මකුනු මැශිම සොඳුරු සිත ( Beautiful Mind ) මකුනු මැශිම නිවසටම - සරලයි , පහසුයි, ඔබ පුදුමකරවන සුලුයි.... ඔබත් අදම ඇනවුම් කරන්න.-------------------------------------------------------------ඔන්න ඉතින් පත්තරේ දැකපු දැන්වීම ට චාමරලැයි අම්මත් කීයක් ගියත් මැශිමක් ගෙදෙට්ටම ගෙන්න ගන්න හිතුවෙ ගෙදර මකුනු කරදරේ එන්න එන්නම වැඩි වෙන නිසාමයි. " යටින් මකුනො බදනෝ , උඩින් මදුරුවො උස්සනෝ , මේ බල සමතුලිතය බිදුනු දවසක එක්කො මාව මදුරුවො අරන් යනෝ , නැත්තම් මකුනො මාව ඌරා ...
සිහින සොඳුරු සිත ( Beautiful Mind ) සිහින-------සාමාන්‍ය යෙන් නිදන්න ඇහිපිලි පියවිච්චි වෙලාවෙ ඉදල ඇහැරෙන්න ඇහිපිය ඉස්සෙන වෙලාව දක්වා හීන දකින කෙනෙක් මම. හැබැයිඑහෙම දකින බොහොමයක් හීන , ඇහිපිය ඇරෙන වෙලාව වෙද්දිම අමතක වෙලා යනවා. ගොඩක් හින හරිම වර්ණවත් , ඒ වගේම හරිම විකාරරූපීයි.දකින හීන එකිනෙකට සම්බන්ධත් නැහැ , හැබැයි අසම්බන්ධිතත් නෑ කියලයි මට හිතෙන්නෙ. තවත් සමහර හීන වල ඊළඟ කොටසක් තවත් දවසක දකින්න පුළුවන් වෙනවා.ඒත් බෙන්සීන් ...
අරුම පුදුම කැසඩ් රේඩියෝව සොඳුරු සිත ( Beautiful Mind ) අරුම පුදුම කැසඩ් රේඩියෝව වම් කරේ එල්ලෙන රෙදි බෑගයේ බර දරා සිටින්නට අපහසු බැව් ඒ කුඩා කොලුවාගේ ඉරියව් ප්‍රකට කරයි. ඉද හිට වම් උරයේ එල්ලෙන රෙදි මල්ලට පිටතින් තබන වම් අත , මල්ලේ ඇත්තේ වටිනා යමක් බැව් දකින්නෙක්ට හඟවයි.විටින් විට පාරට යොමු කරන , බලාපොරොත්තු දෑස් ඔහු නගරයට යාමට සිටින බැව් නිසකවම හෙළි කරයි.නමුත් බෑගයේ ඇති මෙතරම් වටිනා දෙය කුමක් ...
ටින් බෝම්බෙ සොඳුරු සිත ( Beautiful Mind ) ටින් බෝම්බෙ --------------------එයා ඇන්දෙ ටිකක් ඝනකම් ගොරෝසු රෙද්දෙන් මහපු දණිහ ගාවට ටිකක් උඩට වෙන්න උස කොට කලිසම් , උඩට ඇන්දෙ ත් ඒ වගේම විදේශීය රෙදි වලින් මහපු අත් කොට ෂර්ට්. හැබැයි කොයි වෙලේකවත් ඒ ශර්ටෙකේ මෝස්තරය හරියට බලා ගන්න බැරි වුනේ ශර්ට්ටෙක උඩින් නිතරම ඇඳන් හිටපු අත් කපපු , ඉස්සරහට ලොකු සාක්කු තියන විදේශීය ස්වීටරයෙන් ෂර්ට්ටෙකේ වැඩි හරිය වැහිල තිබ්බ ...
ජනේලයෙන් එහා - out of the window සොඳුරු සිත ( Beautiful Mind ) ජනේලයෙන් එහා - out of the window------------------------------------------------ගිනි ගහන අව්ව , බස් එකේ ඇතුල හිටියත් ඒ අව්ව ජනේලය අස්සෙන් මාව හොයාන එන්නේ අව්ව නැතිව ගිහින් මාව මැරෙයි කියල හිතත තරම් ආදරයකින් වගේ. බස් එකේ තිබ්බ ඝනකමින් වැඩි , දුවිලි පිරුණ තිර රෙද්දෙන් අව්ව මුවා කරල දාන්න මට හිතුනෙ නැ. තිර රෙදි දාගෙන වාහනේක යනේක හිතට මහ පාළු හැඟීමක් ගේනවා , ඒ ...
10 . ආදර ප්‍රදී සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 10 වන කොටසමම දන්නෑ ඇයි එයා හැමදේම මට කියන්නෙ කියලා. හැබැයි ඒක හිතල මතල හෝ ගොතල කරල කියන දෙයක් නෙමෙයි කියල නම් මට තේරෙනවා. එයාට මා ගාවදි ඒ දේවල් කියවෙනව ඇති , සමහර විට එයාට මා ළඟ දි විශ්වාසයක් , සුව පහසුවක් , නිදහසක් දැනෙනව ඇති. ඒත් ඒ හැමදේම අහගෙන දරාන ඉන්න මට, වෙලාවකට හිතට මහ බරක් දැනෙන්න ...
ලේනා සහ කොල්ලා සොඳුරු සිත ( Beautiful Mind ) ලේනා සහ කොල්ලා-----------------------ගේ උගේ ය කියා සිතනා ලේනෙක් අප නිවසේ වෙයි. සෑම දිනකම පාහේ නිවසේ නිදහසේ ඇවිද ශැඩෝට ද හසු නොවී යන මේ ලේනා නිවැසියන්ට කිසිදු බියක් නොදක්වයි. ඒ නිසාම අද සිදුවූයේ මහා බියකරු දෙයකි. අද නිවාඩු දිනය නිසා පස්සා පැත්තෙන් දුන් දානකම් නිදා ගන්නා මා ඇහැරුනේ ගෙදර පොඩි කොල්ලාගේ බියකරු කෑගසීම් හඬිනි.යටි ගිරියෙන් කෑගසා ගෙන ගේතුලට දිවූ කොල්ලාට සිදු ...
ආදර ප්‍රදී 9 - ඇය දකිනු වස් සොඳුරු සිත ( Beautiful Mind ) කලින් කොටසට මෙතනින් යන්න ,ආදර ප්‍රදී - 9 මේ කතාවේ ලිවිල්ල ආරම්භ වන්නේ දැනට කාලයකට කලින් වුවද එදා පොරොන්දු වූ පරිදි කතාව ලියා හමාර කරන්නට අදටත් නොහැකි වී ඇත්තේ , ලියන්නට ගිය කතාව නිසා අලුත් කතාන්දරයක් උපන් බැවිනි. ලියන්නියත් , කියන්නාත් අතර මේ වන විට ගොඩනැගී ඇති කතාන්දරය වඩා ශක්තිමත් කතාව වූව ද කියන්නා විටින් විට අතීත කතාවේ ලියවිල්ල ගැන ...
හංසජිත් ගේ පුනරාගමනය සොඳුරු සිත ( Beautiful Mind ) හංසජිත් ගේ පුනරාගමනය-----------------------------නෙතට හුරු පුරුදු නැති කුඩා කොලුවෙකි. නිල් කොට කලිසමත් සුදු කමීසයත් ඇඟ ට නුහුරු බවක් ගෙනෙයි. සුදු කමීසයේ උඩ බොත්තම් දෙකද නොපියවී ඇත්තේ මුරණ්ඩුකම ප්‍රදර්ශණය කරනවාට වඩා නුහුරු බව හුවා දක්වමිනි. පාසලේ ළමයින් කොපමණ ද සිටිය ද , අලුතින් පාසලට පැමිණෙන දරුවෙකු හඳුනා ගැනීමට නොහැකියාවක් මේ කුඩා පාසල තුල නැත. සෑම දරුවෙක්ම නෙතට පුරුදය , කණට හුරුය. “ ...
පුංචි ආදර කතාවක් -“ ආදර පිපාසය “ සොඳුරු සිත ( Beautiful Mind ) පුංචි ආදර කතාවක් -“ ආදර පිපාසය “-----------------------------------------වාහනේ ඉස්සරහට යනවා. ඇස් දෙක ඩෑෂ් බෝඩේකෙ එහාට මෙහාට යනවා. “ආහ් අර තියෙන්නෙ . මේ වතුර හොඳෙයි ?““ ඔවු ..........“ගැටේ ලෙහලා , බෝතලේට අන්දපු ඇදුම බුරුල් කරලා පාත් කරල වතුර බෝතලේ මතු කර ගන්නවා. “ මෙච්චර කැටයම් , ගෑණු ළමයි ළඟවත් නෑ “ මම එහෙම කියන්නෑ. හිතින් හිතනව විතරයි.වාහනේ යන වේගය බලල , කිරල ...
පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය සොඳුරු සිත ( Beautiful Mind ) පුංචි වොට්සන්ගේ ලොකු විද්‍යාගාරය වොට්සන් පුංචි කාලේ “විද්‍යා විනෝදය “ පොත කියවල යවපු රොකට්ටෙකේ කතාව ඔයාලට මතක ඇති. ඊට පස්සෙ එයා ගෙ “සයන්ස් ප්‍රොජෙක්ට්ස්“ තාවකාලිකව නැවතුනත් , දිගටම ඒවට තිත වැටුනෙ නෑ.වොට්සන් ඉස්කෝල යන කාලේ ඇත්තටම වොට්සන් ශිෂ්‍යත්වෙ ෆේල්. ඒ නිසා එයාට එයා කැමතිම වෙලා හිටපු “ ලෝහ වැඩ“ වෙනුවට එයාට තෝර ගන්න වුනේ “ කෘෂිකර්මය“ එයා වැඩි කැමැත්තකින් නූනත් ...
දඬු පෝඩ් සොඳුරු සිත ( Beautiful Mind ) දඬු පෝඩ්නිවාඩු දවස් වල දි වගේම ඉස්කෝල ඇරිල ගෙදර ආව ගමනුත් මගේ කාලය වැඩිමනක් ගත වන්නේ ගෙදර පල්ලෙහා තියෙන “විජේ අයියා “ ගේ සිල්ලර කඩේ.විජේ අයියා ගේ කඩේ කීවට , විජේ අයියා තමා කඩේ වැඩ කරපු ගෝලයා . ඒ උනාට විජේ අයියා , මුදලාලි මාමාටත් වඩා හොඳින් හාල් ඇටයේ ඉදන් කඩේ ඇති සියළු දේ ගැන සියල්ල හොඳින් දැන හිටි යා. ...
ආදර ප්‍රදී 8 - වැරදුනු කුරුමානම සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී8 - වැරදුනු කුරුමානම“ උඹ මගෙ කතාව වෙනස් කරනවා “ ඒක නම් කීවෙ ටිකක් විතර නොරිස්සුමෙන්මයි.“ අනික ......... උඹ දැන් මගෙ කතාව ලියනෙක දවසින් දවස පහු කරනවා “ නොරිස්සුමට තවත් ටිකක් ඔහු එකතු කලා.“ ඇත්ත ට ........... මට ඉරිසියයි.ඒකයි නොලියන්නේ “ අත් දෙක පිටිපස්සට කරල බංකුවට බර දීලා හිටපු මම දකුණු පැත්තෙ උරහිස පද්දල අරන් ඔහුගෙ උරහිසෙ වද්දන ගමන් ...
ගුරු පඬුරු සොඳුරු සිත ( Beautiful Mind ) ගුරු පඬුරුසත්ය කතාවක් ඇසුරිනි ............කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු අනුකම්පාවක් නොමැතිව වසිමින් තිබූ අතර , ඇය හා වරුසාව අතරින් වාහන එහා මෙහා ගියේ මහා ඝෝසාවෙන් නලා හඬවමිනි. වේගයෙන් කටු කැරකැවෙමින් ඇති නගරයේ ඔරලෝසුවට වැස්ස නිසා ...
ආදර ප්‍රදී - 7 සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී - 7 පිලිස්සුනු මතකපසුගිය කොටස් වලටආදර ප්‍රදී -1ආදර ප්‍රදී - 2ආදර ප්‍රදී -3ආදර ප්‍රදී -4ආදර ප්‍රදී - 5ආදර ප්‍රදී - 6--------------------------------පාසල් විවේකය තවත් එක් සාහිත්‍ය කාලච්ඡේදයක් වන්නේ විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන් කිහිප පොලක් ම කුඩා ආපන ශාලවට රැස් වූ විට යි. එකිනෙකා ගේ දැනුම නොදැනුවත්ම බෙදී විසිරී තේ සුවඳත් වඩේ කර රසත් සමඟින් මුසු වී යන මේ විනාඩි ...
වසර පහකට පෙර අද වැනි දිනක සොඳුරු සිත ( Beautiful Mind ) වසර පහකට පෙර අද වැනි දිනකලිපිය ලැබී දින කිහිපයක් ගත වී තිබුණ ද සිතෙහි පැවති දෙගිඩියාව නොමැකී තිබුනි. සිතා මතා ගන්නා තීරණ වලට නොසෑහෙන්න පටහැනි තීරණයක එලඹ ගෙන , හතිලමින් හුස්ම අල්ලමින් කඳු නගිනා බසයක අසුනක කොනක වාඩි වී සියල්ල අමතක කර බෑවුම් වල පෙනෙනා කුඩා නිසාව දෙස විමසිල්ලෙන් බලමි. වළාකුළු වලින් වැසී ඇති කඳූ පන්ති හඳුනා ගැනීමට උත්සාහ කරමි. ...
වොට්සන්ගේ කරත්ත පැදිල්ල සොඳුරු සිත ( Beautiful Mind ) වොට්සන්ගේ කරත්ත පැදිල්ලවොට්සන් පුංචි කාලේ හරිම ක්‍රියාශීලි දරුවෙක්. දැන් ලොකු මහත්තයෙක් වෙලා යකඩ වලට ප්‍රේම කර කර කම්මලේ වැඩ කරාට මොකද ඒ කාලෙත් යාන්ත්‍රික අංශයෙන් හොඳ දස්කම් පෙන්නපු දරුවෙක්. මේ කරත්ත පැදිල්ලත් ආන්න ඒ වගේ එක වැඩක්.අනික මේ කරත්ත හැදිල්ලයි පැදිල්ලයි වොට්සන් තනියම කරන දෙයක් නම් නෙමෙයි. ඒක ඇවිල්ල වොට්සන්ගෙ වචන වලින්ම කියනව නම් “නිවාඩු කාලේ ප්‍රොජෙක්ට් එකක්“ දැන් ඉස්කෝල ...
පුංචි වොට්සන් ගේ ලොකු පරීක්ෂණ සොඳුරු සිත ( Beautiful Mind ) පුංචි වොට්සන් ගේ ලොකු පරීක්ෂණ මන් අටේ ඉද්දි , අම්ම ගෙනත් දුන්නා අනුර සී. පෙරේරා ගෙ “ විද්‍යා විනෝදය“ පොත. මගෙ ළඟ ඒ පොත තාමත් තියනවා. බොහෙම රසවත් පරීක්ෂන පිරිච්චි පොතක්. කොච්චර කියෙව්වත් ආය ආය කියවන්න ආස හිතෙන පොතක්.මගේ අම්මා ගුරුතුමියක්. එයා නිතර අපි තුන්දෙනා ගැන අවධානයෙන් හිටපු නිසා , ඉස්කෝලෙ වගේම ගෙදරත් ඉස්කෝලයක සිරි ගත්තා. ඒත් අම්ම නිතර නිතර ...
මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද? සොඳුරු සිත ( Beautiful Mind ) මොළේ මැටි ද? මැට්ටෙක් ද? කොච්චර ඉගැන්නුවත් වැඩ බෑ ද?කොච්චර ඉගැන්නුවත් මුකුත්ම බැරි ළමයි ඉන්නවා.හැබැයි එයාල හරිම උනන්දුයි. කොච්චර නම් උනන්දුයි ද කියනව නම් අහන ඕනිම ප්‍රශ්නයකට එයාල උත්තර දෙනවා.හැබැයි ඒ උත්තර වැරදි. නමුත් මොකක් හරිම උත්තරයක් හයියෙන් කෑගහල කියන්න තරම් එඩිතර ගතියක් එයාලට තියනවා. උත්තරේ නම් අහන ප්‍රශ්නයට ගෑවිලාවත් නොයන එකක් වුනත් උනන්දුවෙන් ඉන්න බව දැනෙනෙක සතුටක්. ඒත් මෙයාලට ...
ආදර ප්‍රදී 6 - ප්‍රදී සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 6 - ප්‍රදී -----------------------------------කලින් කොටසට මෙතනින් යන්න “ ඔයා කවද්ද දැන් ප්‍රදී ගැන ලියන්නේ “ ඊමේල් දෙක තුනක් එක පෙළට එවීමෙන් පසු ඔහු විමසයි.“ මට ලියන්න බෑ . මට ඔයා හමුවෙන්න ඕනි “ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සැරසෙන මගේ සිත පවසයි.“ අනේ ලියපන් බන් , දැන් කවද ඉදලද ලියනව කියන්නේ “ “ ඉතින් එදා ...........ප්‍රදී නේද කම්මුලට ගැහුවෙ ඔයාගේ ...