ආදර ප්‍රදී 5 - චපල පෙම්වතී සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 5 - චපල පෙම්වතී -------------------------------------කලින් කොටසට මෙතනින් යන්න.“ ඉතින් කියන්න , ඇයි එයා ඔයාව දාලා ගියේ “මගේ හිස පුරා තාලෙට දුවන ඔහුගේ අතැගිලි මගේ අතින් නවතා ඔහුගේ මුහුණ දෙස බලමින් ඇසුවේ මෙවර නම් උත්තර නොදී මඟෑරින්නට දෙන්න බැරි නිසා ය.“එයා දවසක් මම එයාට දුන්නු ඔක්කම ලියුම් , පුංචි පුංචි තෑගි ඔක්කම පාර්සල් කරල අරගෙන ආවා ““ කොච්චර වුනත් ...
ආදර ප්‍රදී 4 - හැර යාම සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 4 - හැර යාම--------------------------------කලින් කොටසට මෙතනින් යන්න “ඉතින් කියන්න කෝ ......... බිම් ගෙයි දි ඔයා අනූෂව ඉම්ඹ ද ?“ “ නෑ ........ ““ බොරු කියන්නෙපා අනේ. බිම් ගෙයි ළං වෙද්දි තමා ඔයා එයාගේ අතින් අල්ලගත්තේ , ඉතින් බිම් ගෙයි ඇතුලෙදි ඔයා එයාව ඉඹින්නෙ නැතිව නම් ඉන්න විදිහක් නෑ ““ නෑ ....... මට ඕනි වුනේ නෑ එහෙම කරන්න. මට ...
ආදර ප්‍රදී - 3 ආදර බිම්ගෙය සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 3 ආදර බිම් ගෙය-----------------------කලින් කොටසට මෙතනින් යන්න.අද තුන්වෙනි කොටස ඔයාලට මතක ඇති කෙල්ලෙක් පන්තියට ඇවිත් පොතක් අස්සෙ දාපු ලියුමක් දීලා ගියා .ඒ ලියුම දෙන්න කියල කියල තිවුනේ මම මේ ලියන කතාව අයිතිකාරයට. එයා තමා මීෂා. කොහොම උනත් පන්තියෙ කාටවත් ඒ ලියුම කියව්වන්න නම් බැරි වුනා කියල මීෂා මගෙ දිහා බලල කියද්දි ඒ මූණෙ තිවුනු හිනාව මට හොඳ හැටි ...
ආදර ප්‍රදී 2 - කේතක පෙම් හසුන සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 2 - කේතක පෙම් හසුන----------------------------------Dear Pradee2- Coded Love Letter පළමු කොටසට මෙතනින් යන්නමම නැවත නැවතත් ඔහු විසින් මට එවා ඇති ඊමේල් කියවමි.පළමුවර ඒ ඊ්මේල් ලිපි කියවද්දි දැනුන හැඟීමට හාත්පසින්ම වෙනස් හැඟීමක් මා සිත තුල ඇති වෙමින් පවතී. පළමුවර කියවීමේ දී හමු නොවූ වාක්‍ය හමුවීමට පටන් ගනිමින් පවතී. එතකුදු නොව ඒ එක් එක් වාක්‍ය ළඟ සිත නතර වීමටත් වැඩි ...
ආදර ප්‍රදී - 2 මුණ ගැසීම සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 2 -මුණ ගැසීම පළමු කොටසට මෙතනින් යන්නඕනෑම තත්වයක පාසල් යන ගැටවරයෙකුට උදාවන “ගන්ධබ්බ “ අවධිය ඒ වන විට මම පසු කරමින් සිටියෙමි. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී කිසිදු නිශ්චිත අරමුණක් නොමැතිව පාවෙමින් තිබූ ඒ ජීවිතයට බරක් ලැබෙන්නට වූයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමත් සමගිනි.අධ්‍යාපන ක්ෂේත්‍ර යේම රැකියාවල නියැලී සිටි මා දෙමාපියන්ගේ උවමනාව මත උසස් පෙළ ජීව විද්‍යා විෂයයන් හැදෑරීමට ...
ආදර ප්‍රදී - 1. නොපියවුනු උඩ බොත්තම් සොඳුරු සිත ( Beautiful Mind ) ආදර ප්‍රදී 1. නොපියවුනු උඩ බොත්තම් Dear Pradee Unbuttoned Upper-button----------------------------------------මේ කතාව “මගේ කතාව “ නෙමෙයි. නමුත් මේ කතාව නිසා උපන් කතාව මගේ කතාවේ කොටසක් වෙමින් පවතින බව හැඟෙමින් පවතිනවා. මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද , පටන් ගත්ත ද කියලා මට මතක නෑ. මතක් කරන්න ඕනි ත් නෑ. මට ඕනි මේ කතාව කොහෙන් හරි පටන් අරන් ලියල , ඔහුට වෙච්චි ...
කුඩා ඔය කුඩා විය සොඳුරු සිත ( Beautiful Mind ) වොට්සන්ගේ ළමා විය 1කුඩා ඔය - කුඩා වියමා එවක හතේ පන්තියේ ඉගෙන ගන්නා කුඩා කොළු ගැටයෙකි. නගරයේ මධ්‍ය විද්යාලයකඉගෙනීමට අවස්ථාව ලැබූ කොළුවෙකු වූවත් මා වඩාත් ප්‍රිය කළේ මගේ පියා විදුහල්පති ධුරය දැරූ ඒ කුඩා ග්‍රාමීය පාසලට බැව් පැවසූව හොත් ඔබ අතුරින් යමෙක් පුදුම වූව ද, මෙම කතාව අවසානයේ දී මා එතරම් එම පාසලට ප්‍රිය වූයේ මන්දැයි ඔබට වැටහීමට වඩාත් ඉඩ ...
ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල් සොඳුරු සිත ( Beautiful Mind ) ඒ මිහිරි සීනු නාදය සහ ටැකෝ බෙල්-------------------------------------------------------පුංචි කාලයේ ඉදන් දන්නා සීනු නාද කිහිපයකි. ඉන් පාන්දර ඇස් ඇරීමට තියනා සීනු නාදය පස්ස පැත්තට ඇන ඇන මර හඬ තලයි. ඉන් පසු හමුවන සීනුව නාද කල යුත්තේ මාය . උඩ පැන නූල අල්ලා ඇද අතහැර නාද කරන ඒ සීනුව ට අනුව බසයෙන් බැස යන මට විනාඩි හතලිහෙන් හතලිහට ඇසෙන සීනු නාද වලින් වඩාත්ම ...
රජ මාවත දිගේ සොඳුරු සිත ( Beautiful Mind ) රජ මාවත දිගේ මේරි සහ වොට්සන් පහුගිය දවසක ලොකු සවාරියක් ගිහින්..... අද කතාව ඒ ගැන. මේරිගෙ පැත්තෙන් විතරක් නෙමේ වොට්සන් ගෙ පැත්තෙනුත් කතාවක් තියන එක ලස්සන වෙනසක්.ඒ නිසා කතෘ අයිතියෙන් හරියටම බාගයක් වොට්සන්ට දෙන්න වෙනවා.ආදරණීය වොට්සන්---------------------------කාලෙකට පස්සෙ ,ඔයත් එක්ක ජිප්පෙකේ ගියපු ඒ අපූරු ගමන මට විස්තර කරන්න වචන නැහැ.ජීවිතේ අමතක නොවන ලස්සන දේවල් තියෙන්නෙ කිසිම ප්ලෑනක් නැති දේවල් වල කියල ...
ගුරුකමේ කලාව නොහොත් මාතර නොවරදින ගුරුකම් අභිරහස්... සොඳුරු සිත ( Beautiful Mind ) ගුරුකමේ කලාව නොහොත් මාතර නොවරදින ගුරුකම් අභිරහස්...පන්තියෙ ළමයින්ගෙ මොහොත එන්නෙ අන්න එතකොට. ටීචර් පන්තියටම පිටුපාල කළු ලෑල්ලේ සුදු අකුරු ලියනවා. ළමයි ඒ වෙලාවට තමා ඔක්කම නසරාණි වැඩ වලට මුල පුරන්නේ. කඩදාසි කුරුල්ලො යවන්නේ, ටීචර්ට ඇද කරන්නේ. අතින් කට වහන් හිනා වෙන්නේ....ඒත් හිටි ගමන් “ ආහ්....මොකද සංදීප ඔය කුටු කුටුව “ කියල පන්තිය දිහාවටවත් හැරෙන්නෙ නැතිව ටීචර් හරියටම කීවේ කොහොමද? . ...
දැන් හැදෙන පොඩි වුන් හෙවත් ඒ සුන්දර විනාඩි හතලිහ සොඳුරු සිත ( Beautiful Mind ) දැන් හැදෙන පොඩි වුන් හෙවත් ඒ සුන්දර විනාඩි හතලිහ============================================විද්‍යා ගුරුවරියක වුවද , ඉතිහාසය , බුද්ධ ධර්මය සහ සිංහල හැර වෙනත් ඕනෑම විෂයක් ඉගැන්වීමේ හැකියාව සහිත වුවත් හයට ගණන් උගන්වන්නට සිදුවූයේ බෑ කියන්නට බැරිකමටය. බෑ කීවොත් සිදුවන්නේ මා උගන්වන විද්‍යා විෂයට හානියකි. “විද්‍යාව අයට ගණිතය උගන්වන්න පුළුවන්“ යන මතය බිද දැමීමට මා අකැමැතිය. ඒ අනුව හයේ පන්තියට ගණන් උගන්වන විද්‍යා ගුරුතුමිය ...
ප්‍රදීප් ගේ වික්‍රමය සොඳුරු සිත ( Beautiful Mind ) ප්‍රදීප්ගේ වික්‍රමය හෙවත්හීන් කොටා ගේ කතාවඋදේම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළු වෙද්දිම , කාර්යාලය ළඟ ගුරුවරු ගුරුවරියො පොදියට එකතු වෙලා පුංචි පහේ කුසුකුසුවක්. කොච්චර ඒ ගැන අවධානය ගිහින්ද කියනව නම් කට්ටියට උදේ අත්සන් කරන්නත් අමතක වෙලා.නමයෙ පන්තියෙ විතර පිරිමි ළමයි හයක් හතක් අතුත් පස්සට කරන්, බය වෙලා වගේ පේළියට ඔෆිස් එක ඉස්සරහ හරහට හිටන් ඉන්නවා. එක එක ගුරුවරියො වරින් වර එක එක ...
ප්‍රජා සත්කාර කරන්නේ ඇයි ? සොඳුරු සිත ( Beautiful Mind ) ප්‍රජා සත්කාර කරන්නේ ඇයි ?-------------------------------------------------ඔය ප්‍රජා සත්කාර තියනව නේද, ඉස්සර මට හිතා ගන්න බෑ අතේ තියන ශතෙයි, තමන්ගෙ දහසක් වැඩ තියෙද්දි ඒ වැඩකට තියන කාලයයි අනුන් වෙනුවෙන් වියදම් කරන්න මෙයාලට තියන කැසිල්ල මොකක් ද කියලා. ඒත් සමහරු කීවා ඔය ප්‍රජා සත්කාර කීවට ඕවයින් හරි ලාබයක් තියනව කියල.ඒ නිසා සමහර ප්‍රජා වැඩ වලට මට කතා කරත් මම ඒ වෙනුවෙන් ශ්‍රමය , ...
හැලයාගේ කතා වස්තුව නොහොත් අකුරැස්සට ආ කිඹුලා ගේ කතාව සොඳුරු සිත ( Beautiful Mind ) හැලයාගේ කතා වස්තුව නොහොත් අකුරැස්සට ආ කිඹුලා ගේ කතාවඅකුරැස්ස කියල කියන්නේ ඉඩමේ පුංචි ඉඩක් තිබ්බත් තේ පැළයක් යට කරන ගමක්. අමු තේ දළු කිලෝ එකක් රුපියල් 95ට එහා යන මේ කාලේ තේ පැළ ගං වතුරට අහුවුනා කියන්නේ ලොකු පාඩුවක්. එහෙමයි කියල දළු නොකඩට හිටියොත් ඊළඟ සැරේ දළු වලට වෙන්නෙත් හානියක්. ගං වතුර බැහැල ගිහින් පොළව නිකම් වෙල්වට් එකක් වෙලා තියෙද්දිත් ...
පොත් කියවන පෙම්වතා ට ලියූ කවි සොඳුරු සිත ( Beautiful Mind ) පොත් කියවන පෙම්වතා ට ලියූ කවි-----------------------පොත් කියවන එයා ළඟින් මන් ඇල වෙනවාඑහෙට මෙහෙට මුකුළු පපා තරමක් දැවටෙනවාකිසිත් නොදුටුවා වාගේ පිටු පෙරළෙනවාකුමක් කරන්නද තුරුළුට මන් ගුලිවෙනවාපොත මවනා ලෝකය තුළ මම තනිවෙනවා නුඹෙ උණුසුම බොළඳ තෙපුල් නෑසී යනවාමා තුරුලෙම නින්දට ගිය නුඹ තනිවෙනවානළලත සිප ආදරයෙන් තුරුළට වෙනවාපොත විතරයි මා ගැන නැහැ හිත යොමු වන්නේඇයි ඔය හැටි පොත් වලටම නුඹ ගුලිවෙන්නේමාගෙන් වරදක් වූව ...
චාමර ගෙ පන්ති රැස්වීම සොඳුරු සිත ( Beautiful Mind ) චාමර ගෙ පන්ති රැස්වීමඊයේ චාමරගෙ පන්තියෙ “පන්ති කවය “ ඒ කියන්නේ පන්තියෙ ළමයිගෙ දෙමාපියන් සහ ගුරුවරුන් ගෙ හමුව. එතන දරුවනුත් ඉන්නවා. චාමරත් හොඳ ළමය වගේ අම්ම ළඟින්ම වාඩි වෙලා හිටියා. පන්තියෙ එක එක ළමය ගැන විස්තර කරන් යන ගමනෙදි චාමරගෙ වාරේ ආවා. චාමර ගැන චාමරගෙ ගුරුතුමිය පැහැදිලි කරල දුන්නා. ලකුණු නම් හොඳටම මදි කියලයි ගුරුතුමී කීවේ. ඒ වගේ දේවල් කියද්දි ...
වෙසක් ෂොපින් සොඳුරු සිත ( Beautiful Mind ) වෙසක් ෂොපින්ඇඳුම් කඩවල් වල ඉස්සරහම ඉදන් කිසිම වෙනසක් නැතිව හැමදාම මගෙ දිහා “හැඟීම් විරහිත මුහුණින් “ බලා ඉන්න එයාල හැමෝම සුදු ඇඳුමට මාරු වෙලා.පිරිමි , ගැහැණු විතරක් නෙමේ , ඒ පුංචි ඩමි පැටියත් පුංචි ලස්සන සුදු සරොමකට මාරු වෙලා , ගැහැණු ඩමියෙ අත අල්ලන් වගේ හිටියෙ සෙනඟ අස්සෙ මඟෑරුනොත් පාර හොයා ගන්න බැරි වෙයි කියල වගේ.කඩේ ඇතුලෙ ඒ හැටිම සෙනඟක් ...
මේ මොහොත සොඳුරු සිත ( Beautiful Mind ) මේ මොහොතමගේ දකුණත පැත්තේආදරේ උණුසුමක් ඇත්තේමගේ දකුණත ඇඟිලීඒ වමත මත දැවටීසුසුම් සැනසුම් දැනී දැනෙනාතරමට ඇඟිලි සුසුම් මනිනාහුස්ම මුහුනත තවනාදැවී ගිය සිත නිවනාදකුණතේ අත් ගොබය සිඹිනාඋදයෙ කැපු මෘදු රැවුල් ඇනෙනාබසය අධිවේගී නමුත් සිත් මේ මොහොතෙ නැවතීදරන්නට බැරි සෙනෙහේඔහුගෙ වම් උරහිසට බර දීනෙතු පියන් වසමීඋරහිසෙහි සුව පහස විදිමීවේගයෙන් යන බසයේආදරය හරි සෙමින් විඳිමීඅධිවේගී බසයේහිමින් යනමම෴ වත්සලා ෴ ...
බල්ලෙකුගේ හදවත සොඳුරු සිත ( Beautiful Mind ) බල්ලෙකුගේ හදවත “ අපෝ මේකා යකෙක් නේ “ යැයි ඇතැමෙකු පවසන අතරේ , තවත් ඇතැමෙකු පවසන්නේ ඒකා වෘක පරම්පරාවේ එකෙකු වීමට වඩාත් ඉඩ ඇති බවයි. ඒ අතරේ ද ඇතැමෙකු ඌ දෙස වඩා විමසිලිමත්ව බලමින් පමණට වඩා අසාමාන්‍ය ලෙස දිගු හොම්බ සාක්ෂි කර පවසන්නේ ඒකා නරියෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. අයිතිකාරිය ද බොහෝ කාලයක් තීරණයක් ගත නොහැකිව සිට අවසන ...
බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්න සොඳුරු සිත ( Beautiful Mind ) බොඩිය හැඩවෙන්න , මොළය වැඩි වෙන්න ,යන්න ඕනි තැන මෙන්නFor body beautiful , For mind impressive The place to go Is none other than this-------------------------හැටේ පොල් ගෙඩිය වගේ අත් ගොබ හදාගත්තට , අටේ අලගෙඩිය තරම් මොළේ කලදක් නැති කොල්ලො රිංගන තැන තමා ජිම්මෙක.අතේ තියන පිච්චියත් නැති කරගෙන නිච්චියක් නැති ලෙඩ හදා ගන්න තැනක් තමා ජිම්මෙක.මසට හදන බොයිලර් කුකුල්ලු වගේ ඔහේ ...