත හීල්ලුවා. හීල්ලිල්ලෙ දිග පළල ළඟම හිටපු මනමාලයට දැනෙයි කියල ඇයට දැනුනේ තමාගෙම ...
සඳ වෙනස් නොවන සද සොඳුරු සිත ( Beautiful Mind ) එසඳ සඳ සඳම වියඉස්සර නම් ඔහු එන කොට දොර කඩයඅද නම් දොරත් වහලාහොඳටම දොයියසීතල රෑ කෑමවට්ටිය යට ඇති යසද්දය වසා කා නිදියා ගනු සොඳයඉස්සර ඇගේ ඇඟ උණුසුමසිත පාරාඔහු බලනවා හැරිලා ඈ දෙස ආරාතඩි බඩ දිගටි පපුවටහොඳ බර දීලාඇය නිදියා ගනීකට උඩුබලියන් වීලාහිමිහිට නැගිට ඔහු යනවාජනේලෙටපියන් හිමින් ඇරලා ඔහු යොමයි නෙතලස්සන හඳක් පායා ඇතඅහස් කුසසඳ සාවා වුවද තාමත්වෙනස් නැතAfter marriage, husband ...
තනිකඩ කවි සිත - නුඹට පුදමි සොඳුරු සිත ( Beautiful Mind ) තනිකඩ කවි සිත - නුඹට පුදමිඉස්සර අපි ගිය පාරේඅත් වැල් පටලන් ආයේඇවිදන් යන්නට ඇවිදින්යන්නට එනව ද මතක ඇතිව මල් කූඩයඅරගෙන එනව දඅතන මෙතන වැටුණු මතකඅහුලල දෙනව දඇවිදින් යන්නට ආසයිඇවිදන් යන්නටමඟ දිග ඇති බොළඳ වදන්අහුලල දෙන්නටගෙවී ගියපු කාලය තුලහදේ පිපුන මල් අතරින්එකම මලක් නෙලා අරන්පුරවපු කූඩයනුඹ දන්නෙ නැති ද තවමතනිකඩ නැහැ මමහදේ පිපුන පියුම නෙලන්නුඹටම දෙන්නටම සිතන්මෙතෙක් කලක් බලා හිටියකන්යාවිය මමමඟ ...
සැත්කම සහ අතුරු කතා හෙවත් පුන්සඳ වන් දරුවෙක් සොඳුරු සිත ( Beautiful Mind ) බාහිර රෝගී අංශය දෙසින් ඇසෙන්නට වූයේ දැඩි කාලගෝට්ටියකි.ගැහැණියක විලාප තියන හඬත් ,පිරිමියකුගේ නොපැහැදිලි නමුත් උස් හඬින් කෙරෙන බැන වැදිල්ලත් , වඩාත් උස් හඬින් නැගෙන පරුෂ වදන් රැසකුත් ඇසෙන්නට විය.මාගේ නැඟනිය ට නම් මේවැනි සිදුවීම් සාමාන්‍යකරණය වී ඇති බැව් මට සිතුනේ ඇය කිසිම හැල හොල්මනක් නැතිව ඇය යෙදී සිටි කාර්යයේ දිගටම නිමග්න වී සිටි නිසා ය. ඒ පමණක් නොව ඇය යෙදී ...
හිත රිඳුනු කුරුල්ලෙක්ට සොඳුරු සිත ( Beautiful Mind ) හැරයාම, අතහැර යාම, නොලැබීම දුකක්........ ඒත් මොකක් ද කරන්නේ.. . . සමහර කුරුල්ලන් ඉන්නවා බලෙන් අල්ලල කූඩුවක දාලා තිබ්බට සින්දු කියන්නෙ නැති.ඒ සින්දුව අහන්න කැමැති නම් කරන්න තියෙන එකම දේ, ඌට ඕනි දිහාට යන්න දෙනේක.එතකොට අඩුම ගානේ ,ඌ දුරක පියාඹලා ගියත්, ඉඳ හිටල හරි සුළං පාර දිගේ වත් උගේ සින්දුවේ සද්දෙ ඇහේවි...........ඇයට හමුවන කුරුල්ලා හිටියේ තෙමුණු පියාපත් එක්ක. තෙමුණු පියාපත් ...
නිර්මාංශ සොඳුරු සිත ( Beautiful Mind ) බෙදා ගත් මස් කෑල්ල යුහුසුළුව කහ බතට යට කල සුවේන්ද්‍රා , තමාට ඉදිරියෙන් ගමන් කරන සැමියා දෙස බැලුවේ තමා කල දේ ඔහු නොදුටු බවට සැක හැර දැන ගැනීමටයි.ඔහු සුපුරුදු පරිදි පරීක්ෂාකාරීව ව්‍යංජන පිරි බඳුන් පිරික්සයි.ඉන් බොහෝමයක් ඔහුගේ වමතේ ඇති පිඟානට නොයයි. බොහෝ විට ව්‍යංජනය කුමක් දැයි අදාල ව්‍යාංජනය බාරව සිටින හෝටල් සේවකයාගෙන් විමසා බැලීමට හේ පසු බට නොවෙයි. උම්බලකඩ කැබැල්ලක් ...
වසන්තයේ අග හෙවත් බොඳ නොවන අකුරු සොඳුරු සිත ( Beautiful Mind ) අතේ ශතේ නැතිවන කාලයක් පැමිණීමත්, එනිසාම අන්තර්ජාල සබධතා වලින් ඈත්ව සිටීමට සිදු වීමත්, නව රැකියාව නිසා පැය ගණනක් බසයේ කොණකට වී ගමන් කිරීමට සිදුවීමත්,මට මා පිළිබඳව අලුතින් සිතීමටත්, අතීතාවලෝකනයේ යෙදී මේ ලිපිය අකුරු කිරීමටත් යෙදුනු මූලික අඩිතාලම සැපයීය. ජීවිතයේ බොහෝ කලක් ගෙවී ඇති බවත්, මාහා එදා පැමිණිය වුන් මා පසු කර බොහෝ දුර ගොස් ඇති බවත් එකනෙහිම මට සිහිපත් වීමත්, ...
ආදරය ගැන - මට හිතෙන හැටි හෙවත් මගේ ලෝකයේ ඔහු සොඳුරු සිත ( Beautiful Mind ) ආදරය . . . . ජීවයේ පැවැත්ම කෙසේ වෙතත් මනුස්සයෙක් ජීවත් කරවන්නෙ ආදරයයි. ලෝකයේ කිසිවකුත් නැහැයි කියල හිතලා ,වටේ පිටේ මිනිස්සු මොනා කීවත් එක හිතින් නොවෙනස්ව ආදරය කරන්න පුලුවන් නම් ඒක තමා කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම ආදරය.( දැන් මට ඔරවනව ද ? සභ්‍යත්වයක් නැහැ නේද ? ) ඇත්තම කියනව නම් ආදරය විඳින්න නම් ඒ ලෝකය තුල ඉන්න ඕනි ආදරය කරන ...
සඳ රැස් මිස සඳ නොපතමි - ඉනු මැන සැමදා පායා සොඳුරු සිත ( Beautiful Mind ) තනිය තනිකමඑක මිටට ගෙනවීසි කෙරුවා අනන්තය වෙතඒ එදානුඹ ළඟයි මේ මටතනිය තනිකමඅරන් එන්නටපෙර ගමන් යෙදුනා වගෙයි මටමේ මෙදානුඹ කොහේ දෝඅදගෙවී ගිය දවසටත් වැඩියෙන්ගෙවී යන මේ අදට වැඩියෙන්හෙටත් එළඹෙන මතු මතුත් මංනුඹට ආදරෙයි නම්ළඟින් ඉන්නට නැතත් සැමදාපෙනෙන්නට හරි ඇවිත් පලයන්රැයට පිපෙනා කොඳ කුමුදු මල්ආදරේ හඳටයිසඳ රැසක් මිස සඳම නොපතමිආදරේ නුඹටයිනුඹට තව තරු මල් පිපුන මුත්මට නුඹම විතරයිඅවාරේ පිපිලා සැලෙන මටසුවඳ නුඹ ...
මතක කළලය සොඳුරු සිත ( Beautiful Mind ) “ සෝමසිරි සර් ගෙ පන්තියට ඊයෙ අලුතින් ළමෙක් ආවා. “උදෑසන පැමිණිමේ ලේඛනයේ අත්සන සටහන් කර ආපසු හැරෙත්ම නවක තරුණ ගුවරියක වූ සුවේනි පැවසුවා ය.“ ආහ් , ඇත්තෙයි , ඒත් මේ වාරේ මැද ? ““ ඔවු සර්. . .ඒ ළමයගෙ තාත්තා හරි අම්ම හරි වැඩ කරන්නේ පොලිසියෙ ලු. හදිසියෙම මාරුවක් හම්බෙලා. කොහෙදේ ගොඩාක් දුරක ඉදන් ඇවිත් තියෙන්නේ ““ හැබෑ ද ? ...
වැස්ස,සුළඟ,ආලෝකය සහ ආදරය සොඳුරු සිත ( Beautiful Mind ) වෙන්න බැහැ මටඔය හිතට වැස්සක්වහින්න බැරි නිසා නෙමෙයිවහින තරමට ගැලුවොත් ගිලෙයි නුඹ වෙන්න බැහැ මට සුළඟක්දාහය පිරි දිවියටහමන්න බැරි නිසා නෙමෙයි සුළං කෝඬෙ සැරට ගසන් යාවි නුඹෙ කූඩුවවෙන්න බැහැ මට එළියක්අඳුරු දිවියට නුඹේඑළිය දෙන්න බැරි නිසා නෙමෙයිඒ එළියෙ සැර ගිණි කණ වැටෙයි නුඹළඟට නොඑන්නෙආදරේ නැති නිසා නෙමෙයිආදරේ තරමට ළං වෙන්න බැරි නිසයි නුඹටඒ නිසාපිනි බිඳක් වෙලා ඇවිත්වැස්සට හොරෙන්මද පවනක් වෙලා ...