ගෙජ්ජි මල්ල් සොඳුරු සිත ( Beautiful Mind ) හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව.ඒක මට සෑහෙන ප්‍රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බෙ නෑ. ගෙදරටම තිබ්බෙ ලාම්පු දෙකක් විතරයි.ඊට අමතරව පෙට්රෝල් මැක්ස් එක තිබ්බත් ඒ එළියෙන් මුලු ගෙදරම එලිය උනේ තාත්තා ගෙදර ඉන්න දවසට විතරයි. ඉතින් ගෙදර ගොඩක් වෙලාවට පත්තු උනේ ලොකු කලගෙඩි චිමිනිය තිබ්බ ...
පන්තියේ දි ඉස්සූ අත සොඳුරු සිත ( Beautiful Mind ) ප්‍රශ්නයක් නැඟූ විට පිළිතුරක් ඉස්සුනා.. පොඩි අතක් ඉස්සුනා.... ඉදී රතු පාට වුන ගහක කොළයක් මෙනා පොඩි අතක් පණ පෙවී සෙලවෙනා... කන්ද උඩ දිය බුබුළ විලසිනා ඇඟිලි තුඩු බුද්ධියෙන් බැබලෙනා පොඩි අතක් පණ පෙවී සෙලවෙනා - සෙලවෙනා නිරන්තර මා සිතේ රඟ දෙනා පෙරමුණ යන අතකට තව අතක් ය හෙට දවසෙ හිරුට පුදන මල් දමක් ය අලුත් ලොවට උඩු සුළඟේ කොඩි ...
පොකුට්ටා - The Little Devil සොඳුරු සිත ( Beautiful Mind ) පොකුට්ටා ========= මන් පොකුට්ට ට බය වෙලා තිබ්බ ට කවදාවත් පොකුට්ටව දැකල තිබ්බෙ නම් නෑ.පොකුට්ටව දැකල තිබ්බ අය ඌව විස්තර කරල තිබ්බ විදිහට ඌට ඒ තරම් බයවෙන්න දෙයකුත් තිබ්බෙත් නෑ. පොකුට්ට කියන නමේ හැටියටම ඌට තිබිල තියෙන්නෙ සුරුන්ඩු ගැහුනු බූසි කොන්ඩයක්.පුන්චි මුදු මුදු ගොඩක් වගේ ඔලුව පුරාමයි , ඔලුවෙ ඉඩ නැතිව ඔලුවෙන් පිට පැනල කන් ඇස් වැහෙන තරමට වට්ටියක් ...
කොහොල්ල බබා සොඳුරු සිත ( Beautiful Mind ) කොහොල්ල බබා මට මතකයි ඉස්සර අපෙ ගෙදර තිබ්බ මැටි කුස්සියෙ පැති බිත්තියක ලොකු කොහොල්ලෑ ගුලියක් තිබ්බා. ගෙදර කොස් කඩන දවසට පොඩි උත්සවයක් වගේ. ගොඩක් දවසට ගෙදර කොස් කඩන්නේ නිවාඩු දවසක.මොකද කියනව නම් කොස් කඩල විතරක් මදි නිසා. කොස් ගෙඩිය බිමට වැටෙන කොටම කෑගල හූ තියන කෙනෙක් අපේ ගෙදර ඒ කාලේ හිටියා ඒ තමා අපේ "බ්ලැකී ". ඌ කොස් කන්න ...
තනිකඩ ජීවිතේ - තම්බපු බිත්තරේ සොඳුරු සිත ( Beautiful Mind ) තනිකඩ ජීවිතේ - තම්බපු බිත්තරේ ------------------------------------------------- ඔහු තනිකඩ තරුණයෙකි. පවුලෙන් වෙන්වී කුඩා ඇනෙක්සියක ඔහුට ඕනෑ ලෙස ජීවත් වෙයි. තනි ඇදක් තැබිය හැකි කුඩා ප්‍රමාණයේ කාමරයක් , තරමක සාලයක්, හීනි දිග අර්තාපල් තීරුවක් වැනි මුළුතැන් ගෙයක් , කුඩා නානකාමරයක් සහිත හුරුබුහුටි ඇනේක්සිය තනිකඩයෙකුට ඕනෑවටත් වඩා ගැලපුන බවක් හැඟුනත් අල තීරුව වන් මුළුතැන් ගෙයි නම් එහාට හැරීමෙහාට හැරෙන්නට සියළු අග පසක ...
මගේ පුංචි කාලේ - කළුවරේ ජරමරේ සොඳුරු සිත ( Beautiful Mind ) කළුවරේ ජරමරේ==============හොල්මන් වලට මිනිස්සු බයයි.ඒත් හොල්මනුත් බය කරන්න ඇහැකි දෙයක් අපි ළගත් තියනව.ඒක මට සෑහෙන ප්‍රයෝජන උනේ මන් පුංචි කොල්ලා කාලෙ. ඒ කාලෙ අපේ ගෙදර ට ලයිට් තිබ්බෙ නෑ. ගෙදරටම තිබ්බෙ ලාම්පු දෙකක් විතරයි.ඊට අමතරව පෙට්රෝල් මැක්ස් එක තිබ්බත් ඒ එළියෙන් මුලු ගෙදරම එලිය උනේ තාත්තා ගෙදර ඉන්න දවසට විතරයි.තාත්තා පෙට්රෝල්මැක්ස් ලාම්පුවේ ආවතේව කටයුතු කරන කොට ඒ වටේ දැවටි ...
බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම සොඳුරු සිත ( Beautiful Mind ) බල ඝූර්ණය සහ කෙල්ලන් ගේ ඇණ ගැලවීම--------------------------------------------------------------ඩෝසරයේ වැඩ ට ගොස් දැන් පාසල් පැමිණෙන සංජීව ඔබට මතක ඇතැයි සිතමි. එදා ඔහුගේ විද්‍යාව පොත ලකුණු කර “ හොඳ පුතා “ යැයි පැවසීමෙන් පසුව දැන් ඔහු විද්‍යා පාඩම වෙලාවේ දී ඉතා උනන්දුවෙන් ඇහුම් කන් දෙන අතර පාඩමේන් අසන ප්‍රශ්න වලට ද පිළිතුරු දීමට නොපැකිලව ඉදිරිපත් වේ.......ඔහුට විද්‍යාව උගන්වන මා ජීව විද්‍යා ගුරුවරියක වන ...
කඩවුනු සිල් හෙවත් බූබම්බා සොඳුරු සිත ( Beautiful Mind ) කඩවුනු සිල් හෙවත් බූබම්බා -----------------------------------------------“ මන් බෞද්ධ සමිතියෙ ලේකම් නේ , මට එන්න බැරි වෙයි බන් ““ ඒ කියන්නෙ උඹටත් සිල් ගන්නම වෙනව ද““ නෑ බන් , ඌ සංවිධායක කමිටුවෙ නිසා අනිත් වැඩ ටික බලන්න වෙනවා ““ ඒ කියන්නෙ මොනවා ද?““ දානේ , ගිලන්පස , පිරිකර අරව මෙවුවා ““ හරි එහෙනම් මෙහෙම කරමු බන් , ඔය වැඩ ටික එකාමාර දෙක ...
මන් ආදරේ අන්නේකයි සොඳුරු සිත ( Beautiful Mind ) මන් ආදරේ අන්නේකයි --------------------------------මන් කැමති විදිහටම මන් කැමති තරමට මනුඹ කැමති දේවලුත් තියනවානුඹ හිතන විදිහටමමන් හිතන බව නිතරනුඹට-මට එකවරම හැඟෙනවාමන් ඉන්න තැන නිතරනුඹ නොමැති කල වුව දආදරේ හැංගිලා තියනවා මන් හිතන හිත ඇතුලෙසැඟවිලා නැලවිලා නුඹෙ හිතත් නිතරෝම ගැහෙනවා මන්සොඳුරු සිත(වත්සලා) ...
ඉංජිනේරු මහත්තයාගේ බිත්තරය සොඳුරු සිත ( Beautiful Mind ) ඉංජිනේරු මහත්තයාගේ බිත්තරය---------------------------------------------------මන් දන්න කියන බොහොම දක්ෂ ඉංජිනේරු මහත්තැන් කෙනෙක් ඉන්නවා. හැබැයි එයා හිතන් ඉන්නේ කිකිළියෙක්ට බිත්තරයක් දාන්න නම් කුකුළෙක් ඉන්නම ඕනි කියලයි.එයා කියන කතාව ඇත්ත නම් කුකුළෙක් නැති කුකුළ් කොටුවක ඉන්න එක කිකිළියෙකුට වත් එක බිත්තරයක් වත් දාන්න බෑ. “ එතකොට ගන් කිකිළියො ? ““ ආහ් ..ගන් කිකිළියො ද උන්ට නම් ඉතින් ගමේ ඇවිදිල කියල කුකුළෙක් මාට්ටු කර ගන්න ...
අපූරු පැමිණීල්ල සොඳුරු සිත ( Beautiful Mind ) අපූරු පැමිණිල්ලහදිසියේම පැමිණිල්ලක් විභාග කරන්න තියනව කියල මට පොලිසියට එන්න කියල තිබ්බ. කුරා කූඹියෙකුටවත් වරදක් කරල නැති මන් මොකක් ද මේ විජ්ජුම්බරේ කියල හිත හිත කුඩෙත් කිහිල්ලෙ ගහන් වැස්සෙ තෙමි තෙමිම පොලිසියට ගියා. ඒ යද්දි දැකල පුරුදු මූණක් ඉන්නෝ පොලිසියේ. ඌ තමා ලු පැමිණිල්ල. අප්පද බොලේ මූ ගිය උඩක් කියල හිත හිත දැන් ඌයි මායි පැමිණිල්ල විභාග කරන රාලාමිට මූණ ...
බැන්කු බදු නැති සල්ලි තැන්පතුව සොඳුරු සිත ( Beautiful Mind ) බැන්කු බදු නැති සල්ලි තැන්පතුවමට මතක හැටියට අපේ කියන ගෙයක් කඩල දැම්මෙ එක සැරයයි. ඒකත් තාත්තගේ ආතම්මා හදපු ගෙයක්. කුඩ ගලෙන් බැදලා හුණු කපරාරු කරල සමර ගාලා තිබ්බ ඒ ගෙදර හරිම සරලයි.බිත්තියෙ තිබ්බ හුණු බදාමය හරිම තුනීයි. අපි ඉතින් පොඩි කාලේ ඔය බිත්ති කෑලි නියපොතු අස්සෙන් ගලෝ ගලෝ ගන්නවා.කුඩ ගලෙන් හදල සිමෙන්ති කපරාරුව තිබ්බෙ කාමරයක් සහ සාලේ කෑල්ලකුත් පොඩි ඉස්තෝපු ...
කැලේ පැනිල්ලේ සතුට සොඳුරු සිත ( Beautiful Mind ) කැලේ පැනීම යි විලේ නෑමයිඅයිති ළමයින්ටයි ? “ ජනිඳි දී....දී ..............““ ඉන්න වා වා වා ..........ටීචා.......““ නෙතුලී.....ලී......ලී ““ප්‍රසන්ට් ටීචා....චා....චා ...........““ පසිඳු ............““ඉන්න වෝ..................““ කවිඳූ........................““ ඉන්ඩෝ.........ඩෝ...............ටීචා......““ ප්රදීදී...............ප් ............................““ ප්‍රදීප්.............................ප්................. ?“ කිසිදු පිළීතුරක් නොලැබුන හෙයින් මෙතෙක් වෙලා හිස ගුරු මේසයට පාත් කරන් ඇඟිලි අතර සිරවී සිටීම
ආදර ප්‍රදී - අවසන් කොටස සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී - අවසන් කොටස ඇය ගැන මතකයට අමතරව ඇය පිළිබඳව සුරැකිව ඇති එකම සිහිවටනය වන්නේ මුද්දරයක තරම ගත් ඇගේ උඩුකය පින්තූරයකි. උරිස් ඇට ඉලිප්පී පෙනෙන ඇගේ කෙසඟ උඩු කය පටි ගවොමකින් සැරසී ඇත.පටි ගවොමේ පටි අතර රෑලි තීරුවක් දිවෙන්නේ පහළට හැලෙන රැළි ඇගේ කුඩා පපුව මතට වැටෙන පරිදිය. මේ පටි ගවොම ඇය තරමටම ඔහුගේ මතකයේ තැන්පත් වී ඇත්තේ ඇය ...
ආදර ප්‍රදී 13 සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 13කලින් කොටසට මෙතනින් යන්න.....මව විසින් විවෘත කර බලා තිබූ ලිපිය නිවසට ලැබෙන්නට ඇත්තේ තමා නුවර ගිය දිනය ආසන්නයේ දීම වන්නට ඇති බැව් ඔහුට විශ්වාසය. එය කියවා ඇති වූ පසු තැවිල්ල , සහ රිදුනු සිත වසර ගණනාවක් ගති වී ගොස් තිබු අද දිනය වන විට ද සිත පුරාම එදින මෙන්ම තැන්පත්වී ඇති බැව් දැනේ. ලිපිය ඉතාම කෙටි වුවත් එහි ...
ආදර ප්‍රදී 12 සොඳුරු සිත ( Beautiful Mind ) කලින් කොටසට මෙතනින් යන්නආදර ප්‍රදී - 12අගෝස්තුවේ අවසාන සතියේ පැමිණි ලිපියකි. ලිපියේ පිටත අකුරින්ම ඒ ප්‍රදීගේ ලිපියක් බැව් දැන ගත් මීෂාට එතුල වූ දෑ කියවීමට ඇති වූයේ නොඉවසිල්ලකි.එය ඉතා ශෝකජනක කෙටි ලිපියක් විය. ලිපිය කියවා හමාර වනවාත් සමඟින්ම තෙත් වන දෑස කොතරම් වෙහෙස ගත්තත් වලක්වා ගැනීමට මීෂාට නොහැකි විය.ප්‍රදී මානසික රෝගියෙකු බවට පත් කරන්නට ඇත්තේ ඇගේ නෑයින් විසින් වන්නට ඇති ...
චන්දෙ දවසෙ රෑ... සොඳුරු සිත ( Beautiful Mind ) චන්දෙ දවසෙ රෑ...---------------------ආයෙත් ළඟම ඡන්දයක් එන නිසා , ඉස්සර අපි ඡන්ද ප්‍රතිඵල අහපු සුන්දර කාලේ මතක් වුනා. මගෙ කුළුදුලේ ඡන්දෙ අහක ගියේ යෞවන කාලේ විප්ලවීය අදහස් එක්ක කතිරෙත් විප්ලවීයව භාවිතා කරපු නිසා.ඉන් පස්සෙ මම විවිධ පක්ෂ වලට භාවිතා කළ ඡන්ද වලින් දිනපු ඡන්ද තියනම් ඒ එකම එක වරයි. ඒ කොහොම වුනත් කවුරු දිනුවත් ඡන්ද ප්‍රතිඵල අහන්න ඒ කාලේ තිබ්බෙ පුදුම ...
ආදර ප්‍රදී 11 සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 11අවසානයේ ලියුම් ලැබීම සහමුලින්ම නැවතී මාස ගනනක් ගත වී තිබූ එක් අගෝස්තු මාසයක මුල් දිනක දී හදිසියේම පැමිණි ලියුමකි. නමුත් ඒ ඇගේ අත් අකුරු නොවූ මුත් ඇය ගැන දන්වා එවා තිබූ ලියුමකි. ලිපිය කියවූ වහා කලබලයට පත් වූ ඔහු යහළුවෙකු ද සමඟින් තකහනියේ සූදානම් වන්නේ කොහේ හෝ යාමට ය .......................කලින් කොටසට මෙතනින් ප්‍රදී ගේ වමට බර අත් අකුරු ...
ද්වන්ද සටන සොඳුරු සිත ( Beautiful Mind ) ද්වන්ද සටනඉර තම දිනයේ උච්චාවස්ථාව පසුකර ඒ වන විට පැයක පමණ කාලයක් ගත වී තිබෙන්නට ඇත.එය හරියටම කීමට හැකියාවක් නැත්තේ හේමලයා ද දකින්නට හැකි වන්නේ විටින් විට කඩින් කඩ බැවිනි.මධ්‍යහනයේ වූව ද එතරම්ම සෙවනක් සහිත වැලි පාරක ඇවිදන් යන ප්‍රීතිමත් කුඩා කොලුවෙකි. කොලුවාට සෙවන සදන්නටම මෙන් ඔහු යන පාරේ ඔහු ගෙ හිසට උඩින් අතු පතුර විහිදා ගෙන සිටින විශාල ගස් ...
හදවත තිබුණු තැන එතැන. සොඳුරු සිත ( Beautiful Mind ) හදවත තිබුණු තැන එතැන.-------------------------------අද හදිසියේම මට දැනුනා මගේ හදවත තියෙන්නෙ දකුණු ඇස් ගුලිය යට කියලා. දරන්න බැරි පාළුවක් , කාන්සියක් එක්ක දරන්න බැරි තරම් වේදනාවක් ආවේ දකුණු ඇස් බෝලයට හරියටම යටින්.ඒ වෙද්දි රෑ දෙකක් තිස්සෙ පුළුන් කොට්ටයක් තෙමෙන්න අඬල තිබ්බෙ දකුණු ඇහැ විතරයි කියල හිතන්න මට සිද්ධ වුනා. රෑ පැය ගාණක් නිදි නැතිව ගෙවිල තිබුනා. ඒ හැම දේකටම හරියන්න දකුණු ...